Tuesday, November 25, 2014

සැකය හා විශ්වාසය



කෙනෙක් තව කෙනෙක්ට ඇත්තටම කැමතිද කියල හරියටම දැනගන්නේ කොහොමද? කෙනෙක් තව කෙනෙක්ව උපරිමයෙන්ම විශ්වාස කරන්න පුලුවන්ද? දෙමව්පියන්ව උනත් විශ්වාස කරන්න බැරි අවස්ථා තියනවද? ඒකට නිශ්චිත පිළිතුරක් ඇති කියල මම හිතන්නේ නෑ. වඩාත්ම ආසන්න පිළිතුර වෙන්න ඕන 'ඒ අය ඔයාට සලකන විදිහ අනුව' කියන එක. ඒත් ඒකත් නිශ්චිතම උත්තරයක් නොවෙන බව මතක තියාගන්න ඕන. අපිව රවටන්න බොරු රඟපෑම් කරන්නත් පුළුවන් බව අමතක කරන්න යාමෙන් අවාසියක් වෙනවා නම් වෙන්නේ තමන්ට ම යි.

මේ ලිව්වේ මම ලොකු රැවටීමකට පත්වෙලා වත්, ලොකු පාවාදීමකින් හිත රිදවාගෙන වත් නෙවෙයි. තවත් කෙනෙක් සීයටම සීයක් විශ්වාස කරන්න බැරි බාධකයක් මම මම වටාම ගොඩනගා ගෙන තියනවා කියල හිතන නිසා. ඒ බාධකය නිසා ඉන් එපිට ඉන්න අයට මා ළඟට එන්නත් මම ඔවුන් කරා යන්නත් අපහසුයි. බාධක බිදගෙන ආ ගිය අවස්ථා නැතුව නෙවෙයි. ඒත් ඒවා ඇත්තේ බොහොම අතලොස්ස යි. අතලොස්සක් වෙනුවෙන් මම ගොඩක් අවස්ථාවන් විනාශ කර ගත්තා කියල හිතෙන, හිතල පසු තැවෙන අවස්ථාවන් අතලොස්සකට වඩා ගොඩක් වැඩියි.

මගේ නරකම ගති ගුණයක් තමයි මම වැඩියෙන්ම විශ්වාස කරන අය ගැන පවා, ඔවුන් මට කියන,  ඔවුන් කරන දෑ ගැන ඕන වඩා හිතන්න යෑම. හැම වෙලාවේම බලන්නේ මොකක් හරි යටි අදහසක්, වෙනම යටි සැලැස්මක් ඔවුන්ට තියනවද කියල. මේ සැකය නිසා මට ඔවුන් කියන කිසිම දෙයක් 'සීරියස්' දේවල් හැටියට දැනෙන්නේ නෑ. එතන තියෙන්නේ අවිශ්වාසයම නෙවෙ යි. මම ඔවුන් කියන කිසිම දෙයකට කිසිම 'බරක්' නොදීම. නොසලකා හැරීම. සමීප පුද්ගලයන්ව නොසලකා හැරීම කැත පුරුද්දක්.

අවදානම් ගන්න අවස්ථා නැතුව නෙවෙයි. ඒත් ඒ අවස්ථා වලින් විශ්වාසය තහවුරු වුනු අවස්ථා වගේම විශ්වාසය බිඳ වැටුණු අවස්ථාත් තියෙන නිසා නිගමනයකට එළඹෙන්න අපහසු යි. වෙලාවකට මේ අවිශ්වාසය දේශපාලනික එකක් වෙන්න පුළුවන්. අවුරුදු ගණනාවක ඉඳල රැවටිලා රැවටිලා නිසා ඒ මානසිකත්වය සමාජයීය තලයකට ආව වෙන්නත් පුළුවන්. ඒ වගේම අනිත් අතින් දේශපාලනය කරන්නේ එහි ගැටෙන්නේ ඇලෙන්නේ සමාජයේම පුද්ගලයන් නිසා එහි විලෝමය වෙන්නත් බැරි නැහැ. කොහොමත් දේශපාලනය හා සාමාජය අතිච්ඡාදනය වනවා මිසක් වියුක්ත දේ නෙවෙයිනේ.

"අන්තිමට තමන්ට ඉතිරි වෙන්නේ තමන් ම යි" කියල කතාවක් හැදෙන්නේ මේ විදිහට හිතන්න යෑමෙන් වෙන්න ඇති. ඒත් තමන්ට තමන්ව වත් විශ්වාස කරන්න බැරි වුන අවස්ථා නැත්තේ නෑ. එතකොට 'මම' ත් නැතිවුණ තැන මොකද වෙන්නේ? 'මම' කියන කෙනාව අමතක කල තැන අනිත් අයව විශ්වාස කරන්න පහසු වෙයිද, තවත් අපහසු වෙයිද? බොහෝ විට විශ්වාසය කියල දෙයක් එතකොට නෑ. මොකද විශ්වාසය කියන දේ හැදෙන්නේ හැම කෙනෙක්ම 'තමන්ට' කොහොම සලකයි ද කියන තැන ඉඳල නිසා. 'මම' කියන ලක්ෂ්‍යය අමතක කළහම සාපේක්ෂ දේවල් නැති වෙනවා. සාපේක්ෂ දෑ නැති වුනහම ඇති වෙන්නේ  නිරපේක්ෂ දේ නම්, ඒ ඒ පුද්ගලයා අපිට නිවැරදිම අඳුනගන්න පුලුවන්ද? මේ ගැන කියන්න මට තවම අත්දැකීම අඩුයි.

මෙච්චර කාලෙකට පස්සේ ලියන්න වුනේ මේ වගේ යාන් හෑල්ලක් වීම ගැන කනගාටු යි. ඒත් මේ ප්‍රශ්නේ නිසා කම්පා වුනු, (සමහර විට ඕනෑවටත් වඩා) අවස්ථා ගණන කලින්ට වඩා වැඩියි. හිතේ තියෙන දේ තමයි වැඩියෙන්ම ලියවෙන්නේ. මේක අමතක කරලා ලියන්න ගියත් මටම නොදැනී විශ්වාසය ගැන සැකය ගැන ලියවෙන්න තිබුනා. සමහර වෙලාවට වක්‍රව කියනවට වඩා කෙලින්ම කියන එක හොඳයි. මේ ලිව්වේ එහම හිතල, සාර්ථකද කියන එක වෙනම කතාවක්.

අලුතෙන් මුණ ගැහුණු කෙනෙක්ට ආදරේ කරන්න, හොඳින් නොදන්නා යාලුවෙක් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න, පරණ යාලුවෙක්ට මුදලක් ණයට දෙන්න, කලක ඉඳල දන්නා පෙම්වතා/පෙම්වතිය එක්ක එකට ජීවත් වෙන්න පටන් ගන්න, අලුත් අපේක්ෂකයෙක්ට ඡන්දේ දෙන්න, මේ කෝකටත් අර කලින් උත්තරේ සීයට සීයක් වලංගු වන එකක් නෑ. ඒ නිසා මුලින්ම අහපු ප්‍රශ්නෙට 'ඒ අය ඔයාට සලකන විදිහ අනුව' කියන උත්තරේට වඩා ගැලපෙන උත්තරේ වෙන්නේ 'ඒ අය අනිත් අයට සලකන විදිහ අනුව' කියන එක මම හිතන්නේ. මේකත් නිරපේක්ෂ උත්තරක් නොවෙන හින්ද මම මම හදාගත්ත උත්තරේ වත් ඕන වට වඩා විශ්වාස කරන්න යන්නේ නෑ. ඒත් අලුත් කෙනෙක් මුණ ගැහෙන හැම අවස්ථාවකම වගේ කිහිප වතාවකට හෝ සැකයේ වාසිය ඔවුන්ට දීල අවධානමක් ගන්න මම සූදානම්. මොකද මග හැරුණු අවස්ථා වලට වඩා, වැඩ වැරදිලා ලබාගත් අත්දැකීම වඩා හොඳයි කියල දැන් මම හිතන නිසා.

Wednesday, May 28, 2014

ඔලුබක්කෝ

(මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න)



ඔලුබක්කා පාරේ ඇවිදන් වෙසක් බලන්න යන කෙල්ලෙක්ට 'හූ' කිව්වා. වාහනේ හිටපු හිටපු අනිත් උනුත් ඒ හූවටම එකතු වුණා, කොටින්ම වාහනේ එල්ලිලා පස්සෙන් ආපු බයිසිකල්කාරයා පාවා. කෙල්ලේගේ ප්‍රතිචාරය බලන්න ඔලුබක්කට පුළුවන් වුණේ නෑ. ඔලුබක්කට ඕන වුනේ කෙල්ලගේ මූණ රතු වෙනවා බලන්න. ඒ හින්දා ඔලුබක්කා එහෙම හිතාගත්තා. වාහනේක නොගියා නම් හූ කියන්න නෙවෙයි ඊට වඩා දෙයක් කරන්නත් කියන්නත් පුළුවන්. කෙල්ලගේ පස්ස මිරිකද්දී කෙල්ල ගැස්සෙනවා හිතින් මවා ගත්ත ඔලුබක්කාට හිනාවක් මතුවුණා. ඒත් වෙස් මුහුණෙන් ආවරණය වෙච්ච නිසා හිනාව කාටවත් නොපෙනීම මැරිලා ගියා.

 "අඩෝ දන්සලක් නවත්තපන්." තවත් ඔලුබක්කෙක් කෑගැහුවා.

පික් අප් වාහනය හදිසි නැවතුමකට එද්දී ඔලුබක්කා නොවැටී ඉන්න සෑහෙන ලොකු උත්සහයක් ගත්තා. දන්සලට ඇතුල් වෙන්න මීටර ගණනාවක පෝලිමක් තිබුණා. පෝලිම දික්කරගන්න උවමනාවෙන් පාර මැද්දට පැනල වාහන වලට කොඩි දාන පොඩි ළමයි කිහිපදෙනෙක් පාර හරහා හිටියා. දන්සැල් දෙන ටකරම් වහලේ උඩ විශාල ශබ්ද විකාශන යන්ත්‍ර වලින් විරහ ගීයක් හඬින් විකාශයන වුණා. ඒ අතරේ ඉඳහිට වෙන ආධාර කරන්නන්ගේ නම් නිවේදනය වන නිසා විරහ ගීය රැප් වූණා. උච්ච බේස් ශබ්ධ ඔලුබක්කාගේ හදවත් කරාම ලංවෙලා සිරුරේ ලේ ගමනාගමනය වේගවත් කළා.

"බැහැපල්ලා, කාපල්ලා." රියදුරු ඔලුබක්කා කෑගැහුවා.

ඔලුබක්කාට බඩගිනි නැහැ. මීට අඩ හෝරාවකට කලින් ඔලුබක්කා නුඩ්ල්ස් වළදලා හිටියේ. අනිත් ඔලුබක්කන්ට තම තමන්ගේ වැඩිම දන්සල් වැඳීමේ වාර්තාව බිඳ ගන්න ඉඩ දීල ඔලුබක්කා වටපිට බැලුවා. 'හූ' කියන්නවත් කෙල්ලෙක් ළඟ පාත හිටියෙ නෑ. ගෙදර උයන්න කම්මැලි වුනු වයසක ගෑනු තමන්ගේ පවුලේ සාමාජිකයින් එක්ක ඇවිත් හිටියේ දන්සල් සහනාධාර ලබාගන්න. බොහෝ විට මේ දන්සල් වලට ආධාර දෙන්න ඇත්තෙත් මේ මිනිස්සු කියල හිතිලා ඔලුබක්කට දෙවන වතාවටත් මන්දස්මිතියක් නැගුනා.

"මොනවද යකෝ කරන්නේ මෙහෙවරෙන්." ඔලුබක්කව එක පාරටම පෝලිම මැදට ඇදිලා ගියා.

ඔලුබක්කගේ අතිජාත මිත්‍රයා පෝලිමේ ඉහල තැනකට ඇතුල්වෙන්න පෙරුම් පුරා ලබා ගත් වසනා ශක්තියේ බල මහිමයෙන් ඔලුබක්කාත් එතනට ඇතුළු වුණාට ඔලුබක්කට කෑමට ප්‍රිය තාවයක් තිබුණේ නෑ. "කන්න බෑ බං." ඔලුබක්කා ඔලුව වනලා එතනින් අයින් වුණා. මිත්‍රයා වෙස් මුහුණත් ඉවත් කරගෙන 'මහා බත්' කෑමට දත මැදගෙන හිටියා.

"උඹට ඕන පුකක්. පවට පින දෙන්න බෑනෙ බං." අවජාත මිත්‍රයා හයියෙන් හිනා වුණා.

"පකයා." ඔලුබක්කා කිව්වට ඒ වචන වෙස් මුහුණ ඇතුලෙම රැව් පිළිරැව් දුන්නා මිසක් පිටතට දැනුනේ වත් නෑ.

ඔලුබක්කා දන්සල පිටිපස්සට ගියා. උයන තැනට. සිගරට් එකක් කටේ සූප්පු කරමින් හිටි අයියෙක් එක පාරටමට ඔලුබක්කගේ කරට අත දැම්මා. අයියගේ ළඟින් ආවේ කෝකියෙකු ළඟින් එන කුළුබඩු සුවඳ නෙවෙයි. ඊට වඩා සැර ගඳක්.

"දැන් බලන්න මල්ලි, මෙහෙම දවසක් එන්න ඕන මිනිස්සුන්ට ආතල් එකක් හරි ගන්න. කොහෙද අවුරුදු දවසටත් ගෙදරට වෙලා එක එක මගුල් කරනවා මිසක් මෙහෙම හැමෝම එකතු වෙලා ගමන් යන්න කන්න බොන්න නිදහසක් නෑනේ. අඩුම තරමේ කොල්ලෙක්ට හූ කියන්නවත් පුලුවන්ද මම අහන්නේ?" සිගරට් අයියගේ අයියගේ බණට ඔලුබක්කා සාධු කිව්වේ නෑ.

කෝකියා රැස්ව සිටි ජනයාට තවදුරටත් විග්‍රහයන් කරමින් ඉඳිද්දී ඔලුබක්කා මුළුතැන් ගෙයි ඇවිද්දා. විශාල කල්දේරම් වල මහා බත් පැසෙද්දී හොදි හිඳුනු තවත් වලන් මැස්සන්ට වාසස්ථාන සපයමින් තිබුණා. භාජන අතරින් බට්ටෝ පනිමින් ගමන් කළ ඔලුබක්කා විවෘත එළිමහනකට ආවා. විශ්‍රාම ගන්නා දන් දෙන්නෝ බෝතලයක් වටා එකතු වෙන්නේ එතන. ඔලුබක්කගෙන් අහන්නේ වත් නැතුව ඔලුබක්කටත් කෝප්පයක් ලැබුණා. ඒ විස්කි දන්සැල.

ජිනිනාස්ටික් ගැන අවබෝධයක් නැති වුනත් වෙස් මුහුණ තියාගෙනම විස්කි තොල ගාන්න ඔහුට පුළුවන් වුණා. විස්කි උගුරු උගුර රත් කරමින් අමාශය කරා ලංවෙනවා සිහියට නගමින් ඔලුබක්කා මොහොතක් භාවනාවේ යෙදුනා. අමාශය හරහා ලඟා වුනු විස්කි දහරාව කුඩා අංශුවලට වෙන්වෙලා ඔලුබක්කගේ සිරුරේ හැම සෛලයක් කරාම පිවිසිලා සිරුරේ උෂ්ණත්වය අංශක කිහිපයකින් ඉහළ දාන්න සමත් වුණා.

"මේ, කෙල්ලෙක් මට නම්බරයක් දුන්නා" බෝතල් වෘත්තයේ එකෙක් ප්‍රකාශ කළා.
"ඉස්පිරිතාලෙද බලපන්? කෙල්ලෙක්ක් දැක්කම ඔච්චර කෙළ බේරෙන්නේ ඇයි කියල බලන්න වෙන්න ඇති." තව එකෙක් උත්තර දුන්නා.
"අනේ පලයන් හුත්තිගේ පුතා!"
"අඩෝ අම්මට බනින්න එපා."

එතනින් පස්සේ එළඹුණේ අංගජාත සූත්‍ර ගායනය නිසා ඔලුබක්කට කම්මැලි හිතුණා. කෝප්පෙට බෝතලේ තිබුණ ඉතිරි අමාවතුර ස්වල්පයක් එකතු කරගත් ඔලුබක්කා එතනින් ඉවත් වුණා. නැවත දන්සලේ ඉදිරියට එද්දී අනිත් ඔලුබක්කෝ කාල ඉවර වෙලා තිබුණා. ඔලුබක්කා ආයෙත් වාහනේට ගොඩ වුණා.

"උඹ මොනවද බන් බොන්නේ?" මිත්‍ර ඔලුබක්කා ඇහුවා. "උඹ බල්ලෙක් යකෝ තනියම බිව්වා නේද?"

අනිත් ඔලුබක්කන්ටත් විස්කි පානයෙන් බින්දුව බින්දුව හරි උවමනා වෙලා තිබුණා. ජය පැන් සැමරීමෙන් පස්සේ. ඔලුබක්කෝ ලඟා වුණේ කූඩුවක් ළඟට.

"කූඩු ගොඩායි."

ඔලුබක්කා මහා පහන් කූඩු රාජයා බලන්න පැමිණි කූඩු නැරඹීමේ නිමග්න වුණා. එලෙක්ට්‍රොනික තිරයක් අතරින් කූඩු බලන කෙල්ලෙක් තමන්ගේ දර්ශන පථයට ආවේ ඔහොම ලෝචන දල්වා ගෙන සිටිද්දීයි. කෙල්ලේගේ දිලිසෙන ඇඳුම පුන් පියයුරු නිසා ඉදිරියට නෙරා ඇවිත්, පහන් කූඩුවෙන් ආ ආලෝකය පියයුරු තුඩුවලින් අවකාශය පුරා පරාවර්තන වුණා. ඔලුබක්කට ඕන වුනේ දිලිසීම් නෙවෙයි. නිකම්ම නිකම් සම. සමහර විට මේ කෙල්ලගේ සම දිලිසෙන්නත් පුළුවන් කියලා හිතිලා ඔලුබක්කට තෙවන වතාවටත් සිනහ ආවා.

"මොනවද බලන්නේ?" කෙල්ලව සිතින් නිරුවත් කරමින් හිටපු ඔලුබක්කා පියවි සිහියට ආවා. තමන්ට කතා කලේ ඒ කෙල්ලම කියල තේරුම් ගන්න ඔහුට මොහොතක් වැය වුණා.
"මොකද්ද?"
"මම ඇහුවේ මොනවද බැලුවේ කියල?"
ඔලුබක්කා මුකුත් කිව්වේ නෑ.
"බලපුවා ලස්සනයි ද? කැමතිද?" ඒ වතාවේ කෙල්ල යන්තම් හිනා වුණා.
"කැමතියි."
"යමු." කෙල්ල පෙන්වන පාරේ දිගේ ඔලුබක්කා සක්මන් කළා.

පහන් කූඩුව තිබුණු කූඩාරමෙන් එළියට ඇවිත් එයින් පිටිපස්සට ගියා. එතැන ලොකු පොල් වත්තක්. පොල් වත්තේ එකම ආලෝක වස්තුවක් වත් නොතිබුණාට අවට එලිය නිසා යන්තම් ඇවිදින්න ප්‍රමාණවත් වුණා. ඔලුබක්කාගේ රත්වුණු සිරුර කෙල්ලගේ ආරාධනාවෙන් තවතවත් ප්‍රාණවත් වෙලා ඔලුබක්කාගේ කලිසමේ සිප් එක ඉදිරියට නෙරා ආවා. ඔලුබක්කා හිටියේ සිප් එක ඇරීමට පාරමිතා පුරමින්.

පොල් අතු පොල් ලෙලි ගොඩැලි පහුකරමින් දෙන්නා වත්ත ඇතුලට ගමන් කළා. ඈත යමක් සෙලවෙන බව දුටු ඔලුබක්කා ඒ ගහක බැඳී එළදෙනක් බව තේරුම් ගත්තේ තව ලඟට යද්දියි. කෙල්ල එක පාරටම ඔලුබක්කා දිහා හැරුණා.

"දැන්ම ම ටෙන්ට් ගහගෙන හරියන්නේ නෑ. ඊට කලින් වැඩ තියනවා." කෙල්ල හිනා වුණා.
"මොකද්ද?"
"ඔයා මට ගැලපෙනවද කියල බලන්න ඕන."
"හෙහ්, දැන් ද බලන්නේ?"
ඒ වතාවේ කෙල්ල හිනා වුනේ නෑ. පියයුරු අතරට දාපු කෙල්ල යමක් අතට ගත්තා. ඒක, ඔතල තියන බවත් ආවරණ ඉවත් කරන බවත් ඔලුබක්කට අඩ එළියෙන් වුනත් පෙනුනා. නිරාවරණය වුනු පිහියෙන් එලිය පරාවර්තනය වෙලා අවකාශය ආලෝකමත් වුණා. මේ කෙල්ල එලිය විහිදුවන්න දක්ෂයි.
"කරන්න තියෙන්නේ මොකද්ද කියල කියන්න ඕන නෑ ඔයාටම තේරෙයි." කෙල්ල එළදෙන දිහා බැලුවා.

යමක් තේරුණා කියන්න වගේ එළදෙන හිටිහැටියේ කෑගහන්න ගත්තා. කෙල්ල ඔලුබක්කගේ ලඟට ඇවිත් පිහිය දික්කලා. පිහිය තිබුනේ ඔලුබක්කගේ පපුවේ ගෑවී නොගෑවී. ඔහු තවත් ටිකක් ඉදිරියට ආවා. එතකොට පිහිතුට ඇදුම හිල් කරගෙන ගිහින් සම මතුපිට වැදුණා. තුවාල වුනාද නැද්ද කියල බලන්න ඔලුබක්කා වද වුණේ නෑ. කෙල්ල යන්තම් හිනාවුණා.

"කරලා එන්න. ඊටපස්සේ අපි මේ ටෙන්ට් එක ගැන බලමු." ඒ වතාවේ පිහිතුඩ ගිහින් නැවතුනේ සිප එක ළඟ.

එතකොට ඔලුබක්කා ඉදිරියට ගියේ නෑ. බයට නෙවෙයි. ඒ ටෙන්ට් එකට කෙල්ල මොකද කරන්නේ කියන එක ගැන හිතන්න මොහොතක් ගතවුණු නිසා. ඔලුබක්කා පිහිය අතට ගත්තා. පිහිය නුපුරුදු එකක් වුනත් ඔලුබක්කට නුපුරුදු බවක් දැනුනේ නෑ. ඔහු පිහි මිට වටා තම අත තදින් තද කළා. ක්‍රමයෙන් දියුණු වන අඩි වේගේ වැඩි වෙමින් ඔලුබක්කා එළදෙන වෙන යන්න ගත්තා. ඒක හිතන්න ඕන දෙයක් නෙවෙයි, ස්වාභාවිකයි.

මනුෂ්‍යයා දඩයම් කරන එක ජානවලට පවා කාන්දු වෙච්ච පුරුද්දක්. ඔලුබක්කා ගල් යුගයේ වැද්දෙක් හිතින් මවා ගනිමින් එළදෙන වෙත ඇදුනේ පිහිය මාන්න ගනිමින්. මම දඩයක්කාරයා. ඔලුබක්කා තම්නගේ සියලු පාලනය කිරීම් පරිසරයට භාර කරමින් එළදෙන වෙත පහර එල්ල කළා. වරක් දෙවරක් පසුකරමින් ගණන් නොකළ වාර ගණනක් පිහි ඇනුම් එළදෙන හරහා ගමන් කළා. එළදෙන ගේ වේදනා හඬ පරිසරයට එකතුවුනත් පහන් කූඩුවේ ජාතක කතා ප්‍රචාරණය පරයා යන්න පුළුවන් වුනේ නෑ.

"ඔය ඇති." කෙල්ල කෑගැහුවා.

ඔලුබක්කා කෙල්ල දිහා බැලුවා. ඒ වෙද්දී කෙල්ල තමන්ගේ දිලිසෙන උඩු ඇඳුම ඉවත් කරලා තිබුණා. අඩ ආලෝකයෙන් වුනත් කෙල්ලගේ පියයුරු පෙනුනේ බැලුන් බෝල වගේ. ඔලුබක්කා ආයෙත් ටෙන්ට් ගහන්න පටන් ගත්තා.

"ඇයි බලන් ඉන්නේ?" කෙල්ල හිනා වුනා.

ඔලුබක්කා ඉදිරියට ගිහින් තන පුඩුවක් තදින් මිරිකුවා. පිහිය විසිකලත් ගලාගෙන ආ හරක් ලේ ඔලුබක්කගේ අතේ ගෑවිලා තිබුණා. ඒ රුධිර පැහැයම කෙල්ලගේ පයෝදර වලට ආරෝපණය වුණා.

"ඉක්මනට." කෙල්ල කෙඳිරි ගෑවා. "හැබැයි ඔයා වෙස් මූණ ගලවන්න නම් එපා."

ඒ වතාවේ උදා වුනේ ඔලුබක්කගේ අවසන් මන්දස්මිතිය. නිර්වාණය.

Monday, May 26, 2014

වැස්සත් එක්ක ඔබ එන්න



තනුව ලෙස අත වැනෙන
තත් වයා හඬ නැගෙන
ගීත ය යි මම ගයන
ඔබට ආරාධනා කරන

වියලි දුවිලි පසට 
කොළ හැලුණු ගහ කොළට
ඇල යලිත් ගලන්ට 
අවදිව මම හිනැහෙන්ට

රත් වූ වහලය මතට
පැලුණු පොළවේ තදට
සිසිලස ද මුදු බව ද
එක්ව මා සනසන්න

ගිටාරයේ තත් හඬ ද
අසනා මේ ගීතය ද
අසා ඔබ නො නැවතී
එන්න මා හමුවන්න

පණ දෙන්න යළි පිබිදෙන්න
මා මෙන්ම මුළු ලොව ද
ජනේලය ඇර තියන්නම්
වැස්සත් එක්ක ඔබ එන්න