Monday, April 18, 2011

සිසිරයේ සීතල



සිසිරයේ සීතල පපුවේ වැදෙද්දී
වැටෙනා කඳුළු කැට හිමෙන් මිදෙද්දී
රිදී විල් තෙර තුහින තලාවක් වෙද්දී
මාව එක සැරයක්වත් මතක් උනාද

අමතකද අප හමු වුනේ හරියටම
ඔව් හරියටම අවරුද්දකට කලින්
අත් අල්ලන් මේ සුන්දරත්වය වින්දේ
ඔච්චර ඉක්මනට අමතක උනාද

පළවෙනි හිම පොද පොලවේ වදිද්දී
අපි හිම කැට එක්කළේ තරඟෙට
දිනන්න පුළුවන්කම තියෙද්දිත්
ඔයාව දිනෙව්වා අමතකද

ඒ උණුසම අහිමි උනත්
තාමත් හදවතේ තෙත තියෙන්නේ
ආයේ ඒවි කියලද
නැත්තම් ඔයා මට අහිමියි කියල
පිළිගන්න අකමැති හින්දද

අවුරුද්දෙන් අවුරුද්ද මේ විල
මිදේවි ආයේ උණුසුම් වේවි
කාලෙන් කාලෙට හිමෙන් පොලව
වැහේවි ආයේ හිරු එළියෙන් දිය වේවි

එතකොට මම?
කොතනද?
කොහේටවත් අයිති නෑ,
මගේ හර්දයත් නෑ 

මමත් නෑ, මාව කාටවත් අයිතිත් නෑ... 

7 comments:

  1. අපි කාවවත්, කාටවත් අයිති නැහැ... හ්ම් ඒ වගේම , අපි කවුරුත් එකි නෙකාට අයිතියි...

    ReplyDelete
  2. ඒ කවියේ සීතල වචන මටත් දැනුනා ...

    ReplyDelete
  3. සීතල හිම කැට දිය කරගෙන
    මගෙ කඳුළු සැළුනා නුඹ නික්මුන දින
    ගවුන කාලය මතකද හිතවතිය නුඹට
    දෑත් බැදගෙන ආදරෙන් හිටිය..

    ReplyDelete
  4. නො දැනුනා නෙමේ..
    නො හැගුනා නෙමේ..
    ගෙවුනු මතකය ..
    රිදෙව්වා විතරමයි හදේ...

    දුරින් ගියා නික්ම..
    තබා මතක ලගම...
    හිමි නොවුනද අපව..
    අහිමි නොවුනු හිත් අද්දර..
    මම අදද නුඹ ලග....

    ReplyDelete
  5. @සොඳුරු සිත: ඒ වුනාට සමහර වෙලාවවට අපි අපිටවත් අයිති නෑ කියල හිතෙනවා අක්කේ,,,
    ස්තුතියි.

    @හිස් අහස: දන්වන්න පුලුවන්නම් සතුටුයි සහෝ, ස්තුතියි.

    @Dinesh: දෑත බැඳන් ආදරයෙන් උන්නානම්
    කිමද අප අද දෙතැනක...
    ස්තුතියි සහෝ.

    @නිම්ශා: අහිමි හිමි අතර දෝලනය වන
    මේ දුක්බර සිඳුරු දිවිය කොයිබටද...
    ස්තුතියි සහේලි.

    ReplyDelete
  6. හොද සංකල්පනාවක්.....!

    ReplyDelete
  7. @Dilu!: ස්තුතියි යෙහෙළි... :)

    ReplyDelete