Saturday, October 8, 2011

ප්‍රහර්ෂය : රතු දෙතොල් (උද්භවය)

අලුත් කතාවක්, 'කතාව කතාව වෙනුවෙනි' කියල කතාව කියවල බලන්න. සියලු නම් ගම් මනඃකල්පිතයි. මෙම කතාව හා සැබෑ ලෝකය අතර සම්බන්ධතාව හුදු අහඹුවක් පමණයි.


මම ආචාර්යවරයෙක්, ඔය එක එකාට වගේ මට උපාධිය ලැබුනේ පිනට නෙමේ මගේම මහන්සියෙන්. මම මාධ්‍යකරුවෙක්, ඒකත් මට අම්ම අප්පගෙන් ලැබුණු දායාදයක් නෙමේ. මම දවසකට එකොලොස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා. ඒ වගේම අතිශෝක්තිය කියන්නේ මගේ ඇඟේම තියන දෙයක්. මම මේ සමාජයේ තරමක ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා මට විවිධ ආකාරයේ ආරාධනා ලැබෙනවා. එදා සාදයට සහභාගී වුණෙත් එහෙමයි.

ඒවුණත් මම ගියේ එතරම් කැමැත්තකින් නෙමේ. එදා හැන්දෑවේ මගේ එකසිය අසුහත්වෙනි පෙම්වතිය මගෙන් වෙන්වුණා ඒකිට ගෙදරින් බඳින්න බලකරනවා කියල. ඔච්චර අත්දැකීම් ගණනාවක් තිබුණත් මට ඒ ප්‍රතික්ෂේප වීම දරාගන්න අමාරු වුණා. මට ඕන කරලා තිබුණේ මගේම ගෙදරට වෙලා ජනෙල් දොරවල් සේරම ඇරගෙන නිරුවතින් ඇඳේ පෙරළිලා මළා වගේ නිදා ගන්න. ඒත් එහෙම ඉන්න බැරි ගතියක් දැනුණා. සාදයට යායුතුයි කියල හිතුනේ කව්රුහරි ඒක මගේ ඔලුවට බලෙන් ඔබ්බවනවා වගේ. මම ඒ සමාජ සත්වයාගේ හැඟීමට යටත් වුණා. ඒත් සාදයේ හිටිය කව්රුවත් එක්ක කතාකරන්න බැරිවුණා, කතාකරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මේ දවස්වල මීඩියා වල ප්‍රසිද්ධ සිද්ධි වුණු නාගරික මන්ත්‍රියෙක්ගේ හොර අඹුවගේ අභිරහස් මරණය, කවදාවත් අහල නැති මාධ්‍යවේදියෙක්ගෙ දේශපාලන ආගමනය, ලබන ජන්දෙට ව්‍යාපාරිකයන්ගේ බලපෑම වගේ දේවල් කතාවුණා. මම කළේ ඇල්කොහොල් තොලගාමින් ඔලුව හෙල්ලීම හා මද සිනහ පෑම පමණයි.

ඔය අතරෙදියි මට ඒ රතු දෙතොල් ඇස ගැටුනේ. සුදු මතුපිටක රතු පැල්ලමක් වගේ පැහැදිලව මට ඇය දිස්වුණා. ඇය ඇඳලා හිටියේ හොඳට ඇඟ කැපිල පෙනෙන කළු කොට සාද ගවුමක්. හැසීරීම සුපිරි පොහොසත් කාන්තාවක් ලෙසට වුණත් එකී කොයි වගේද කියල හඳුනාගන්න මට අමාරු වුණේ නෑ. ඇයගේත් ඇස් මා හරහා ඉඳහිට වැටුණා.
"කොහොමද?" සාදයේ කොනක තිබුණු බාර් එකේ උස පුටුවකට වෙලා ඉන්න අතරේ ඇය මගේ ලඟට ඇවිත්.
ඒ තොල්. සරාගී ඇස්. මම ගල් ගැහුනා. ඇයගේ හිනාව හදවත කිතිකවල ඉඹින ආකාරයේ හිනාවක්. මම මත් වුණේ ඇල්කොහොල් වලට නෙමේ.
ඇය - ගිනි උඳුන
මම - ජල බඳුන
ඇය තව තවත් ගිනි පිඹල මාව රත් කරන්න ගත්තා, මම රත්වුනේ තව රස්නේ මදි කියමින්. ඇය මගේ පපුවට ඇඟිල්ල තියල හෙමිහිට පහලට අරන්ගියා, මට දැනුනේම මගේ පපුව විවර වෙලා හදවත ඉවතට පනිවි කියල.
"ගාන කීයද?"
"ගාන වැඩියි"
"අපි යමු" ඒකි මගේ අතින් ඇඳන් ගියා. අපායට ඇදන් යන මාර දූතිකාවක් එක්ක වුණත් යන්න පුළුවන් කමක් දැනුණා නිසා මාත් ඇයටම ඉඩ දුන්නා.



පළමු හමුවීමෙන් මට අහිමි වුණු මුදල සැලකිය යුතු තරම් වුණත් මම කිහිප වතාවක්ම ඇය හමුවීම මත ඇය මගේ නිල නොවන පෙම්වතිය බවට පත්වුණා. ඉඳහිට අපි කතා බස් කළා, විනෝද වුණා, තැන තැන ඇවිදින්න ගියා. ඒත් ඒ සේරම බොහොම තාවකාලිකයි කියල අපි හොඳට දැනගෙන හිටියා.
"ගෑණු හැමවෙලේම හිම බෝලයක් වගේ පිරිසිදු වෙන්න ඕනේ කියලද අනුරුද්ධ කියන්නේ?" චමේලි එකපාරටම එහෙම ඇහුවහම මම පුදුම වුණා. ඔය අහන්නේ ඊට කලින් දවසක මම එක්තරා නාලිකාවක 'සංස්කෘතිය හා ගැහැණිය' කියන මාතෘකාවට කළ කතාවක් ගැන.
"මම දැනන් හිටියේ නෑ නේ ඔයා ස්ත්‍රීවාදිනියක් කියල"
"මම ස්ත්‍රීවාදී තමයි, අනික් ගැණු ඔයාට සෙක්ස් පිනට දුන්නට මම ඒකට අය කරනවනේ" මට එකපාරට උත්තරයක් හිතාගන්න බැරිවුණා. එනිසාම මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ.
"ඉතින් ඔයා මොකද්ද ඒ ගැන කියන්නේ?"
"කියන්නේ මේකයි, මතු පිටින් සුදු හුණු ගෑවට මිනිස්සුන්ගේ චරිත ගැන කව්රු කව්රුත් දන්නවා!"
"ඊළඟ දවසේ ඔයත් එන්න සාකච්චාවට" මම හිනාවුණා.
"එන්න පුළුවන් තමයි, ඕවට එන උන්ට වඩා වැදගත් දෙයක් මට කියන්න පුළුවන්. ඒත් මගේ බල්ලවත් එන්නේ නෑ." චමේලි කියන් ගියේ කේන්තියෙන්, මම මුකුත් කියන්න ගියේ නෑ. ඔහේ හිටියා. එක අතකින් ඒකි කියපුවත් වැරදීම නෑනේ. 



මට වැඩ අධික කාලයක් ආව, අනිත් එක චමේලිට එච්චර සල්ලි වියදම් කරන්න ලොබ වුණා. ඒනිසාම චමේලි එක්ක ආශ්‍රය අඩුවුණා. ඔය අතරෙයි, අර රූපවාහිනී වැඩසටහනට අලුතින් නිවේදිකාවක් ආවේ. අනීශා, ලස්සනයි හැඩයි, හැබැයි මෝඩයි. ඒකි සාකච්චාවේදී මගෙන් වැඩිපුර ප්‍රශ්න අහද්දී, මං දිහා බලද්දී, මගේ කතාවට තව තව කාරණා එක්කරද්දී මට තේරුණා ඒකිට ඕන කාරණය. මම අනීශාට කතා කළා කොපි බොන්න.
"ඉතින්?" මම මනමාල හිනාවක් දාන ගමන් ඇහුවා.
"ඉතින් ඉතින්?" ඒකිට අහගන්න බැරිව ලතවුණා. මට හිනා.
"ඉතින් ඉතින් ඉතින්?" 
"පිස්සා, මොකද දැන්ද ඒ වචනේ ඉගෙනගත්තේ?"
"ඔයත් එක්ක ඉන්නකොට දන්න දේවල් අමතකයි."
"අර අහස ලස්සනයි නේ?" අනීශා අහස දිහා බලාගෙන කිව්වා. අපි කොපි බිව්ව තැන හදල තියෙන්නේ මුහුද ආසන්නයේ නිසා පරිසරය පැහැදිලිව පෙනෙන්න සකසල තිබුණා. එදා අහස වෙනද අහසම තමයි, විශේෂයක් නෑ. ඒත් මම එකඟ වුණා.
"ගෙදරට අහස මීට වඩා ලස්සනයි, යමුද බලන්න?" මම ඇහුවහම අනීශා ඔලුව වැනුවේ දඟ හිනාවක් පාමින්.


-ඉතිරිය මතුවට-

8 comments:

  1. ඊළඟ කොටස් වලටත් එක්ක කමෙන්ට් එක දාන්නෙ... මොකද කියවල ඉවර වෙලා ඒක ඇතුලෙ ටිකක් ඉන්න ඕන... කමෙන්ටුවක් දාද්දි ඒ ෆන් එක ගන්න බැරි වෙනව :)

    ReplyDelete
  2. අනිත් කොටස එනකම් මඟ බලමින් . ..

    ReplyDelete
  3. @සාතන්: හොඳයි එහෙනම් සම්පුර්ණ කතාව කියවල කමෙන්ටුවක් දාන්නකෝ.

    @දුකා: බලන් ඉන්න...

    @නදී: දාන්නම් ඉක්මනට

    @visituru: ස්තුතියි, ඉක්මනින්ම දෙන්නම්

    ReplyDelete
  4. හිරණ්‍යගේ අදහස් හැමදාම සම්මතයෙන් එහාට ගිය අදහස්... මම ඒකමයි මේ බ්ලොග් එකට නිතරම එන්නේ... කතාව හරිම අපූරුයි... අනිත් කොටස එනකම් බලන් ඉන්නවා...

    ReplyDelete
  5. @Dinesh : ස්තුතියි යාළුවා, දිගටම කියවන්න...

    ReplyDelete
  6. ම්ම්ම් මම කියවපු වෙනස්ම විදියේ එකක්...මරූ.....

    ReplyDelete