Wednesday, June 8, 2011

මිනීමරු ආදරය



මගේ ආදරය මිනීමරුවෙකි
ඝාතනය කළා ඔබව
ටිකෙන් ටික
සතුටින් මිය යන්න

උණුසුම් දෙතොලක පහස
උපරිමයෙන්ම විඳින්න
තප්පරක් පාසා
තෘප්තිමත් බවේ අනන්තයට

මාගේ සලකුණු
ඔබගේ ශරීරයේ පුරාවට
ඔබගේ උණුසුම
තවමත් මා සතුව

වනචාරී කමේ උපරිමය
අත්දකිමු ඔබත් මමත්
දැන් ඔබ මිය ගොස් අවසන්
මාගේ ආදරයේ යුක්තියෙන්

4 comments:

  1. මොකක් .......
    ආදරණීය මිනී මැරුමක් ඇහුවමයි ........

    ReplyDelete
  2. නිමිත්ත ගැන කියන්න බැරිද???

    ReplyDelete
  3. @කල්හාර: හැමදේකටම පළමු වතාවක් තියනවනේ යාළුවා.

    @රවින්: පුළුවන්, ආසන්නම නිමිත්ත ඉංග්‍රීසි සින්දුවක්. Madonna - Revolver.

    ReplyDelete
  4. "වනචාරී කමේ උපරිමය
    අත්දකිමු ඔබත් මමත්
    දැන් ඔබ මිය ගොස් අවසන්
    මාගේ ආදරයේ යුක්තියෙන්"

    නියමයි අදහස.
    ආදරය කියන දේට ශිෂ්ඨත්වය ආරෝපණය කරන්න කොයිතරම් වෙහෙසුණත් යටින් තියෙ‍න්නෙ නැවත නැවත ඉස්මතු වෙන වනචාරීකමමයි කියල මටත් හිතෙනව.

    ReplyDelete