Saturday, April 16, 2011

ශුද්ධ වූ ජුදාස්



ශුද්ධ වූ මෝඩයා මම වෙමි
නැවත නැවතත් ඔබටම රැවටෙන
පාවාදෙන වාරයක් පාසා
ඔබටම ආදරය කරන
ජුදාස් මා පෙම්බර
මේ කෘර ප්‍රේමය සුන්දරද

පාපයන් අතරේ සැරිසරමින්
යක්ෂයා හා මිත්‍ර ඔබව
පිළිගන්නම් පව් සෝදා
ජුදාස් මා පෙම්බර
පැමිණෙන විට ඔබ මා සුදානම්

ගැලවුම්කාරයා කව්රුනම් වේද මාගේ
අභිෂේක නොලද රාජ කුමරුනේ
බැහැ නතර කරනු මේ ප්‍රේමය
ඔබටම පුජා කර ඇති
ජුදාස් මා පෙම්බර
අන්ධකාරයේ අලු ඔබවේ මාහට

5 comments:

  1. ඒ කවිය මට වැඩිය මීටර් උනේ නෑ ... මම ජුදාස් ගැන අහලා තිබ්බට ඒ කවුද කියලා දන්නෙත් නෑ ..

    වදින්නම් මචං මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපන්කෝ ! කමෙන්ට් කරන්න හරිම කරදරේ ඒවා එක්ක .

    ReplyDelete
  2. @හිස් අහස: ජුදාස් කියන්නේ ජේසුස් වහන්සේව පාවලදුන්න කෙනා, දැන් කවිය තේරේවි මම හිතන්නේ.

    හරි ඔන්න අයින් කළා

    ReplyDelete
  3. කවි පෙල ගොඩාක් සුන්දරයි යාළුවා..
    මේකට මට කවියකින් පිළිතුරක් දෙන්න බැරි එක ගැන මම කණගාටු වෙනවා.. ඒ මම ජුදාස් ගැන නොදැනීම නිසා..

    ReplyDelete
  4. හ්ම්...........

    සතුරාට ප්‍රේම කරන මිතුරා

    අද කාලේ නම් කියන්නේ ....
    මෝඩකම කියල...
    මොකද
    අද කාලේ කොහෙද
    හිත හොද මිනිස්සු..

    පාස්කු මංගල්‍ය ළඟයි නේ ද යාළු.....

    ReplyDelete
  5. @Dinesh: ස්තුතියි යාළුවා, මමත් ඉතින් ගොඩක් දේවල් දන්නේ නෑ.
    කොහොම උනත් අදහසක් දැක්වුවට බොහොම තුති.

    @සොඳුරු සිත: අක්කාගෙන් කමෙන්ටුවක්, හරිම සතුටුයි.
    ඒකනේ හැමෝටම එක වගේ මෛත්‍රි කරන අය නැති තරම් වෙන්න ඇති දැන් කාලේ.
    පාස්කු මංගල්‍ය නම් ලඟයි තමයි, ඒත් මම කතෝලික/ක්‍රිස්තියානි නෙමේනේ.

    ReplyDelete