මම කණ්ඩායමක් එක්ක ට්‍රිප් යන්න කැමති නෑ. විශේෂයෙන් පොඩි ළමයි ඉන්නවා නම්. ඒ ළමයින්ට අකමැති නිසා නම් නෙමෙයි, ළමයි එක්ක ට්‍රිප් ගිහාම තියන ප්‍රශ්න නිසා, එක්කෝ ලෙඩ වෙයි නැත්තම් 'මහන්සියි මාව වඩාගන්න', 'අනේ දැන් ඇති ගෙදර යං' වගේ මොනවහරි කියයි ඔය වගේ ජන්ජාල ගොඩයිනේ. ඕවා අතරේ බලන්න යන තැන හරියට බලාගන්න වෙන්නේ නෑනේ. කලබලේට දුවන්න තමයි වෙන්නේ. කොහොමහරි ඉතින් මගේ හොඳම මිත්‍රයා මුදිත, පොළොන්නරුවේ යන්න කතා කලහම නොයා ඉන්න හේතුවක් හොයාගන්න බැරි කමටම යන්න වුණා. කලින් කියපු වගේ කණ්ඩායමක් ගියත් ඒ ප්‍රශ්න මගේ ප්‍රශ්න නොවෙන්න මම උපරිම උත්සහ ගත්තා.
"මේවා ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද? මටනම් හිතාගන්නවත් බැහැ", පරාක්‍රම මාලිගාවේ නටඹුන් අතරේ ඇවිදමින් හිටපු මුදිත කිව්වා.
"මොකද බැරි, මේ තියන නටඹුන් වලට ඉතිහාසයේ කියවෙන දේයි තව අපේ නිර්මාණාත්මක අදහසුයි එකතුකරලා සෑහෙන තරම් පැහැදිලි චිත්‍රයක් මවාගන්න පුළුවන්." මම උත්තර දුන්නේ ධර්ම දේශනාත්මක ස්වරුපයෙන්.
"ඒත් එහෙම බැලුවත් චිත්‍ර එකකට එකක් වෙනස් වේවි. කාගේ ෆැන්ටසියද නිවැරදි කියන එක ප්‍රශ්නයක්"
"ඔව් එකත් ප්‍රශ්නයක් තමයි, ඒත් වෙලාවකට හිතෙනවා ඇත්ත දැන නොගෙන ඉන්න එක වඩා හොඳයි කියල. හදිස්සියෙන්වත් ඇත්ත චිත්‍රය අපි නොහිතනම විදිහක නම් එකෙක්කෙනාගේ ෆැන්ටසි කඩා වැටේවි."
ඔය විදිහට දෙපැත්තට ප්‍රශ්න කරකර ආයේ ඒවාට ප්‍රතිතර්ක ඉදිරිපත් කරමින් නටඹුන් අතරේ ගැවසෙන එක වෙනමම විනෝදයක්. අමුතුම ප්‍රීතියක්. මේ විදිහට ඔහේ රස්තියාදු වෙමින් ඉන්න අතරේ ඇස ගැටුනේ නොසිතු දසුනක්. ඒ උපේක්ෂා. මේ කාලේ වෙනකොට අර කලින් හමුවීම වෙලා මාස කිහිපයක්. ආයේ හමුවෙන්න අවශ්‍ය තොරතුරු මොනවවත් අපි හුවමාරු කරගත්තේ නැති නිසා මට ආයේ එයාව කවදා මුණ ගැහෙයිද කියල කිසිම අදහසක් තිබුනේ නෑ. ඈතින් දැක්ක කෙනා උපෙක්ෂමයි කියල හිතුනේ කොහොමද කියල හිතන ගමන් මම මුදිත වත් අඬ ගහගෙන එයා ඉන්න පැත්තට ගියා.
"හිරණ්‍ය ඔයා?", මාව දැකල පුදුම වෙච්ච උපේක්ෂා ඇහුවා.
උත්තර නොදීම මම හිනා වෙලා ඔලුව වැනුවා. උපේක්ෂා ඇවිත් තිබුනේ තව කෙනෙක් එක්ක, ඒ මෙහෙණින් වහන්සේ නමක්.
"අපි මේ ට්‍රිප් එකක් ආවා, ඔයාත් එහෙමද?" උපේක්ෂා, මෙහෙණින් වහන්සේ නමක් එක්ක මේ නටඹුන් බලන්නේ ඇයි කියල දැන ගන්නත් එක්ක මම ඇහුවා.
"මම මේ දවස් වල මේ ළඟ ගමක මෙහෙණි අරාමෙක භාවනා කරන්න නැවතිලා ඉන්නවා. ඉතින් අපි හවසට ඇවිත් මේ පැරණි නගරේ ගොඩ නැගිලි අතර සැරිසරනවා.", උපේක්ෂා කාව්‍යමය විදිහට උත්තර දෙනකොට මම මොනවද කියන්නේ කියල හිතාගන්න බැරිව මම අමාරුවෙන් හිනා වෙන්න හැදුවා.
"මේ යාලුවෙක් ද?", මෙහෙණින් වහන්සේ මගේ දිහා බලල උපෙක්ෂගෙන් ඇහුවා.
ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න උපේක්ෂට ටිකක් කල් ගත වුණා. අන්තිමේදී ඔව් කියන්න ඔලුව වනුවේ යන්තමින්.තව කතාරන්න උවමනාව හොඳටම තිබුනට පරිසරය එකට බාධා වෙලා. උපෙක්ෂටත් මොනවහරි කියන්න ඕනෑ බව පෙනුන වුනත් එයත් වෙනම ලෝකෙක ඉන්න බවක් දිස්වුණා.
"ඉතින් උපේක්ෂා මේ යාලුවන්ටත් ආරාමේ පැත්තේ ඇවිත් යන්න එන්න කියන්නකෝ", මෙහෙණින් වහන්සේ අපි දිහා මන්දස්මිතියකින් බලල සන්සුන් ස්වරයෙන් විමසුවා.
උපේක්ෂා එක පාරටම හීනෙකින් අවදිවෙලා වගේ " ආ ඔව්, ඔයාලත් එන්න. අපි දැන් යමු නේද? " කියල මං දිහාවත් බලන්නේ නැතිව හැරිලා යන්න ගියා. ඒ දිහා බලල පුදුම වුනු මෙහෙණින් වහන්සේ කලබලයක් නැතිවම අපිට ආරමෙට යන පාර කියල යන්න හැරුණා.
මම මුදිතට උපේක්ෂා ගැන කලින් කියල තිබුනේ, ඒ හින්ද මම උපේක්ෂට නම කියල කතා කලේ නැතිවත් ඒ කව්ද කියල හිත ගන්න ඇති.
"උඹ මේ සැරේ මොකද්ද බං අල්ලගත්තේ?", ආපහු අපි නැවතිලා ඉන්න තැනට එන ගමන් මුදිත ඇහුවා. දෙන්න උත්තරයක් මං ළඟ තිබුනේ නෑ. මම උරහිස් අකුලලා කරබගත්තා.
ඔය තමයි එයාව හමුවුන දෙවැනි දවස.
තව කොටසක් ලියවේවිද ? ලස්සනට ලියලා තියන නිසා කියවන්න හිතුනා !
ReplyDeleteලස්සනට ලියල
ReplyDeleteමේ අර පුස්ථකාලෙදි මුන ගැහුන එක්කෙනා නේද??
ReplyDeleteඉතින් හිරණ්‍ය ආරාමෙට ගියේ නැද්ද??
එහෙනම් උපේක්ෂා එක්ක අර මෙත්තා, කරුණා, මුදිතා කට්ටියත් ඇති. සමහර විට ආරාමෙට ගිය කතාවට පස්සෙ මේක අමුතුම කතාවක් වෙයි... :D
ReplyDeleteඅහඹු හමුවීමක් උනත් හරියට ආයේ දෙන්නව මීට් කරන්නම කොහේ හරි ලියල තිබුන විදියට සිද්ද උනා වගේ..නේද?
ReplyDeleteතුන්වන කොටස ලගදීම ලියවේවි ද යාළුවා???
@හිස් අහස: තව කොටස් කිහිපයක් ලියවේවි, ස්තුතියි.
ReplyDelete@නදී: ස්තුතියි... :)
@Dinesh: ඔව් එයා තමයි. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල. ස්තුතියි.
@hare: දැනටමත් උපේක්ශායි, මුදිතයි ගැන කිව්වනේ, අනිත් අයත් සමහර විට ඇති, ස්තුතියි. ;)
@දඩබ්බරී: ඒකනේ, ඒ හමුවීම විය යුතුම දෙයක් වෙන්න ඇති. ඉක්මනට ලියන්න උත්සහ කරන්නම්. දවස් දෙකක් විතර යාවි. ස්තුතියි.
උපේක්ෂාට බණක් භාවනාවක් කරගෙන ඉන්නත් බැරිවෙන හැඩයි..:)
ReplyDelete@Outsider: ආයුබෝවන්!
ReplyDeleteඑහෙම වේවිද? වෙන්න බැරිත් නෑ. දැනගන්න වෙන්නේ ඉදිරියේදී තමයි.
අමුතුයි...
ReplyDelete@සාතන්: ඒ අමුත්ත හොඳයිද නරකයිද?
ReplyDelete