Thursday, October 6, 2011

ඩ්‍රැකියුලාගේ අලුත් සන්ධානය

එදා රෑ පෑයුවේත් වෙනද දකින හඳම තමයි වුණාට තප්පරයක් ගානෙම රටේ ලෝකෙම කොච්චර වෙනස් වෙනවද, එහෙම එකේ හඳ විතරක් ඔහේ අපි දිහා බලන් ඉන්නේ මොකද. ඩ්‍රැකියුලාට එන්න එන්නම මේ ලෝකෙම එපා වුණේ ඔය අතරෙයි. ඩ්‍රැකියුලා සඳට වෛර කළා. මෙච්චර දේවල් සිද්ධ වෙද්දීත් ගලක් වගේ ඔහේ බලන් ඉන්න හැටි. ඩ්‍රැකියුලාට එහෙම ඉන්න බැරි වුණා. හැම දේටම නොවුනත් හද කම්පා වෙන කටයුතු රටේ සිද්ධ වෙද්දී ඔහු දුක් වුණේ ඇත්තටමයි. ලේ උරාබොන යක්ෂයකුට වුණත් ආත්මයක් ප්‍රතිපත්තියක් කියල දෙයක් තියෙන්න ඕනෙනේ. අන්තිමේදී ඩ්‍රැකියුලා වසර ගණනාවක ඉඳන් හිතන් හිටිය තමන්ගේ අවසානය උදාකරගන්න සුදානම් වුණා.

ඩ්‍රැකියුලා එලියට ආවේ ආයේ කවදාවත් ජීවත් වෙන්නේ නෑ කියන අධිෂ්ඨානයෙන්. ඈතින් බැටන් පොල්ලක් අතේ කරකවමින් හිටි රාළහාමි කෙනෙක් දිස්වුණා. ඩ්‍රැකියුලා එතනට ඇදුනේ සන්සුන්ව.
"රාළහාමි, මාව අල්ලලා කූඩුවේ දාන්න." ඩ්‍රැකියුලා තම සීතල ගැඹුරු කටහඩින් කිව්වා. රාළහාමිගේ ඇස් රතු පාටත් වෙලාද මන්ද. 
"ආ මේ සිරිසේන අයිය නේද? මොකද දැන් විහිලුත් කරනවද?"
"නෑ, මම එයා නෙමෙයි, මට දැන් ජීවිතේ එපා වෙලා. මාව අල්ලගන්න."
"එහෙමද? එහෙනම් ඉතින් යං, හැබැයි මේ දවස් වල උදව්වක් දෙන්න අමාරුයි, දන්නවා ඇතිනේ."
"එහෙම කියල බෑ, එහෙනම් අපි ඔරු පදින්නවත් යමු, මං ගැන දුක්වෙන්න කව්රුවත් නෑ ඒ හින්ද බය වෙන්න එපා."
"අපෝ ඔයවගේ අවස්ථාවක් ලැබෙනකම් ඉන්නේ කට්ටිය දුක්වෙන්න."

ඩ්‍රැකියුලා ක්ෂණයකින් ක්‍රියාත්මක වුණා. ඇසට නොපෙනෙන වේගෙන් රාළහාමිගේ අතේ තිබුන බැටන් පොල්ල උදුරාගෙන ඒක දෙකට කඩලා තමන්ටම ඇනගන්න සුදානම් වුණා.
"එහෙනම්, මම ම ඒක කරගන්නම්."
"හා හා, මං ඇත්ත කිව්වත් විශ්වාස කරන එකක් නෑ. අපි මෙහෙම මුලින්ම පොඩ්ඩක් කතා කරලා ඉමු."

ඩ්‍රැකියුලා අකමැත්තෙන් වගේ හිටියත් ටිකකින් සන්සුන් වුණා, ඔලුව වැනුවා.
"දැන් මොකද ඔය ජීවිතේ එපා වෙලා තියෙන්නේ?"
"කතාකරල වැඩක් නෑ මල්ලි, මම කොහොම හිටපු මිනිහෙක්ද, දැන් මේ සේරම එපා වෙලා. මේ ලෝකේ මහා කුරිරුයි, මට දරගන්නත් බැරි තරම්. මම මැරෙනවා, මට මැරෙන්න ඕනේ!" ඩ්‍රැකියුලා අයෙත් නොසන්සුන් වුණා.
"මේ අයියා කව්ද?"
"මම ඩ්‍රැකියුලා, අහල ඇතිනේ." වෙන කාටවත් ඔහොම කිව්වොත් ඒ මිනිහා බයේ වෙව්ලනවා, නැත්තම් කලන්තේ දානවා. ඒත් රාළහාමි හිනාවුණා.
"එතකොට දැන් ලේ බොන්නේ නෑ?"
"නෑ මම වෙජිටේරියන්. මට දැන් ලේ බොන්න අප්පිරියයි, මිනිස්සු මරන්න දුකයි."
"මම කියන්නද වැඩක්, අපිත් එක්ක ටික කාලයක් වැඩ කරමු. එතකොට ඕව ඇරිලා යයි."
"ඒත් මම මිනිස්සු මරන්නේ නෑනේ."
"කව්ද අප්පේ මරනවා කිව්වේ, හදිසි අනතුරු වෙනවා විතරයි." රාළහාමි ඩ්‍රැකියුලාට කිව්වේ කට කොනින් හිනාවක් දාන ගමන්. "යං, අපි ටිකක් සප්පායම් වෙලාම කතාකරමු."
ඩ්‍රැකියුලා අමාරුවෙන් හිනාවෙන්න හැදුවා, හඳ එළියෙන් වැම්පයර් දත් දිලිසුනාට රාළහාමිගේ හිනාව ඒක පැරද්දුවා. ඔය හැමදෙයක් දිහාම හඳ ඔහේ බලන් හිටියා. සමහරවිට හෙටත් ඉඳීවි.  

9 comments:

  1. රාළහාමි ළඟ ඩ්‍රැකියුලා මොකෙක්ද? නිකම් පොඩි එකෙක් ගාණයි තවම හය හතරවත් දන්නෙ නැති.
    මරු මරු සටහන

    ReplyDelete
  2. ඔතනින් වැඩියම දරුණු කවුද??? උත්තරය අපේ දෑස් අද්දරම නේද???

    ReplyDelete
  3. @Visitiru: :)

    @Outsider: ස්තුතියි.

    @මහිම: :)

    @Dinesh: ඒකනේ, ඇස් ඇරිලනම් හොඳට බලාගන්න පුළුවන්.

    ReplyDelete
  4. ඔය කයිය ගගහා උන්න වෙලාවෙ රාලයාමිට ටොක්කක් ඇන්නනං ඩ්‍රැකාටත් ආයුද පෙන්නන්න යන්ඩ තිබුනා. ගොං ඩ්‍රැකෙක්.

    ReplyDelete
  5. @Charmi: හැබෑව, ගොන්කම නේන්නම්.

    ReplyDelete
  6. ඇඬෙනව බන්...

    "රාළහාමි මේ අහන්න.. එකපාර මා මරන්න..."

    ReplyDelete
  7. අයියෝ ඩ්‍රැකියුලාගේ ලේ බොන ස්ටෝරියක් කියල හිතන් ආවේ! කමක් නෑ ඉතින් මේක ඊට වඩා හොදයි :) **********

    ReplyDelete