Friday, November 4, 2011

සිංහලයාගේ පිට්ටු බම්බුව | Bamboo Heritage of Sinhalese

ලේඛකයා පසුගිය දිනෙක විකාශය වූ දොරමඩලාව බැලුවේ 'ආතල්' එකක් ගැනීම සඳහා ය. අපේක්ෂා කළ පරිදිම ඔහුට එය ලබා ගැනීමටද හැකිවිය. මාතෘකාව වූ 'පරපුරක දැනුම' යටතේ කතා කළ වරලත් උවදෙසු මැවිසිරු (හෙළුවෙන්, ඉංජිනේරු උපදේශක යැයි කියන්නේ එලෙසිනි!) හීලියන් ද සිල්වා, අතීත සිංහලයා නිර්මාණය කළ පිට්ටු බම්බුවක් පෙන්වා ඒ අපගේ මහා විද්‍යාත්මක දැනීම බවත් වහ වහා නැවතත් එය ලබා ගත යුතු බවත් සුද්දාට හා ඉන්දියන්කාරයට පලු පැලෙන්න බැන කියා සිටියේ ය.
එහෙත් මේ කියන්න උත්සහ ගන්නේ දොරමඩලාව ගැන නම් නොවේ. පහත ලක්ෂණ ඔබට සමීප දැයි බලන්න.

1. පවුලක සාමාජිකයින් හය, හත් දෙනෙක් සිටින අතර පියා පවුලේ ප්‍රධානියා වේ. ඔහු යමෙකුට වැඩක් පැවරු කල්හි එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු අතර කිසිවෙකු ඔහුව නැවත ප්‍රශ්න කරන්නේ වත් නැවත විමසා සිටින්නේ වත් නැත. දරුවන් හා දෙමවුපියන් (විශේෂයෙන්ම පියා) අතර සුහද කතාබහක් ඇති නොවන අතර පියා හා කතා කිරීම රාජ කාරිමය (formal) ස්වභාවයක් ගනි යි.

2. දරුවන් අලුයම අවදි විය යුතු අතර එසේ නොමැති නම් ඔවුන් කම්මැලියන් ලෙසත් පවුකාරයන් ලෙසත් හංවඩු ගැසිනි. දරුවන්ට මුලික අධ්‍යාපනය බොහෝවිට මවගෙන් ලැබෙන අතර වයසින් වැඩිවෙත්ම පිරිමි ළමුන් ඒක-ලිංගික (all boys) පාසලක ඉගෙන ගැන්මට යොමුකරව යි. ගැහැණු ළමුන් බොහෝවිට වැඩි දුර ඉගෙන නොගන්නා අතර ගෙදර නැවතී යහපත් භාර්යාවක් වීමට පුහුණු වේ.

3. විවාහ වීමේදී දෙමවුපියන්ගේ මැදිහත් වීම අනිවාර්ය වූ අතර කුලය, පන්තිය, වංශවත් බව, ධනය විවාහයේ ප්‍රධාන සාධක වීම.

4. ලිංගිකත්වය, නිරුවත, මත්ද්‍රව්‍ය/මත්පැන් ආදිය ගැන කතා කිරීමක් නොවුණු අතර ඒවා කතා කිරීමට නුසුදුසු ඒවා ලෙස සමාජ සම්මත වීම (prudish behavior).

5. කාන්තා හා පිරිමි දෙපාර්ශවයම සෑම විටකම සම්පූර්ණයෙන් ඇඟ වැසෙන ලෙස ඇඳුම් අඳින ලබයි. පොදු ස්ථාන වල ස්නානයේදී කිසිම විටක නිරුවත් වීමක් නොවේ, ඒ සඳහා විශේෂිත ඇඳුමක් වේ (නෑමට කිසිම ගැලපීමක් නැති එය බොහෝ විට මුළු ඇඟම වැසෙන පරිදිය).

6. විවාහයෙන් පසු කාන්තාවන් රැකියාවක් නොකර නිවසේ රැඳී ළමුන් බලා ගැනීම, ආහාර පිසීම, නිවස පිළිවලට තබා ගැනීම ආදියේ නිරත විය යුතු ය (ධනවත් පවුලක නම් ඒවා කිරීමට මෙහෙකාරයෝ සිටින නිසා තත්වය තරමක් වෙනස් ය). යම් හෙයකින් කාන්තාවක් විවාහ නොවිණි නම් ඇය සමාජ සේවය සඳහා තම ජීවිතය කැප කළ යුතු ය.

7. විෂමලිංගිකයන්ට තම ලිංගිකත්වය සම්බන්ධයෙන් කිසිඳු දිරි දීමක් හෝ නිදහසක් නොවූ අතර සමලිංගිකත්වය දැඩි දඬුවම් ලැබිය හැකි අපරාධය කි.

මේ සිංහලබෞද්ධ සිරිත් හෝ සදාචාරය ගැන තතු (facts) නොව එංගලන්තයේ ක්‍රියාත්මක වූ වික්ටෝරියානු සම්ප්‍රධායේ මූලික ලක්ෂණ කිහිපයකි. එහෙත් සමහරෙකුට අනුව මෙය වසර 2500 සිට අඛණ්ඩව පැවත එන ආරිය සිංහල ගතිය වේ. අනගාරික ධර්මපාල ඇරඹි මේ සිංහලබෞද්ධ ක්‍රමය වර්තමානයේ හෙළ උරුමය හරහා ආන්තික තත්වයකට පත්ව ඇත. ඕනෑම කෙනෙකුට තමන්ට කැමති ඕනෑම චින්තනයක් පිළිගැනීමට හෝ මල් තබා වැඳීමට පවා නිදහස ඇත. එහෙත් එය අනෙකෙකු මත බලෙන් පැටවීම හෝ විකෘති ඉතිහාසයක් ප්‍රචාරණය කිරීම ලේඛකයා දකින්නේ වරදක් ලෙස ය. වික්ටෝරියානු සදාචාරය ආරම්බයේ සිටම කුහකය, එය නිපදවූ වික්ටෝරියා රැජින හා ඇල්බර්ට් කුමාරයා එය තඹ සතයකට මායිම් කළේ වත් ඒවා පිළිගත්තේ වත් නැත (නිරුවත මහා පාපයක් ලෙස බණ දෙසු වික්ටෝරියාට නිරුවත් පිරිමි සිරුරු සිතුවම් ළඟ තබා ගැනීමේ විනෝදාංශයක්ද විය). දොරමඩලාවට පැමිණි 'උවදෙස් මැවිසිරු' ඉතිහාසය කියා කුමක් දකිනවාදැයි ලේඛකයා නොදන්නා නමුත් වර්තමාන ක්‍රම සියල්ලම අමතක කොට අතීතයට යාමේ ගමන ඔහුට විහිළුවකි (එංගලන්තයට ගොස් උපාධිගත් හීලියන් ද සිල්වා ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නැතැයි ද කිය යි). දොරමඩලාවට එන්නන්ගේ කතා එසේ ය. එබැවින් එය ලේඛකයාට 'ආතල්' වැඩසටහනකි.

අනේ ඉතින් හසන්ත මහත්තයෝ ඔබට නාථ දෙවියන්ගේම පිහිට යි. තව තවත් මෙවන් ආතල් දෙන්නට හැකියාව ලැබේවා!

9 comments:

  1. ඔය දොරමඩලාව කියන්නෙ අටපට්ටම වගේම ඔලමොට්ටල ප්‍රෝග්‍රෑම් එකක් කියලයි මට හිතෙන්නෙ! තඹ දොයිතුවක වැඩක් නෑ!

    [නිරුවත මහා පාපයක් ලෙස බණ දෙසු වික්ටෝරියාට නිරුවත් පිරිමි සිරුරු සිතුවම් ළඟ තබා ගැනීමේ විනෝදාංශයක්ද විය]
    මෙයා ලඟපාතක හිටියනං කෙළවෙනව නේද! :D

    ReplyDelete
  2. දොරමඬලාවේ සමහර දවස් වලට හොද වැදගත් කතාබහ යනවා.. ඒ අතරේ ඉතින් මේ වගේ ඒවත් යනවා...

    ReplyDelete
  3. පිට්ටු බම්බුත් ගෙනාවද බං ඕකට ..?

    ReplyDelete
  4. (quote)මේ සිංහලබෞද්ධ සිරිත් හෝ සදාචාරය ගැන තතු (facts) නොව එංගලන්තයේ ක්‍රියාත්මක වූ වික්ටෝරියානු සම්ප්‍රධායේ මූලික ලක්ෂණ කිහිපයකි. එහෙත් සමහරෙකුට අනුව මෙය වසර 2500 සිට අඛණ්ඩව පැවත එන ආරිය සිංහල ගතිය වේ.(/quote)

    හා හා :D

    අපි මේ අපේ කියලා කරේ තියන් දුවන්නේ අනුන්ගේ මළකුණක් කියලා හිතෙන කොට?
    ඇඬෙනවා

    ReplyDelete
  5. ඒක ආතල් එකක් නේ..ඒ ඒ මිනිස්සුන්ගෙ ආතල් එක..
    ඒත් අිපේ ආතල් එක මොකද්ද??
    මුකුත් නෑ..ඕව තියෙන්නෙ අවුරුදු 40ට වැඩි නිකම් ගෙදර ඉන්න උණ්ට බලන්න අපිට බලන්න මුකුත් නෑ..එහෙම ලංකාවෙ චැනල් නැති නිසා තමයි ඩයලොක් ටෙලිකොම් ටීවි ප්‍රොජෙක්ට්ස් නැගල ගියේ...

    ReplyDelete
  6. මහාචාර්ය නලින්, දොස්තර ගුණදාස හා හීලියන්; එක වල්ලේ පොල්. මේ සේරම ජීවිකාව ගෙන ගියේ හා තාමත් අරගෙන යන්නේ ඔය එපා කියන "බටහිර අද්යාපනයේ" උදව්වෙන්. ඔවුන් සමහරකුගේ දරුවන් මේ ක්‍රමය යටතේ තව දුර ඉගෙන ගන්නවා. ඔවුන් කව්රුවත් අනුරාධපුරේ දර පලන්න යොමු කර නැහැ. කොහොම උනත් මෙයාලගේ වශී බෝලෙට අහු වෙලා ඉන්නේ ඉතාම සීමිත පිරිසක් වීම කාගේත් වාසනාවක්!

    ReplyDelete
  7. පිට්ටු බම්බුවට කින්ඩිය දාන්ඩ එපා හරිය.... මොනා උනත් අපි හැදුවනං විද්‍යාත්මකයි තමා ඩෝ... තෙරුවන් සරණයි.

    ReplyDelete
  8. @සඳරු: ගේනවා නේන්නම් බං!

    @Charmi: අනේ මේ බලු ගැත්තාට කමා වුව මැන. :(

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  9. පරක්කු වෙලා හරි නියම ලිපියක් කියෙව්වේ...!
    දොරමඬලාව සමහර දවස් වලට නම් හොඳා.....
    මම ත් ඔය වික්ටෝරියා ගේ සිරි යහන් ගැබේ නිරුවත් පිරිමි පිළිම පවා තියෙනවා කියලා අහලා තියෙනවා..
    ‍රැජිනක් වුණාම හැම අතින්ම රජ වෙන්ට එපාය..:DDD

    ReplyDelete