Monday, February 28, 2011

කෙනෙක් හා තවත් කෙනෙක්


මගේ අකීකරු හිත කතාවක් ලියන්නම කියල කිව්වා,කෙටිම කෙටි කතාවක්.
එත් ඒක සම්ප්‍රදායික එකක් නම් උනේ නෑ.


කෙනෙක්: ඔයා දන්නවද මම ඔයාට ආදරෙයි.
තවත් කෙනෙක්: අහ් එහෙමද
කෙනෙක්: ඔව් ඇයි අවිශ්වාසද
තවත් කෙනෙක්:දැන් මම ඔයාව විශ්වාස කරන්න ඕනද
කෙනෙක්: ඒක කරන්න අමාරුද
තවත් කෙනෙක්: නැහැ හරිම ලේසි, තව කරන්න අමාරු දේවල් කොච්චර තියනවද
කෙනෙක්: ඒ කිව්වේ ඔයා මට ආදරෙයි කියලද
තවත් කෙනෙක්: මම එහෙම කිව්වද, එහෙනම් එහෙම වෙන්න ඇති
කෙනෙක්:මට තේරෙන්නේ නෑ, ඇයි ඔයා මේ විදිහට කතා කරන්නේ කියල, ඔයාට ඔයාව විශ්වාස නැද්ද
තවත් කෙනෙක්: කාටහරි තමන්ට තමන්ව විශවාස කරන්න පුලුවන්ද
කෙනෙක්:එහෙම අය‍ට කියන්නේ ආත්මවිශ්වාසයක් නැති මිනිස්සු කියල නේද
තවත් කෙනෙක්: මමත් ඒ ගොඩටම වැටෙනවා එහෙමනම්
කෙනෙක්: මම එහෙම හිතල කිව්වේ නෑ
තවත් කෙනෙක්: නොහිතල කිව්වත් ඇත්ත ඒකමයි
කෙනෙක්: ඇත්ත බොරුව වෙන්වෙන තැන තීරණය කරන්නේ කව්ද
තවත් කෙනෙක්: මෙතන දැන් තීරණය කරන්න දෙයක් නැහැ, ඔප්පුවෙලා ඉවරයි
කෙනෙක්:කොහොම උනත් මම ඔයාට ආදරෙයි, එකේ අයෙ පරික්ෂා කරන්න දෙයක් නෑ.
තවත් කෙනෙක්: පරීක්ෂාවකින් තොරව කරන උපකල්පන වල නිවැරදි වීමේ සම්භාවිතාව හරි අඩුයි
කෙනෙක්: කමක් නෑ මම ඒක අභියෝගයක් කියල හිතන්නම්
තවත් කෙනෙක්: ඒ කියන්නේ ඔයාට හොඳ ආත්මවිශ්වාසයක් තියනවා, එතනම නොගැලපීමක්
කෙනෙක්: ඔයා මට කැමති නම් නොගැලපීම් වලින් වැඩක් නෑ
තවත් කෙනෙක්: එහෙමද ඔයාගේ ආත්මවිශ්වාසය හුඟක් ඉහලයි වගේ
කෙනෙක්:ඔයා ඔයා ගැන අවස්තක්සේරු කරලා, හිතන්නෙත් ඍණාත්මකව
තවත් කෙනෙක්: වෙන්න පුළුවන්, එත් මම හිතන විදිහට නම් මම ප්‍රායෝගිකයි
කෙනෙක්: ආදරය ප්‍රයෝගික නැද්ද
තවත් කෙනෙක්: ඇත්තම කිව්වොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ මම තාම හොයනවා
කෙනෙක්:ඉතින් අපි දෙන්නම එකතු වෙලා හොයමු
තවත් කෙනෙක්: එහෙමනම් ඒ ගමන සාර්ථක වෙන්නේ නෑ, ඒක කරන්න ඕනේ තමන් මයි
කෙනෙක්:එකියන්නේ ඔයාට මාව එපා කියලද
තවත් කෙනෙක්: අපෝ නැහැ, කවදාවත් එහෙම කියන එකකුත් නැහැ
කෙනෙක්:වෙලාවකට ඔයාව තේරුම් ගන්න හරිම හරිම අමාරුයි
තවත් කෙනෙක්: අන්න එතැනදී මම ඔයත් එක්ක එකඟයි, මටත් මාව තේරුම් ගන්න ලේසි නැහැ
කෙනෙක්:දැන් මම මොනවද කරන්න ඕන, මට ඔයාව අමතක කරන්න කියලනම් කියන්න එපා
තවත් කෙනෙක්: එහෙනම් මට ආදරේ කරන්න
කෙනෙක්:එතකොට ඔයා තවත් කෙනෙක්: දන්නේ නැහැ, සමහර විට කවදාවත් දැන ගන්න එකකුත් නැහැ
,,,

Saturday, February 26, 2011

අසම්මත පෙම



ගිම්හාන අහසේ වලාකුළු
පාවේ නිදහසේ වේගයෙන්
නැතත් සුවිසල් සැමරුම්
ඉන්නේ මල් උයනක
නොවුණු නිසා වසන්තය
කෙතරම් සොඳුරු වුවද
නොයයි කිසිවෙක් බලන්නට
වැලපෙන්නේ නැත මල්
මහා පාළුව වැළඳ
සුසුම් හෙලනවා මිසක


Friday, February 25, 2011

මිහිදන් කළ හදවත


ඔබට ආදරය

නොකළ හැකි
හදවතින්
ඵලය කිමැයි කියා
රිදුම් දෙන හර්දය 
ඉවසාගනු බැරිව
උගුලා ගත්තා



ජීවයෙන් තොර
හද 
ගැස්මෙන් තොරවී
සැරසෙයි මළගමට



දැනෙයි නිදහසක්
කිසිදා නොවිදි 
නිදහස නැගෙන්නේ 
හදවත් කුහරයෙන්



හදවත අහිමි මට
කුහරයවත්
හිමිවුණා ඇති



අදිසි



මම අදිසියි
සුළඟ වගෙයි
ඔහේ ගහගෙන යන
හැම සනහන

මම ශක්තිමත්
වෙන්නත් පුළුවන්
ඕනනම් කුණාටුවක්
එත් නොවන

මම කව්ද
තවම නොදැන
ඔහේ සැරිසරන
අන්ධකාර ආත්මය

මලානික හීන



හීන වනන්තරේ
රූස්ස ගහක් යට
පුංචිම පුංචි ආලෝකයක්
තරුවක් කඩා වැටිලා
කැලේ හැමෝම
වටවෙලා බලාන
දිස්නය මලානිකයි
එත් තරුව තරුවමයි