Monday, September 12, 2011

දිය කිඳුරියක් අල්ලගමු



සිහිනමය සන්ද්‍යාවක
වලාපටල මැදින්
ගලා ආ රිවි රැසින්
දැක ගතිමි ඔබ
මා සෙවූ ඒ ප්‍රාණියා බව


කැරලි ගැසුණු කෙහෙ රැලි
වල ගැසුණු රෝස කම්මුල්
අතරින් පුළුල් නයන
කතාකරද්දී හැඳිනගතිමි ඔබ
දිය කිඳුරියක්ම වන වග


මගේ මිතුරියේ,
ඔබව සොයා ගැනීමට 
වෙහෙස වූ තරම දනී නම්


ඒ අතීතයේ ගීතය ගයන්න 
සූර නැවියන්ගේ කතා අසන්න
ආසයි මමත් ප්‍රියාවිය


පරම බලාපොරොත්තුව
සඵල කරගැන්මට 
අපේම නවාතැනකට 
මුළු ලොවින්ම වෙන්වී
එන්නට මා සුදානම්


කිඳුරියේ, මා කිඳුරියේ 
මා මනුෂ්‍යයෙක් බව
සපත කරන්නට
කනට කොඳුරා පවසන්න
සදහටම ඔබ මගේ කියා


වින්දනයේ ආශ්වාදය වැඩි කරගන්න මේ සින්දුවත් අහන්න. කවියටම පෑහේවී. 


4 comments:

  1. ලස්සනයි කවි පෙල යාළුවා..
    දිය කිදුරියක් අල්ලමු කියලා තිබුනම මට මතක් උනේ අළුත් "පයිරට්" ෆිල්ම් එකේ කිදුරියෝ අල්ලන එක...

    ReplyDelete
  2. @Dinesh: ස්තුතියි, යාළුවා.
    එකේ එහෙම කොටසක් තියනවද, එහෙනම් බලන්න ඕනේ. :)

    ReplyDelete
  3. සින්දුවනං ටොප්! :)

    ReplyDelete
    Replies
    1. සින්දුවේ ලින්ක් එක නෑ, 404
      මෙතනිං ගන්න පුලුවං

      https://www.youtube.com/watch?v=Jl8iYAo90pE

      මේ ‌post එක 2011දි දැක්කට පස්සෙ මං මෙයාගෙ සින්දු වලට addict වෙලා!

      anonymous comment එක දැම්මෙ මම!

      Delete