සිසිරයේ සීතල පපුවේ වැදෙද්දී
වැටෙනා කඳුළු කැට හිමෙන් මිදෙද්දී
රිදී විල් තෙර තුහින තලාවක් වෙද්දී
මාව එක සැරයක්වත් මතක් උනාද
අමතකද අප හමු වුනේ හරියටම
ඔව් හරියටම අවරුද්දකට කලින්
අත් අල්ලන් මේ සුන්දරත්වය වින්දේ
ඔච්චර ඉක්මනට අමතක උනාද
පළවෙනි හිම පොද පොලවේ වදිද්දී
අපි හිම කැට එක්කළේ තරඟෙට
දිනන්න පුළුවන්කම තියෙද්දිත්
ඔයාව දිනෙව්වා අමතකද
ඒ උණුසම අහිමි උනත්
තාමත් හදවතේ තෙත තියෙන්නේ
ආයේ ඒවි කියලද
නැත්තම් ඔයා මට අහිමියි කියල
පිළිගන්න අකමැති හින්දද
අවුරුද්දෙන් අවුරුද්ද මේ විල
මිදේවි ආයේ උණුසුම් වේවි
කාලෙන් කාලෙට හිමෙන් පොලව
වැහේවි ආයේ හිරු එළියෙන් දිය වේවි
එතකොට මම?
කොතනද?
කොහේටවත් අයිති නෑ,
මගේ හර්දයත් නෑ
මමත් නෑ, මාව කාටවත් අයිතිත් නෑ...
වැටෙනා කඳුළු කැට හිමෙන් මිදෙද්දී
රිදී විල් තෙර තුහින තලාවක් වෙද්දී
මාව එක සැරයක්වත් මතක් උනාද
අමතකද අප හමු වුනේ හරියටම
ඔව් හරියටම අවරුද්දකට කලින්
අත් අල්ලන් මේ සුන්දරත්වය වින්දේ
ඔච්චර ඉක්මනට අමතක උනාද
පළවෙනි හිම පොද පොලවේ වදිද්දී
අපි හිම කැට එක්කළේ තරඟෙට
දිනන්න පුළුවන්කම තියෙද්දිත්
ඔයාව දිනෙව්වා අමතකද
ඒ උණුසම අහිමි උනත්
තාමත් හදවතේ තෙත තියෙන්නේ
ආයේ ඒවි කියලද
නැත්තම් ඔයා මට අහිමියි කියල
පිළිගන්න අකමැති හින්දද
අවුරුද්දෙන් අවුරුද්ද මේ විල
මිදේවි ආයේ උණුසුම් වේවි
කාලෙන් කාලෙට හිමෙන් පොලව
වැහේවි ආයේ හිරු එළියෙන් දිය වේවි
එතකොට මම?
කොතනද?
කොහේටවත් අයිති නෑ,
මගේ හර්දයත් නෑ
මමත් නෑ, මාව කාටවත් අයිතිත් නෑ...
අපි කාවවත්, කාටවත් අයිති නැහැ... හ්ම් ඒ වගේම , අපි කවුරුත් එකි නෙකාට අයිතියි...
ReplyDeleteඒ කවියේ සීතල වචන මටත් දැනුනා ...
ReplyDeleteසීතල හිම කැට දිය කරගෙන
ReplyDeleteමගෙ කඳුළු සැළුනා නුඹ නික්මුන දින
ගවුන කාලය මතකද හිතවතිය නුඹට
දෑත් බැදගෙන ආදරෙන් හිටිය..
නො දැනුනා නෙමේ..
ReplyDeleteනො හැගුනා නෙමේ..
ගෙවුනු මතකය ..
රිදෙව්වා විතරමයි හදේ...
දුරින් ගියා නික්ම..
තබා මතක ලගම...
හිමි නොවුනද අපව..
අහිමි නොවුනු හිත් අද්දර..
මම අදද නුඹ ලග....
@සොඳුරු සිත: ඒ වුනාට සමහර වෙලාවවට අපි අපිටවත් අයිති නෑ කියල හිතෙනවා අක්කේ,,,
ReplyDeleteස්තුතියි.
@හිස් අහස: දන්වන්න පුලුවන්නම් සතුටුයි සහෝ, ස්තුතියි.
@Dinesh: දෑත බැඳන් ආදරයෙන් උන්නානම්
කිමද අප අද දෙතැනක...
ස්තුතියි සහෝ.
@නිම්ශා: අහිමි හිමි අතර දෝලනය වන
මේ දුක්බර සිඳුරු දිවිය කොයිබටද...
ස්තුතියි සහේලි.
හොද සංකල්පනාවක්.....!
ReplyDelete@Dilu!: ස්තුතියි යෙහෙළි... :)
ReplyDelete