Friday, April 29, 2011

සමාන්තර (7වන කොටස)

මාලන්ගේ  දෘෂ්ටිකෝණයෙන්:

අවිශ්ක එක පාරටම උත්තරාගේ ගෙදර යන්න කතා කළහම පුදුම නොවී ඉන්නේ කොහොමද, ඒක කිව්වට පස්සේ මම ටිකක් වෙලා හරියටම මොකද්ද කිව්වේ කියල හිතා ගන්න බැරිව ගල් වුණා. පියවි ලෝකෙට ආව ගමන්ම හිතට දැනුන මුල්ම ප්‍රශ්නේ තමයි " මූ මොකාටද එන්න හදන්නේ" කියන එක.  මොනවහරි ප්ලෑන් එකක් තියාගෙන කතාකරනවා වෙන්නත් බැරි නෑනේ. හදිස්සියේ වෙන කොහෙහරි එක්කන් ගිහින් ගැහුවොත් එත් නැත්තන් හිර කළොත්. අවිශ්ක ඒ වගේ වැඩ කළේ නැතුවට ප්‍රශ්නවලට කොහොම මුහුණ දෙනවද දන්නේ නෑනේ.වර්ශාත් එක්ක මගේ කිසිම සම්බන්දයක් නැති වුනත් බොරුවට එහෙම කතාවක් හැදෙව්වේ උත්තරාගෙයි අවිශ්කගෙයි සම්බන්ධයක් තියනවද කියල ඇත්තම දැනගන්න. මේ දඟලන විදිහෙන්නම් උත්තරාට නැති වුනත් අවිශ්කටනම් එහෙව් වුවමනාවක් තියනවා වගේ. කෝකටත් කලබල වෙන්න නරකයි.

"මට අවිශ්කව විශ්වාස කරලා එන්න පුලුවන්ද?", මම කල්පනා කරලා බලලම ඇහුවා.
"පුළුවන්, මාලන් හිතනවානම් මම මේ මාලන්ව එක්ක යන්න හදන්නේ මොකක් හරි කරදරයක් කරන්න කියල එහෙමනම් මේ විදිහට ගෙදරට එන්නේ නෑ...වෙන ක්‍රමයක් කල්පනා කරනවා..."

මොකද කරන්නේ කියල හිතාගන්න බැරිව මොහොතක් ගතවුණා.

" හරි එහෙනම් මම මාලන් ගේ අම්මට විස්තරේ කියන්නද? එතකොට විශ්වසකරන්න පුළුවන්නේ,,,,"
"නෑ ඕනේ නෑ, හරි අපි යමු"

ඕනේ එකක් වෙච්චාවේ කියල අන්තිමට තීරණය කරලා අවිෂ්කත් එක්ක යන්න පිටත් වුණා.  උත්තරාගේ ගෙදරට එනකම්ම අවිශ්ක මොනවත් කිව්වේ නෑ. මටත් කතා කරන්න වුවමනාවක් තිබ්බේ නැති හින්ද වගේම යන ගමන ගැන සැකෙන් හිටිය හින්ද මම මුකුත් ඇහුවෙත් නෑ. 

පැය බාගෙකට විතර පස්සේ අපි උත්තරාගේ ගෙදරට ආවත් වැඩක් වුනේ නෑ, උත්තරාවත් එයාලගේ ගෙදර කෙනෙක්වත් හිටියේ නෑ. මේ වෙලාව වෙනකොට උත්තරාගේ තාත්තත් වැඩට ගිහින් ඇවිල්ල වාහනේ නවත්තල තියෙන්න ඕනේ උනත් ඒක තිබුනෙත් නෑ. සමහර විට කට්ටියම කොහෙහරි යන්න ඇති. උත්තරාට කෝල් කරන්න බැලුවත් ඒක හරිගියෙත් නෑ. සැහෙන වෙලාවක් දොරට තට්ටු කරලා, ගේ වටේ ඇවිදලා බලල බැරිම තැන ආයේ යන්න හැරුණා.

"මාලන්,,, උත්තරා නැති උනාට කමක් නෑ මට කියන්න ඕනෙදේ කියන්න ඕනේ", ආපිට හැරිලා එනගමන් අවිශ්ක කිව්වා.
"කියන්න", මොනවා කියයිද කියල කුතුහලෙන් ඇහුවා.

"මේකයි උත්තරා දැන් ලඟකදී ඉඳල වෙනස් වෙලා. මාව මඟ අරිනවා, කෝල්ස් වලට ආන්සර් කරන්නෙත් නෑ. අනිත් ඒක මාලන් ගැන ආරංචියක් ආවනේ, එකත් සමහර විට හේතුවක් වෙන්න ඇති..... මාලන් ගේ මොකක් හරි සම්බන්ධයක් තියනවද වර්ශත් එක්ක?"
"ඇයි අහන්නේ?"
"මම හිතනවා උත්තරාගේ යාලුවෙක් විදිහට හිතනවා මට අයිතියක් තියනව කියල."
"එහෙනම් උත්තරාගේ අනිත් යාළුවොත් ඔහොම අහන්න ඕනෙනේ, එහෙම අහනවා තියා මම උත්තරාගේ කව්ද කියලවත් දන්නේ නැතුව ඇති"
"මම උත්තරාගේ හොඳම යාළුවා, ඒක හින්ද අපි වෙනස් "
"හ්ම්හ්,,,,, හරි තවත් රඟ පන්න ඕනේ නෑ, මම හිතපු දේ හරි. අවිශ්ක උත්තරා ගැන යාලුවෙකුට වඩා හිතනවා. කෙලිම්ම කිව්වොත් අවිශ්ක උත්තරාට ආදරෙයි, එහෙම නේ?"
 
අවිශ්කගේ ඇහිබැම අකිලුනා. මොනාහරි කියන්න කට නලියව දැක්කට මොනවත්ම පිට වුනේ නෑ. 

"ඔව් මම උත්තරාට ආදරෙයි තමයි!", ටික වෙලාවකට පස්සේ අවිශ්ක කිව්වේ බැරෑරුම් හඬකින්.

වෙන්න එපාම කියල හිතුවත් ඒක වෙලා කියල දැනගත්තා. අවිශ්ක ගැන සෑහෙන කේන්තියක් ආවත් ප්‍රශ්න විසඳ ගන්න පිළිවෙලක් තියෙන්න ඕනේ හින්ද ඉවසුවේ අමාරුවෙන්. අවිෂ්කයි මමයි අතරින් කව්රු උත්තරා තොර ගනීවිද?

4 comments:

  1. හ්ම්...මාලන්ව...

    ReplyDelete
  2. දවසින් දවස මේ කතාව අළුත් වෙනවා..

    ReplyDelete
  3. කතාවනං එල ය​...........

    ReplyDelete
  4. @නිම්ශා: හ්ම්ම්, බලමු

    @Dinesh: ස්තුතියි සහෝ...

    @Lakshan: බෝම තුති ය...

    ReplyDelete