Saturday, April 9, 2011

අමාවක සඳ


ඈත කොහෙදෝ
බල්ලෙක් උඩුබුරයි
ඇය ඔහු එනතෙක් තවම
බලාහිඳී
අදට මාසයක්

ඔහු සපත කළා
හැකි ඉක්මනින්
එන බව
ඇය හදවතින්ම
ඇදහුවා ඒ වචනය

හිරිගඩු පිපෙන
තනිකම රැඳුන
තවත් රැයක්
ඔහේ ගෙවෙයි

ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි
ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි

කියන්නී ඇය
අහෝ
සඳ නැති අමාවකේ
තනි වුණා ඇය 

1 comment: