කාරණා කාරණා ඔහොම වුණාට කවුරුත් නොදන්නා රහසකුත් මේ වලව්වේ හැංගිලා තිබුණා. අපේ පොඩි අප්පේ මේ ගමේම නැඩ ඉලන්දාරියෙකුට බහ දීලයි හිටියේ. අර යෝජනා වෙච්ච නිලමේත් එක්ක බලද්දී නම් මේ හාදය හොරි බල්ලට පෙරහැරේ යන ඇත්රාජා වාගේ. ආරංචියේ හැටියට නම් අපේ මැණිකෙව දැකල තියෙන්නේ ඔයේ නාන්න යද්දී. හවහ වෙලාවක නාල, මල් වලින් කොන්ඩේ සරසල, සින්දුවක් මුමුණ මුමුණ එද්දී කොයි පිරිමියගේද හිත ගැස්සෙන්නේ නැත්තේ. එක සැරේට පොඩි අප්පොගේ අතින් ඇල්ලුවලු, තදෙටත් නෙමෙයි. මැණිකේගේ කටට වචන ඇවිත් නෑ. ඒ ඉලන්දාරියා කතා කරලත් නෑ. අන්තිමට මැණිකේගේ අත අත්හැරලා හිනා වෙලා යන්ට ගියාලු.
අර නිලමේ යෝජනාව ගෙනා දා ඉඳලා පොඩි මැණිකෙ හිටියේ හිතේ අමාරුවෙන් කියල තේරුම් ගන්ට මට අමාරු වුනේ නැතුවා. කලින් දිලිසි දිලිසි තිබුන ඇස් දෙක මලානික වුණා. ගමන බිමන අඩු වෙලා ඇඳටම වුණා. ඇඳට වෙලා 'බණ්ඩාරේ අයියේ' කියල කොඳුරනවත් ඇහුනා. ලොකු මැණිකේට නම් ඔවා ගානක් නැතුවා. උන්දැ හිතන්ට ඇත්තේ පොඩි අප්පෝ වලව්ව දාල යන දුකට කියල ඒ වුණාට මම නෙව හැබෑව දන්නේ.
දවසක් දා පොඩි මැණිකෙ මට කාමරේට අඬ ගැහුවා. ඊට පස්සේ කිව්ව කතාවෙන්නම් මම ගල් ගැහිච්චි.
"හින්නිහාමියේ, උඹ මට හොඳටෝම හිතවත් එකී වෙච්චි. මට උඹෙන් උදව්වක් ඕනෑ..."
"අනේ මොකද්ද මැණිකෙ?"
මැණිකෙ එකපාර උත්තර දෙන්ට ගියේ නැතුවා. වට පිට විපරම් කරලා කාරිය මා දිහා බැලුවා.
"අර අයියා, බණ්ඩාරේ අයියා, උඹ දන්නවා නෙව. ඒ අයියා කිව්වා මට උන්දැත් එක්ක පාතරටට යන්ට එන්ට කියාල."
"දළදා හාමුදුරුවනේ! ඉතින්?"
"ඉතින් මං ඔලුව වැනුවා..."
"අනේ මයේ දෙයියෝ, මහ නිලමේගෙන් නම් බේරුමක් නැති වෙයි."
"අම්ම අප්පච්චිට කියන්නේ නැතුවා."
"හනේ, මැණිකේට නුහුගුනේද මන්ද, ඉතින් කවදද යන්ට ඉන්නේ?"
"අද, අද රෑ..."
මම ආයෙත් මැණිකේගේ රවුන් මුණ බැලුවා. කලින් නැති වෙලා තිබුන දිස්නේ ආයෙත් ඇස් වලට ඇවිත් ඒවා හිනා වුණා. මට කියන්ට දෙයක් හිතට ආවෙත් නැතුවා. ඔය ගමේ ගෑනුන්ට නම් මම නිකම්ම නිකම් වලව්වේ වැඩකාරි වෙච්චි. එත් ඉතින් උන් මයේ මැණිකෙ මට සහෝදරි වාගේ කියාල දන්නේ නැතුවා. මගේ සහෝදරීට උදව් නොකර කොහොමද.
එදා රෑ තියන ඇදුම් කැඩුම් ටිකත් ඔතාගෙන මම මැණිකෙත් එක්ක කොළඹ පාරට ගෑටුවේ බොහොම පරිස්සමෙන්. අර ඉලන්දාරියා නුවරට වෙළඳාමේ ඇවිත් යන ජා කරත්ත නඩයක් එක්ක නැවතිලා බලාන උන්නා. ඒ උන්දැට නම් හිනා, අනේ ඒ වුණාට පොඩි මැණිකෙ මාව බදාන වරුවක් විතර ඉකි ගැහුවා. ලොකු මැණිකෙව බලාගන්ට කියාල දහස් වතාවක් උපදෙස් දුන්නා. අප්පච්චිට සත්තු කරන්න කියාල අඬා වැටුනා. අන්තිමට එළිවන ජාමේ තමා පිටත් වෙනකොට. දැන් මම කරන්ට ඕනෑ දේ දන්නේ නැතුවා, අහන්ට කෙනෙකුත් නැතුවා. මමත් හිමින් හිමින් වලව්ව දිහාට යන්ට සැරසුනාට මට යාගන්න බැරි වෙච්චි. මම ඔය දිහාට හැරුණා. මේ මල පාන්දර ඔයේ කවුරුත් නැතුවා. මම ගලක් උඩට වෙලා බැහැගෙන යන හඳ දිහා බලන්ට වුණා. හැමදාමත් දැකල තියල තරම්ම නැත්තම් ඊටත් වඩා ලස්සනට උන්දැ බැබළුණා. වතුර ඩිංගක් මුණේ තවර ගත්තේ සනීපෙට. මාව කැන්දන් යන්ට නිලමේ කෙනෙක් නැතුවට අපේ පොඩි මැණිකෙ හත් දවසක් මගුල් කනවා නෙව කියාල මම සතුටිනුයි උන්නේ. ඒත් ඉතින් දැන් එහෙම බැරි වෙච්චි. කාරී නැතුවා, පොඩි අප්පෝ සතුටින්නම් මට ඒ ඇති. මම ගලෙන් නැගිටලා ගහගෙන යන සීතල වතුරට බැස්සා.
මේක ලියන්ට කලින් උඹ කල්පනාකොරපු තරම හිතාගන්ට පුළුහං!
ReplyDeleteඇත්තම කිව්වොත් ලිව්වට පස්සේ නෙව කල්පනා කොරල බැලුවේ...
Deleteහරිම පොඩි අප්පොලා ටිකක්නේ වලව්වල ඉන්නේ.:)
ReplyDeleteමේ දවස්වල වලව් ටිකක් ජනප්‍රියයි වගේ :D
වලව් කොහොමත් කවදත් ප්‍රසිද්ධයි (ජනප්‍රිය බව කෙසේ වෙතත්) නේ! ;)
Deleteකතාව මතුසම්බන්ධයි නේද?
ReplyDeleteනෑ, මෙතනින් ඉවරයි. තව කොටසක් නැතුව බෑ වගේද?
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......
ReplyDeleteම්ම්ම්...
Deleteලස්සනට ලියලා තියනවා. හොඳට ගලාගෙන යනවා. අනිත් අය එකඟ නූනත් , කතාව මෙතනින් ඉවර කරන එක හොඳයි, කියවන්නාට හිතා ගන්න ඉඩදීලා.
ReplyDeleteජා කරත්ත නඩයක??? ඔය කරත්ත වෙළදාම ගැන ලස්සන කතා අහල තියනව උනාට ජා අය කරත්ත රස්සාව කලා කියල අහල නෑ, ඒත් ඒක කතාවේ රසයට බාදාවක් නොවේ.
අම්මපා පොඩ්ඩක් එළියට බැහැලා ගම් මණ්ඩියෙ පොඩි වල් ටුවර් එකක් දැම්මාමනේ තේරෙන්නෙ තව කොච්චර බලන්න දේවල් රටේ තොටේ තියනවද කියලා :))
බොහොම ස්තුතියි. :)
Deleteකරත්ත නඩ වල ජා ජාතිකයින් හිටිය කියල තමයි මතක. ඒත් හරියටම විශ්වාස නැති හින්ද එහෙම නොවෙන්නත් පුළුවන්.
අලුත් දේවල් අලුත් වෙලා තියෙන්නේ පොඩි කාලයයි, අලුත් ඒවා පරණ වෙද්දී තව අලුත් ඒවා හොයාගන්න වෙනවා.
//අලුත් දේවල් අලුත් වෙලා තියෙන්නේ පොඩි කාලයයි, අලුත් ඒවා පරණ වෙද්දී තව අලුත් ඒවා හොයාගන්න වෙනවා//
Deleteහුටා! :D
මේකේ තව කොටස් තියෙනවද??
ReplyDeleteනෑ යාළුවා, තව කොටසක් ඕනේද?
Deleteමේ විදියට බලනකොට ගෙදරක වැඩට කෙනෙක් තියාගන්න එකත් නුවණට හුරු නෑ.
ReplyDeleteවැඩට ගන්න කෙනා විතරක් නෙමේ ඕනෙම කෙනෙක් (තමන්ව පවා) සර්ව සම්පූර්ණ ලෙසම විශ්වාස කිරීම නුවනට හුරු නෑ.
Deleteළඟකදි ඉඳන් මේ මනුස්සයගෙ වෙනසක් තියෙනවා... ඔහොම යමුකො බලන්න ;)
ReplyDeleteලඟදි ඉඳන් මේ හැමෝම වෙනස් වෙලා. පේන්නේ නැද්ද දිනේශ්ට වෙලා තියනදේ.:D
Delete@සාතන්: මගේ ස්වභාවය තමා වෙනස් වීම. ඉතින් මාව හඳුන්වාලන දර්ශකත් නම්‍යශීලි වෙන්න වෙනවා. යමු යමු... :D
Delete@Kumarihami: ඒ කියන්නේ කුමාරිහාමිත් වෙනස් වෙලා?
වචන හරඹෙ දාල පැන්නට කොළුවෝ..... ;)
Delete