Tuesday, June 4, 2013

තවම දළඹුවෙක්


අහස දෙස බලන මම;
පියාපත් විහිදුවා
හුළඟේ දැවටෙමින්
කලුවරද නොතකමින්
මුදු සමනලයෙක් වන්නට,
දළඹුවෙකි පෙරුම් පුරන


Saturday, May 18, 2013

ඇමරිකානු සිහිනය | The Weeping Eagle

ඔහු සිගරට් එක පත්තු කරගෙන කන්‍යාරාමයේ දොරට තට්ටු කළා. සතියේ දවසක රාත්‍රියේ නිසා ගොඩනැගිල්ල අවට පරිසරයේම තිබුනේ පාලු ස්වභාවයක්. විදි පහන්වල මලානික ආලෝකය ගොඩනැගිල්ලේ වර්ණ ගැන්වූ ජනෙල මතට වැටිලා දිස්නේ දුන්නා. නගරයේ දුහුවිල්ල නිසාම රාත්‍රී අහස අපැහැදිලියි. තරු නොපෙනෙන තරම්, අඩ හඳ උස් ගොඩනැගිලි අතරින් දිස් වුනේ බොඳ වෙලා. ශ්‍රී ලාංකික පුරුෂයා ආයෙත් දොරට තට්ටු කරන්න යද්දීම මැදි වියේ වූ කන්‍යා සොයුරියක් බර හඬක් නගමින් ලී දොර හැරියා.

"ඇයි?" ඇගේ කටහඬ සෞම්‍යයි.

"මම සුසන්ත, ලංකාවෙ ඉඳන් ආවේ. මට නවතින්න තැනක් නැහැ. තැනක් හොයාගන්න සල්ලිත් නැහැ." සුසන්ත පින්සෙන්ඩු වුණා. "අනේ කරුණාකරලා."

"බැහැ බැහැ, අපිට පිරිමි නවත්තගන්න බැහැ."

"එහෙම කියන්න එපා. මම මේ හීතලේ පාරේ නිදාගත්තොත් හෙට උදේ වෙද්දී මැරිලා යාවි. මම ඕනෙම උදව්වක් කරන්නම්."

කන්‍යා සොයුරිය නළල රැලි කරගත්තා. කල්පනා සාගරයක මොහොතක් නිමග්න වුණා. "ඕනෙම උදව්වක්?"

සුසන්ත යුහුසුළුව ඔලුව වැනුවා. ඔහු ඇමරිකාවට පය තියල දවස් තුනකට වැඩියි. බෝට්ටුවට නැගල සති දෙකකකට වැඩියි. වමනේ යන ඔලුව කැරකෙන ගතිය අඩුවෙලා තිබුනට හරි නින්දක් නැති හින්ද ඔහු හිටියේ හරියකට කෙලින් හිටගන්නත් බැරිව. කන්‍යා සොයුරිය වරක් දෙවරක්ම වටපිට බැලුව. ඉඳහිට ඈතින් යන වාහන හැරුණු කොට මිනිස් ජීවයක ලකුණු තිබුනේ නෑ.

"හ්ම් ඇතුලට එන්න." කන්‍යා සොයුරිය හඬ අවදි කළා.

සුසන්තට ලැබුණු කාමරය කුඩයි. අපිරිසිදුම නැති වුණත් කාලෙකින් භාවිතා කරලා නැති නිසා පුස් ගන්ධක් වහනය වුණා. කුඩා කාමරයේ පැත්තකින් ඇතිරිලි රහිත මෙට්ටයක් ඇඳ මත තිබුණත්, කොට්ටයක සලකුණු තිබුනේ නෑ. ශ්‍රී ලාංකික පුරුෂයාට මේ අඩුපාඩු පෙනුනේ නෑ. අතේ තිබුණු ගමන් මල්ල බිමින් තියල ඔහු ඇඳේ වැතිරුණා. එහෙම ඉඳගෙන මතක් කළේ ඇයි ඇමරිකාවට එන්න යෙදුනේ කියල. ගෙවල් ළඟ නිමල් අයියා බෝට්ටුවෙන් ඇමරිකාවට පැනගත්ත හැටිත්, නිමල්ගේ ගෙදර තට්ටු දෙකට හදපු හැටිත්, අලුත් අලුත් ඇමරිකන් ටීවී ෆ්‍රිජ් කැමරා වලින් ගේ පිරුණු හැටිත්, අවුරුද්දකට විතර පස්සේ සුද්දියෙක් එක්ක ලංකාවට ආව හැටිත්, වැඩිකල් නොගිහිම්ම මුළු පවුලම ඇමරිකාවට ගෙන්න ගත්ත හැටිත් සුසන්තට මතක් වුණා.

"කොහෙද උඹට පුලුවන්ද එච්චර වැඩක් කරගන්න. බලාපල්ලකෝ අර අල්ලපු ගෙදර උන් ටික. දැන් උන් ඇමරිකන්කාරයෝ. පුහ්! උඹට වාසනාව නෑ. කාලකන්නි..." නිමල්ගේ පවුල රට ගිය අලුතම සුසන්තගේ අම්ම කිව්වේ එහෙම.

කොහොම වුණත් සුසන්තට බෝට්ටුවේ එන්න සල්ලි හොයල දෙන්න අම්මා සෑහෙන මහන්සි වුණා. තියන රත්තරන් බඩු ඔක්කොම උගස් කරලා දන්න දන්න අයගෙන් ණය අරගෙන ගාන හදාගෙන බෝට්ටු මුදලාලිට ගෙව්වා. පොරොන්දු වුණු හැටියට හැමදේම නොවුණත් සුසන්ත ඇමරිකාවට ගොඩ බැහැල තිබුණා. තමන්ව මුණගැහෙන්න කෙනෙක්, රස්සාවක් ඉන්න තැනක් දෙන්න කෙනෙක් ඉන්නවා කියල කිව්වා පොරෝද්දු කඩ වුණත්, ඇමරිකාවට ආ එක ගැන ඔහු සතුටු වුණා. තමන් අල්ලගනිවී කියන බය සුසන්තට කරදර කළේ සුළු වෙලාවකට විතරයි. ඇමරිකාව කියන්නේ ලංකාව වගේ වගේ දහස් ගණනක් විතර විශාල රටක් බවත්, අඩියෙන් අඩියට හඳුනුපත් පරික්ෂා කරන පොලිස් නිලධාරීන් නැති බවටත් සුසන්තට තේරුණා. සැක හිතෙන්නේ නැති විදිහට ඉන්න හැටිත් මිනිස්සුත් එක්ක ස්වභාවික විදිහට හැසිරෙන විදිහත් ආයාසයකින් තොරවම ඇඟට ඇවිත් තිබුණා.

"අර පැත්තෙන් බාත් රූම් එකට යන්න පුළුවන්. කන්න නම් දෙයක් නෑ. අපි කළා ඉවර වෙලා දැන් ගොඩක් වෙලා." කන්‍යා සොයුරිය කිව්වා.

සුසන්ත කමක් නෑ කියන්න ඔලුව වැනුවා. කොහොමත් මන්සියයි නිදිමතයි එක්ක කන්න ප්‍රියතාවයක් ඔහුට තිබුනේ නෑ. සුසන්ත නාන කාමරයට ගිහින් ජල කරාමය ඇරියා. උණු වතුර මාංශ පේශි ලිහිල් කරලා ගෙනාවේ සැහැල්ලුවක්. ඒ සුවයත් එක්ක විනාඩි ගණනක් ගත කරලා නාල තුවාය දවටගෙන අයෙත් කාමරේට එද්දී කන්‍යා සොයුරිය ඇඳේ වැතිරිලා ඉන්නවා දැකල ශ්‍රී ලංකික පුරුෂයා ගැස්සුනා.

"මේ... මේ මොකද?" සුසන්ත ගොත ගැහුවා.

කන්‍යා සොයුරිය නැගිට ඇඳේ වාඩි වුණා. ඔහුටත් වාඩිවෙන්න වෙන්න කියල අතින් සං කළා. සුසන්ත ඇය පසෙකින් වාඩි වුණේ හිතේ දෙගිඩියාවෙන්. ඇය අගේ හිස් වැසුම අයින් කරලා හිටියේ, ඇඳ හිටි ගවුමත් කලින්ට වඩා ලිහිල්ව පෙනුණා. කන්‍යා සොයුරිය සුසන්තගේ මුහුණ අත ගාන්න පටන් ගත්තා. ක්‍රමයෙන් අත ඔහුගේ බෙල්ල, පපුව, බඩ, යටි බඩ වෙනකම් පහලට ආවා. මහන්සිය නිදිමත නිසාම සුසන්තට මේ ඇත්තක්ද හීනයක්ද කියල හිත ගන්න බැරිව ලත වුණා. තුවාය කඩල අයින් කරන්න යද්දීම තමයි ඔහුට වැටහුනේ මෙය වෙන්නේ සැබෑ ලෝකයේ බව.

"එපා." ඔහු කන්‍යා සොයුරියගේ අත ඇදල විසිකළා.

"එපා? මට ඔයාගේ වීසා එක පෙන්නන්න කිව්වොත් ඒකටත් ඔයා එපා කියනවද? පොලිසියට කියනවා කිව්වොත්? එතකොට ඔයා මොකද කියන්නේ?" සුසන්ත ගල් ගැහුණා. පොලිසිය ඇවිත් කුදලාගෙන යනවත්, මාස ගණනක් හිරේ ඉන්නවත් හිස් අතින්ම ආයේ ලංකාවට යනවත්, බලාපොරොත්තු කඩ වුණු මවගේ මුහුණත් සුසන්ත ඉදිරියේ දිස් වෙන්න ගත්තා.

කන්‍යා සොයුරිය හයියෙන් හිනා වුණා. "ඒක තමයි මාත් හිතුවේ. අපි එපා නොකිය ඉමු. අනික ඔයා කිව්වනේ ඕනෙම උදව්වක් කරනවා කියල. මේක දෙවියන්ට කරන උදව්වක් කියල හිතන්න."

ඇය සුසන්තව ඇඳේ පෙරලලා ඔහුගේ ඇඟ උඩ නැග්ගේ ගවුම ගලවලා විසිකරන ගමන්. ටික වෙලාවකින් ඇය පොඩි කාලේ වගේ අස්සයා පදින්න ගත්තේ ශබ්ධ නගන ගමන්. අගේ වැහැරුණු පියයුරු ඉහල පහල යද්දී ගෙල මත පැළඳි කුරුසයත් රටාවකට නැලවුණා. සුසන්ත පියාගෙන මේ ඇත්තක් නෙමෙයි කියල හිතාගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා. දෙවියන් වෙනුවෙන් කළ උදව්ව අවසන් වෙද්දී සුසන්ත සිහිසුන් වෙලාද නින්ද ගිහින්ද කියල හිතාගන්න කන්‍යා සොයුරියට අපහසු වුණා.

* * * * *
සුසන්ත මැදියම් රාත්‍රියේ එක් වරම ඇහැරුණා. තමන් කොහෙද ඉන්නේ, මොකද්ද වුණේ කියල මතක් වෙන්න ඔහුට මොහොතක් අවශ්‍ය වුණා. කන්‍යා සොයුරිය පෙනෙන මානයක නොහිටි හින්ද ඔහුට යම් සහනයක් හිතට දැනුණා. අලුයම වෙන්න තව වෙලා තිබුනත් ඔහු යන්න සුදානම් වුණා. කලින්ටත් වඩා ඇඟට තද අපහසුවක් දැනුනත් තව මොහොතක් වත් රැඳී ඉන්න සුසන්තට උවමනා වුණේ නෑ. කිලිටි ඇඳුම් නැවතත් ඇඟලා ගත ඔහු කුඩා කාමරයෙන් එළියට ආවේ හැරිලාවත් බලන්නේ නැතිව.

කන්‍යාරාමයෙන් එළියට යද්දීම තමයි ඔහුට මතක් වුණේ තමා අත මුදල් නැති බව. කාර්යාල කාමරයට සීරුවෙන් ගිහින් අගුල කඩල ඩොලර් නෝට්ටු ගණනක්ම සාක්කුවේ දාගන්න ශ්‍රී ලංකික පුරුෂයාට හැකි වුණා. සුසන්ත ඒ පවුකාර ගොඩනැගිල්ලෙන් පිටවෙද්දී වත් හිරු එළියේ සලකුණු මතුවෙලා තිබුණේ නැහැ. තව දවස් කිහිපයකට සරිලන්න මුදල් තිබුනත් ඉක්මනින් රස්සාවක් හොයගැනීමේ අවශ්‍යතාවයකින් ඔහු පෙලුනා. නැවත වරක් දෙවියන්ට උදව් කරන්න නම් කිසි උවමනාවක් ඔහුට තිබුනේ නෑ. ඒ මතක හිතේ අඳුරු කොනක අගුලු දමන්න උත්සහ කරමින් ශ්‍රී ලාංකික සංක්‍රමණික පුරුෂයා සුස්මක් හෙලුවා. පරිසරයේ අධික සිසිලස ඔහුට අපහසුවක් බව ඔහුට අමතක වෙලා තිබුණා.

ප.ලි.: මේ ''ලංකාව ඉන්දියාව යටින් තියෙන්නෙ නැතුව කියුබාව තියෙන තැනට රී ප්ලේස් වෙනවා..එතකොට අපිට ඇමරිකාවට පනින්න ලේසියි...'' කියල අමිල ඉදිරිපත් කල අදහස වෙනුවෙන් ලියු කෙටි කතාව. කොහොමද අමිල?

Friday, April 26, 2013

අවසන් යම - Say Goodbye

රෝහලේ සෙනග එච්චර හිටියේ නැතත් වෛද්‍යවරුන් සහ හෙදියන් කිහිප දෙනෙක් එහෙ මෙහෙ ගියේ කලබලෙන්. රෝගීන් ලබන්න ආපු අයත් හිමින් ඇවිදිමින් එකිනෙකාට කොඳුරමින් ගියේ තම තමන්ගේ ලෝක වල තනිවෙලා. එළිමහනට විවර වුණු තැනක ඇති දිග පුටු පේළියක කෙලවකරකින් මම වාඩිවුණා. ඉර එළිය අප්‍රාණවත්ව වැටුනේ ගිම්හානය නිසා කොළ හැලුණු ගසකට. අඩ එළිය ගහේ කඳේ වැදිලා සෙවනැල්ල සහ ආලෝකය කලාත්මක චිත්‍රයක ස්වරූපයක් මතු කළා.

ඉර එළිය අඳුර අතරින් අතුරුදන් වෙද්දී රෝහලේ සෙනග තරමක් වැඩිවෙන්න ගත්තා. තරුණ තාත්තෙක් එක්ක ආපු පුංචි ළමයෙක් මට පසෙකින් ඇති පුටුවේ වාඩිවුණා. වයස හතරක් විතර වෙන්න පුළුවන් දරුවා අතේ තිබුනේ කතා පොතක්. මම ඒ දිහා බලලා හිනා වුණා. ඒ පුතාගේ ඇස් තිබුනේ පොතේ නිසා එයා දැක්කේ නෑ මාව. කොහොම වුණත් ඒ දර්ශනය මට පැහැදිලි කරගන්න අපහසු හේතුවකට සතුටක් ගෙනාවා. ටිකකින් ළමයාගේ තාත්තා ඇවිත් දරුවා එක්ක ගෙන ගියා. මම පුතා දිහා බලල හිනා වෙලා අත වැනුවා. මම ඉන්න දිහා බලන් ගියත් ඒ ළමයට මාව පෙනුනේ නෑ. මොහොමතකට ඒ දරුවට ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති කියල ඇති වෙලා නැතිවෙලා ගියේ පොත කියවපු බව මතක් වෙලා.

මම එතැනින් නැගිටලා ඇවිදින්න ගත්තා. රෝහලේ විදුලි බල්බ දැල්විලා ටයිල් පොලව බිත්ති හැමතැනම සුදු පාටින් ඒකාලෝක වුණා. හිමින් ඇවිදන් යද්දී මම ඉදිරියට දෙතුන් දෙනෙක්ම මුණගැහුනත් ඒ කාටවත් මාව පෙනෙන ලෙසක් දැනුනේ නෑ. එකපාර ම මම අදිසි වෙලා තිබුණා. එක අතකින් ඒක හොඳයි. කාගෙන්වත් කරදරයක් නැතිව ඉන්න පුළුවන්. මම මගේ අලුත් බලයෙන් ප්‍රයෝජන ගන්නත් එක්ක මම හිතෙන හිතෙන තැන ඇවිදින්න ගත්තා. එක එක වාට්ටු වල, පෞද්ගලික කාමරවල, වෛද්‍යවරුන්ගේ කැබින් වල පවා මම නිදහසේ ඇවිද්දා. මාව නවත්තන්න කවුරුවත් හිටියේ නෑ. එක්වරම මට සිහිවුණා මා කළ යුතු ම දෙය. එකම තැන එකම විදිහට ඉඳල එපාවුණු නිසා ලැබුණු නිදහසෙන් ප්‍රයෝජන ගත්තට ඒ නිදහස නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. ඔව්; මම ගෙදර යන්න ඕනේ. මම රෝහලෙන් එලියට යන්න පටන් ගත්තා. කිහිප සැරයක් වටපිටත් පිටුපසත් බැලුවට මම යනවා කාටවත් පෙනුනේවත් දැනුනේ වත් නෑ. කිහිපවතාවක්ම පඩි නැගල බැහැල දකුණට වමට හැරිලා ඇවිත් මම පිටවීමේ දොර පෙනෙන මානයට ආවා.

"ඔහොම ඉන්න" කව්ද කතා කළා. මම හැරිලා බැලුවේ නැතුවම අඩි ඉක්මන් කළා.

"ඔහොම ඉන්න!" ඒ වතාව කලින්ට වඩා සද්දෙන් ඇහුනේ. මම දුවන්න උත්සහ කළා.

ඒත් අසාර්ථක යි. කව්ද කෙනෙක් මගේ අතින් අල්ල ගත්තා. බලාපොරොත්තු වුණාට වඩා ඒ ග්‍රහණය සුමට යි. මම ආපස්ස හැරුණා. හිටියේ තරුණ ගැහැණු කෙනෙක්. එයා ලස්සනයි. ඒත් තරමක් සුදුමලියි. තනි සුදු පාට දිග ගවුමකින් සැරසිලා හිටි ඇය රෝහලට ගැලපීමක් නැතිව කැපිල පෙනුණා. ඇය මම දිහා බලලා හිනා වුණා. පිවිතුරු මත් නොවන ව්‍යාජත් නොවන ඒ අතර ස්වභාවයේ හිනාවක්.

"ඔයාට මාව පේනවද?" කියන්න දෙයක්  හිතාගන්න බැරිතැන මම ඇහුවා. එයා කළේ ඔලුව වනපු එක විතර යි.

"ඔයා කවුද?" මට එහෙම අහන්න ලැබුනේ නෑ. "අපි යමු" එයා මගෙන් අතෙන් ඇදගෙන ආපහු රෝහල ඇතුලට යන්න ගත්තා. මට ආයේ යන්න කිසිම උවමනාවක් නොතිබුනත් මම හොරෙන් යන්න හැදුව කියල දැනගනීවි කියන බයෙන් මම මුකුත් කරන්න ගියේ නෑ.

අපි රෝහල ඇතුලටම ගමන් කළා. මම පසු කරගෙන ආ තැන නැවතත් හමුවුනේ සිනමා පටයක් ආපස්සට  ධාවනය කරනවා වගේ. මම හිටපු කාමරය ළඟට ඇවිත් අපි නතර වුණා. ඇය මා දිහා බලල ඇතුලට යන්න කියල අතින් සන් කළා. මම ඇතුලට අකමැත්තෙන් වුණත් ගියා. ඒත් මම හිටපු ඇඳේ කවුද හිටියා. ඒ හිටියේ කවුද කියල දකින්න ලැබුනම මට මොහොමතක් කාලය නතර වුණා වගේ දැනුනා. මුළු ලෝකයම නතර වෙලා මම මොනවද කරන්නේ කියල බලන් ඉන්නවා වගෙත්, මහා මේරු පර්වතය මගේ කරපිට තැබුවා වගෙත් ලෝක අන්තයෙන් පහලට වැටෙනවා වගෙත් හැඟීම් ගොන්නක් ඇති වුණේ ඒ එක්කම යි. මම නැවතත් ඒ රෝහල් ඇඳ මත හිටිය පුද්ගලයා දිහා හොඳින් බැලුවා. ඔව්, විශ්වාසයි ඒ මම ම යි.

මට කරන්න දෙයක් හිතාගන්න බැරිතැන මම පිටුපස බැලුවා. පුදුමෙකින් ඇය වගේ තාමත් හිටියා. මම බලාපොරොත්තු වුනේ ඇය නැතිවෙලා ඉන්න. මේ කවුරුහරි මට කරන ඇස් රතු වෙන විහිළුවක් වෙන්න තවමත් අවස්ථාව තිබුණා. නැත්තම් මම දකින නරකම නරක හීනයක් වෙන්නත් පුළුවන්. මම පුළුවන් තරම් තදින් මගේ කම්මුල කොනිත්තා ගත්තා. පුදුමයි; මම හීනෙකින් ඇහැරුනේ වත් කෙනිත්තුවට රිදුනේවත් නෑ.

"බය වෙන්න එපා" ඇය මගේ අතින් අල්ලාගෙන සන්සුන් හඬකින් කිව්වා.

"ඒත්... ඒත්? මේ..." මම අහන්න දෙයක් හිතාගන්න බැරිව ලතවුණා.

"මතක් කරලා බලන්න." මම ඔලුව වැනුවා. "ඔයාට පුළුවන්, මතක් කරන්න"

මම ඇස්දෙක පියාගෙන මතක් කරන්න ගත්තා. මොහොතක් දෙකක් යනකම් කිසිවක්ම වුණේ නෑ. මම වැඩේ අසාර්ථක වුණු තැන ඇස් අරින්න උත්සහ කරන කොටම මට මතක් වෙන්න ගත්තා. මීට පැය ගණනකට කලින්: මම මගේ බිරිඳ එක්ක රණ්ඩු වෙච්ච හැටි, ඇයව තල්ලු කරලා ගෙයින් එලියට ඇවිත් වාහනයට ගොඩවුණු හැටි, පුළුවන් උපරිමයෙන් කාර් එක එලවගෙන් ගිය හැටි, පාරේ යන අනික් වාහන ගැන අවධානය යොමු නොකරපු හැටිත් එක්වරම නොපෙනී ආ විසල් ලොරියක් වහනයේ බඳේ හැපිලා බරපතල තුවාල වුණු හැටිත් යන මතකයයත් මගේ ඉස්සරහ දැන් වෙනවා වගේ පෙනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සිහිය යන එන විදිහට රෝහලේ විදුලි එලිත් වෛද්‍යවරුන් සැත්කම් කරන හඬත් අපිළිවෙලට අපැහැදිලිව මතක් වෙන්න ගත්තා.

"මම... මම හැ-" මට කතා කරන්න අපහසු වුණා. ඇය තාමත් සුදුමැලි මුහුණින් යුතුව මා දිහා බලන් හිටියා. මම ඇඳේ ඉන්න 'මම' වෙත ඇඟිල්ල දිගුකළා. ඇය කළේ ඔලුව වනපු එක විතර යි.

"අපි යමු නේද? ඔයා ලැහැස්තිද?" මම මොකටද කොහෙටද කියල ඇහුවේ නෑ. ඇය ඒ ගැන නොකියත් මට ඒ ගැන යම් අදහසක් කොහෙන් හරි ඇවිත් තිබුණා.

මම නැවතත් නිදාගෙන වගේ ඉන්න මම දිහා බලන් හිටියා. අනතුර වුණ හැටි නැවත නැවතත් සිහියට ආවා. ඊළඟට ආවේ මගේ බිරිඳ ගැන මතකය. ඇය මේ ගැන දන්නවද, දන්නවනම් ආවේ නැත්තේ ඇයි, මගේ අම්මා තාත්තා? එතකොට යාළුවො? ප්‍රශ්න කෝටියයි තව එකකින් මගේ හිත බරවෙන්න ගත්තා. මගේ බිරිඳට කතා කරන්න ඇයගෙන් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබෙනවානම් කියන ප්‍රාර්ථනාවක් ආවේ ඒ මතකයන් එක්ක සැරිසරද්දි යි.

"අපි යමු නේද?" සුදු වත හැඳි කත ආයෙමත් ඇහුවා. මට කරන්න ඕනේ මොනවද කියල පැහැදිලි අදහසක් වත්  ඒ ගැන සිහියක් වත් නැතුව වටපිට බැලුවා.

"අත්තරින්න දරුවෝ, අත් ඇරලා දාන්න." ඇය දයාබර කට හඬකින් කිව්වා. මම ඔලුව වැනුවා.

ඇය මා ළඟට ඇවිත් මාව වැළඳ ගත්තේ අම්මෙක් දරුවාව තුරුළු කරගන්නවා වගේ. මම ඇස් දෙක පියා ගත්තේ අලුත උපන් සහනයකුත් එක්ක යි. ලෝකය ම කරමත වගේ දැනුන බර සැහැල්ලු වෙලා ගියා. හිතට වද දුන්න මගේ අනතුර ගැන මතකය කෙමෙන් අමතක වෙන්න පටන් ගත්තා. බිරිඳ ගැන, දෙමව්පියන් ගැන හිතවතුන් ගැන ඇති ඇල්ම බිඳිලා යද්දිනම් දුකක් දැනුනත් ඒ ගැන කම්පා වෙන්න වෙලාවක් නැතුව ගියා. මම මගෙන් වෙන්වෙලා සුදු කත සමග අවකාශය අතරින් යන්න ගත්තා. පාවෙන සැහැල්ලුවක්. සැහැල්ලු පාවීමක්. මම කොටස් දෙකකට කැඩිලා ගත හැරලා සිත ගමන් ගත්තා.

රෝහල් කාමරයෙන් හදගැස්ම පෙන්වන යන්ත්‍රයේ හදගැස්ම නැවතිලා "නීක් නීක්" හඬින් නලාව නාද වෙන්න පටන් ගත්තෙත් ඒ එක්කම යි.

ප.ලි. : මේ අග්නි ධාරාගේ "තමන්ගේ මරණය තුන්වැනියෙක් හැටියට අත්දකින අවස්ථාවක් ගැන ලියන්න" කියූ ඉල්ලීමට ප්‍රතිචාරය. අග්නි ධාරා කතාවට කැමති වෙයි කියල හිතනවා.
Related Posts Plugin for WordPress, Blogger...