Saturday, September 3, 2011

මටත් සම්මානයක් ලැබෙයිදෝ


ලොකු සද්දයක් දාගෙන
රතු පලසක් උඩින් ඇවිදගෙන
දෙලොවටම  වැඩක් නැති 
කතාවක් පවත්වාගෙන
සම්මානයක් ගන්න 
මමත් හරි ආසයි

පැපරාසි පස්සෙන් එද්දී
පත්තරෙන් සාකච්චා තියද්දි
රසිකයන්ට අත්සන් දෙද්දී 
සම්මානයක් ගන්න 
මමත් හරි ආසයි

සම්මානයක් එක්ක
ලොකු වටිනාකමක් 
වටිනාකමත් එක්ක 
ලොකු බලයක්
බලයක් එක්ක
ලොකු ශක්තියක් 
එතකොට මම
මම, මම, මම
හැමෝටම ඉහලින් 

සුළඟට පාවෙන මළ කොළයක් නොවී
රූස්ස ගහක පිපුණු මලක් වෙන්න 
වේලුනු පොළවට ලා පොද වැස්සක්
ගොළු වුණු සිතට ආදර සිනහවක් 

අනේ මටත් ආසයි 

සම්මානයක්,
මටත් සම්මානයක් ලැබෙයිදෝ!

11 comments:

  1. නියමයි නියමයි.. පහුගිය ටිකේ මේ පැත්තෙ එන්න බැරිවුනා...

    මම උඹව නිර්දේශ කරනව හොරෙන්ම කනට ගැසීමේ දක්ෂයාට හිමි සම්මානෙට.... :)

    ReplyDelete
  2. සම්මානයක් එක්ක
    "ලොකු වටිනාකමක්
    වටිනාකමත් එක්ක
    ලොකු බලයක්
    බලයක් එක්ක
    ලොකු ශක්තියක්
    එතකොට මම
    මම, මම, මම
    හැමෝටම ඉහලින්"

    ඒ "මම" එක්ක ඉන්පසු ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
    හොඳ සාර්ථක කවියක් මිත්‍රයා.

    ReplyDelete
  3. @ඉන්දික: ස්තුතියි, :)

    @සාතන්: කමක් නෑ දැන් ආවනේ. හෙහේ, හොඳයි හොඳයි, ස්තුතියි. :)

    @Outsider: ඒ "මම" නිර්මාණය වෙද්දී සැබෑ මම නැතිවෙලා යනවා, එතකොට ඉන්නේ මම අඳුරන්නෙවත් නැති "මම" කෙනෙක්.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. හැමෝටම ඉහලින්
    ලොකු වටිනාකමකින්
    ඉන්න නුඹ
    සැබෑ "මම" හිතේ රදවගෙන...

    සාර්ථක් නිර්මාණයක් යාළුවා... හරිම අපූරුයි...

    ReplyDelete
  5. @Dinesh: ස්තුතියි යාළු.

    ReplyDelete
  6. නිකන්ම පිත්තල් සම්මානයකට වඩා
    වටින් නැද්ද..වටේ ඉන්න යාළුවොන්ගෙ හිත්වල
    සැබෑ යාළුවෙක් කියල ලැබෙන සම්මානය...
    මට නම් වටින්නෙ ඒක.....

    ReplyDelete
  7. ලස්සන කවියක් මචං .. දැක්ක ගමන් හිත ගියා නියමෙට ගලපලා තියනවා ..

    ReplyDelete
  8. @පිසාචයා: එකඟයි, මානුෂීය සම්බන්ධතා භෞතික දේවලින් මනින එකේ තේරුමක් නෑ.

    @හිස් අහස: ස්තුතියි සහෝ.

    ReplyDelete
  9. ලැබෙයි ලැබෙයි . . උත්සාහ කලොත් ලැබෙයි . .

    හැබැයි සම්මානයක වටිනාකම පහත් කරන එකට නම් මම විරුද්ධයි . . .

    සම්මාන අගයන හැටි ගැන විස්වාසයක් නැති නම් සහ තමන්ගේ වැඩ සම්මාන ගන්න තරම් ඉහල නෑ කියන විස්වාසයක් තියෙනවනම් තරඟ නොකර ඉන්න එක තම වඩා හොඳ!

    ReplyDelete
  10. @දුකා: අනිවාර්යයෙන්, උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නෑ.
    සම්මානයක අගය ඉහල දැමීම මිස බාල කීරීම නම් කොහෙත්ම මගේ අරමුණ නෙමෙයි, මේ කවියෙන් උත්සහ කළේ සමහර සම්මාන ලබන හා ලබා දෙන ආකාරය ගැන යමක් කීම පමණයි.

    ReplyDelete