ඒකල දුරකථන කුටියෙන්
ඇමතුමක් ගන්නේ
තුවක්කුව එල්ලා ගත්
හුදකලා සෙබළෙක්
බයිසිකලය පැදගෙන 'විත්
නැවතුනේ කුටිය අසල
තවකෙක්, ඒත් ඒ
අපේ (නො)වෙන එකෙක්
සෙබළා කියයි දුක
දුරකතනයට හෙමිහිට
අනෙකා බලාසිටි
අවස්ථාව එන තුරු ඔහුට
"වැඩ කරන්නේ නැද්ද කොහෙද"
එළියට එන සෙබළා කියා
යයි එක්වන්නට
සුපුරුදු හුදකලාවට
අනෙකා තවම අනෙකාමයි
නැහැ එහි වෙනසක්
බලා කුටිය දෙස
යන්නට ආපසු හැරුණා
අතැර පැතුම් දහසක්
පාලුයි ද සෙබළ
නැතිව කෙනෙක් තනිකමට
අමතක වී ද කතාකරන්න
ළඟම ඉන්න නෑයාට
ගිනි අවි එක්ක ඉන්නකොට තනිකමක් නෑ
ReplyDeleteකොච්චර අය වටේට හිටියත්, වෙලාවකට අපි හැමෝටම පාලුයිනේ.
ReplyDeleteඅනේ ඔයාගේ ලස්සන පෝස්ට් එකක් මට මිස්වෙලා. :)
90 දශකයේදී වන්නි ප්‍රදේශයේ ගතකල ජීවිතය සිහිවුණා. ඒකාලයේ ජංගම දුරකථන නැති නිසා කලාතුරකින් කැලයෙන් එලියට එන අපිට ඔය දේවල් අත්විදින්නට සිද්ධ වුණා. ස්තුතියි ඔබට අතීතය සිහිපත් කලාට.ඒවගේම මා ඉතාම ප්‍රිය කරන brothers in arms video game එකේ පින්තුරයත් අගේ කරනවා.
ReplyDeleteකොච්චර අය හිටියත් හිතට පාළුව දැනෙන වෙලාවල් අනන්තයි.. ලස්සන කවි පෙලක් මිත්‍රයා..
ReplyDeleteඔයාගේ අලුත් පෝස්ට් පබ්ලිෂ් උනාම ඒවා ඊමේලයකින් ගෙන්නා ගන්ට පුලුවන් ක්‍රමයක් තියනවද? අරුනි, සහ යතාර්ථවාදියාගේ ලිපි මට ඒ විදියට ලැබෙනවා.
ReplyDelete@Outsider: ම්ම්ම්,,, ගිනි අවියටත් පණ තියනව කියල අමතක වුණානේ!
ReplyDelete@Kumarihami: ඔව්, සෑහෙන පිරිසක් මැද්දේ උනත් සමහර විට අපි තනිවෙලා.
කමක් නෑ දැන් කියෙව්වනේ... :)
එහෙම ක්‍රමයක් නම් නෑ. ඒත් Google Reader එකට update වෙනවා නේද? ඕනේ නම් මම හොයල බලන්නම්.
@Ano: අත්දැකීම් බෙදා ගත්තට බොහොම ස්තුතියි. ඒත් මේ සම්බන්දව මට පළමෝත අත්දැකීම් නෑ. ඔබ සඳහන් කළ video game එකට අදාල රූපය එක්කළේ ඒ ගැන දැනුවත්ව නෙමේ, ගැලපෙන නිසා එක්කලා.
@Dinesh: ඒකනේ යාළුවා. බොහොම ස්තුතියි.
"උපන් බිම
ReplyDeleteරැකගනිමි...
කැකෑරවන ලෙයෙහි
සිතිවිල්ල ඇති තුරා
කොහෙද තනියක්
කොහොද පාලුවක්!"
මා ප්‍රියාවිය
හෙලන සුසුමක පහස
මඳ නල හා මුසුව
එන වරක් පාසා....
හිත වදදෙයි,...ගිනි අවිය පොරකයි....
නසන්න්ට සතුරු කැල!හුදකලාව..
සාමාන්‍ය මිනිස් හැසිරීම...
ReplyDelete