Tuesday, March 8, 2011

සැමදා ආදරෙයි


සොයන්නේ ඔබව
මා නොව
මගේ හදවතයි
ඇසුනාද
හදවතේ විලාපය
නොලැබෙන බව
දැන දැනත්
ඔබව
ඔබ මත්තෙම
මගේ හද
විඳවන හැටි

දුකක් නෑ
මට
වැටෙනා
හැම කඳුලක්ම
ඔබේ නාමයෙන්
නිසා
ඒ අවසරයවත්
උරුමයි නේද
මට

කමක් නෑ,,,

ඔබ සමඟ
ගෙවුන
තත්පරය
වසරක් කරන්
ගෙවමි මම
ජීවිතය සැමදා

මා වෙනුවෙන්
ඔබ ගතකල
මොහොතටත්
ඔබට ස්තුතියි

2 comments:

  1. ගෙවුනු කාලය...
    මිහිරි මතකයක්..
    නුඹ ටම නොව ...
    මටද හිත රදවන ..
    සිහින සිත්තමක්..

    කමක් නැ...

    හද ඉල්ලන..
    සියලු දේ..
    නොලැබෙනා බව...
    දනිමි මම..
    හිතට තරවටු කලෙත්..
    නුඹමයි මට ...

    ස්තුතියි නුඹටත් හිතවත...
    ආවා සේම නුඹේ නික්ම යැමට...
    ගියා සේ නැවත නො එන්නයි...
    මගේ පැතුම..
    දරා ගනු බැරිවෙයි මේ හදටත්..

    ReplyDelete
  2. @නිමාශා:
    අපි අපටම ආදරය කරන තුරා
    අපි අපේ මයි
    ගතින් දුරස උනත්
    හිතින් සමීපයි
    ඔබ මෙසේ සිතන බව දනී නම්
    අමතක කරන්නේ නෑ කවමදාවත්
    සත්තයි,,,

    ස්තුතියි නිමාශා.

    ReplyDelete