Thursday, June 9, 2011

ෆැෂන් නමස්කාරය!



ඇත මට අවියක් නවතම 
ඇත බලවත් නිදහසට කාරණාවක්
ෆැෂන් මගේ ආගමයි 
ශිෂ්ටාචාරයේ උපරිමයයි

හැඟෙන දේ පෙන්වන්න
අනවශ්‍ය දෑ වසා ගන්න 
මගේ නවතම පළිහ; ෆැෂන් 

මම ඔබගේ සිහිනයයි
කෙදිනක හෝ ළඟා විය නොහැකි
මම අනාගතයයි නුතනත්වයේ 
අතීතයටම ආපසු ගමන් කරන්නා වූ 

හිතන්නේ කොහොමද 
පළඳින්නේ මම එලෙසට 
ක්‍රියා කරන්නේ කෙලෙසද
හැඩවෙන්නේ මම නිසිලෙස

මගේ නිදහසේ අනාගතය 

"නමස්කාර වේවා ෆැෂන්!" 

5 comments:

  1. ෆැෂන්...
    ඔබට හැංගෙන්න ඕනනම්
    ෆැෂන්...
    ඔබට ඔබ නොවෙන්න ඕනනම්
    ෆැෂන්...
    තව....

    ReplyDelete
  2. ෆැෂන්
    විසිතුරු ලෝකයක්
    අහිංසක මල්
    අතරමං වෙන..

    ReplyDelete
  3. පද පේලි ටිකනම් අපූරුයි...

    ReplyDelete
  4. මාර පැෂන් කවියක්නෙ ........

    ReplyDelete
  5. @hare: 'තව ඔබ ඔබ වෙන්නත් ඒ හරහා ඔබට අදහස් ප්‍රකාශ කරන්නත් පුළුවන්' ඒ ෆැෂන් ගැන කියද්දී, ඒත් මේ මම ලියල තියෙන්නේ ඒ ගැන (ෆැෂන් වල කාර්යය) නම් නෙමේ. තුති.

    @Dinesh: ඔව් එහෙමත් වෙනවා ඇති, එහෙනම් ඒකට ප්‍රධානම හේතුව නොදැනුවත්කම. තුති.

    @කොට ජීවිතේ: ස්තුතියි, ඒත් හදිස්සියෙන් ලිව්ව නිසා ලියවෙන්න ඕන දේ ලියවුනාදත් කියල හිතෙනවා.

    @කල්හාර: මාරයි මාරයි, තුති. ;)

    ReplyDelete