Monday, September 19, 2011

මමත් පොත් ගත්තා!

එක අතකින් මේක ලියන්න තරම් වැදගත් දෙයකුත් නෙමේ, අනිත් අතින් මට සෑහෙන වැදගත්. හැමදාම යන පොත් ප්‍රදර්ශනයට මේ සැරෙත් යැවුනේ පුරුද්දට වගේ. ආසාවක් නැති නිසා නෙමෙයි, තියනවා. පටන්ගත්ත දවසෙම ගියෙත් ඒ නිසාමයි. කොහොමහරි එදා (17 වෙනිදා) එච්චර සෙනග හිටියෙත් නෑ, ඒ හින්දම පොත් තෝරන්න ගන්න යම් පහසුවක් තිබුනත් ඒ වැඩි වෙලාවකට නෙමෙයි. හවස් වෙද්දී සැහෙන්න ජනගහනය වැඩිවුණා. ඒ වෙද්දී පොත් අරන් ඉවරවෙමින් හිටිය නිසාම ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ.
ඔය උඩින් තියෙන්නේ මම ගත්ත සිංහල පොත් (දැන් ඉතින් කියවන්න තමයි තියෙන්නේ!). ප්‍රදර්ශනයේ විශේෂයෙන් සඳහන් කරන්න තරම් දෙයක් නැහැ. හැබැයි බණ්ඩාරනායක ප්‍රධාන ශාලාව වහල නිසා ප්‍රදර්ශන කුටි අඩුයි වගෙත් දැනුනා. ඒත් එහෙම නෑ සැහෙන්න තියනවා (කුටි 416 විතර). පොත් ගැන විස්තර දැම්මම කියන එකේ තේරුමක් නෑ. කියවලම විස්තර කියන්නම්. 


එතකන් පොත් කිහිපයකින් ගත් යම් යම් උපුටගනීම් කිහිපයක් මේ,

"බෙරය මතට වැටුණු රතු රෙදිකඩ සෙමින් දරණය ගසන්නාක් මෙන් ඔහු දුටුවේය. කැරකි කැරකී රවුම් වෙමින් කැරකෙද්දී එතෙක් බෙරය වටා තිබු හම පටවල් ටිකෙන් ටික රත් පැහැ ගන්නට විය. නිලංකාර  වූ දෑසින් ඔහු නැගිට ගන්නට උත්සහ ගත්තේ ය. දෙපා වෙව්ලා යමින් තමන් වැටෙන්නට යන්නේ යයි ඔහුට කෙමෙන් කෙමෙන් දැනී යන්නට විය." - චම්මින්ද වෙලගෙදර (සක්කාරං)      

"සම්ප්‍රදායික විවාහය නමැති සංකල්පය හැරපියා දැමූ ඇහැළමලී වෘත්තීය ජීවිතයේ කාර්ය බහුල තත්වයකට පත්ව වෙහෙසකාරී ජීවිතයක් ගත කළාය. ඇගේ ජීවිතයට සම්බන්ධ වන්නට බොහෝ පිරිමි උත්සහ කළ ද ඇය කිසිඳු සම්බන්ධයක් පිළිබඳව උනන්දුවක් නො දැක්වී ය. ඒ පිලිබඳ ව විවිධ හේතුකාරණා කාලයෙන් කාලයට ඇය වටා සිටි මිනිසුන් ප්‍රකාශ කළද ඇහැළමලීට ඒ කිසිවක් අලුත් ඇහුම්කම් දීම් නො වුණු හෙයින් ම ඒ කිසිවකට සිය ශක්තිය අභිභවා යන්නට නො දුන්නෝය." - මනෝහාරී හේවාවසම් (ඇහැළමලී)

"දයාවතිගේ මඟුල දවසේ තමයි ගමේ ඉලන්දාරි කුසුමව හරියටම දැක්කේ ඒ කව්රුත් පුංචි සන්දියේ එකට සෙල්ලම් කරපු කට්ටිය. සමහරු පන්තියක් දෙකක් ඉහලින් හරි පහලින් හරි හිටපු අය. සමහරු එක පන්තියෙමයි. වත්තේ වැඩ නොකරන අය පතල් වැඩ කරනවා. හිමේ ලී කපන්න යනවා. පතල් වැඩ කරන අයට නං ජයයි වාගේ. සුදට සුදේ ඇත දිග කමිසෙයි සරමුයි ඇඳලා. අත්වල ඔරලෝසු හෙම බැඳලා. මඩට තැම්බිලා ඉදිමිලා වාගේ තියන කකුල් දැක්කම පතල් වැඩ කාරයන් නිකම්ම තෝරාබේර ගන්න පුළුවන්. 'අප්පේ කුසුම අක්කගේ ලස්සන,,,' කීප දෙනෙක් කිව්වා." - සුනේත්‍රා රාජකරුණානායක (සඳුන්ගිර ගිනිගනියි)  


"නමුත් එය සිහිනයක් නොවීය. මගේ දෙසවන් වලට ගලා අවේ හිස් වායුවක් නොවේ. මා ඉදිරි පිට බිම වාඩිවී මා දෙස බල සිටියේ සබැ ගැහැනියකි. මගේ දෙසවන් තුළට ගලා ආ ඒ හඬ දොර ජනෙල් වැසූ සිර කුටිය තුල දෝංකාර දුන්නේය.ඒ හඬ ඇගේය,,,පිර්වඩුස් ගේ කටහඬ ය." සිසිර අලහකෝන් (වැලි කතරේ කුසුම) [Woman at Point Zero - Nawal El Saadawi පරිවර්තන]

10 comments:

  1. නියමයි. ...මට නම් ඉතින් යන්න වෙන්නේ පඩි පත ගත්තට පස්සෙ , ඒ කියන්නෙ 23න් පස්සේ....

    ReplyDelete
  2. නියමයි නියමයි... මට නම් තාම යන්න වුනේ නෑ...

    මචන්, සාහිත්‍යට සම්බන්ද පොත් විතරද තියෙන්නෙ?.. ඒ කිව්වෙ නවකතා, කෙටිකතා, පරිවර්තන, කවි වගේ ඒව විතරද?

    ReplyDelete
  3. මචං අනෝමා ජනාදරී ලියපු පුනරුක්ති පොත ගත්තෙ කොතනින්ද? පොතේ ගාණ කීයද? කොච්චරක වට්ටමක් ලැබුණද?

    ReplyDelete
  4. @සොඳුරු සිත: කොහොම හරි යනවනේ... :)

    @සාතන්: නෑ, ඕනෙම විෂයකට පොත් තියනවා, ගිහින්ම බලපන්! ;)

    @Charith: ඒ පොත ගොඩක් තැන්වල තිබුණා (මම ගත්තේ ආශීර්වාද ප්‍රකාශකයන් ගෙන්), පොතේ මිල රු 300/= යි, වට්ටමත් එක්ක රු 240/= යි.

    ReplyDelete
  5. නවකතා නම් කියවන්නෙම නැති තරම් දැන්.
    ඒත් සුඵ දෙය ඇසුරු කල දෙවියා කියවන්න හිතන් ඉන්නව ගොඩක් කල් ඉඳන් ඒත් තවම ඒක ගන්න බැරිවුණා.

    ReplyDelete
  6. යාළුවා අපේ බ්ලොග් කට්ටියත් එක්ක 18 නෙමෙයිද ගියේ... හොද පෙත් ටිකක් මෙතන තියෙනවනේ...

    ReplyDelete
  7. මමත් ගත්තා.ඒත් හෙටත් යනවා.

    ReplyDelete
  8. @Outsider: එහෙනම් පොත් සල්පිලට ගිහින් බලන්න, වට්ටමක් එක්කම ඒ පොත ගන්න පුළුවන්.

    @Dinesh: නෑ යාළුවා. මම ගියේ මගේ යාළුවොත් එක්කනේ. ඔව් පොත් ඉතින් කොහොමත් හොඳයි.

    @දසුන්: මමත් ආයේ යන්න ඉඩ තියනවා.

    ReplyDelete
  9. මේ පාර මට පොත් ප්‍රදර්ශනයට යන්න බැරි උනා.වැඩ අධික නිසා..ඇත්තටම දුකයි ඒ ගැන..ගිය පාර ගිහින් පොත් ටික දැකල පිස්සු නොහැදුනා විතරයි.. මට පේන විදියට සුඵ දෙය ඇසුරු කල දෙවියා පොත විතරයි ඔයා ඇරන් තියෙන පොත් වලින් කියවල තියෙන්නෙ තවම..

    ReplyDelete
  10. මේ සැරේ නම් බැරි උනා යන්න, ලබන සැරේ වත් උත්සහ කරනවා කොහොමහරි යන්න

    ReplyDelete