Sunday, November 20, 2011

ඝාතනයේ ආශ්වාදය | Killing for fun




සමනළයා මල එක්ක බර කතාවක වැටිලා ඉන්න කොටයි දඩයක්කාරයා කොහේදෝ ඉඳල මතු වුණේ. ඒ සමනළ දඩයක්කාරයෙක්. ඔහු ගාව විවිධ වර්ගයේ සමනළයන් එකතුවක් තිබුණා. මිනිස්සු ඒ එකතුව බලල සතුටු වුණා. සමහර දාට දඩයක්කාරයා සාදයක් සංවිධානය කරලා දන්න දන්න හැමෝටම කතා කළා. හැමෝම එකතු වෙලා සමනළ එකතුව අගය කළා. ආපු පුරුෂයන්ට දඩයම් කිරීමේ අසාවෙන් තුවක්කු ගැන තොරතුරු හෙව්වා, කාන්තාවෝ එකතු වෙලා සමනළ පිහාටු වල පාට ගැන කතා කරලා ඇහිබැම නැටෙව්වා.

"අනේ මේ මොකද?" දඩයක්කාරයා දැකපු මල කෑගැහුවා. දඩයක්කාරයා මලට උත්තර දුන්නේ නෑ සමහර විට මල කිව්වේ මොනවද කියල ඇහෙන්න නැතුවත් ඇති. දඩයක්කරයට සිහිවුනේ තමාගේ එකතුව. මේ සමනළ වර්ගය විතරයි ඔහුට අඩු වෙලා තිබුණේ.
"පැනල යන්න, ඉක්මනට" මල සමනළයට කිව්වේ බයෙන් වෙව්ලන ගමන්.
සමනළයා පුළුවන් උපරිමයෙන් පියාඹන්න ගත්තා. ඒත් වැඩි වෙලා යන්න ලැබුනේ නෑ. ඩෝන්! මහා සද්දෙකුත් එක්ක පිටවුණු වෙඩි උණ්ඩය සමනළයාව අප්‍රාණික කරලා බිම හෙලුවා.

දඩයක්කාරයා සතුටින් ඉපිලුණා. කොච්චර කල් ඉඳල කරගන්න උවමන වුණු දෙයක්ද මේ. දඩයක්කාරයා ආයෙත් අහසට වෙඩිල්ලක් යැව්වේ සතුට වැඩි කමට. මියැදුණු සමනළයා පෙට්ටියක දාගත්ත දඩයක්කාරයා ආපහු යන්න හැරුණේ සාදයක් දාන්න කටයුතු සුදානම් කරන්න හිතින් සැලසුම් කරන ගමන්.
මේ හැමදේම බලන් හිටපු මලට අඬන්න ඇහැට කඳුළු ආවෙත් නැතුව අසරණ වුණා.

8 comments:

  1. මිනිසාගේ ගිජුබවට නතුව ලොවින් සමු ගන්නා සුන්දරත්වය.....!

    ReplyDelete
  2. අනේ දූප්පත් සමනලයා. මලට බැරු උනා එයා ආදරේ කරපු සමනලයව බේරගන්ට. දුක හිතෙන කතාවක්.

    ReplyDelete
  3. ජීවිතේ ඔහොමයි....
    මල් සමනල්ලු හැමදාම ආදරේ කරනවා..
    ඒත් ඒ මල අයිති වෙන්නේ බඹරෙකුටයි....
    සමනළයා කාගේ හරි වෙඩි පාරකින් මැරිලා යනවා.....
    එහෙම නොවෙන ඒවා නැතිම තරම්.....
    ඒත් එහෙම වෙන දවසක ලෝකේ ලස්සන වේවි..
    ඒත් හරිම කම්මැලි වේවි!

    ReplyDelete
  4. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  5. අපූරුයි.. විටෙක කෙනෙකුගේ සතුට තවත් කෙනෙකුට දුකක්..

    ReplyDelete
  6. @ලොකු පුතා: ඔය හේතුව නිසාම වඳව යාමේ තර්ජනයට ලක්වුණු සතුන් වර්ග කීයක් නම් ඉන්නවද...

    @Kumarihami: දැනුම්දුන්නට ස්තුතියි කුමාරිහාමි,
    සමහර වෙලාවට අපි ආදරේ කරන දේවල් ලැබෙන්නේ නෑ තමා

    @ගලයා: ඒත් කම්මැලි කමට කියල සත්තු(හෝ මිනිස්සු) මරණ එකනම් කොහෙත්ම අනුමත කරන්න බෑ.

    @Dinesh: ඔව් යාළුවා, ස්තුතියි.

    ReplyDelete
  7. mata hithenava methana aththatama hiranya katha kale samanallu gena neveyi kiyala.
    mama veradida danne neha.
    eth samanallu vage ahinsaka kellanva dadayam karana, e dadayam gena purajeruven katha karana pirimi dadayakkarayin mata mavila penuna me kathava kiyavaddi.
    sorry if my interpretation is wrong

    ReplyDelete