"දිලීපා, පොඩ්ඩක් ඔහොම ඉන්න." පොත් ටිකක් තුරුළු කරගෙන කලබලෙන් වගේ දුවන දිලීපාට මම කෑගැහුවා. එයා මං දිහා හැරිලා බැලුවේ 'ඇයි' කියන බැල්මෙන්.
"අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" ඒ ප්‍රශ්නෙට දිලීපා ටිකක් ගැස්සුනා. අපි ඔය එහෙන් මෙහෙන් දැකපු වෙලාවට හිනා වෙලා ඔලුව වනල යනවා මිසක් එතැනින් එහාට වැඩිය කතා කරන්නේ නෑනේ.
"බයවෙන්න එපා, ඔයා මාත් එක්ක කතා කළා කියල ලෝකේ ලොකුම කාම අපරාධේ කළා වෙන්නේ නෑ." මම කිව්වේ කට කොනේ හිනාවකුත් එක්කයි.
"අනේ මේ, ඔයා මට අමුතුවෙන් අපරාධ ගැන උගන්නන්න ඕනේ නෑ."
දිලීපා මං දිහා බලාගෙන හිටියේ අමුතු මූණක් හදාගෙන. මම එයාගේ අතින් අල්ලාගෙන වාඩි වෙන්න තැනක් හොයාගෙන ගියා. දසත පැතිරුණු නුග ගහක් යට සුදු පාට කොන්ක්‍රීට් බංකු තිබුණා. මම අතින් සන් කළේ එතැනින් ඉඳගමු කියල. අපි දෙන්න වාඩිවෙලා මුහුණට මුහුණ බලාගත්තා.
"මේක ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන සමීක්ෂණයක්, ඔයාට කරන්න තියෙන්නේ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න." දිලීපා සැකෙන් වගේ ඔලුව වැනුවා.
"හරි එහෙනම් මෙන්න පලවෙනි ප්‍රශ්නය, ඔයාට කව්රුහරි ආදරේ ප්‍රකාශ කළොත් ඔයාගේ ප්‍රතිචාරය වෙන්නේ මොකද්ද?"
"හ්ම්, ඒක අවස්ථාව, පුද්ගලයා අනුව වෙනස් වෙනවා."
"ඒකියන්නේ ඔයා අවස්ථාවාදීයි?"
"මෙහෙමයි, ඒ වගේ වෙලාවට එහෙම වෙන්න වෙනවා."
"එහෙම ආදරය ප්‍රකාශ කරන කෙනා මම නම්?"
"එතැනදී අවස්ථාව ගැන ගැටළුවක් එනවා."
"ඒකියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමේ?"
"ඒකියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමේ?"
"ඔයාගේ ඔය සමීක්ෂණයට ඒවත් අදාලද?"
"හරි දෙවැනි ප්‍රශ්නය, අසම්මත ආදරය ගැන ඔයාගේ අදහස මොකද්ද?"
"අසම්මත සම්මත කියල ආදරය බෙදන්න බැහැ."
"අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණොත්?"
"වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරමුද?"
"ඉතින් ඒකනෙ අසම්මතයි කියන්නේ, සාමාන්‍යයෙන් නොවෙන දේ නේ. කොහොමහරි තුන්වෙනි ප්‍රශ්නය, ඔයා ආදරය කරන කෙනා කොයි වගේ වෙන්න ඕනද?"
"එයා කොයි වගේ වත් වෙන්න ඕනේ නෑ. එයා එයාම වුණාම විතරක් ඇති. නිකන් රූකඩ වගේ මිනිස්සු මට වැඩක් නෑ."
"ම්ම්,,, ඊළඟ ප්‍රශ්නේ, ඔයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?"
"මොනවත් නෑ."
"ඒ කිව්වේ?"
"මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොනවත් බලාපොරොත්තුවෙන් කෙනෙක්ට ආදරේ කරනවානම් ඒක ආදරේ වෙන්න බෑ, එහෙනම් ඒක බිස්නස් එකක්, ආත්මාර්ථකාමී කමක්."
"ඔයාට ආදරේ කරන කෙනා මම නම් ඔයා මගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?"
"ඔයාට ආදරේ කරන කෙනා මම නම් ඔයා මගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?"
"කරුණාකරලා, අවශ්‍ය ප්‍රශ්න විතරක් අහනවද?"
"පස්වෙනි ප්‍රශ්නය, ඔයා ලව් ඉන් ෆස්ට් සයිට් විශ්වාස කරනවද?"
"කොහෙත්ම නෑ, එකපාරක් දැක්ක ගමන් ආදරයක් ඇතිවෙන්න විදිහක් නෑ ආශාවක් මිසක්. ඒ--"
"මමඔයාටආදරෙයි."
"මොකද්ද?"
"මම ඔයාට ආදරෙයි." මම දෙවැනි වතාවටත් උත්සහ කළේ වචන එකින් ඒක ඈත් කරමින් ශබ්ද නගා උච්චාරණයෙන්.
"මං දැන ගත්තා ගොනා හැරෙන කොටම." දිලීපා දඟ හිනාවක් දැම්මා.
මට ඒ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියල හිතාගන්න බැරිවෙලා මම ගල් වුණා. 'ඔයා ඉතින් මොකද ඒ ගැන කියන්නේ?' 'ඔයත් මට කැමතිද' වගේ ප්‍රශ්න ඇසිය යුතු වුණත් මං ඇහුවේ නෑ. අනික ඒවා අහන්නේ නැතිවම වුණත් දිලීපා මට කැමතියි කියල දැනුනා. එයා බංකුවෙන් නැගිටලා මගේ අතින් ඇදල "අපි යමු" කිව්වා. මගේ ඔලුව වැනුණේ ඉබේටමයි.
එල කොල්ලෙක්නෙ... මට පේන්නෙ ගොනා පොල් පැලේට වැඩක් දෙයි වගේ... ළඟදි ඉඳන් එන්නෙම මෙහෙම එව්ව... :)
ReplyDeleteමමත් ඊළඟ පෝස්ටුවෙ දාන්න ඉන්නෙ මේ කිට්ටුව යන එකක් තමයි...
දැන් හැමෝම සමීක්ෂණ කරන්න පටන් ගනීද දන්නැ
ReplyDeleteසාතන් කියන්නෙ ඇත්තද? :)
ReplyDeleteහුටා හුටා...
ReplyDeleteමේකා කරලා තියෙන වැඩක්...
අනේ අනේ... කෝ මේ කෙල්ලට බ්ලොග් එකක් නැද්ද ගිහින් දෙකක් කියන්න...
කෝ දීපිය අපිටත්....
හික්ස් කිව්වලු
අන්න නියම ක්‍රමේ.. ඊළග පාර මමත් අනුගමනය කරන්න ඕන.. දැන් එතකොට දිලීපා කැමතියිනේ???
ReplyDeleteමරු! :)
ReplyDeleteඅනේ කෙල්ල අතේ කුඩයක් එහෙම තිබ්බනම් හරි, අකමැති කෙල්ලෙක්ට ඔය පස්න පත්තරේ දුන්න නම් හරි බලාගන්න තිබ්බ රඟේ.
ReplyDeleteවැඩේ ගොඩ එහෙනම් අහ්.....
ReplyDeleteජයවේවා කිව්වා එහෙනම්!
ReplyDeleteඒක නම් ඇත්තටම සම්මතයට එහා ගිහින් කියලා දැනෙනවා.. නියමයි.
ReplyDeleteහ්ම්.... නියම කන්සෙප්ට් එකක්නේ....
ReplyDeleteපස්සෙ නවීන ක්‍රමේකට සපත්තුවක් එහෙම ලැබෙයිද? :( එහෙම නොවේවා කියල පතනවා! නමුත් පැතුම තාත්වික නෑ ;)
ReplyDeleteඅම්මෝ කොල්ලා මාර දස්සයානේ,..ෂහ්..මාර කොරමයක් මේක...උත්සහ කරන්න ඕනි,අද තමා මේ ආලෝකයට හිත වැටුනේ...ඉතින් හැමදාම මම එනවා,ආපු දවසේ හා හා පුරා කියලා හිත ගැටුණු එක නම් මාරයි..හික්z කිව්වා ඕං මාත්....
ReplyDeletesampradayika widiyata oya mata adareida kiyala kelinma ahanawata wadiya meka nam hoda kramayak thamai :D :D suba pathum !!
ReplyDeleteshanika champagne
හ්ම්ම්ම්....අත් හදා බලන්ට යමක් කියලා දීලා තියෙන්නේ. ඔය සමීක්ෂනේ ගෑනු ලමයින්ටත් කල හැකිනේ. බලමු...:)
ReplyDelete@හැමෝටම,
ReplyDeleteදැන් මේක කියල බැනුම් අහන්න වේවිද දන්නේ නෑ. ඒත් බොරු කියන්න බැහැනේ. මේක මගේ අත්දැකීමක් නෙවෙයි. දෘෂ්ටිකෝණය තෝරා ගැනීමේදී වුණු වැරදීමක්. මේක මට ලැබුණු ඔත්තුවක් වටා ප්‍රබන්ධ කළ එකක්. ඒ හින්ද ගොනා පැලේ කෑවේ වත්, කුඩා පාරක් කෑවේ වත්, සපත්තු කන්න සිද්ධවෙන්නේ වත් නෑ. සුබ පැතුවට බොහොම ස්තුතියි, හැබැයි මම නම් තාමත් සුපුරුදු සොඳුරු තනිකඩයා ම තමයි. හැමෝටම කමෙන්ට් කළාට තුති.
අත්දැකීම කාගෙ උනත් හොද මෙතඩ් එකක්. මේ කතාවෙදී කෙල්ල ටිකක් අමාරුකාරියක් වගේ. මොකද ගොනා හැරෙනකොට පොල්පැලේ කනව කියලා එයා දන්නවා. පොදුවෙ ගත්තම බහුතරයක් කෙල්ලො මේ ප්‍රශ්න ටිකේදී මෙච්චර සාර්ථක වෙන්නෑ. ඒක කිවයුතුමයි.
ReplyDeleteඉවරයි..දැන් ඉතින් කෙල්ලෙක්ට පාරක තොටක බැහැල යන්ඩ හම්බෙන්නෙ නෑ..හැමෝම ෆයිල් උස්සං එයි සමීක්ශණ කරන්න..හිකිස්... ඒක නෙවෙයි..හැම කෙල්ලෙක්ම දිලීපා වගේ පොල්පැල වගේ නෙවෙයි කියලා මතක තියාගෙනම ප්‍රශ්ණ ඇහැව්වොත් තමා හොඳ... :D
ReplyDeleteකොල්ලෝ කෙල්ලනට ආත්ම ගරුත්වයත් තියාගෙන ගොඩ යනවනම් ගොඩ යනන්ත් . . අල වෙනවනම් කිසි කහටක් නැතුව ශේප් වෙන්නත් හොඳ ක්‍රමයක් . . එල එල
ReplyDelete@රාජ් & දුකා: අදහස් වලට බොහොම තුති.
ReplyDeleteඅඩේ මේක මරු ක්‍රමයක්නේ.ඕං අද තමා මේ පැත්තේ ආවේ .....:D
ReplyDelete