Wednesday, March 2, 2011

මාධ්‍ය හා මැස්සෝ


මැස්සා උඹ දක්ෂයා
කුණුගොඩකට මාරයා
කුණු නැත්නම් මවලා හරි
පෙන්නන්නට ශුරයා

කිහිපයකට හරි හොඳයි
සමහරකට කරදරයි
හැමතැනකම වහන හින්ද
පොඩිකරන්න සැරසෙතෙයි

එක මැස්සෙක් මියගියා
අනෙක් මැස්සෝ බයවුණා 
හැමතැන කලබල කළා
මුළු රටක්ම ඇවිලූවා 

ආවා සංවිධානය
ගියා පෙළපාලිය
ලෝකෙට හඬනගා
පෙන්වූවා දුක, වැලපුණා

මාසයකුත් ගතවුණා
හැමෝටම අමතකවුණා 
හොයාගත්තා කුණුගොඩක්
මැස්සෝ යෙත් එක්වුණා


2 comments:

  1. හරිම නිර්මාණාත්මක කවියක් සහෝදරයා . අද කාලෙට නියමෙට ගැලපෙනවා . . මට පහුගිය දවස්ටිකේ එන්න බැරි උනා ඒ මොකද කියනවා නම් . ඔයා මේ බ්ලොග් එක සින්ඩියකට දාලා නැති නිසා . අපිට මේකේ අලුතෙන් උපදින නිර්මාණ පේන්නේ නෑ අපි හොයාගෙන එන්න ඕන . ගොඩක් අය ඔයාගේ නිර්මාණ බලන්න කැමතිවේවි . මුලින්ම බ්ලොග් එක සින්ඩියකට දාන්න ..

    ඔයා සමහරවිට දැනටමත් දාලා ඇති . එහෙම නැත්නම් පහල තියන සින්ඩි වලට එකතු කරන්න

    http://blogs.sinhalabloggers.com/add-blog
    http://syndi.lankeeya.lk/blogform.php

    මම ආයෙත් එන්නම් ..

    ReplyDelete
  2. @හිස් අහස: ස්තුති සහෝ, හොයාගෙන හරි මගේ බ්ලොග් අඩවියට ආවට ගොඩක් සතුටුයි , ඔබ කියූ විදිහට ඉල්ලුම් කළා.

    ReplyDelete