Wednesday, November 9, 2011

සංසාර ආරණ්‍යය : පෙම්බර කුමරාණ

දෙවැනි කොටස
තෙවැනි කොටස

රවීන්,
පහුගිය අවුරුදු දාහතටම මට යාලුවෝ සෑහෙන ගණනක් හිටියා, තාමත් එහෙම්ම ම ගානක් ඉන්නවා. ඒත් 'හොඳම' කියල විශේෂණයක් ඉස්සරහට දාන්න තරම් කවුරුවත් මට හමුවෙලා තිබුනේ නෑ, එක්කෝ හම්බවෙච්ච අය තේරුම් ගන්න මම උත්සහ කළේ නෑ. සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්, මම කොච්චර වැරදි වුණත් මාව හරිගස්සන්න උත්සහ කරන, බැන්නත් ගහගත්තත් මරාගෙන හරි අඬාගෙන හරි වුණත් යාළුකම නැතිකරගන්නේ නැති කෙනෙක්. කිසිම සැකයක් බයක් පැකිලීමක් නැතිව ඕනෙම දෙයක් කතාකරන්න, හිතේ තියෙන හැමදේම කියන්න කොටිම්ම කිව්වොත් මුළු ආත්මයම නිරාවරණය කරන්න පුළුවන් යාළුවෙක්. කලින් මම හිතුවේ එහෙම යාලුවෝ ඇත්තටම නැතිව ඇති කියල, හරියට පරිපූර්ණ වායු වගේ. ඒත් ඒ වගේ පරිපූර්ණත්වයේ අයිඩියෝලොජි එකක් විදිහට වෙන්න වත් උත්සහ ගන්න කෙනෙක් මට හමු වෙලා තිබුනේ නෑ. ඒත් මම වැරදියි, ඒ එක්කම මම වරද්දා ගත්තට සතුටුයි. මේ මම වැරදුනහම සතුටු වෙන පළවෙනි වතාව වෙන්න ඕන.

මට ඒ පරිපූර්ණ යාළුවාව මුණ ගැහුනා.

මම දැන් ලියන්නේ මගේ කාමරේ ජනේලේ ගාව මේසේ තියාගෙන. මේ හැන්දෑව පුදුම තරම් ලස්සනයි. කඳු අතරින් ඉර එළිය ගලාගෙන එන්නේ තැඹිලි, කහ, රතු පැහැයන්ගේ සංකලනයකින්. වලාකුළු වලට ඒ එළිය වැටිලා මවල තියෙන්නේ හිත නිසංසල කරවන විදිහේ චිත්‍රයක්. ජනේලේ ළඟ බලන් ඉන්න මමත් ඒ චිත්‍රෙටම ඇතුළු වෙලා ධ්‍යාන ගත වෙලා. මනස සමාධි ගත වෙලා තියෙන්නේ මගේ යාලුකම ගැන අලුත්ම සොයාගැනීම තුල. ඒක ඒක විදිහක පිස්සුවක්, ආදරණීය පිස්සුවක්! වැස්සේ තෙමෙන්න හිතෙන, නිකන් ඉන්න ගමන් සින්දු මිමිණෙන, කොලයක් දැක්කොත් මොනවා හරි කුරුටු ගෑවෙන, හිනා යන්නේ නැති ඒවටත් හිනා වෙන, නම මතක් වෙද්දීත්  ඇස දිලිසෙන තාලේ මේනියාවක්. කියවපු අහපු බලපු කතාවල නම් මෙහෙම වෙන්නේ මොකටද කියල මම දන්නවා. කවදාවත්ම බලාපොරොත්තු වුණේ නැති විදිහට මමත් ප්‍රේමයෙන් ආතුර වෙලාද?

උඹ අහස තරම්ම ගැඹුරුයි රවීන්.


රවීන්,
වසන්තය දැන් උදාවෙලා, ඒත් ඒක මට විඳ ගන්න ලැබෙන්නෙත් නැතිව අත්හරින්නයි වෙන්නේ. මොකද මගේ වසන්තය එළඹිලා තියෙන්නේ ගිම්හාන කාලයක නිසා. ඒත් ඒ මගේම වසන්තයනේ. ඒක හින්ද මම එකට ආදරෙයි. ඒත් සමහරු මම රැවටිලා කියල කියාවි, වසන්තය කියල මම අල්ලාගෙන තියෙන්නේ සිසිරය යැයි කියාවි, ඒත් නැත්තන් මගේ වසන්තය විනාශ කරලා දාවි. මේ විස්තර ලියද්දි මට මතක් වුණේ නන්ද මාලිනි කියන සින්දුවක්.

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න
මගේ හීනෙන් මා මුදන්න ලං නොවන්න

මටත් මගේ වසන්තය ඕනේ. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මම ඉර ඉල්ලලා අඬන්නේ නෑ. හඳ මගේ කියල පම්පෝරි ගහන්නෙත් නෑ. මට ඕනේ වසන්තය විතරයි, ඉතින් එකත් ලැබෙන්නේ නැතිව ගියහම මට මොකද වෙන්නේ?


ඉතින් රවීන්,
ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම මට ගුටි කන්න වෙච්ච එක ගැන උඹ පස්සේ දවසක මට මෙහෙම කිව්වා,
"සොරි මචන්"
"මොකටද?"
"උඹට ගහන්න වෙච්ච එකට. ඒ වෙලාවේ මට මොනවා උනාද මන්ද..."
"අවුලක් නෑ."
"සොරි ආදිත්‍ය"
"හරි හරි, දැන් අවුලක් නෑ කියල කිව්වනේ."
"ඒ වුණාට සොරි..."
"උඹට වෙරිද බං?"
"අනේ මන්ද බං..."
ඔය ප්‍රශ්නේ ඒ කිව්වේ 'උඹට වෙරිද' කියල මගෙන් ඇහුවත් මටත් උත්තර දෙන්න වෙන්නේ මම දන්නේ නෑ කියල තමයි. ඔව්, මම ආදරයෙන් මත් වෙලා. මේ මත කවදාවත් හිඳෙන්නේ නෑ, එන්න එන්න වැඩි වෙනවා විතරයි. ප්‍රේමයේ ඇල්කොහොල් ප්‍රතිශතය පරද්දන්න මොන බීමට වත් බැහැ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මම දන්නවා රවීන්, උඹත් දැන් මත් වෙලා ඉන්නේ කියල, ඒත් එක තාම උඹ දන්නේ නෑ. මටත් ඔහොම කාලයක් තිබුණා. ඒත් මං දැන් දන්නවා.

මම උඹට මත් වෙලා රවීන්.


රවීන්,
මේ ලියුම මම ලිව්වේ දෙන්න හිතාගෙන නෙමේ යි. ඒත් දැන් මම ඒක උඹට දෙන්න තීරණය කළා. ඇයි කියල කියන්න දන්නේ නෑ. සමහරවිට මගේ හිතේ තියන දේවල් උඹට දැන ගන්න අරින්න වෙන්න ඇති. අනිත් අතට උඹ මගේ හොඳම යාලුවනේ, අපිට කතා කරන්න බැරි දෙයක් තියෙන්න විදිහක් නෑනේ.
දැනට මගේ ආදරය මට විතරක් වුණාට පස්සේ කලෙකදී ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා. ඒ මොකද මම ආදරේ කරන්නේ කොල්ලෙකුට හින්දා. මම ආදරේ කරන්නේ කෙල්ලෙක්ට නෙමේ යි කියන ඒක අනිත් එවුන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරු යි. අනිත් අතට මට අනිත් එවුන්ගේ මගුල් වලින් වැඩක් ඇත්තෙත් නෑ. ඒත් මට කිසිම ලෙඩක් නැතිව මානසික ලෙඩෙක් කියල අහගන්න, කිසිම හැදියාවක් නැති වනචරයෙක් කියල බැනුම් අහන්න, කිසිම දෙයක් කරගන්න බැරි නපුංසකයෙක් කියල කතා අහගන්න මම කරපු වැරැද්ද මොකද්ද. ආදරේ වැරද්දක් වෙන්නේ කොහොමද රවීන්? මම මහා පවුකාරයෙක් වෙන්න ඇති.
මම දන්නවා ආදරේ කරන්න ලේසි නෑ. ආදරේ කොහොමත් අමාරුයි. ඒත් මේ වගේ අවස්ථාවකදී ඒ අමාරුකම් වලට තවත් අමාරුකම් ගොන්නක්ම එකතු වෙනවා. මම ඒවාට බයත් නෑ, බය වෙන්න ඕනත් නෑ. ඒත් ඒක ඒකපාර්ශවීය වුණහම විඳව ගන්න අමාරුයි.මේ ආදරේ ඉල්ලලා කෑගහනවා නෙමෙ යි. මගේ හිතේ තද කරගෙන තියන ඒවා කියනවා විතර යි, ආදරෙයි කැස්ස යි හංගන්න බෑ වගේ කොහෙන්ම හරි ඒ හැඟීම් එලියට එනවා. මම දන්නේ නෑ මේ ලියුම කියවල උඹ මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. ගොඩක් වෙලාවට උඹ මාව පිළිකුල් කරයි. ඒත් කමක් නෑ. මම ඉවසන්නම්.

මම උඹට ආදරෙයි රවීන්.

මීට,
ආදිත්‍ය.



-ඉතිරිය මතුවට-

8 comments:

  1. අමුතුම පැත්තක්.... යාලුවෝ ගැන මමත් අද පොස්ට් එකක් දැම්මා

    ReplyDelete
  2. ලෝකයේ හැම දෙයක්ම සමාන්‍යයයි. එහෙම නැත්නම් අසාමාන්‍යයයි. දකින දෑස් තමයි ඒක තීරණය කරන්නෙ. හැම බෙදීමක්ම තියෙන්නෙ ඒ දෑස අයිති මිනිස් මනස තුළ විතරයි.

    ReplyDelete
  3. මෙහෙම දෙයක් ගැන මට මුලින් හිතුනත් ඒක එහෙම නොවේවියි කියලයි මං හිතුවේ.. හ්ම්ම්.. බලමුකෝ ඉස්සරහට...

    ReplyDelete
  4. අඩෝ හිරණ්‍ය...
    මම හිතපු දේ නෙවෙයි නේ මේ වෙන්නේ...
    සම ලිංගිකත්වය/අසම්මතය...
    මේක නම් අපේ රටට අසම්මතම අසම්මතයි,....
    ඒත් මේක සමහර රටවලට නම් නීතියෙන් සම්මතයි නේ...
    ඒක මිනිස්සුන් ගේ මානසික තත්වය නේ...
    කෙසේ වෙතත් අලුත්ම කතාවක්.කියෙව්වමයි මෙහෙම එකක්.....
    දිගටම ලියපං...ජය..
    උඹ කොහොමත් අලුත්/වෙනස් විදියට හිතන එකා නේ
    -----------------------------------
    රවීන් ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද?

    ReplyDelete
  5. දිනේෂ් කියපු එකම තමයි මටත් කියන්න තියෙන්නේ
    මුලින් හිතුනට එහෙම නොවේවි කියලයි හිතුවේ

    ReplyDelete
  6. @දේවා: ම්ම්,,, මම කියෙව්වා, හොඳයි. බ්ලොග් අවකාශයේ විතරක් නෙමේ කොතනත් හොඳ (හෝ නරක, දකින කෝණය අනුව) යාලුවෝ ඉන්නවා.

    @Oustider: එකඟයි. එහෙම දකින සිත් රාශියක් එකතු වෙලා තමයි සමාජ සම්මතය හදන්නේ.

    @Dinesh & මහිම: ඇයි එහෙම හිතල ආයේ වෙනස් වුණේ? අනිත් අතට මම උත්සහ කරන්නේ නොහිතන දෙයක් ලියන්න නිසා එහෙම වුණා වෙන්නත් බැරි නෑ

    @ගලයා: ස්තුතියි. :)
    රවීන්ගේ ප්‍රතිචාරය ඊළඟ කොටසින් බලාගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  7. වැඩ ගොඩක් හන්දා බ්ලොග් කියවන්ටත් බැරි උනා. මට එක කොටසක් මිස් උනාද කියලත් හිතෙනවා.

    මේක මෙහෙම සිද්ධවෙයි කියලා මම නම් දැනගෙන හිටියා...:D

    ReplyDelete
  8. එහෙනම්, කුමාරිහාමිට හිතාගන්න බැරි වෙන විදිහට ඊළඟ ලියන්න ඕනේ! ;)

    ReplyDelete