Tuesday, October 4, 2011

ඔබට මතකද තවම



වැලි තල මත පතිත
පා සටහන් හමුවන තුරා
බලාසිටින්නේ තවම
මතකයන් අමතක වන තුරුම

නිදහසේ පියඹා යන්න 
ගමන් මග මෙයද
ඔබට මතකද තවම 
ප්‍රේමයේ සටහන් කොහෙද

හමා යන සැඩ සුළඟ 
මුහුදු රළ ද සමග
මැකූ පා සටහන් අපගේ
ඔබට මතකද තවම 

කොළ පැහැය තැවරුණු
ආදරණීය නිම්නයක් 
නැතිව රළු මුහුද ලැබ
නොලැබුණේ ඇයි ද නුඹ 

පා සටහන් දැන් නොමැත 
ඔබෙන් ලද ප්‍රේමයද නැත
ඇත්තේ නිශ්ශබ්දතාව 
පාරවන හද ඉඳහිට

රැඳෙන්නට නොහැක තව මට
පලක් නැති නිසා ආ දුර
සිටිය හැක ආදරය තුලම
ඔබට මතක නම් තවම

3 comments:

  1. "ඔබට මතකද තවම" කිවම මට මතක් වුනෙ කසුන් කල්හාරගෙ සිංදුව.. ලස්සනයි වචන ටික

    ReplyDelete
  2. ලස්සන කවිපෙලක්... කසුන්ගේ සින්දුව තමයි මටත් මතක් උනේ එකපාරටම...

    ReplyDelete
  3. @Geeth & Dinesh: ස්තුතියි, ඇත්තටම මේක ලියන්න අදහසක් ගත්තෙත් ඒ සින්දුවෙම්ම තමයි.

    ReplyDelete