"දූ... දැන් ඔය වැලි ගොඩේ නැටුවා ඇති. යන්න, ගිහින් අද ටීච දුන්න හෝම්වර්ක් කරන්න." සඳුනිගේ අම්මා සඳුනිට කිව්වේ හත් වෙනි වතාවට වුණත් සඳුනිට නම් ගානක් වත් නැහැ. වැලි ගොඩේ සඳුනි අතරමන් වෙලා හිටියේ හරියට එයා අලුතින් හොයාගත්ත දූපතක අසිරිය බලනවා වගේ. වෙරළට ගොඩ වදින රළ සුදු පාට පෙන විසිරුවමින් සඳුනිගේ කකුලේ වදින හැටි, මද පවනට සඳුනිගේ කෙස් රූස්ස පොල් ගස්වල කොලත් එක්ක තරඟෙට නැළවුණු හැටි, ගලක් උඩට වෙලා කොන්ඩෙ පීරමින් හිටි දිය කිඳුරියෝ සඳුනිට කතන්දර කියල දුන්න හැටි, ඔය ඔක්කොම සඳුනි හිතින් මවාගෙන එයාගෙම ලෝකෙක ඈ තනිවුණා.
එකපාරටම දුවගෙන ආපු ගෙදරටම සුරතලා පපියා වැලි ගොඩ හාරන්න ගත්තේ සඳුනිගේම හීන ලෝකෙටම එකතුවෙලා වගේ. හැබැයි වැලි දූපත හැඩි කරන්න පපියට එච්චර වෙලා ගත වුනේ නෑ. සඳුනි වැලි වලින් නෑවිලා.
"සඳුනි! මෙහෙට එනවා, මොකද ඔය කරන්නේ? යන්න ගිහින් ඇඟ හෝදගන්න." සඳුනිගේ තාත්තා කෑගැහුවම සඳුනි හීන ලෝකෙන් මිදිලා ගැස්සිලා නැගිට්ටා. ඒත් තාත්තගේ මූණේ තිබුනේ ලා හිනාවක්, ඒකට සඳුනිට තරහ ගියා. සෙල්ලම් කරන්න දෙන්නෙත් නෑ. දැන් හිනත් වෙනවා.
"මට ඕනේ නැහැ එහෙම කරන්න." සඳුනි ප්‍රකාශ කළා.
"ඔන්න මගේ හොඳ දූ දැන් ගිහින් ඇඟ හෝදනවා." වෙනදා තාත්තා සඳුනිට ඔහොම ආදරෙන් කතා කලහම සඳුනි ඒ කිව්වා දේ කරන්න යන්නේ තාත්තට උම්මා එකකුත් දීලයි. ඒත් මේ වෙලාවේ නම් සඳුනිට තවත් තරහ ගියා. සඳුනි තාත්තා දිහා බලලා රැව්වා.
"ඔයා ඔහොම කළොත් අර ආච්චිලගේ ගෙදර තියන වෙස්මූණක් වගේ වේවි." තාත්තා බරපතල කටහඬක් මවාගෙන කිව්වම සඳුනිට බය හිතුනත් ඒක පෙන්නුවේ නෑ. ඒත් ඈ රවන එක නම් නතර කළා. ඔය කතා අහන් හිටිය පුටුවකට වෙලා පොතක් බලමින් හිටි සඳුනිගේ අයියට හිනාවක් ගියා.
"මෝඩයා!" සඳුනි කෑගැහුවා. අයියා නංගිට දිව දික්කරලා විරිත්තුවා.
"සඳුනි නවත්තනවා, පුතා ආයේ කියන්නේ නෑ." ඒ පාර තාත්තා කිව්වේ දෙන්නටමයි.
"ඔයත් මෝඩයා එයත් මෝඩයා"
"සඳුනි! ඔයාට ඔහොම කතාකරන්න බැහැ." ගේ ඇතුලේ ඉඳන් ආපු අම්මා සඳුනිට අවවාද කළා.
"නැහැ, මට ඕනේ එකක් මම කියනවා."සඳුනිට මේ වැඩේ එපා වුණා. ඇයි දෙයියනේ හැමදාම මෙහෙම අනිත් අයට කීකරු වෙන්නේ කොහොමද. ඈට ඕනේ වුණේ ලොකු ළමයෙක් වගේ වැඩ කරන්න. අයියට ඔහොම හැමතිස්සෙම අම්මයි තාත්තයි අවවාද උපදෙස් දෙන්න යන්නේ නෑනේ. සඳුනිට එයාගේ වැඩ එයාට ඕනේ විදිහට කරගන්න ඕනේ වුණා. අම්මලාගේ තාත්තලාගේ කතාවලට එකතුවෙන්න ඕනේ වුණා. කොටිම්ම කියනවා නම් ඇයට ඕනේ වුණේ නිදහස් වෙන්න. ඒත් ඒක මේ ලොකු අයට නොතේරෙන හැටි. මහා ලොකුවට ඇඟ විතරයි මොලේ නැතිව ඇති.
"මම නරක වචනයක් කියන්නයි යන්නේ" සඳුනි කිව්වේ හයියෙන් අඩි පොළවේ හප්පන ගමන්.
"මම නරක වචනයක් කියන්නයි යන්නේ" සඳුනි කිව්වේ හයියෙන් අඩි පොළවේ හප්පන ගමන්.
එතකොටම මුළු පරිසරයම නිශ්ශබ්ද වුණා. තාත්තගේ මූණේ තිබුන ලා හිනාව අතුරුදන් වුණා. අම්මගේ ඇස් පිපිරෙන්න තරම් වුණා. අයියා පොත පැත්තකට දැම්මා විතරක් නෙමේ නැගිට්ටවුණා. පපියත් වැලි හාරන ඒක පැත්තකට දාල සඳුනි දිහා බැලුවේ කන් දෙක උස්සන ගමන්.
"හොඳයි, ඔයාට කියන්නම ඕනෙනම් කියන්න." තාත්තා සන්සුන් ස්වරයෙන් කිව්වා.
සඳුනි ලොකු හුස්මක් අරන් අත මිට මොලවා ගත්තා.
"තමුසේ!" සඳුනි බෙරිහන් දුන්නා "තමුසේ තමුසේ තමුසේ"
ඔන්න, දැන්වත් හැමෝම ඇගේ තරම දැන ගනීවි.
මාර නරක වචනයක්නෙ කියල තියෙන්නෙ හික් හික්.
ReplyDeleteදෙමව්පියන් කියන විදියට හිඳීම, දෙමව්පියන් කරන දේම අනුකරණය කිරීම දරුවන් කල යුතු බව දෙමව්පියන් මෙන්ම වැඩිහිටි සමාජයම හිතනව. ඒත් වැඩිහිටියන් මේ වනතෙක් වැඩිහිටි වූ පමණින් දරුවන්ට නිවැරැදි දේම දායාද කරන්න හැකියාව ලද්දවුන්ද කියන එකයි ගැටඵව. මමනම් හිතන්නෙ ඒක එහෙම නෑ කියලයි. නැත්නම් එකම විදියේ දරුවන් නොවන වෙනස් විදියේ අංකුර වැඩිවෙන්න තිබුණ මේ ලෝකෙ. ඒත් දැන් ඉන්න විශිෂ්ඨයේ එකම පාරෙ දුවන අයමයි.
හික්ස්!ඇයි අර සතෙක් ගේ නම කියල බනින්න කිව්වම කවුද සමනලයා කියල බැන්නලු නෙ! :)
ReplyDeleteඅපෝයි.... ඒක නරකම නරක වචනයක් තමයි... දැන් ටී.වී එකේ මෙගා නාට්ටි වලත් ඒ වචනෙ කියන්නෙ නෑ නෙ.... ඉතිං හොඳටම නරකයි තමයි..
ReplyDeleteළමයින්ගෙ සුන්දර ලෝකය.... අපූරු කතාවක්. හැබෑ නේන්නම් "තමුසෙ" කියන්නෙ නරක වචනයක්නෙ.
ReplyDeleteමැණික්
ඒ පාරනම් සදුනිට සෑහෙන්න කේන්ති ගිහින් වගේ....
ReplyDelete:-)
ReplyDelete@Outsider: හෙහෙ.
ReplyDeleteඔව්, කාවවත් අනුකරණය කළාට විශිෂ්ටක් වෙන්න බෑ. මොනම හරි අලුත් දෙයක් හිතන්න ඒ අනුව ක්‍රියා කරන්න වෙනවා. දැන් අපි විශිෂ්ට යයි හඳුන්වන අයත් එහෙම දෙයක් කරපු අයනේ.
@Sabith: එහෙමද? හි හී :)
@harshana: නරක වචනයක් නේන්නම්.
@මැණික්: ළමා ලෝකේ කොහමත් සුන්දරයිනේ. ස්තුතියි.
@Dinesh: ඒකනේ, ඔන්න ළමයි එක්ක කතාව පරිස්සමෙන්!
@ජීවිතේ මල්: :)
පුංචි හිත්.. ඒ ලෝකෙ සතුටෙන් ඉන්න, හීන මවන්න බාධා කරද්දි.. කරන්න පුළුවන් ඒ පුංචි හිතට දැනෙන අහිංසකම නපුරු දෙයක් කරන්න පෙළඹෙනවා.. ඔය පුංචි වචනෙ තවත් පොඩි ළමයෙකුට කිව්වොත්.. ඒ පොඩි එකා තේරුම දැන හෝ නොදැන අඬනවා.. පාසැලේ ටීචර් වසනම්.. ගුටියකුත් දේවි.. :)
ReplyDeleteමේක නම් සෑහෙන නරක වචනයක්... :)
ReplyDeleteමල් වගේ පුංචි දරුවන් කියන සමහර චවනත් එක්ක බැලුවම ,දූට මේ වචනය කොහොම නරක් වුනා ද මන්දා.
ReplyDeleteඅම්ම තාත්ත රන්ඩු වෙන කොට දු හොරෙන් අහන් ඉදපුවා තමයි ඔය.
අම්මෝ ඔය වචනේ එක දෙක වසර වලදී හෙන නරක වචනයක් තමා. මම නම් ගුටියකුත් කාලා තියෙනවා....
ReplyDelete@නන්දු: ඒකනේ, ළමා කාලය කොච්චර සුන්දරද...
ReplyDelete@සාතන්: ඔව්, සාතන් මාමේ, මාමත් හිටපු ගමන් ඕක කියනවා නේ? :P
@සොඳුරු සිත: ඔව් වත්, පොඩි කාලේ ළමයි හැම දෙයක්ම වගේ ඉගෙන ගන්නේ වැඩිහිටියන් ගේන්නේ. ඒ හින්ද ළමයි එක්ක කතාව වැඩ පරිස්සමෙන්.
@Prasanna: හෙහේ, මේ සඳුනිත් ගුටියක් කාවිද දන්නේ නෑ එහෙනම්. :)
නියමයි හිරණ්‍ය. හොඳටම කැමතියි. කාලයක් මතක තියෙන කතාවක් වේවි. මේක හොයල දුන්නට මාලන් කාරයටත් තැන්කූ.
ReplyDeleteඅපේ ගෙවල්ගාව හිටිය පොඩි එකෙන්නෙක් දවසක් අහනව
ReplyDelete"අපේ අම්ම අපිට 'ටොපි' කියල බනිනවනෙ. ඇයි එහෙම ටොපි කියල බනින්නෙ?" කියල.
දීපල්ලකො උත්තර....!!
බ්ලොග් එක මරු !! මාත් මාලන්ගෙන් පාර අහගෙන ආවේ
@Charmi: එහෙම මතක හිටින කතාවක් ලියන්න ලැබීම ගැන සතුටුයි, ස්තුතියි. මාලන්ටත් පාර කිව්වට තුති.
ReplyDelete@චමිල: හෙහේ, 'ටොපි' කියල බනින්නේ ආදරේට කියලද උත්තර දුන්නේ...
බොහොම ස්තුතියි.
අදමයි මම මෙහාට ගොඩ උනේ, මට මෙහෙට එන්න පාර කිව්වේ මකර තුමා.
ReplyDelete(මකරා මගේ පෝස්ට් එකක් බලලා, කමෙන්ට් එකක් දාලා තිබුනා මේ ලින්ක් එකත් එක්කම, ගිහින් මේ පෝස්ට් එක බලන්න කියලා)
කතාව හරිම හුරතල්,
දැන් කාලේ පොඩි එකෙක් මේ වගේ වචනයක් නරක වචනයක් විදිහට කිව්වා කියන්නේ එයා හැදිච්ච පරිසරයේ හොඳකම පේනවා.
මේ වගේ කතාවක් මම "රමෝනා" පොතේ කියවල තියෙනවා, පුංචි සඳුනිත් හරියට රමෝනා වගේ තමයි.
රමෝනා කියන්නේ මම හරිම ආස පුංචිම පුංචි දඟ මල්ලක්.
@ලොකු පුතා: ඔබ ආපු පාර දිගේ ගිහින් මම ඔබේ බ්ලොග් පිටුව ගොයාගත්තා. හොඳයි, ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි. (ඒ වගේම මෙහෙට එන්න පාර කියපු මකරාටත්)
ම්ම්ම්,,, "Ramona and Beezus" කියන සිනමාපටයේ කෑම කන වෙලාවේදී මීට සමාන්තර අවස්ථාවක් තියනවා මතකයි. ඔව්, රමෝනා දඟ මල්ලක් නේන්නම්. දඟ මල්ල ගැන මතක් කරද්දී "දඟ මල්ල හා අමුතු ඉස්කෝලේ" නමින් ජපන් ළමා කතාවකුත් තියනවානේ. සමහර විට ඔබ කියවල ඇති...