ගලමත නලියන පෙණ බුබුලක් මත
සුළඟට සෙලවෙන පිහාටුවක්
සුසිනිදු එය මත ඉඩ ඇත්තේ නැත
ඇහි පිල්ලමක් යලි අහුරන්න
පිහාටුවට ගිනි තබමි මම
හානි නොවෙන්න බුබුලට
පාවී යන භෂ්ම තනිකරයි
දිය බුබුල තුල අවකාශය
හිස්කම අතරින් මතුව දිස්වන
බුබුල මත හිරු එලියෙන් දිදුලන
සිටගනිමි සීරුවෙන් සැනසෙන්නට
අස්ථාවර බව තුල ස්ථායිව
අප්‍රාණික බුබුල තුල වාතය
මුසුවේ පිටතට හනික
පර්වතය අසල තනිව මම
මාගේ සුඛාන්තය සමගම
ඔයා නම් හරි අමුතුම කවි කාරයෙක් හිරණ්‍ය... වෙනස්ම වෙනස්..
ReplyDeleteඅර පිංතුරේට නම් මම හරි ආසයි
සිරා මචං.. දෙපාරක්ම නිවී සැනසිල්ලේ බලලයි අයිඩියා එකක් දා ගත්තේ..
ReplyDeleteඅස්ථායීබව තුල ස්තායීබවක් රැකගෙන සැපක් ලබන්ට හදනවද? :)
ReplyDeleteමට නම් තේරුනේ නෑ බන්... මේ වෙලාවෙ ඕක කල්පනා කරන්නත් බෑ :)
ReplyDelete