Wednesday, March 16, 2011

ඇය කියූ වදන්



නෙතුපියන් වැසී ඇත
රූපරාමු රැසක් මා ඉදිරිපිට
එකින් එක මාව බිලිගනී
ඔබ කොහෙද
වචන හා හැගීම් පොදියක්
සිත තුල තෙරපෙයි
අතර අගාධයක ඔබ හා මා
ආදරය වද කඳවුරක සිරවී
ඔබ මාව පෙනෙනවාද
ඔබට මාව දැනෙනවාද
නියඟයෙන් මුඩු වුන
මේ පොලව මතට
ලා පොද වැස්සක්වී සිප
ඔය සිනිදු කොපුලේ
තුවාල කැළැල් ඇතිවී
අම මිහිරි හඬකින්
ඇය කියූ වදන්
තවමත් සිත බරයි


2 comments:

  1. සිත මෙන් ගත ත් තැලි..
    රිදුම් දේ..
    දුර ගොස් ඔබ..
    ලං වි හිදින්නට මට..
    නොහැකි සේ..
    කුමක් මම කරන්නද..
    අන් සතුයි මම..

    ReplyDelete
  2. @නිම්ශා : අන් සතු නොවේ ඔබ
    මගෙමයි
    ගතින් දුරස් වුව
    සිතින් සමීපයි
    කිසිත් නොකරන්න
    මා අමතක කර,,,

    ReplyDelete