Saturday, June 18, 2011

ඔබ වෙනුවෙනි අකාලිකවම


ඔබ මා හමුවෙන නොනවතින ගමනක 
සත් සමුදුර තරණය කර
සත් මහල් ප්‍රසාද පසුකොට
ඉර හඳද අතහැර වුවද 
සුදානම් මා ඔබව සොයා ගැන්මට

අනන්ත කාලයක් විශ්වයේ සැරිසරා
ආත්මයෙන් ආත්මයට පාරමිතා පුරා
කල්පයක් වුවද දුෂ්කර ක්‍රියාවට 
මා සුදානම් ඔබව ලබා ගැන්මට 

අන්ධකාර මේඝයේ රිදී රේඛාව
රාත්‍රිය නිම කරන පහන් තාරකාව
ඉඩෝරයට ඇද හැලෙන පොද වර්ෂාව 
මොහොතින් මොහොතට මාගේ 
ජීවත් වීමේ බලාපොරොත්තුව
ඔබ වෙනුවෙනි අකාලිකවම, 

''ඔබ හමු වූවිට මා මාවම සොයා ගනීවි''

3 comments:

  1. මා සුදානම් ඔබව සොයා එන්න
    ජීවිතේ මායිම් පැන
    අනන්තය ලග මැත කෙලවරක
    නුඹ ඉන්න මා එන තුරුම..

    ReplyDelete
  2. ලස්සනට ලියලා තියනවා ......

    ReplyDelete
  3. @Dinesh: ඒ කෙනත් ඔහොම හිතනවා නම්... ස්තුතියි යාලු.

    @පන්සල් හංදිය: ස්තුතියි යාලු...

    ReplyDelete