Monday, April 11, 2016

කෑම කියා අප වහ කනවාද?


මේ ලිපිය මම කලින් ලියූ "අපි කන කෑම ගැන දන්නේ මොනවද?" නම් ලිපියේම දිගුවක් වුනත් තනිව වුවද කියවිය හැකියි. මේ ලිපියෙන් කතා කෙරෙන්නේ GMO (Geneticaly Modified Organism) ආහාර වල ඇති සෞඛ්‍ය සම්පන්න බව හා ලංකාව හා GMO අතර ඇති සම්බන්දය යි.

GMO සෞඛ්‍යයට හිතකරද?

ජාන නවීකරණය කළ ආහාර හිතකර ද නැති ද යන වග නිශ්චිතවම උත්තර දිය හැකි ප්‍රශ්නයක් නෙවෙ යි. GMO බෝග මීට දශක දෙකකට පමන පටන් වගා කරන්න ගත් කාලයේ සිට කරන ලද බහුතරයක් වූ පරික්ශන වලින් කියවුනේ GMO ආහාර ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා යැයි කියන්නට කිසිඳු සෘජු සාධකයක් නැති බවයි. කෙසේ වෙතත් GMO ආහාර සෞඛ්‍යයට හානිකර යැයි කියන පරීක්ශන කිහිපයකුත් තිබෙනවා.

මේ එම පරිකශන වලින් කිහිපයක්.

කැනඩාවේ ගැබිනි හා ගැබිනි නොවන කාන්තවන්ගෙ රුධිරය ගෙන කළ පරීක්ශනයකදි තහවරු වුනා දරු ගැබ තුල පවා මෙම GMO ආහාර සඳහා නිපවදවන පළි බොධ නාශක වල විශ සංගටක අඩංගු බව. ගැබ වෙත මෙමගින් වෙන හානිය කොතෙරම්ද යන වග ගැන තක්සෙරුවක් නැති වුනත් මෙම පරීක්ශයන් පෙන්වා දුන්නෙ ගර්භය ඉතා සියුම් හා සන්වේදී නිසා මේ පිලිම්බදව තව දුරටත් පරීක්ශන කළ යුතු බවයි.

ඒ වගේම තවත් පරීක්ශනයකින් තහවුරු වුනා GMO ආහර හරහා ඒවායේ සම්පූර්න ජාන මිනිස් රුධිර සංසරන පද්ධතියට ඇතුල් වන බව. සාමන්‍යයෙන් වෙන්නේ ආහාර ජීර්ණය වීමෙන් පස්සේ ශරීරයට අවශ්‍ය සංඝටක වෙන වෙනම රුධිරයට එකතුවීම. GMO නොවන අහාර වල DNA අණු ජීරනය වීමෙදි ඇමයිනො අම්ලය, නියුලික් අම්ලය වගෙ කොටස් ගණනාවකට බෙදෙනවා. ඒත් GMO DNA අණු තනිකර එහෙම් පිටින්ම රුධිරයට එක් වෙනවා, ඒක වෙන්නෙ කොහොමද කියන එකට තවම පැහැදිලි උත්තරයක් නැහැ.

ඌරන් යොදාගෙන කළ එක් පරීක්ශනයකදි හොයා ගත්තා GMO ආහාර ගැනීමෙන් උදරය හා ගර්භාශය අසාමන්‍ය ලෙස ඉදිමීමකට ලක් වෙන බව. ආහාර සඳහා ඇති කරන ඌරෙකුගේ සාමාන්‍ය ආයු කාලය සති 23යි. මේ පරීක්ශනයේදි GMO හා GMO නොවන ආහාර ගැහැනු හා පිරිමි ඌරන් වෙත මේ කාල සීමාව තුල ලබා දුන්නා. අවසානයේ ලබා ගත් දත්ත අනුව GMO ආහාර කෑ ඌරන්ගේ ගර්භාශය GMO නොවන ආහාර ගත් ඌරන්ගේ ගර්භාශයට වඩා 25% පමණ විශාලව වැඩී තිබුන අතරම GMO ආහාර ගත් ඌරන්ගේ උදරය අනෙක් ඌරන්ට වඩා 32%කින් වර්ධනය වී තිබුනා.

මීට අමතරව මෑතකදි ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කළා Glyphosate පිළිකා කාරකයක් විය හැකි බවට.

මේ කොයි පරීක්ශනයේදිත් ඉදිරියට වෙන්නේ මොකද්ද කියන එක ගැන සඳහනක් නෑ. මිනිස් මෙන්ම සත්ව සිරුරු වලට බලපෑමක් තිබෙනව වුනත් ඒවා අහිතකර ද යන්නට පැහැදිලි උත්තරයක් නෑ. කොටින්ම GMO ආහාර පරිභොජනයට සුදුසුද නුසුදුසුද යන්න තවමත් ගැටලුවක්. මේ පරීක්ශන කරන විද්‍යාඥයන්ගේ මතයත් අඩු හෝ වැඩියෙන් මේකමයි. තමත් සම්පූර්නයෙන්ම නොදන්නා GMO ආහාර සම්ප්‍රදායකට යාම නුවණට හුරු නොවන බවයි ඔවුන් කියන්නේ. GMO ආහාර ගැන නිවැරදි ඇස්තමේන්තුවක් දෙන්න පරීක්ශන ගණානවක් පසුකර යන්නට වේවි.

ලංකාව හා GMO ආහාර

ලංකාව ජාන නවීකරණය කළ GM (Genetically Modified) ආහාර මුලුමනින්ම අපනයනය තහනම් කළා 2001දි, ඒ එවැනි පියවරක් ගත්ත ලෝකයේ පළමු රට හැටියට. ඒත් 2006දි ආහාර පනතට සංශෝධනයක් එක්කරමින් GM ආහාර අපනයනයට තිබු බාධක එවක රජය ඉවත් කළා. ඒත් එතැනින් එහාට ලංකාවට ගෙන්වූ ආහාර, GMO ආහාරද නැතිද යන්නට පැහැදිලි තොරතුරු නැහැ වගේම ඒ GM ආහාර නියාමනය පිලිබඳ නිසි ක්‍රියාමර්ගයක් නෑ. කොහොම වුනත් පසුගිය වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් Glyphosate අඩංගු RoundUp ගෙන්වීම තහනම් කළා.

දැනට ඇති තොරතුරු අනුව ලංකාව GMO බෝග වගා කරන්නේ නෑ. කොහොම වුනත් GMO බෝග සඳහා නිපදවන පලිබෝධනාශකයක් වන RoundUp නම් භාවිතා වෙනවා, හෝ අඩුම තරමින් මෑතක් වන තුරු භාවිතා වුනා. ඒ වගේම Monsanto සමාගමේ ශාඛාවක් පවා ලංකාවේ තිබෙනවා. ඒ නිසා GM බීජ තරමකින් හෝ වගා කෙරෙන්න ඉඩ කඩක් තිබෙනවා. කොහොම වුනත් මෛත්‍රීපාල ජනාධිපතිගේ තීරනය සාධනීය වන්නේ අවධානමට වඩා පෙර සූදානම සුබදායක නිසා.

පළිබෝධනාශක හා වකුගඩු ආබාධ

මෙය GMO ආහාර වලට සෘජුව සම්බන්ද දෙයක් නොවුනත් එහිම අතුරු ඵලයක් ලෙස දැක්විය හැකියි. උතුරු මැද පලාත ප්‍රමුඛව ලංකාවේ මෙවන විට වකුගඩු රෝගීන් 400 000ක් පමන සිටිද්දි රෝගීන් 20 000ක් පමන ඒ නිසා මියගොස් ඇතැයි වාර්තා වෙනවා. නිදන්ගත වකුගඩු රෝග Chronic Kidney Disease (CKD) ලංකාව තුල බොහෝ දෙනෙක් අපහසුතාවට පත් කරන විටක මාරාන්තික වන්නටත් හැකි සෞඛ්‍යය ගැටලුවක්. කෙසේ වෙතත් මේ වකුගඩු රෝග කාරකය ගැන සමතයකට පත්විය හැකි ස්තිර හේතුකාරකයක් හෝ විසඳුමක් නැහැ.


ආචාර්ය චන්න ජයසුමන කල අධ්‍යයනයක් අනුව ඔහු කියා සිටියේ Glyphosate හා ක්‍රියාකරන Cadmium, Arsenic වැනි බැර ලෝහ නිසා වකුගඩු වලට හානි සිදුවන බව. වී වගාවට ඉසින පළිබෝධනාශක ජලයට එක් වීමෙන් මේ ජලය අපිරිසිදු වී, ලිං හා නොයෙකුත් ජල පද්ධති හරහා Glyphosate ශරීර ගතවීම නිසා මේ වකුගඩු රෝගයට ගොදුරුවන බවයි ආචාර්ය ජයසුමනගේ මතය වන්නේ. කෙසේ වුනත්, මේ පරීක්ශනයට විරුද්ධවත් කරුනු දැක්වුනා. දත්ත හිඟ කම, Glyphosate හා වකුගඩු ආබාධ අතර සෘජු සම්බන්දයක් දැක්වීමට අපොහොසත් වීම නිසා Monsanto මේ චෝදනා ගණනකට ගත්තේ නෑ.

කොහොම වුනත් ජනාධිපති සිරිසේනගේ ක්‍රියාමාර්ග නිසා මේ වනවිට Glyphosate අඩංගු RoundUp විකිනීමේ හැකියාවක් නෑ. ඒ නිසා අලුතින් එක් වන්නට තිබුනු Glyphosate වලින් සිදුවන්නට හැකි හානිය අවම වේවි. ඒත් දැනටමත් ඇති Glyphosate ගැන හෝ GM බීජ ගැන කතාබහක් හෝ උවමනාවක් කාටත් නැති අවස්තාවක ඔබ ආහාරයට ගන්නා දෑ ගැන ඔබට විශ්වාසයක් තිබෙනවාද? ජාන නවීකරණය කළ ආහාර ගන්න ඔබ පරිබෝජනයට කැමතිද? ඔබට මේ වෙනුවෙන් කළ හැකි දේ කුමක්ද? මේවාට උත්තර දීම ඔබට බාරයි.

පහත ලිපි ඇසුරිනි,

10 Scientific Studies Proving GMOs Can Be Harmful To Human Health.
Effective Immediately: Sri Lanka Bans Glyphosate and Monsanto’s Roundup.
GMO Answers: CKD in Sri Lanka, RoundUp and What Monsanto Has to Say.

Monday, March 21, 2016

අපි කන කෑම ගැන දන්නේ මොනවද?


GMO (Genetically Modified Organism) කියන්නේ ජාන නවීකරණය කළ ජීවීන් කියන එකයි. ජාන ඉන්ජිනේරු තාක්ශනය මගින් ඕනම ජාන විකෘතිතාවකට පත් කල සත්ව/ශාක වර්ගයක් මේ නමින් හඳුන් වන්න පුලුවන්. ඒ වගේම Transgenic Organism කියන්නේ එක් ජීවී වර්ගයක් තවත් ඊට වෙනස් ජීවී වර්ගයක ජාන භාවිතයෙන් වෙනස් කම් කර ඇත්නම්. 1973 දී පලමුවෙන්ම මීයෙක් ජාන නවීකරණයකට ලක් කළා වගේම මුලින්ම ශාකයක් ජාන වෙනස් කමකට භාජනය වුනේ 1983දි. එතනින් පසුව මේ ජාන ඉන්ජිනේරු තාක්ශනය පසුගිය දශක කිහිපය තුල බොහො දුර ගමනක් ඇවිත් තිබෙනවා. මේ සටහන් පෙල ජාන නවීකරණය වූ බෝග වගාව ගැනයි, ඉන් එහාට එනිසා සිදුවූ දේශපාලනික, සමාජයීය, පාරිසරික හා සෞඛ්‍යමය වෙනස් කම් ගැනයි.

ජාන නවීකරණයේ වැදගත්කම

ජාන නවීකරණය සම්පූර්ණ කලු යකෙක් හැටියට නම්කළ යුතු දෙයක් නෙවෙ යි. ඒ වගේම ජාන විකෘති කළ ආහාර නිශපාදනය සියලු ජනයා වෙනුවෙන් සද් භාවයෙන් කරන ව්‍යාපෘතියකුත් නෙවෙයි. ජාන වෙනස් කල බෝග ගැන කරුනු දක්වද්දි එහි ප්‍රධාන හේතුව හැටියට එන කාරණයක් තමයි ජනගහන වර්දනයට ගැලපෙන ආහාර ලබාදීම. ඇත්ත, වසර 2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන නවය ඉක්මවනවා කියල ඇස්තමේන්තු ගත කරලා තියෙද්දි දැනට ලෝකයේ අපට තියෙන සම්පත් කොහොමටවත් ප්‍රමාණවත් නෑ අනාගත්යේදි ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න. ලෝකයේ ඇතිවිය හැකි ආහාර හීනතාව පුරන්න විසඳුමක් වෙන්නේ ඇති සම්පත් වලින් වැඩි අස්වැන්නක් ලබාගන්නයි. ජාන ඉන්ජිනේරු තාක්ශනය උදව්වට එන්නේ එතනදි.

මෙහි තවත් වැදගත් කම් කිහිපයක් තිබෙනවා. කෘමින්ගෙන් පරිසම් වීමට ඇති හැකියාව, ශාකයේ නිරෝගි බව ඉහල වීම, බීජ වල කාලසීමාව දිගු වීම හා එනිසා බීජ ප්‍රවාහනයේ පහසුව, අඩු ශ්‍රමය/සම්පත් මගින් ඉක්මනින් පලදාව ගත්හැකි වීම, වඩා වැඩි ගුණාත්මක බව වගේ කරුනු දක්වන්න පුලුවන්. ඒ වගේම දැනට කරන පරීක්ශන අනුව විද්ඥායන්ට මිනිස්සුන්ට රෝග නිවාරණය කල හැකි ආහාර අනාගතයෙදි හඳුන්වා දිය හැකිවේලු.

ජාන තාක්ශනයේ බලපෑම

ජාන නවීකරණය කළ බෝග කෘශිකාර්මික වෙළඳ පොලට හඳුන්වා දෙන්නේ 90 දශකයේ දි යි. එයින් පසු ලෝකයේ අක්කර බිලියන බාගයක පමන ප්‍රමාණයක මේ බෝග වගා කරල තියනවා. එතැන් පටන් මේ GMO බොහොම මතභේදයට තුඩුදෙන කාරණයක් වුනා. විද්‍යාගාරයක නිපදවෙන සත්ව හෝ ශාකයක් පේටන්ට් කිරීමේ සදාචාරමය හැකියාව, මෙමගින් සිදුවිය හැකි පාරිසරික වෙනස් කම්, සෞඛ්‍යමය බලපෑම් ගැන ලොකු හාහෝවක් ලෝකයේම ඇති වුනා. යුරෝපයේ සමහර රටවල් GMO වගා කෙරීමට එරෙහි නීති ගෙනෙද්දි තවත් රටවල් GMO සහිත ද නැති ද බව දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගත්තා. ලංකාවත් ඒ රටවල් ගොඩට ඇතුලත්.

සම්ප්‍රදායික කෘශිකර්මයේදි ගොවීන් බීජ සොයාගන්නේ ඔවුන් විසින්ම යි. කලින් වතාවේ අස්වැන්නෙන් කොටසක් ඔවුන් ඊලඟ වතාවේ වගා කිරීම සඳහා යොදා ගන්නවා. මේ බීජ ජාන විවිදත්වයෙන් පිරිලා. GMO වල ප්‍රධාන ලක්ශනයක් තමයි මෙහෙම හදපු සියලුම බීජ එකම අච්චුවේ වීම. බීජවල ලක්ශන, ගුණ, හැකියා මෙන්ම නොහැකියාවන් එකකට එකක් සමාන යි. එක බීජයකින් හැදෙන ශාකයකට එක්තරා දිලීර ආසාදනයක් ඇතිවුනොත් අනිත් ශාකයටත් උරුම වන්නේ ඒ ඉරණම ම යි. ඒ එක්කම එන්නේ සියලුම බෝග විනාශ වී යාමේ අවදානමක්.



GMO බීජ වෙළඳපොල

ඇමරිකාවේ වගාකරන බඩඉරිඟු හා සෝයා වලින් 90%ක්ම ජාන නවීකරණය කළ ඒවා වනවා වගේම මේ GMO බීජ නිශ්පාදනය කරන්නේ සමාගම් කිහිපයක් විසින්. එයිනුත් Monsanto කියන්නේ බීජ නිපදවීමේ ප්‍රමුඛයෙක්. Monsanto ඔවුන්ගේම විද්‍යාගාර හා විද්‍යාඥයන් සමගින් විවිද වෙනස් කම් සහිතව බෝග හඳුන්වා දේන්න කටයුතු කරනවා. උදාහරනයක් විදිහට ඔවුන් නිපැයූ බෝගයක එක් ගුණාංගයක් තමයි බෝගයේ නිපදවෙන අතිරේක ප්‍රෝටීනයක් නිසා ඒ වෙත එන කෘමීන් එය ආහාරයට ගත් විට මිය යාම. ඒනිසා ඒ බෝගයට ඒ වර්ගයේ කෘමීන්ගෙන් හානියක් නැහැ.

ඔවුන් නිපදවන මේ බෝගවල තවත් ගුණාංගයක් තමයි මේවා පළිබෝධනාශක වලට ඇති ඉතා හොඳ දරාගැනීමේ හැකියාව. ඒත් ප්‍රශ්නයක් වෙන්නේ ඒ ඔවුන්ම නිපදවන RoundUp නම් පළිබෝධනාශකයට පමණක් වීම. ඒ නිසා මේ නිශ්පාදන දෙකම වෙළඳ පොළට නිකුත් වෙන්නෙ අත් අල්ලගෙනයි. එකක් ගන්නවා නම් අනිකත් ගතයුතුයි. ඒක වෙන්නෙ මෙහෙමයි RoundUP වල තිබෙන Glyphosate නම් සංයෝගය වල්නාශකයක් විදිහට ක්‍රියාකරනවා ඒත් Monsanto ඔවුන්ගේ බීජ ඊට ඔරොත්තු දෙන ලෙසට නිපදවා ඇති නිසා ඒ බෝග මතට කෙලින්ම RoundUp ඉස්සම වල් පැළෑටි මිය යනවා විතරයි බෝගයට හානියක් නෑ.

පැරගුවේ ආව Monsanto

එක්තරා විදිහකින් Monsanto ඇතුලු මේ සමාගම් වලට බීජ නිශ්පාදයේදි ලෝක ඒකාධිකාරයක් පවතිනවා. පැරගුවේ තමයි ලෝකයේ ලොකුම සෝයා වගා කරු වන්නේ. පැරගුවේ වගාකරන සෝයා බීජ එම ගොවීන්ට ලැබෙන්නේ 98%ක්ම Monsanto සමාගමෙන්. මේ ගොවීන්ට වගේම අනෙක් රටවල ගොවීන්ටත් මේ බීජ වගාකළ හැක්කේ එක කන්නයක එක වරක් පමනයි. මොකද Monsanto සමාගමට ඔවුන් නිපදවන GMO නිශ්පාදන වල Patent අයිතිය නිබෙන නිසා අලුත් කන්නයකට ගොවීන් අලුතෙන් බීජ ඔවුන්ගෙන් මිලදී ගතයුතුයි. බීජ විකිනෙන වාරයක් ගානෙම ඔවුන්ගේ පළිබෝධ නාශකයත් විකිනෙනවා.

ඒත් මේ නිශ්පාදන ඔවුන් කියනා තරම්ම වැරදි නැති සුපිරි ඒවා නෙවෙ යි. පැරගුවේහි වගාවන්වල දක්නට ලැබෙන දෙයක් තමයි RoundUp වලට ඔරොත්තු දෙන වල් පැලෑටි මෙන්ම කෘමීන් හමුවීම. පළිබොධ නාශක වලට මිය නොයන මේ වල් ශාක කෙටිකාලයක් ඇතුලත පරිණාමය හා වරණය වීම නිසා පැරගුවේ ගොවීන්ට වෙනත් පළිබෝධ නාශකත් යොදන්නට වෙලා තිබෙනවා. Monsanto GMO භාවිතා කරන්නට ගිහින් කරන්න වෙලා තියෙන අතිරේක ශ්‍රම හා මූල්‍ය වියදම් සැර වුනත් සාම්ප්‍රදායික ක්‍රමයට නැවතත් යන්නට ඔවුන් පරක්කු වැඩියි.


මේ ගැටලු වලට තවත් නිශ්පාදයක් ඉදිරිපත් කරන්නයි Monsanto සූදානම. Glyphosate වගේම Dicamba යන සංයෝගය එක්කල බෝග හා පළිබෝධනාශක මගින් මේ අලුත් ගැටලු විසඳන්න ඔවුන් බලාපොරොත්තු වෙද්දි පැරගුවේහි කුඩා පරිමාණ ගොවීන්ට මේ ක්‍රමය අවාසි ජනක ලෙස බලපෑම් කරනවා. කුඩා පරිමාණ ගොවීන්ට මේ මිලෙන් අධික බීජ කුඩා ඉඩ ප්‍රමානයක වගා කිරීමෙන් වාසි ගන්න බැහැ. කොටින්ම වාසි සහගත ලෙස පැරගුවේහි මේ GMO වගා කරන්න හැකියාව තියෙන්න විශාල ඉඩම් තිබෙන 2%ක් වූ ගොවීන්ට පමණ යි.

ඒත් මේ කුඩා පරිමාන ගොවීන්ට තම පරණ පුරුදු ක්‍රමය දිගටම කරගෙන යන්න අපහසු වෙන්නේ ඔවුන්ගේ හේන් අනෙක් විශාල හේන් වලට යාබදව පවතින නිසා. ඔවුන්ට තිබෙන්නෙත් විශාල භූමි ඇති ගොවීන් වදවන වල් පැලැටි උවදුරු හා කෘමි උවදුරු යි. ඒත් ඔවුන්ට ඒ වෙනුවෙන් යම් ක්‍රියාමර්ගයක් ගන්න අපහසු වෙන්නේ RoundUp වගේ පලිබෝධනාශක වලට ඔරොත්තු දෙන්නේ Monsanto නිපදවපු GMO බීජ පමනක් නිසා. මේ නිසා ඔවුන්ට වක්‍රව බලපෑම් එල්ල වෙලා තමන්ගේ බීජ වගාව වෙනස් කරගන්නට.

මේ විදිහටයි Monsanto වගේ සමාගම් බීජ ලෝක වෙළඳ පොළ ආක්‍රමණය කරමින් ඉන්නේ. ගොවීන් කැමති වුනත් අකැමති වුනත් GMO බීජ වගා කළ යුතුයි යන තැනට තල්ලු වෙලා තිබෙනවා. නිශ්පාදනය කරන්නේ ආහාර පමණක් නම් පාරිභෝගිකයන් හැටියට අපට පරිබෝජනය කරන්නට වෙන්නෙත් ඒව යි. ගොවීන්ට වගේම අපිටත් කැමත්ත ඇතිව හෝ නැතිව ආහාරය ගන්න ජාන වෙනස් කල ආහාර පමන තිබෙන යුගයක් ඇතිවන්නට ඉඩ තිබෙනවා. එවිට ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? සමහර විට දැනටත් ඒ ආහාර ඔබ ගන්නවා විය හැකියි. ඔබ කන දේ ගැන ඔබ දැනුවත්ද?

මේ සටහන Vice HBO - Savior Seeds වාර්තාමය වැඩසටහන ඇසුරින්. ඊලඟ ලිපියෙන් ලංකාවේ GMO භාවිතය හා අතුරු ඵල ගැන කතා කරමු.

Wednesday, March 16, 2016

අකුණු | Rays of Light


අඳුරු අහස ඉරාගෙන නියෝන් දම්පාට ලේසර් කිරන තීරු එක දිගට හතර සැරයක් අකුණු ගැහුවෙ කාට හරි දඬුවම් දෙන්න වගේ. පාරේ හිටියේ කැහුටු ගැහුනු බල්ලො විතරයි. උන් වැස්සෙන් බේරෙන්න පුලු පුලුවන් තැන් වලින් කොම්බු ගැහිලා හිට්යා, කන් එල්ලා හැලෙන බල්ලන් එල්ලා හැලුනු කන් වලින් තමන්ගෙ ඇස් වහගෙන හිටියා. සමහර විට අකුණු වලට උන් බය නැතුව ඇති.

වාහනයේ හිටියා වුනත් හිරිකඩ ටිකක් හරි මටත් දැනුනා. වීදුරු නියමාකරයෙන් වැහෙන්න නැතුව ඇති. කොහොම හරි හිරිකඩ මගේ මූණට වැටිලා දාඩිය වගේ තීරු තීරු මූණෙන් පහලට ගලන්න ගත්තා. වැස්ස වැටුනෙ රැලි විදිහට. රැල්ලෙන් රැල්ලට වතුර පොදි වීදුරු වලට වැටුනේ වැලි වැටෙනවා වගේ. ජල ප්‍රහාර නිසා වාහනයෙන් අඩි කිහිපයකින් එහාට මොනවත් පෙනුනේ නෑ.

මම වාහනය නතර කරලා තිබුනේ තාර්යාගෙ ගෙදරට ගොඩක් ලඟින්. මට කරන්න තිබුනේ වාහනයෙන් බැහැලා ගෙදරට දුවන්න විතරයි. ඒත් මම එහෙම නොකලේ මම වැස්සට තියන බය නිසාමත් නෙවෙයි. ඒත් මොකක් හරි හේතුවකට මට ඒක කරන්න අපහසු වෙලා තිබුනා. ඇත්තටම කිව්වොත් හේතුව මම නොදන්න එකක් මත් නෙවෙයි. හේතුව අමතක කරන එක හේතුව මතක් කරල මම වැරදි කරයා වෙන්න මම අකමැති වුණා. නොදන්නා කම ප්‍රහර්ශයට හේතුවයි.

තාර්යාව මට හමුවුනේ අහම්බයෙන් නෙවෙයි. ඒක දෛවයෙන් විය යුතුව තිබුනු දෙයක්. මොකද ඇය හමුවුනු ගමන්ම අපේ කිසිම වෙනසක් වුනේ නෑ. මොකද අපිට එහම කරන්න අවශ්‍යතාවක් තිබුනෙ නෑ. අපේ හැම දෙයක්ම අපිට ඕනවටත් වඩා ගැලපුනා. මේ කියන්නේ අපි දෙන්නටම එක සමාන රුචි අරුචි කම් තියන සමාන්තර අදහස් තියන අය කියන එක නෙවෙයි. කොහෙත්ම නෙවෙයි. මේ කියන්නෙ අපේ අසමානතා අපේ විරොධතා අපි දෙන්නව සමබර කලා කියන එකයි. විශමතා වල සංකලනය තමයි ඕනම ගැටලුවකට පිළිතුර වෙන්නෙ.

මම සිගරට් එකක් පත්තු කරගෙන හිතන්න ගත්තා. අපිට වැරදුනේ කොහොමද? අපිට වැරදෙන්න වැඩ සැලසුනේ කාගේ වරදින්ද? වුණු වැරදි හදාගෙන ඉදිරියට යන්න අපිට බැරිද? ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියනවා. බොහො දුරට ප්‍රශ්නයේ මයි උත්තරය තියෙන්නෙත්. ඒත් මෙතන තියන ගැටලුව ප්‍රශ්නය මොකක්ද කියන එක මට පැහැදිලි නොවීම. මම අතීතය අවුස්සන්න ගත්තේ චිත්‍රපටයක් පසුපසට ධාවනය කරනවා වගේ.

"මම ඔයාව දන්නවද?" තාර්යා මට මුලින්ම කතා කලේ එහම.  "දැකලා පුරුදුයි."
"මටත්, ඒත් මට විශ්වාසයි, ඒ මේ ආත්මයෙ වෙන්න බැහැ කියල." තාර්යා හිනා වුණා.

එතනින් එහාට වැඩ සිද්ද වුනේ ඉක්මනින්. බොහොම ඉක්මනින් අපි අඉව අඳුන ගන්න කල් ගෙව්වා. එයාගේ සමීකරණ මම විසඳුවා. එයා මගේ හර බැර සටහන් තුලිත කලා. කලින් කිව්වා වගේ අපි අපි දෙන්නගේ අඩුවැඩිකම් අඳුන ගනිමින් එවා සමබර කරමින් හිටියා. ඒ කාලය සුන්දරයි. තමන් ආදරය කරන තරමට තමන්ටත් ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියල දැනගැනීම තරම් සතුටක් තවත් නෑ.

"අපි බඳිමුද?" මම දනහිසට බහින්නේ නැතුවම දවසක් ඇහුවා. ඒ වෙනකොට ඒ වගේ සංදර්ශන උවමනා නැතුවම ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුලුවන් කම අපිට ලැබිලා තිබුනා. තාර්යා මුකුත් නොකියම මගේ දිහා බලන් හිටියා. එයාගේ ඇස්වල තිබුනේ සතුට නෙවෙයි; වෙනත් දෙයක්. මට පැහැදිලිව ඒ මොකද්ද කියල පුලුවන් කමක් තිබුනේ නෑ. මොනවා තිබුනත් ඇය අපහසුතාවකට පත්වෙලා කියලා පැහැදිලියි.

"මට උත්තර දෙන්න තව කල් ඕන තිවංක." ඇය මොහොතකට පස්සෙන් කිව්වා.

මම එතනින් පස්සෙස් බඳින එක ගැන කතා කලේ නෑ. විවාහය, එකට ජීවත් වීම, අපි දෙන්නගේ පොදු අනාගතය එක්තරා විදිහකින් තහනම් මාතෘකා වලට පෙරලිලා තිබුනා. අපි දෙන්නම ඒවා මග හරිමින් කට්ටි පනිමින් පරන පුරුදු ජීවිතයට යන්න අසාර්තකව උත්සහ දැරුවා. ඒත් එවායින් වුනේ සීරුම් තුවාල වලට හැරිලා නොදැනීම ඒ තුවාල පැසවන්න ගත්ත එක විතරයි. හංගන්න යටගහන්න හදන හැම අවස්තාවකම ඒවා රබර් බෝල වතුර ගිල්ලනවා වගේ නැවත උඩට පැන්නා.

"ඔයාට මට කියන්න බැරි දෙයක් තියනවද?" නොසන්සුන් කම හිර කරන් ඉන්න බැරි තැන මම ඇහුවා.

තාර්යා මොහොතක් මම දිහා බලන් හිටියා. අපි දෙන්නා ඇස් දිහා බලාගෙන එකිනෙකාව තේරුම් ගන්න උත්සහ කලා. ඒත් හැබෑවටම කෙනෙක්ට තවත් කෙනෙක්ව තේරුම් ගන්න පුලුවන්ද. කෙනෙක් කොච්චර අවංකව තවත් කෙනෙක් එක්ක හැසිරුනත් ඒ කෙනා ගැන සීයට සීයක් ම දැන ගන්න, අදහස් උවමනා අසාවල් තෙරුම් ගන්න පුලුවන් කමක් නෑ. කොච්චර වුනත් තවත් දැන ගන්න දේවල් ඉතිරියි. පුද්ගලයො කියන්නේ අභිරහස්. සමහර විට තමන්ටමත්.

"තිවංක මම බැඳපු කෙනෙක්." ඇය උත්තර දුන්නා.

එතනින් එහාට වැදගත් යමක් අපි අතර හුවමාරු වුනේ නෑ. මම තාර්යාට එක එක නම් වලින් අපහස කරනවත් ඇය තමන්ව නිවරදි කරගන්න කරුනු සපයනවත් මට යන්තමින් මතකයි. කෝපය හා වේදනාව එකට මිශ්‍ර වෙලා සියලු සංවේදනයන් අඳුරු වලාකුලු වලින් වැහිලා තිබුනා. මම මගෙස් හදිසි කෝපයට ඉඩ දීලා බලාගෙන ඉඳිද්දි මම ඇයට කරන්න පුලුවන් සියලුම අපවාද කලා. ඇගේ ප්‍රතිචාර මට එක අතකින් වැදගත් වුනේ නෑ. අන්තිමට මම යන්න හැරුනා. මාව ගොනාට ඇන්දු, මාව පාවිච්චි කල, මගෙන් ප්‍රයොජන ගත් යක්ශනියගෙන් මට මිදෙන්න උවමනා වුනා.

ආදරය කියන්නෙ පුදුම දෙයක්. ඒක ක්ශනයකින් ඇතිවෙන්න පුලුවන් වුනාට ක්ශනයකින් මියැදෙන්න බැහැ. තුවාල සීරීම් පිලිකාවලට අසුවුනත් ආදරය පණ ඇද ඇද හරි අපිත් එක්කම ඉන්නයි සූදානම. මගේ ආදරයත් මගෙන් මිදෙන්න කැමත්තක් නැතිව මගේම ඇඟේ ඇලිලා හිටියේ දෙවෙනි හමක් වගේ. අවසානයේ මම ඇයට සමාව දෙන්න හිතාගත්තා. ඒ වෙද්දි ඇයෙන් තොර ලොවක් ගැන හිතන්න මට පුලුවන් වුනේ නෑ.

වැස්ස තරමක් අඩුවෙලා තිබුනත් අකුණු අඩුවෙලා තිබුනේ නෑ. කොහොම වුනත් මම තාර්යාව මුණගැහෙන්න යන්න තීර්නය කලා. අවසන් වෙමින් තිබුනු සිගරට් කොටය විසිකරපු මම වැස්සේ තෙමෙමින් තාර්යාගේ නිවස වෙත දුවන්නට වුනා. තෙමුනු පොලව මඩවෙලා දුවන වාරයක් පාසා මඩ "චක් චක්" හඬින් විසිවුනා. ලිස්සෙමින් වැටෙන්නට යමින් අවසානයේ ඇගේ දොරකඩට එන්නට මට පුලුවන් වුනා. ඇය විවාහක වුනත් ඇය ඇගේ සැමියගෙන් වෙන්වලා වෙනම ගෙදරක ජීවත් වුනා.

දොරට කිහිප වරක් තට්ටු කරල මම බලන් හිටියේ තාර්යා ඇවිත් දොර අරින කල්. කියන්න දෙවල් ගොඩකුත් අහන්න දෙවල් දහසකුත් ගන්න පොරොන්දු ගොන්නකුත් අතැතිව මම බලන් හිටියා. මට ඕන වුනා අපි අතර තියන බැඳීම නැවතත් අලුත් කරගන්න. තියනවටත් වඩා වැඩි කරගෙන අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරගන්න. තාර්යා දොර ඇරියේ නෑ, කොටින්ම තාර්යා ගෙදර ඉන්නවද කියන්නත් අමාරුයි. ඒත් ගෙදරින් ලයිට් එලිය විහිදුනා. සමහර විට ඇය මාව මගාරිනවා ඇති.

අවසානයේ මම වන්න හැරිලා දොරට තට් කරලා නිකමට වගේ අගුල අල්ලලා බැලුවා. දොර ලොක් කරල නෑ. මම දොර ඇරියා. ගෙදර එලිය හොඳින් තිබුනත් කවුරුවත් ඉන්න බව්ල් තිබුනේ නෑ. හැම දෙයම අප්‍රසන්න නිහඬ තාවකින් ගිලිලා හිටියා. මම ක්‍රමයෙන් ඇගේ කාමරය වෙත සකමන් කලා. මීට කලින් කිහිප වතාවක්ම මම ඇය පසුපසින් තාර්යාගේ කාමරය ගමන් කල හැටි මට මතක් වුනා. ඒ සතුටු කොඅල පරිච්ඡේදය මතක් වීමෙන් හදවත එක ගැස්මක් අතපසු කලා.

සමහර දේ දකින්න අපි ආසයි. සමහර දේ දකින්න අපි අකැමතියි. තවත් සමහර දේ දැක්කම අපිට මොනම දෙයක්වත් හිතාගන්න බැරිවෙනවා. ඊලඟට වුනු දෙයත් ඒ වගේ. වෙන්නේ මොනවද වෙලා තියෙන්නේ මොනවද මම කරන්න ඕන මොනවද කියල හිතගන්න බැරිව මම එකල මෙකල වුනා. කාලය ගතවීම නතර වෙලා මම තාර්යගේ නිසල සිරුර දෙස බලාගෙන හිටියා. එක අතකට හැරිලා කුදු වෙලා හිටිය ඇගේ පපු ප්‍රදේශයෙන් ලේ ගල ගිහින් බිම ලේ විලකට හැරවිලා තිබුනා.

මගේ දණහිස් පොළව සිපගත්තේ මම නොදැනුවත් ම යි. මම තාර්යාගේ අතින් අල්ලලා නාඩි පරික්ශා කලා. එවායේ ජීවය තිබුනේ නෑ. මම සීරුවෙන් ඇයව මාදෙසට හැරෙව්වා. ඇගේ ඇස් පියවිලා තිබුනේ නෑ. බලන්නෙ කොහෙද කියලා දන්නෙම නැතිව ඒවා මගේ දිහා එල්ල වීගෙන තිබුනා. තමන්ගේ අනාගත බිරිඳව ජීවිත සහකාරියව මරලා දාලා තියෙද්දි මිනිහෙක්ට දැනෙන්නේ මොනවද කියන්න මම දන්නේ නෑ. කිසියම් හිරිවැටීමකට ලක් වෙලා, ඔහේ වෙන දෙයක් වෙන්න ඉඩ දීල බලන් ඉන්න කෙනෙක් බවට මම පත්වෙලා තිබුනා. මම පහත් වෙලා ඇගේ නලල සිපගත්තා.

ක්‍රමයෙන් වෙලා තියන දේ බරපතල කම මට වැටහෙන්න ගත්තා. මම මේක අදල පාර්ශව වලට දැනුම් දිය යුතු බවත් ඔවුන්ගේ සහය ඇතිව කරන්න සුදුසු දේ කල යුතු බවත් පසක් වෙන්න ගත්තා. මම එතනින් නැගිටලා මගේ ජංගම දුරකතනය අතට අරන් අංක ඇමතුවා. ඉන් එහාට දේවල් වුනේ ස්වයංක්‍රීයව. මම සියලු විස්තර දැනුම් දෙනවත් මට කරන්න උපදෙස් ලැබෙනවත් මට අපිලිවෙලට මතකයි. මම ඔව්න් කියන හැම දේටම ඔලුව වනමින් අවනත වුනා.

පියවි සිහිය එන කොට මම නැවත තාර්යගෙ නිවසින් එලියට ඇවිත් මගේ කාරය දෙසට ඇවිද යමින් හිටියා. මේ වෙද්දි කොහොමත් වතුරෙන් පෙඟිලා හිටිය නිසා වැස්ස ගැන වගක් තිබුනේ නෑ. ඒත් තාර්යගේ ලේ මගේ ඇඟේ ගෑවිලා ඇලිලා තිබුනා, වැස්සට ඒවා හේදිලා ගියේ නෑ. මම ලේ පිහිද ගැනීමේ උවමනාවෙන් මගේ කාර් එකෙන් ඩිකිය ඇරියා. ඩිකියේ පරන තුවායක් තියනවා වගේ මට මතකයක් තිබුනා. ඩිකියේ තුවායක් තිබුනා. ඒත් ඒක පිරිසිදු එකක් නෙවෙයි මලකඩයි දූවිලියි වලින් පිරිලා තිබුනා. වෙන කරන්න දෙයක් නැති නිස මම තුවාය අතට ගත්තා. එතකොටම බිමට වැටුනෙ තියුනු පිහියක්. පිහියත් පිරිසිදු නෑ. පිහිය අපිරිසිදු වෙලා තිබුනේ ලේ වලින්. වැසි බිඳු වැටිලා වේලිලා තිබුනු ලේ දිය වෙන්න ගත්තා. දියවුනු ලේ දහරාවක් වෙලා ගලාගෙන ආවේ මා දෙසට.