මේ ලිපිය මම කලින් ලියූ "අපි කන කෑම ගැන දන්නේ මොනවද?" නම් ලිපියේම දිගුවක් වුනත් තනිව වුවද කියවිය හැකියි. මේ ලිපියෙන් කතා කෙරෙන්නේ GMO (Geneticaly Modified Organism) ආහාර වල ඇති සෞඛ්‍ය සම්පන්න බව හා ලංකාව හා GMO අතර ඇති සම්බන්දය යි.
GMO සෞඛ්‍යයට හිතකරද?
ජාන නවීකරණය කළ ආහාර හිතකර ද නැති ද යන වග නිශ්චිතවම උත්තර දිය හැකි ප්‍රශ්නයක් නෙවෙ යි. GMO බෝග මීට දශක දෙකකට පමන පටන් වගා කරන්න ගත් කාලයේ සිට කරන ලද බහුතරයක් වූ පරික්ශන වලින් කියවුනේ GMO ආහාර ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා යැයි කියන්නට කිසිඳු සෘජු සාධකයක් නැති බවයි. කෙසේ වෙතත් GMO ආහාර සෞඛ්‍යයට හානිකර යැයි කියන පරීක්ශන කිහිපයකුත් තිබෙනවා.
මේ එම පරිකශන වලින් කිහිපයක්.
කැනඩාවේ ගැබිනි හා ගැබිනි නොවන කාන්තවන්ගෙ රුධිරය ගෙන කළ පරීක්ශනයකදි තහවරු වුනා දරු ගැබ තුල පවා මෙම GMO ආහාර සඳහා නිපවදවන පළි බොධ නාශක වල විශ සංගටක අඩංගු බව. ගැබ වෙත මෙමගින් වෙන හානිය කොතෙරම්ද යන වග ගැන තක්සෙරුවක් නැති වුනත් මෙම පරීක්ශයන් පෙන්වා දුන්නෙ ගර්භය ඉතා සියුම් හා සන්වේදී නිසා මේ පිලිම්බදව තව දුරටත් පරීක්ශන කළ යුතු බවයි.
ඒ වගේම තවත් පරීක්ශනයකින් තහවුරු වුනා GMO ආහර හරහා ඒවායේ සම්පූර්න ජාන මිනිස් රුධිර සංසරන පද්ධතියට ඇතුල් වන බව. සාමන්‍යයෙන් වෙන්නේ ආහාර ජීර්ණය වීමෙන් පස්සේ ශරීරයට අවශ්‍ය සංඝටක වෙන වෙනම රුධිරයට එකතුවීම. GMO නොවන අහාර වල DNA අණු ජීරනය වීමෙදි ඇමයිනො අම්ලය, නියුලික් අම්ලය වගෙ කොටස් ගණනාවකට බෙදෙනවා. ඒත් GMO DNA අණු තනිකර එහෙම් පිටින්ම රුධිරයට එක් වෙනවා, ඒක වෙන්නෙ කොහොමද කියන එකට තවම පැහැදිලි උත්තරයක් නැහැ.
ඌරන් යොදාගෙන කළ එක් පරීක්ශනයකදි හොයා ගත්තා GMO ආහාර ගැනීමෙන් උදරය හා ගර්භාශය අසාමන්‍ය ලෙස ඉදිමීමකට ලක් වෙන බව. ආහාර සඳහා ඇති කරන ඌරෙකුගේ සාමාන්‍ය ආයු කාලය සති 23යි. මේ පරීක්ශනයේදි GMO හා GMO නොවන ආහාර ගැහැනු හා පිරිමි ඌරන් වෙත මේ කාල සීමාව තුල ලබා දුන්නා. අවසානයේ ලබා ගත් දත්ත අනුව GMO ආහාර කෑ ඌරන්ගේ ගර්භාශය GMO නොවන ආහාර ගත් ඌරන්ගේ ගර්භාශයට වඩා 25% පමණ විශාලව වැඩී තිබුන අතරම GMO ආහාර ගත් ඌරන්ගේ උදරය අනෙක් ඌරන්ට වඩා 32%කින් වර්ධනය වී තිබුනා.
මීට අමතරව මෑතකදි ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කළා Glyphosate පිළිකා කාරකයක් විය හැකි බවට.
මේ කොයි පරීක්ශනයේදිත් ඉදිරියට වෙන්නේ මොකද්ද කියන එක ගැන සඳහනක් නෑ. මිනිස් මෙන්ම සත්ව සිරුරු වලට බලපෑමක් තිබෙනව වුනත් ඒවා අහිතකර ද යන්නට පැහැදිලි උත්තරයක් නෑ. කොටින්ම GMO ආහාර පරිභොජනයට සුදුසුද නුසුදුසුද යන්න තවමත් ගැටලුවක්. මේ පරීක්ශන කරන විද්‍යාඥයන්ගේ මතයත් අඩු හෝ වැඩියෙන් මේකමයි. තමත් සම්පූර්නයෙන්ම නොදන්නා GMO ආහාර සම්ප්රදායකට යාම නුවණට හුරු නොවන බවයි ඔවුන් කියන්නේ. GMO ආහාර ගැන නිවැරදි ඇස්තමේන්තුවක් දෙන්න පරීක්ශන ගණානවක් පසුකර යන්නට වේවි.
ලංකාව හා GMO ආහාර
ලංකාව ජාන නවීකරණය කළ GM (Genetically Modified) ආහාර මුලුමනින්ම අපනයනය තහනම් කළා 2001දි, ඒ එවැනි පියවරක් ගත්ත ලෝකයේ පළමු රට හැටියට. ඒත් 2006දි ආහාර පනතට සංශෝධනයක් එක්කරමින් GM ආහාර අපනයනයට තිබු බාධක එවක රජය ඉවත් කළා. ඒත් එතැනින් එහාට ලංකාවට ගෙන්වූ ආහාර, GMO ආහාරද නැතිද යන්නට පැහැදිලි තොරතුරු නැහැ වගේම ඒ GM ආහාර නියාමනය පිලිබඳ නිසි ක්‍රියාමර්ගයක් නෑ. කොහොම වුනත් පසුගිය වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් Glyphosate අඩංගු RoundUp ගෙන්වීම තහනම් කළා.
දැනට ඇති තොරතුරු අනුව ලංකාව GMO බෝග වගා කරන්නේ නෑ. කොහොම වුනත් GMO බෝග සඳහා නිපදවන පලිබෝධනාශකයක් වන RoundUp නම් භාවිතා වෙනවා, හෝ අඩුම තරමින් මෑතක් වන තුරු භාවිතා වුනා. ඒ වගේම Monsanto සමාගමේ ශාඛාවක් පවා ලංකාවේ තිබෙනවා. ඒ නිසා GM බීජ තරමකින් හෝ වගා කෙරෙන්න ඉඩ කඩක් තිබෙනවා. කොහොම වුනත් මෛත්‍රීපාල ජනාධිපතිගේ තීරනය සාධනීය වන්නේ අවධානමට වඩා පෙර සූදානම සුබදායක නිසා.
පළිබෝධනාශක හා වකුගඩු ආබාධ
මෙය GMO ආහාර වලට සෘජුව සම්බන්ද දෙයක් නොවුනත් එහිම අතුරු ඵලයක් ලෙස දැක්විය හැකියි. උතුරු මැද පලාත ප්රමුඛව ලංකාවේ මෙවන විට වකුගඩු රෝගීන් 400 000ක් පමන සිටිද්දි රෝගීන් 20 000ක් පමන ඒ නිසා මියගොස් ඇතැයි වාර්තා වෙනවා. නිදන්ගත වකුගඩු රෝග Chronic Kidney Disease (CKD) ලංකාව තුල බොහෝ දෙනෙක් අපහසුතාවට පත් කරන විටක මාරාන්තික වන්නටත් හැකි සෞඛ්‍යය ගැටලුවක්. කෙසේ වෙතත් මේ වකුගඩු රෝග කාරකය ගැන සමතයකට පත්විය හැකි ස්තිර හේතුකාරකයක් හෝ විසඳුමක් නැහැ.
ආචාර්ය චන්න ජයසුමන කල අධ්‍යයනයක් අනුව ඔහු කියා සිටියේ Glyphosate හා ක්‍රියාකරන Cadmium, Arsenic වැනි බැර ලෝහ නිසා වකුගඩු වලට හානි සිදුවන බව. වී වගාවට ඉසින පළිබෝධනාශක ජලයට එක් වීමෙන් මේ ජලය අපිරිසිදු වී, ලිං හා නොයෙකුත් ජල පද්ධති හරහා Glyphosate ශරීර ගතවීම නිසා මේ වකුගඩු රෝගයට ගොදුරුවන බවයි ආචාර්ය ජයසුමනගේ මතය වන්නේ. කෙසේ වුනත්, මේ පරීක්ශනයට විරුද්ධවත් කරුනු දැක්වුනා. දත්ත හිඟ කම, Glyphosate හා වකුගඩු ආබාධ අතර සෘජු සම්බන්දයක් දැක්වීමට අපොහොසත් වීම නිසා Monsanto මේ චෝදනා ගණනකට ගත්තේ නෑ.
කොහොම වුනත් ජනාධිපති සිරිසේනගේ ක්‍රියාමාර්ග නිසා මේ වනවිට Glyphosate අඩංගු RoundUp විකිනීමේ හැකියාවක් නෑ. ඒ නිසා අලුතින් එක් වන්නට තිබුනු Glyphosate වලින් සිදුවන්නට හැකි හානිය අවම වේවි. ඒත් දැනටමත් ඇති Glyphosate ගැන හෝ GM බීජ ගැන කතාබහක් හෝ උවමනාවක් කාටත් නැති අවස්තාවක ඔබ ආහාරයට ගන්නා දෑ ගැන ඔබට විශ්වාසයක් තිබෙනවාද? ජාන නවීකරණය කළ ආහාර ගන්න ඔබ පරිබෝජනයට කැමතිද? ඔබට මේ වෙනුවෙන් කළ හැකි දේ කුමක්ද? මේවාට උත්තර දීම ඔබට බාරයි.
පහත ලිපි ඇසුරිනි,
10 Scientific Studies Proving GMOs Can Be Harmful To Human Health.
Effective Immediately: Sri Lanka Bans Glyphosate and Monsanto’s Roundup.
GMO Answers: CKD in Sri Lanka, RoundUp and What Monsanto Has to Say.

මම ජීවවිද්‍යාව දන්නේ නැති නිසා GM ගැන කතා නොකර සිටීම හොදයි.
ReplyDeleteඇත්තටම ජයසුමන ඇතුළු කණ්ඩායමේ පර්යේෂණ වල ඔවුන් කල විහිලු සහගත දේවවාදී පටලාවගනීම් හේතුවෙන් එය සමච්චලයට පවා ලක්වුනා. කැලණිය විශ්විද්‍යාලයේ තිබුන GBC 932 plus වර්ගයේ පැරණි පරමාණුක අවශෝෂණ වර්ණාවලිමානයකින් ලග විය නොහැකි තරම් කුඩා සාන්ද්‍රණයන්ට ලගාවීමට උත්සහ කර තිබුනා. අවසානයේ රජරට සහල් වල ආසනික් මුළු රටම අනතුරේ යනුවෙන් ඔවුන් එම දත්ත විදුසර පුවත්පතේ පලකලා. ඒ අදහස් වලට විරුද්ධ අයට අවලාද නගමින් මඩ ප්‍රහාර එල්ල කලා. එය ඔවුන් කළ ලොකු වරදක්. මේ ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මේ පර්යේෂණයට අත ගහන්නට බියෙන් සිටිනවා. නමුත් තවම වකුගඩු රෝගයෙන් විශාල ප්‍රමාණයෙන් මිනිසුන් මිය යනවා.
මේ පර්යේෂණයට අවශ්‍ය අරමුදල් ලෝක සෞක්‍ය සංවිධානයෙන් පහසුවෙන් ලබාගත හැකි වේවි. මුදලට යට නොවෙන නොකිලිටි රසායන විද්‍යාඥයන්, ජීව-රසායනික විද්‍යාඥයන්, ජාන-ඉංජිනේරු විද්‍යාඥයන්, සත්ව විද්‍යාඥයන්, ශාඛ විද්‍යාඥයන් මෙන්ම වෛද්‍ය විශේඥයන් ඇතුලත් විශේෂඥ විශ්විද්‍යාල ආචාර්ය කමිටුවකට වසර දෙකක පමණ රාජකාරී නිවාඩු ලබාදී විශේෂ ස්වාදීන කාර්යාංශයක් පත් කලානම් මේ ගැටලුව පසුවෙන් විසදගන්න පුළුවන්. ඒ දැනුම සහ අත්දැකීම ඇති ශ්‍රී ලංකික විද්‍යාඥයන් මෙරට මෙන්ම පිටරට සිටිනවා. පාලකයන්ට සහ නිලදාරීනට එය කරන්නට ඕනෙද නැද්ද කියන එකයි ගැටලුව. අදාළ හේතු සොයාගෙන නිවැරදි කලත් පරිසරය නැවත තිබු තත්වයට පත්වන්නට කාලයක් ගතවේවි.