Thursday, June 30, 2011

රැඩිකල් පෙම්වතා


කිසිදා නොසිඳෙන පිපාසයක
කිසිදා සුව නොවෙන රෝගයක
කිසිදා නොගැලවෙන ජාලාවක
හසුව සිටින මා
වරදක් නොකළ අපරාධකරු වෙම්

සඳේ පහස දැන දැනම
හිරු උදාවෙන තෙක් බලන
මලක සුවඳ දැන දැනම
සමනළයන් පසුපස යන මා
සම්මතය නොදන්නා මානවයා වෙම්

බල්ලන් උඩුබුරලන විට
අවඥාවෙන් සිනාසෙන හිවලා
ගංගාව මුහුදට ගලනවිට
උඩුගම්බලා පාවෙන පාත්‍රය
මා මඩෙහි පිපුන නෙළුම වෙම්

කෙසේ ඇතිවුනි දැයි නොදැනම
පණමෙන් ඔබටම ප්‍රේම කරන
හිමි නොවනා බව දැන දැනත්
නැවතත් ඔබෙන්ම ආදරය ඉල්ලන
මා ඔබේ රැඩිකල් පෙම්වතා වෙම්

3 comments:

  1. මා ඔබේ රැඩිකල් පෙම්වතා වෙමි
    උඩුගම් බලා පීනන්නට යන
    ලොවම මොනවා කීවත් අපට
    මේ ආදරේ කව ලියමු අප..

    ReplyDelete
  2. ප්‍රේමය හිත කොණය රන්දවා..
    රාග ආදර ගින්නකින් හදවත බන්දවා..
    ආදරේ නුරා රහස් කිතිකවා...
    රැඩිකල් ආදරය බිඳ දමයි...
    ආත්මික ආදරයේ බන්ධන සදා...

    ReplyDelete
  3. @Dinesh: ආදරේ කව ලියන්නට
    පහසු නැත රැඩිකල් පෙම්වතෙකුට
    සියලු බාධක මැද
    යා යුතුය ගිරි ශිකර පසුකර...

    @නිම්ශා: ආත්මික ආදරයද
    රැඩිකල් ආදරයද
    වචන දෙකක් වුවද
    එකම දේ මැ නොවේද...

    ReplyDelete