ඔබ මා හමුවෙන නොනවතින ගමනක
සත් සමුදුර තරණය කර
සත් මහල් ප්‍රසාද පසුකොට
ඉර හඳද අතහැර වුවද
සුදානම් මා ඔබව සොයා ගැන්මට
අනන්ත කාලයක් විශ්වයේ සැරිසරා
ආත්මයෙන් ආත්මයට පාරමිතා පුරා
කල්පයක් වුවද දුෂ්කර ක්‍රියාවට
මා සුදානම් ඔබව ලබා ගැන්මට
අන්ධකාර මේඝයේ රිදී රේඛාව
රාත්‍රිය නිම කරන පහන් තාරකාව
ඉඩෝරයට ඇද හැලෙන පොද වර්ෂාව
මොහොතින් මොහොතට මාගේ
ජීවත් වීමේ බලාපොරොත්තුව
ඔබ වෙනුවෙනි අකාලිකවම,
''ඔබ හමු වූවිට මා මාවම සොයා ගනීවි''
මා සුදානම් ඔබව සොයා එන්න
ReplyDeleteජීවිතේ මායිම් පැන
අනන්තය ලග මැත කෙලවරක
නුඹ ඉන්න මා එන තුරුම..
ලස්සනට ලියලා තියනවා ......
ReplyDelete@Dinesh: ඒ කෙනත් ඔහොම හිතනවා නම්... ස්තුතියි යාලු.
ReplyDelete@පන්සල් හංදිය: ස්තුතියි යාලු...