----------------------------------------------------------------------------------
"අපි දෙන්නත් මේ රේල්පාර වගෙයි නේද අවිශ්ක? හැමදාම සමාන්තරයි.", රේල්පාරේ කොටන් එකින් එකට පනිමින් ඇවිදින ගමන් උත්තරා මගේ දිහාට හැරිලා ඇහුවා.
"හ්ම් මතු පිටින්නම් එහෙම තමයි."
"ඒ කිව්වේ, ඔයා හිතන්නේ නැද්ද අපි හැමදාම මේ වගේ ඉන්න ඕනේ කියල?"
"හ්ම්,,, හිතනවා එත් හිතන හැමදේම වෙනවනම් කොච්චර හොඳයිද!"
මට උත්තරා සුසුම්ලනවා ඇහුනේ යන්තමින්. අපි දෙන්නට පොඩිකාලේ ඉඳල පුරුද්දක් තිබුණා මෙහෙම මොනවහරි කියෝ කියෝ ඔහේ ඇවිදින්න, තාමත් ඒ පුරුද්දට ආස වුනේ මොකද මන්ද, වයස ගියත් උත්තරා එක්ක ඉන්නකොට ඒ සරල සැහැල්ලු ගතිය දැනුනේ නිරායාසයෙන්මයි, අපි එච්චර කතාකළේ නැති උනත් අපිට අපේ හිතේ තියන දේ මොකද්ද කියල අනුමාන කරන්න පුළුවන් උනා. ඒ පුංචිකාලේ ඉඳල එකට හැදිච්ච හින්ද වෙන්න ඇති, ඒක එතරම් ශක්තිමත් පරිණත බැඳීමක්.
"අනේ මට මහන්සියි අවිශ්ක, ටිකක් වාඩි වෙමු.", ටික වෙලාවකට පස්සේ උත්තරා යෝජනා කළා.
තවත් ටිකක් ඇවිදින්න උනා ඉඳගන්න තැනක් හොයන්න, හොඳයි කියල හිතෙන තැනක වාඩි වුණා. ඉඳල හිටලා මුහුදු රළ ඇවිත් කකුලේ හීතලට වැදුණා. උත්තරා ලඟපාත තිබුණ සිප්පිකටු එකතු කරන්න පටන් ගත්තා. මමත් තැනින් තැන ඇවිදලා ඒ වැඩේට උදව් කළා. මෙහෙම වත් සතුටු වෙන්න උත්තරා ඉන්න ඕනෙනේ.
සිප්පිකටු අහුලන සෙල්ලම නවත්තන්න උනේ තවත් ඉතිරි වෙලා නැති බව පෙනිච්ච හන්දයි, උත්තරා තවත් වටපිට බලබල ඉන්න අතරේ මම කෝට්ටක් හොයාගෙන වෙරළේ කවියක් ලිව්වා,
"දන්නවද ඔයාගෙයි මාලන්ගෙයි තියන වෙනස?" සෑහෙන වෙලාවකට පස්සේ උත්තරා ඇහුවා. මම ඇය දිහා බැලුවා, එයාගේ මුහුණේ තිබු හැගීම මොකද්ද කියල වැටහ ගන්න අපහසු වුණා. සතුටකුත් දුකකුත් දෙකම එකපාරට ඇති උන බවක් පෙනුණා, එක්කෝ මගේ නිරීක්ෂණය වැරදි වෙන්න ඇති.
"ඔයා හරියට මුහුද වගේ ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් තැම්පත්, මාලන් එහෙම නෙමේ එයා ඇළක් වගේ වේගෙන් ගහගෙන යනවා කලබලකාරී." මම උත්තර නුදුන්න නිසා එයාම ඉතිරි ටිකත් කිව්වා.
"බය වෙන්න එපා, එයා ඔය හිතන තරම් නරක නැහැ."
"දැන් යමු හොඳටම හවස් උනානේ.", හවස හයටත් ලංවෙන හින්ද මම කිව්වා.

බහින ඉරේ එළිය උත්තරාගේ මුනේ පතිත වෙලා දිලිහුනා, හුළඟින් උත්තරාගේ කොන්ඩේ හැම අතේම වැනුණේ පණ ඇවිල්ල පැනලයන්න හදනවා වගේ. ඒ අතරේ මුහුදු වෙරළේ ළමයි කෑගහමින් සෙල්ලම් කරන හඬත් ටිකක් ඈතින් ඉඳල හිටලා ඇහෙන වාහන නලා හඬත් එක්ක එකතුවුන මුහුදේ හෝ සද්දේ ගෙනාවේ අමුතුම මිහිරියාවක්. අතීතය සිහිගන්වන සමීපබවක්.
"අනේ මට මහන්සියි අවිශ්ක, ටිකක් වාඩි වෙමු.", ටික වෙලාවකට පස්සේ උත්තරා යෝජනා කළා.
තවත් ටිකක් ඇවිදින්න උනා ඉඳගන්න තැනක් හොයන්න, හොඳයි කියල හිතෙන තැනක වාඩි වුණා. ඉඳල හිටලා මුහුදු රළ ඇවිත් කකුලේ හීතලට වැදුණා. උත්තරා ලඟපාත තිබුණ සිප්පිකටු එකතු කරන්න පටන් ගත්තා. මමත් තැනින් තැන ඇවිදලා ඒ වැඩේට උදව් කළා. මෙහෙම වත් සතුටු වෙන්න උත්තරා ඉන්න ඕනෙනේ.
සිප්පිකටු අහුලන සෙල්ලම නවත්තන්න උනේ තවත් ඉතිරි වෙලා නැති බව පෙනිච්ච හන්දයි, උත්තරා තවත් වටපිට බලබල ඉන්න අතරේ මම කෝට්ටක් හොයාගෙන වෙරළේ කවියක් ලිව්වා,
ඔබයි මමයි
අහසයි පොළවයි
ක්ෂිතිජය අපිව එක්කරයි
සැරිසරමු අනන්තයට
අත් අල්ලන්
හුළඟ අපට පාර කියාවි
දේදුන්න අපිට උදව් කරාවි
මම ලියනවා දැකල කවිය කියවපු උත්තරා "හානේ, ලස්සනයි" කියල මගේ අතේ එල්ලුනා. මම හිනාවුණේ ඉබේටම.
තවත් වෙලාවක් මුහුද දිහා බලන් ඉන්න වෙන්වුණා.
"දන්නවද ඔයාගෙයි මාලන්ගෙයි තියන වෙනස?" සෑහෙන වෙලාවකට පස්සේ උත්තරා ඇහුවා. මම ඇය දිහා බැලුවා, එයාගේ මුහුණේ තිබු හැගීම මොකද්ද කියල වැටහ ගන්න අපහසු වුණා. සතුටකුත් දුකකුත් දෙකම එකපාරට ඇති උන බවක් පෙනුණා, එක්කෝ මගේ නිරීක්ෂණය වැරදි වෙන්න ඇති.
"ඔයා හරියට මුහුද වගේ ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් තැම්පත්, මාලන් එහෙම නෙමේ එයා ඇළක් වගේ වේගෙන් ගහගෙන යනවා කලබලකාරී." මම උත්තර නුදුන්න නිසා එයාම ඉතිරි ටිකත් කිව්වා.
"ඉතින් ඔයා වැඩිපුරම කැමති මුහුදටද ඇළටද"
"දෙකටම කැමතියි, හැබැයි ඒ විදි දෙහෙකට."
"ඔයා ඔය කතාව මට කිව්වට මාලන්ට එහෙම කියන්න එපා, වරදවා තේරුම් ගනීවි", උත්තරා එකට හයියෙන් හිනාවුණා.
"බය වෙන්න එපා, එයා ඔය හිතන තරම් නරක නැහැ."
"මම දැන් නරකයි කියල කිව්වේ නැනේ."
"ම්,,, එහෙම හිතන් හිටියද දන්නේ නැනේ."
මම මුකුත් කියන්න ගියේ නෑ, අනික එහෙම කියන්න දෙයක් හිතට ආවෙත් නෑ.
"ඔයා කිව්වා වගේ අපි රේල් පීලි දෙකක් නම්, ඇතට පෙන්නේ එක් වෙනව වගේනේ, එක හින්ද පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි."

"මට පුදුමයි ඔයා එහෙම කිව්වට, ඔයා කවදාවත් පිටින් එන දේවල් වලට බය වුනේ නැනේ."
"ඒක කිව්වේ මම ගැන නෙමෙයි ඔයා ගැන හිතල."
උත්තරාට එහෙම කියද්දී හිනාවුනේ නැති වුනත් එයාගේ ලොකු ඇස් ආදරයෙන් හිනාවුණා.
"දැන් යමු හොඳටම හවස් උනානේ.", හවස හයටත් ලංවෙන හින්ද මම කිව්වා.
"හරි යමු එත් ඊට කලින් කියන්න දෙයක් තියනවා, මම කාටවත් අයිති වෙන්නේ නෑ, මට ඔයාත් ඔයාට මමත් හැමදාම වගේම ඉන්නවා."
එහෙම දෙයක් මොකට මට කිව්වද කියල මට හිතාගන්න අමාරු වුණා. සමහරවිට ඒක මට කියපු දෙයකටත් වැඩ එයාටම කිව්ව දෙයක් වෙන්න ඇති.
"අනිත් එක මම නැති වුනත් දැන් ඔයාව බලාගන්න ගිම්හාන් ඉන්නේ.", ඒපාර කෙල්ල කිව්වේ හිනා වේවි.

"උත්තරා කොහොමද එයා ගැන දන්නේ.", මම ඇහුවේ පුදුමයත් කුතුහලයත් එක්ක.
"ඇයි අමතක උනාද මම ඔයාගේ හොඳම යාළුවා කියල."
හොදම යාලුවෝ... පස්සේ... ?
ReplyDeleteලියන්න හිරණ්ය ...ලස්සනයි...
@නිම්ශා: බොහොම ස්තුතියි, ලියන්නම්,,,
ReplyDeleteබලමුකෝ පස්සේ මොකද වෙන්නේ කියාලා...
හ්ම්ම්.. ඉක්මණට ඉතුරු ටික ලියන්න... හොඳම යාළුවොද, ආදරයක්ද, අසම්මත් ආදරයක්ද කියලා තාම හිතා ගන්න බැහැ... :)
ReplyDelete@කොට ජීවිතේ: ඉක්මනට දාන්නම්, දිගටම කියවන්න එතකොට ප්‍රශ්නෙට උත්තර ලැබේවි. :)
ReplyDelete