Monday, March 28, 2011

ප්‍රීතිමත් සමුගැන්ම



නිශ්ශබ්දතාවය දසත පැතිරී
සැරසෙන්නේ සුන්දර වූ සමුගැන්මට
විවෘත වූ හදවත් අතර ඔබේ හදවතේ අඟුල් දමා
ජීවිතය යැයි කියා වැළඳ ගන්නා තනිකම
උරුම වූ ඔබ තැවෙන්නේ මරණය ගැනද
විරහවට පෙම්බැඳි ඔබ හා
ඔය දිදුල නයන යුගල අත්හල හැකිද
පියවරෙන් පියවර මේ මහා ආත්මීය අනුකම්පාව අතරින්
යාත්‍රා කරන්න, මගේ පෙම්බරයාන
කෙදිනකවත් සිහින දකින්න අමතක නොකරන්න
කෙදිනකවත් සුවඳ විඳීම අත් නොහරින්න


මගේ සමනළයාන,
ඔබේ ලෝකයේ මම මලක් වෙම්
මගේ පුංචි තාරකාව,
ඔබේ ලෝකයට මම ආදිත්‍ය වෙම්
රමණීය වන උයනෙහි අනන්තය දක්වා
රැව්දෙන්න අපේ හඬ
හදවතේ දොරගුළු විවර කරනු වස්
මගෙන් ඔබට හර්ද සුත්‍රයක්
සමුගැන්මේ උදුල බලයෙන් ඔබට
සමුදෙම් මම හදවතේ ඉඩ තබා


2 comments:

  1. ලස්සනයි..නිසිදැස දිහා බලන් උන්නා මිසක් ආයෙ ආයේමත් දෙපාරක්ම කියෙව්වා එත් පිලිතුරට ලියන්න දෙයක් හිතට ආවේ නැ....

    ReplyDelete
  2. @නිම්ශා: එහෙනම් මේ නිර්මාණය අසාර්ථකද මන්ද,,,

    ReplyDelete