සිහිනමය සන්ද්‍යාවක
වලාපටල මැදින්
ගලා ආ රිවි රැසින්
දැක ගතිමි ඔබ
මා සෙවූ ඒ ප්‍රාණියා බව
කැරලි ගැසුණු කෙහෙ රැලි
වල ගැසුණු රෝස කම්මුල්
අතරින් පුළුල් නයන
කතාකරද්දී හැඳිනගතිමි ඔබ
දිය කිඳුරියක්ම වන වග
මගේ මිතුරියේ,
ඔබව සොයා ගැනීමට
වෙහෙස වූ තරම දනී නම්
ඒ අතීතයේ ගීතය ගයන්න
සූර නැවියන්ගේ කතා අසන්න
ආසයි මමත් ප්‍රියාවිය
පරම බලාපොරොත්තුව
සඵල කරගැන්මට
අපේම නවාතැනකට
මුළු ලොවින්ම වෙන්වී
එන්නට මා සුදානම්
කිඳුරියේ, මා කිඳුරියේ
මා මනුෂ්‍යයෙක් බව
සපත කරන්නට
කනට කොඳුරා පවසන්න
සදහටම ඔබ මගේ කියා
වින්දනයේ ආශ්වාදය වැඩි කරගන්න මේ සින්දුවත් අහන්න. කවියටම පෑහේවී.
ලස්සනයි කවි පෙල යාළුවා..
ReplyDeleteදිය කිදුරියක් අල්ලමු කියලා තිබුනම මට මතක් උනේ අළුත් "පයිරට්" ෆිල්ම් එකේ කිදුරියෝ අල්ලන එක...
@Dinesh: ස්තුතියි, යාළුවා.
ReplyDeleteඑකේ එහෙම කොටසක් තියනවද, එහෙනම් බලන්න ඕනේ. :)
සින්දුවනං ටොප්! :)
ReplyDeleteසින්දුවේ ලින්ක් එක නෑ, 404
Deleteමෙතනිං ගන්න පුලුවං
https://www.youtube.com/watch?v=Jl8iYAo90pE
මේ post එක 2011දි දැක්කට පස්සෙ මං මෙයාගෙ සින්දු වලට addict වෙලා!
anonymous comment එක දැම්මෙ මම!