සඳ සඟවාගත් රැයක
කලඑළි බසින්නේ මා
පාලු වී ගිය නිවෙස් අතරින්
ඊළඟ ගොදුර වෙත ඇදෙන්නට
වීදියේ සැරිසරන කල
අතරමන් වූ ආත්මයන්
මා සතු කාර්යය පහසු කරයි
මේ ශක්තිමත් දත්
සම තුලටම කිඳා බැස
රීරිමාංශ යුෂ උරාගනියි
මා තවත් බලවත් වේ
උඹේ හම, මගේ නම.
පලිඟු මෙන් දිලිසෙන මුහුණ
කාගේත් සිත වසඟ කර ගත්තද
දන්ත ධාතුවට තැති ගනියි
එතෙත් ගැලවීමක් නම් නැත
ඉතින් මුග්ධයෙනි,
වැම්පයර් දත් වලට දන නම්වු!
හරිම අපූරුයි මිත්‍රයා
ReplyDeleteඇත්තටම සුපිරි කවි කීපයක්
ReplyDeleteමම නිතරම මෙහේ එනවා යනවා ඒත් සමහර කවි වල තියන බර වැඩි වචන නොතේරෙන හින්දම ආයෙ යනවා අදහසක් නොදා .මේ වගේ යන්තම් වත් තේරෙන කවියක් දැක්කොත් අත හරින්නේ නෑ
වෙනත් විකල්පයක් නැත... "වැම්පයර් දත් වලට දන නම්වු!"
ReplyDeleteලස්සනට ලියල තියෙනව...
@Outsider: බොහොම ස්තුතියි යාලු.
ReplyDelete@හිස් අහස: ඕනෙම කවියක් ගැන හිතෙන ඕනෙම දෙයක් කියන්න, කවි නොතේරෙනවා කියන්නේත් යම් තරමක් තේරිලා හින්දනේ. ස්තුතියි යාලු.
@සාතන්: ස්තුතියි සහෝ.
එල හිරණ්ය ගති..ඇත්තටම අපුරුයි...වෙනස්ම දෙයක්..
ReplyDelete@නිම්ශා: කාලෙකට පස්සේ ඔබෙන් කමෙන්ටුවක්, සතුටුයි.
ReplyDeleteවෙනසට කැමති එක ගැන ස්තුතියි.