Showing posts with label සමාන්තර. Show all posts
Showing posts with label සමාන්තර. Show all posts

Saturday, June 4, 2011

සමාන්තර (අවසාන කොටස)



ගිම්හාන්ගේ දෘෂ්ටි කෝණයෙන්:

අපි කාටහරි ආදරේ කරන්න පටන් ගනිද්දී අපි ඒ කෙනාගේ ප්‍රතිරූපයක් අපේ හිතේ හදා ගන්නවා. ඒ ප්‍රතිරුපේ අපි ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන හැම දේම ඇතුලත් කරනවා, හැබෑ පුද්ගලයාගේ නැති ලක්ෂණ පවා. ඉතින් ඔහොම කලක් යද්දී අපිට වඩා ලංවෙන්නේ අර ප්‍රතිරූපය. හැබෑව යටපත් වෙලා අපි මායාවක වෙලෙනවා. ඔහොම කටයුතු සිද්ධ වෙනකොට හැබෑ පුද්ගලයාගේ මොනම හරි අඩුපාඩුවක් වෙනකොට අපි කෝප වෙනවා, දුක් ගන්නවා, හැබැයි අපට අමතකයි අපි මේ කම්පා වෙන්නේ හිතලුවක් වෙනුවෙන් කියල. ප්‍රශ්නේ දුර දිග ගිහින් ආදරේ ගැටළුවක් වෙනතරම් අවස්ථාත් එනවා. මමත් ඔය මායා දැලේම ඇමිණිලා, පැනල යන්න උත්සහ කරනවා. උත්සාහය කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නේ නෑ. සැබෑ ජීවිතේදී සුරංගනා කතාවල වගේ ඉතින් 'ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් වුණා' කියල ඉවර වෙන්නේ නෑනේ. ඒ නිසා මගේ කතාවේ ගලායාම කොහොම වේවිද තීරණය කරන්න දැන්ම අමාරුයි.
ගෙදර දොරේ සීනුව නාද වුණා. බලන්නත් කලින්ම දැනගත්ත මේ ඇවිත් ඉන්නේ අවිශ්ක බව. උත්තරා කතා කරලා විස්තරේ ඔක්කොම කිව්වට පස්සේ අවිෂ්කගේ තත්වය තේරුම් ගන්න අමාරු වුනේ නෑ. දොර ඇරියා. අවිශ්ක දොරකඩ හිටන් හිටියේ කොහේදෝ ලෝකෙකින් ඉඳන් ඇවිත් උන්හිටි තැන් මඟ අරුණු අතරමන් වෙච්ච කෙනෙක් වගේ. කිසිම කතාවක් නැතිව සෑහෙන වෙලාවක් මගේ දිහා ඔහේ බලන් හිටියා. පැය ගණනාවක් රස්තියාදු වෙන්න ඇති. එහෙමවත් හිත හැදෙනවානම් ප්‍රශ්නයක් නෑ. 

"ඉතින්, ඇතුලට එන්නේ නැද්ද?", ටික වෙලාවකට පස්සේ මම ඇහුවා.

උත්තරයක් නොදීම අවිශ්ක ඇදි ඇදී ගේ ඇතුලට ආවා. මොනවද කතාකරන්න ඕනේ කියල මට තේරුනේ නෑ. හිත හදන්න මොනවහරි කිවිය යුතු උනත් මම ඔහේ අවිශ්ක දිහා බලන් හිටියා. මේ ඇත්තටම මම ආදරය කරපු පුද්ගලයමද, වැඩි කාලයක් නැතත් කොච්චර ලොකු වෙනස් කමක් වෙලාද, දැන් මට අවිශ්ක ආගන්තුකයෙකුට වඩා වෙනස් විදිහට පෙන්නේ නෑ. කාලයත් සමග හිත වෙනස් වෙන ඉක්මන කොච්චර පුදුමාකාරද.

"මට වතුර ටිකක් දෙනවද?", අවිශ්ක ඇහුවම මම ගෙනත් දුන්නේ ඊට පස්සේ මුකුත් කියයි කියන බල පොරොත්තුවෙන්. ඒත් එහෙම උනේ නෑ. කොහොමත් මම හිතපු දේවල් වෙන්නේ නැති තරම්.
"මට සමාවෙන්න" අවිශ්ක යන්න නැගිට්ටා. සමාව ඉල්ලන්න අවිශ්ක මට වැරද්දක් කලාද, එහෙම මම කවදාවත් හිතල නෑ. ඉදිරියට හිතන එකකුත් නෑ. සමහර විට මගේ හිතේ කොණක අවිශ්ක-උත්තරා ගැන සැකයක් තියෙන්න ඇති. දැන් අවිෂ්කගේ සමාව ඉල්ලීම අහල මට මම ගැනම දුක හිතුනා. මේ සිද්දියේදී මම නිකම්ම අතුරු චරිතයක් වෙලා. 

අවිශ්ක මගේ ඇස් දිහා බලල "යන්නම්" කිව්වා, මම යන්තමට ඔලුව වැනුවා. 

*******

"දැන් මම හිතන දේ පුලුවන්නම් කියන්න", අවිශ්ක ඇහුවා.
"ම්ම්ම්,,, උඹ මොනවත් හිතන්නේ නෑ.", ඒ පාර අවිශ්ක සද්දෙට හිනාවුණා.
"නෑ හිතනවා, ආයේ කියන්න."
"උඹ හිතන දේ මට කවදාවත් කියන්න බෑ කියල"
"හ්ම් ගොඩක් දුරට හරි, ඒත් ඒකම නෙමේ"
"හෙහෙ, කොහොමහරි කිව්වනේ"

අවිශ්ක ආයෙත් මුහුද පැත්තට හැරුනා. ඉර බැහැගෙන යන්න තව ටිකක් කල් තියනවා. පරිසරය හරිම සිත්ගන්න සුළුයි, හරියට විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකුගේ චිට්‍රයකට ඇතුල් වෙලා වගේ. හැමදාකම මේ වගේ විචිත්‍ර චිරයක් ජීවත් වෙන්න ඇත්නම්. 
අවිශ්ක නැගිට්ටා, කොහෙන්ද මන්ද කෝටුවක් හොයාගෙන වෙරළෙ කවියක් ලියන්න ගත්තා.


ඔබ හා මා දොරටුවක් අබියස 
විවරවේද දෙදෙනාටම මාවත
අවසනයක් නොව 
ආරම්බයකි මෙය  
සුබ පැතීමට කලබල වන්නේ කීමට 
මා පසුසින් ගමන් ගන්නවද 
තවත් මාවතක් ඇතිද 
සමාන්තර ද ප්‍රතිවිරුද්ධ ද
කිම්වුවද කම් නැත 
තවත් නැවතුමකදී 
හමුවේවි අප  


"එහෙම නම් මට යන්න වෙලාව හරි, පරිස්සමෙන් හිටහන්" මම යන්න නැගිට්ටා. 
"කවදාවත් නෑ", අවිශ්ක ආයෙත් හිනා වුණා. මම ආසම හිනාව. මම ආදරේ කරපු හිනහව. 

මම රේල් පාර පැත්තට ඇවිත් කොටෙන් කොටේට අඩිය තියන්න උනා. එහෙම ටික දුර ගිහින් මම ආපහු හැරිලා බැලුවා. අවිශ්ක රේල්පාරේ අනික් පැත්තට යනවා. එයත් හැරිලා බැලුවා, මම අත වැනුවා. එයා ඔලුව වනල හිනාවුණා.






සමාන්තර මෙතනින් අවසාන නොවේ මෙය ආරම්බයක් ද නොවේ, එසේම මෙය එක්තරා ආකාරයක අවසානයක් හා ආරම්බයක් වේ. කෙසේ වුවද මා සමාන්තර ලියා අවසන් . 

Tuesday, May 10, 2011

සමාන්තර (8වන කොටස)

අපි ප්‍රශ්න වලින් පැනලයන්න කොච්චර උත්සහ කරනවද, හැබැයි ප්‍රශ්නවලින් ගැලවෙන්න ඕනේ නම් ප්‍රශ්න වලට මුහුණ දෙන එක ඇරෙන්න තවත් විසඳුමක් නැහැ. අවිශ්ක මාලන් වගේම තව දන්න හැම දෙනාවම මගාරින්න හැදුවට මම මග ඇරලා තියෙන්නේ මාවයි. ඒක තේරුම් ගන්න මට සැලකිය යුතු කාලයක් වැය වුණා. මේ ප්‍රශ්නෙදි මම නිසා කිහිප දෙනෙක්ටම හිත වේදනා වලට භාජනය වෙන්න වුනේ මගේ උවමනාවෙන් නම් නෙමෙයි. තවත් කාවවත් රිද්දන්න ඕන නැති වුනත් කෙලින්ම කියන්න ඕනේ දේ කියන්න ඕනෙනේ. සරල සුන්දර බොළඳ උත්තර දීල ප්‍රශ්නේ මගාරින්න, කල් යවන්න පුළුවන් උනත් එකේ තේරුමක් නෑ. එහෙම කරලා මාවම රවට්ට ගන්න ඕනේ නෑනේ. 


"හ්ම්ම්,,, හරි කෙලින්ම කියනවනම් අවිශ්කයි මමයි ගොඩක් සමීපයි, හැබැයි ඒ මගේ සහෝදරයෙක් වගේ. පොඩිකාලේ ඉඳලම අපි අපිව හොඳට දන්නවා, නොදන්නා දෙයක් නැති තරම්. එත් දැන් හිතනවා මම නොදන්නා දේවලුත් තියනව කියල. කොහොම උනත් මම අවිශ්ක ගැන හිතන්නේ හොඳම යාලුවෙක් ගැන විදිහට මිසක් ඊට වඩා දෙයක් නෑ. අනිත් එක මම ආදරේ මාලන් ට කලිනුත් අදත් ඉස්සරහටත් එහෙමමයි." මම පුළුවන් උපරිම පැහැදිලි කළා.

දෙන්නම අඩුමතරමින් එක්කෙනෙක් හරි මොනවහරි කියයි කියල හිතුවත් කවරුත් තම තමන්ගේ ලෝකවල තනිවෙලා කලපනා කරනවා. මාලන් ගේ මුනේ දන්නා බව පෙන්වන ලා හිනාවකුත් අවිශ්ක ගේ මුනේ කලකිරීමක් එක්ක දුකකුත් මතුවෙලා පෙනුණා.

"එහෙනම් මම යනවා, පස්සේ කතා කරමු" කියල යන්තමින් හිනා වෙලා මාලන් යන්න ගියේ අවිෂ්කගේ පිටටත් තට්ටුවක් දමමින්.
මම 'හා' කියල ඔලුව වැනුවා, හිනාවෙන්න හැදුවත් වුනේ නෑ.

"අවිශ්ක ඉතින් කතා කරන්න, ඔයා මගේ තවම හොඳම යාලුවනේ, කියන්න තියන දෙයක් කියන්න අපි දෙන්නට ඕන දෙයක් කතාකරන්න බැරි කමක් නෑනේ" මම ටික වෙලාවකින් කිව්වේ කරුණාවෙන්.

"අපි දෙන්නගේ යාලු කමේ තේරුමක් නැහැ උත්තරා, දැනට මෙහෙම ප්‍රශ්න තියනව නම් ඉස්සරහට අපි යාලුවෝ විදිහට මුහුණ දෙන්නේ කොහොමද? ඔය වරදවා තේරුම් ගන්න එපා මම ඔයාට ආදරෙයි එත් ඔයා එහෙම නෑ. ඔයා කියනවා අපි තවම යාලුවොලු එත් එහෙම මට හිතෙන්නේ නැහැ. මම ආදරෙන් පැරදිලා ඉන්න දුක ඔයාට තේරෙන්නේ නෑ, තේරුම් කරලා වැඩකුත් නෑ.... ඔයා මට, මම ඔයාට ආදරේ කරන තරම් ආදරේ නෑ ඒකට කමක් නෑ ඒ ඔයාට හිතෙන හැටිනේ මම ඒකට ඔයත් එක්ක තරහ නැහැ. ඒත් තවත් මට ඔයාගේ යාලුවෙක් වෙන්න බෑ." අවිශ්ක කිව්වේ සෑහෙන දුකකින්කියල තේරුණා.

"අවිශ්ක මම ඔයාට ආදරෙයි තමයි, හැබැයි ඒ සහෝදරයෙක්ට වගේ. මට තේරෙනවා ඔයාට දුක ඇති. කමක් නෑ ඔයාට මගේ යාලුවෙක් වෙන්න බැරිනම්. ඒත් මම හිතන්නේ නෑ අපිට අපිව අමතක කරන්න පුළුවන් වෙයි කියල. එහෙම පුළුවන් කියල ඔයා හිතනවා නම් ඔයා ඔයාවම රවට්ටගත්ත වෙනවා."  

අවිශ්ක මගේ මුණ දිහා බලාගෙන හිටියා, කොච්චර වෙලා ගත වුණාද කියල තේරුනේ නෑ. මමත් ඒ දිහාම බලාගෙන හිටියේ සමාධියකට සමවැදිලා වගේ. මට මතක් වුනේ අපි දෙන්නගේ පොඩි කාලේ. එච්චර හොඳ යාලුවෝ වුනේ මේ විදිහට වෙන් වෙන්නද. 
අපේ යාලු කමේ අවසානය මේකද? මාලන් ව ලබාගෙන අවිශ්කව නැතිකරගන්න මට කොහෙත්තම උවමනාවක් නැති උනාට මට නොදැනුවත්වම දෙහ්න්නගෙන් එක්කෙනෙක් තොරගැනීමක් වෙලා.

Friday, April 29, 2011

සමාන්තර (7වන කොටස)

මාලන්ගේ  දෘෂ්ටිකෝණයෙන්:

අවිශ්ක එක පාරටම උත්තරාගේ ගෙදර යන්න කතා කළහම පුදුම නොවී ඉන්නේ කොහොමද, ඒක කිව්වට පස්සේ මම ටිකක් වෙලා හරියටම මොකද්ද කිව්වේ කියල හිතා ගන්න බැරිව ගල් වුණා. පියවි ලෝකෙට ආව ගමන්ම හිතට දැනුන මුල්ම ප්‍රශ්නේ තමයි " මූ මොකාටද එන්න හදන්නේ" කියන එක.  මොනවහරි ප්ලෑන් එකක් තියාගෙන කතාකරනවා වෙන්නත් බැරි නෑනේ. හදිස්සියේ වෙන කොහෙහරි එක්කන් ගිහින් ගැහුවොත් එත් නැත්තන් හිර කළොත්. අවිශ්ක ඒ වගේ වැඩ කළේ නැතුවට ප්‍රශ්නවලට කොහොම මුහුණ දෙනවද දන්නේ නෑනේ.වර්ශාත් එක්ක මගේ කිසිම සම්බන්දයක් නැති වුනත් බොරුවට එහෙම කතාවක් හැදෙව්වේ උත්තරාගෙයි අවිශ්කගෙයි සම්බන්ධයක් තියනවද කියල ඇත්තම දැනගන්න. මේ දඟලන විදිහෙන්නම් උත්තරාට නැති වුනත් අවිශ්කටනම් එහෙව් වුවමනාවක් තියනවා වගේ. කෝකටත් කලබල වෙන්න නරකයි.

"මට අවිශ්කව විශ්වාස කරලා එන්න පුලුවන්ද?", මම කල්පනා කරලා බලලම ඇහුවා.
"පුළුවන්, මාලන් හිතනවානම් මම මේ මාලන්ව එක්ක යන්න හදන්නේ මොකක් හරි කරදරයක් කරන්න කියල එහෙමනම් මේ විදිහට ගෙදරට එන්නේ නෑ...වෙන ක්‍රමයක් කල්පනා කරනවා..."

මොකද කරන්නේ කියල හිතාගන්න බැරිව මොහොතක් ගතවුණා.

" හරි එහෙනම් මම මාලන් ගේ අම්මට විස්තරේ කියන්නද? එතකොට විශ්වසකරන්න පුළුවන්නේ,,,,"
"නෑ ඕනේ නෑ, හරි අපි යමු"

ඕනේ එකක් වෙච්චාවේ කියල අන්තිමට තීරණය කරලා අවිෂ්කත් එක්ක යන්න පිටත් වුණා.  උත්තරාගේ ගෙදරට එනකම්ම අවිශ්ක මොනවත් කිව්වේ නෑ. මටත් කතා කරන්න වුවමනාවක් තිබ්බේ නැති හින්ද වගේම යන ගමන ගැන සැකෙන් හිටිය හින්ද මම මුකුත් ඇහුවෙත් නෑ. 

පැය බාගෙකට විතර පස්සේ අපි උත්තරාගේ ගෙදරට ආවත් වැඩක් වුනේ නෑ, උත්තරාවත් එයාලගේ ගෙදර කෙනෙක්වත් හිටියේ නෑ. මේ වෙලාව වෙනකොට උත්තරාගේ තාත්තත් වැඩට ගිහින් ඇවිල්ල වාහනේ නවත්තල තියෙන්න ඕනේ උනත් ඒක තිබුනෙත් නෑ. සමහර විට කට්ටියම කොහෙහරි යන්න ඇති. උත්තරාට කෝල් කරන්න බැලුවත් ඒක හරිගියෙත් නෑ. සැහෙන වෙලාවක් දොරට තට්ටු කරලා, ගේ වටේ ඇවිදලා බලල බැරිම තැන ආයේ යන්න හැරුණා.

"මාලන්,,, උත්තරා නැති උනාට කමක් නෑ මට කියන්න ඕනෙදේ කියන්න ඕනේ", ආපිට හැරිලා එනගමන් අවිශ්ක කිව්වා.
"කියන්න", මොනවා කියයිද කියල කුතුහලෙන් ඇහුවා.

"මේකයි උත්තරා දැන් ලඟකදී ඉඳල වෙනස් වෙලා. මාව මඟ අරිනවා, කෝල්ස් වලට ආන්සර් කරන්නෙත් නෑ. අනිත් ඒක මාලන් ගැන ආරංචියක් ආවනේ, එකත් සමහර විට හේතුවක් වෙන්න ඇති..... මාලන් ගේ මොකක් හරි සම්බන්ධයක් තියනවද වර්ශත් එක්ක?"
"ඇයි අහන්නේ?"
"මම හිතනවා උත්තරාගේ යාලුවෙක් විදිහට හිතනවා මට අයිතියක් තියනව කියල."
"එහෙනම් උත්තරාගේ අනිත් යාළුවොත් ඔහොම අහන්න ඕනෙනේ, එහෙම අහනවා තියා මම උත්තරාගේ කව්ද කියලවත් දන්නේ නැතුව ඇති"
"මම උත්තරාගේ හොඳම යාළුවා, ඒක හින්ද අපි වෙනස් "
"හ්ම්හ්,,,,, හරි තවත් රඟ පන්න ඕනේ නෑ, මම හිතපු දේ හරි. අවිශ්ක උත්තරා ගැන යාලුවෙකුට වඩා හිතනවා. කෙලිම්ම කිව්වොත් අවිශ්ක උත්තරාට ආදරෙයි, එහෙම නේ?"
 
අවිශ්කගේ ඇහිබැම අකිලුනා. මොනාහරි කියන්න කට නලියව දැක්කට මොනවත්ම පිට වුනේ නෑ. 

"ඔව් මම උත්තරාට ආදරෙයි තමයි!", ටික වෙලාවකට පස්සේ අවිශ්ක කිව්වේ බැරෑරුම් හඬකින්.

වෙන්න එපාම කියල හිතුවත් ඒක වෙලා කියල දැනගත්තා. අවිශ්ක ගැන සෑහෙන කේන්තියක් ආවත් ප්‍රශ්න විසඳ ගන්න පිළිවෙලක් තියෙන්න ඕනේ හින්ද ඉවසුවේ අමාරුවෙන්. අවිෂ්කයි මමයි අතරින් කව්රු උත්තරා තොර ගනීවිද?

Wednesday, April 20, 2011

සමාන්තර (6වන කොටස)

අවිශ්කගේ දෘෂ්ටිකෝණයෙන්:

පොඩි කාලේ ඉඳලම උත්තරාගේ දුක් ගන්න රාළ වුනේනේ මමයි. උත්තරා දුකින් ඉන්නවා බලන්න මට බෑ, ඒක හින්ද පොඩි කාලේ ඉඳල මොනවා හරි ක්‍රමයකින් එයාව සතුටු කරවන්න පුළුවන් වුණා. එහෙම හිතල එයාව බලන්න ගියාට උත්තරගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. එයා හිටපු තත්වෙත් එක්ක වැරද්දක් කියන්න බැරි වුනත් හිත රිදුනේ නැත්තෙමත් නෑ. කොහොම උනත් ඊට පස්සේ දවසේ ලෙක්චර්ස් වලට උත්තරා ආවා, ඒත් මට කතාකරන්නේ නැතිවම ගියා. මොකද්ද හේතුව කියල දැන ගන්න උවමනාවක් තිබුනට හොයන්න බෑ කියල හිතුනා. ඕනේ වෙලාවට කතා කරයිනේ. 

"මොනවද කල්පනා කරන්නේ?", ගිම්හාන් ලඟට එනකම්ම දැක්කේ නෑ.
"උත්තරාට මොනවද වෙලා තියෙන්නේ කියල"
"ම්ම්ම්,,,"
"ඇයි 'ම්ම්ම්' කිව්වේ?"
"නෑ ඉතින් උඹ කොයි වෙලාවේ බැලුවත් උත්තරා ගැනමනේ හිතන්නේ"
"මොකද්ද ඒ කතාවේ තේරුම?"
"උඹ කාවද බං රවට්ටන්නේ?"
"මොකද්ද දැන් මේ කියන්නේ? කියන දෙයක් කෙලින්ම කියහන්"
"මම කියනදේ කෙලින්ම තමා කියන්නේ උඹ උත්තරාට ආදරෙයි, හිතල බලපන්! කතාකර හැම වචනේකම ඉන්නේ උත්තරා, හිතන හැමදේකම ඉන්නේ උත්තරා. කොටිම්ම කිව්වොත් උත්තරගෙන් තොර ලෝකයක් උඹට නෑ"

මට ඒක එහෙම නෑ කියල කියන්න හොඳටම වුවමනාව තිබුනා, ඒත් කතාකරන්න කට ඇරියට වචන පිට උනේ නෑ, උගුරේ හිර වෙලා. හිතල බලපුවහම ගිම්හාන් කියපුදේ  එච්චර වරද්දකුත් නෑ වගෙයි. එතකොට මම ඇත්තට උත්තරාට ආදරෙයි ද? ඒක මෙච්චර එයාගැන හොයන්නේ, වදවෙන්නේ...

"මම යනවා" ටිකකින් ගිම්හාන් එහෙම කියල යන්න ගියා, අතින් ඇදල නවත්තගෙන කතා කරන්න ඕනේ උනත් මොනවද කියන්න ඕනේ කියල තේරුනේ නෑ.  ගිම්හාන් යන දිහාවම බලං හිටියා. 
මගේ හිතේ තියන ආදරය කාට කොහොම එකක්ද කියල හිතාගන්න බැරි වුණා. හිත අතරමන් වෙලා ඔහේ ඉබාගාතේ යන ඒක නවත්තන්න ඕනේ උනත් ඒක අපහසුයි. මොනවද කරන්න ඕනේ කොහොමද කියල අහන්න උපදෙස් ගන්න කෙනෙක් හොයන්න උත්සහ කලත් මේ ප්‍රශ්නෙදි උත්තර හොයන්න ඕනේ මමමනේ. ඔයවගේ ප්‍රශ්න ගොන්නක් එක්ක භාහිර ලෝකෙන් අයින් වෙලා මගේම ලෝකෙක තනිවෙලා ඇවිද්දා. කකුල යන අතට ගියා, ඔහේ වාහන වලටත් ගොඩවුනා. අන්තිමට ඇවිත් නතර වෙලා තිබුනේ උත්තරාගේ ගෙදර.

ආයෙත් වතාවක් මෙහෙම ගෙදර ආවට උත්තරා මොනවා කියයිද කියල සැකයක් තිබුනත්, මම වැරද්දක් කරලා නැතිහින්ද හිතහදාගෙන ගෙන ගිහින් දොරට තට්ටු කළා, උත්තරයක් නෑ. කීප  සැරයක්ම තට්ටු කළාට පස්සේ උත්තරාම ඇවිත් දොර ඇරියා. උත්තරා මගේ දිහා පුදුමෙන් වගේ බලන් හිටියා. 

"උත්තරා මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ"
"දැන් ගෙදර කවුරුත් නෑ පස්සේ එන්න"
"ඉතින් අපි ඕන තරම් තනියම කතා කරලා තියෙන්නේ"
"ඒ ඉස්සරනේ,,,"
"ඉතින්? ඔයා මොකද්ද මේ කියන්න හදන්නේ?"
"මට දැන් ඔයත් එක්ක කතාකරන්න බෑ, පස්සේ කතාකරමු" ,එහෙම කියල එයා දොර වහන්න හැදුවා. මම අත තියල දොර නවත්තගත්තා.
"ඔහොම ඉන්න, ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? මම දැන් ඔයාගේ යාලුවෙක් නෙමෙයිද? ඇයි මාව මගාරින්න හදන්නේ?"
"ප්ලීස් අවිශ්ක, මට දැන් කතාකරන්න බැහැ, ඔයා දැන් යන්න"
මම උත්තරාගේ මුණ බැලුවහම එයා මුණ අනික් පැත්ත හරවගත්තා. වැඩක් වෙන්නේ නැති බව තේරුණා හින්ද ටික වෙලාවකින් මම යන්න ගියා. උත්තරා දොරවහගන්න සද්දේ පිටිපස්සෙන් ඇහුණා.

ආයෙමත් මාව මෙහෙම එලවගත්තේ මොකද කියල හිතාගන්න බැරි වුණා. උත්තරා සෑහෙන්න වෙනස් වෙලා, මේ ඔක්කොම අර මාලන් හින්දනේ. හරි! ප්‍රශ්නෙට මුල ඌ වගේම අවසානයත් ඌම වෙන්න ඕනෙනේ. වැඩිය කල්පනා කරලා බලන්නේ නැතිවම කෙලින්ම ගියේ මාලන්ගේ ගෙදර.

"මාලන් ඉන්නවද ?" , මාලන්ගේ අම්මවෙන්න පුළුවන් පෙනුමක් තියන කෙනෙක්ගෙන් මම ඇහුවා.
"ඉන්නවා, පොඩ්ඩක් ඉන්න" එහෙම කියල එයා ගෙදර ඇතුලට ගිහින් "පුතා" කියල කතාකරනවා ඇහුණා, එහෙනම් ඒ අම්මම තමයි.
ටිකකින් මාලන් ආවා, උත්තරා වගේම පුදුම වුණා.
"මට පොඩ්ඩක් කතාකරන්න ඕනේ" මම කිව්වා.
"ආ?,,, ආ එන්න ඇතුලට"
"නෑ , මාලන් මං එක්ක යන්න එන්න ඕනේ"

Friday, April 8, 2011

සමාන්තර (5වන කොටස)

උත්තරාගේ දෘෂ්ටිකෝණයෙන්:

මාලන්ට කතාකරනවා කියල අවිශ්කට පොරොන්දු වුනත් ඒක වුනේ නෑ. මාලන් ගැන ඒ විදිහේ දෙයක් කවදාවත් අහන්න වෙයි කියල මම හිතුවේ නෑ. හිරුනි කතා කළහම මම හිතුවේ මේ ඉරිසියාවට කියපු දෙයක් කියලා. ඒත් අවිශ්ක ඒක ඇත්තයි කියලා කියද්දී හදවතට මහා බරක් දැනුණා. මම කවදාවත් ගොඩ එන්න බැරි අගාධෙකට වැටුනා වගේ. අවිශ්කට මේ ගැන මුකුත් නොකරන්න කියලා උපදෙස් දෙන්න හිතට හයිය ආවේ කොහොමද මන්ද. ඒ ඇමතුමෙන් පස්සේ ඇඳට වැටිලා ඔහේ හිටියා, කල්පනා කරා, ඇඩුවා. දවස් දෙකක් විතර, වෙලාව ගතවෙනවා දැනුනේවත් දැන් ගන්න වුවමනාවක් වත් නැතිව ඔහේ ගතවුණා. කන්න කතා කළහම කෑවා, අම්මා උදව්වක් ඉල්ලුවහම  කරලා දුන්නා, ප්‍රශ්නයක් ඇහුවහම උත්තරත් දුන්නා. ඔය හැම දේම කළා නෙමෙයි කෙරුණා, ඉබේටමත් නෙමේ, කලින් සකසපු රොබෝවෙක් වගේ. කිසිම දෙයක් කරන්න වුවමනාවක් නැතිවුණා. ජීවත් වුනාට මිසක් නැත්තන් මළමිනියකට වඩා වැඩි වෙනසක් දැනුනේ නෑ. ජංගමයාත් ක්‍රියා විරහිත කළා, කව්රුහරි ගෙදරට කතා කළොත් මම ගෙදර නෑ කියල කියන්නත් කිව්වා. අම්මාට මගේ වෙනස නොදැනුනා වෙන්න බෑ, ඒත් මුකුත් අහන්න ගියේ නෑ. අම්මා ගැන දුක හිතුණා, මේ ප්‍රශ්න ඉවර වුනත් නැතත් මගේ හිත ටිකක් හරි හැදුනහම ඔක්කොම විස්තර කියනවා කියල හිතා ගත්තා.

කොච්චර කල්පනා කරත් කරන්නේ මොනවද කියල හරියටම හිතාගන්න බැරිවුණා. දැන් හවස් වෙලා කරුවල වැටෙන්නත් ලඟයි.  තේරුමක් නැතුව බලන් ඉඳල එපා වෙලා අන්තිමට පොතක් ගත්තා කියවන්න. ඒත් වැඩිවෙලා පොත කියවන්න ලැබුනේ නෑ අවිශ්කගේ කටහඬ ඇහුණා, ටිකකින් මගේ කාමරේ දොරට තට්ටු කළා. මට කතාකරන්න කිසිම ඕන කමක් තිබුනේ නෑ, මාව හොයා ගෙන ගෙදරට ආවත් මම ගෙදර නෑයි කියන්න අමතක වුනානේ. කීප සැරයක් තට්ටු කළහම කරන්නම දෙයක් නැති හින්ද දොර ඇරියා.

මම දොර ඇරලා ඇවිත් ඇඳේ ඉඳගත්තා. අවිශ්කත් ඇවිල්ල මට ටිකක් එහායින් වාඩිවුණා. එයා මං දිහා බලන් ඉන්නවා කියල තේරුණත් මම බිම බලාගෙනම හිටියා. අවිශ්ක මගේ කාමරේට ඕන තරම් ඇවිත් තියනවා. පොඩි කාලෙ ඉඳල අපි සෙල්ලම් කරන්න එහෙම නැත්තන් තරඟෙට පොත් කියවන්න ඉස්කෝලේ වැඩ කරන්න වගේ සෑහෙන දේවල් අපි දෙන්න එකතුවෙලයි කළේ.
"ඔයාට දැන් කොහොමද?" මගේ හිත අතීතයෙන් වර්තමනෙට ගන්න ඒ ප්‍රශ්නෙට පුළුවන් වුණා. මට කොහොමද? ඒක මමවත් දන්නේ නෑ. කොහොම උත්තර දෙන්නද....

"දන්නේ නෑ" කියන්න දෙයක් තිබුනේ නැති හින්ද එහෙම කිව්වා.
"හ්ම්,,, ලැහැත්ති වෙන්න අපි කොහේ හරි යමු"
"මට බෑ" මම එහෙම කිව්වම අවිශ්ක මගේ මූණ දිහා බලාගෙන හිටියා මිසක් මුකුත්ම කිව්වේ නෑ.

අපි දෙන්නම මුකුත් නොකිය එහෙමම ටික වෙලාවක් ගතවුණා. අවිශ්කට මොනවහරි කියන්න වුනවනාවක් තියනවා කියල පෙනුනට එයා කියන්න ගියෙත් නෑ, මම අහන්න ගියෙත් නෑ. 

"මම යනවා එහෙනම්, හෙට ලෙක්චර්ස් වලට එන්න" අවිශ්ක යන්න නැගිටලා කිව්වා.
"හරියටම කියන්න බැහැ, හිතුනොත් එනවා" මම කිව්වේ ඕනවට එපාවට.
"නෑ නෑ දැන් දවස් තුනක්ම නෑවිත් හිටියනේ, ඕනෙනම් මම එක්කන් යන්න එන්නම්"
"නෑ එපා"  අවිශ්ක මගේ දිහා තරහෙන් වගේ බලන් හිටියා, තරහෙන් බැනගෙන යන්න පුළුවන් කමක් තිබුනත් අමාරුවෙන් ඒක පාලනය කරගන්න බවක් පෙනුනා.

ටිකකින් අවිශ්ක මුකුත් නොකියම යන්න ගියා.

**************

ක්‍රියාවිරහිත කරපු ජංගමයා අතට ගත්තේ හිරුනිට කතාකරන්න. මේ දවස් තුනට සෑහෙන ප්‍රමාණයක ඇමතුම්, පණිවිඩ ලැබිල තිබුනත් ඒවා කියවන්නේ බලන්නේ නැතිවම අයින් කළා.

මම: හෙලෝ හිරුනි මට ඔයාගෙන් උදව්වක් ඕනේ?
හිරුනි: හානේ උත්තරා! ඔයා කොහෙද ඉන්නේ? මොකද උනේ? ඇයි අවේ නැත්තේ?

හපෝ මේකිනම් මහා ඇණයක්, උදව්වකට මිසක් කතා කරන්න කිසිම කැමැත්තක් නෑ. 
ප්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කළේ විස්තර හැමෝටම ප්‍රචාරය කරන්න වෙන්න ඇති. මම ප්‍රශ්නේ මග අරින්න උත්සහ කළා.

මම: මට උදව්වක් ඕනේ,
හිරුනි: හරි ඉතින් කියන්න බැරිනම් කමක් නෑ, මොකද්ද උදව්ව?
මම: අර ඔයාට කොහොමද මාලන් ගැන ආරංචියක් අවේ?
හිරුනි: ආ ආ,,, මේ ඒක ඒ කියපු කෙනා මට කව්ද කියල කියන්න එපා කිව්වා.
මම: ම්,,, මම හිතුවේ ඔයා මගේ හොඳ යාලුවෙක් කියලා, කමක් නෑ. හැබැයි මම නම් ඔයා ඉල්ලපු උදව්ව කළා, අවිශ්කට ඔයා ගැන කිව්වා.
හිරුනි: හානේ ඇත්තද? ඉතින් එයා මං ගැන මොකද කිව්වේ?
මම: දැන් එයා කියපු දේ වැඩක් නෑනේ, ඔයා මට උදව් කරන්නේ නෑනේ.
හිරුනි: හරි එහෙනම්, ඒක කිව්වේ නර්මදා ඒ කිව්වේ වර්ශගේ යාළුවා.

කොහොමරි පෙරැත්ත කරලා කව්ද කියලා හොයා ගත්තා, දැන් ඉතින් කරන්න තියෙන්නේ මගේ ප්ලෑන් එකට වැඩ කරන ඒක තමයි.

මම: ඇත්තද, ඔයා එහෙනම් මේකයි කරන්න ඕන උදව්ව.......




Wednesday, April 6, 2011

සමාන්තර (4වන කොටස)

අවිශ්කගේ දෘෂ්ටිකෝණයෙන්:

ගෙදර ආවට පස්සේ මම වැඩි හරියක්ම ඉන්නේ මගේ කාමරේ. මටම වෙන්වුණු ඒක තියෙන්නේ දෙවැනි තට්ටුවේ, ඒක හින්දම ගොඩක් වෙලාවට නිදහසකුත් ඉතිරි වුණා. සාමාන්‍යයෙන් බැල්කනියේ පුටුවක් තියාගෙන නිවිහැනහිල්ලේ පොතක් කියවන ඒක මගේ පුරුද්දක්. මේ නිදහස විඳගෙන පොතේ අභ්‍යන්තරයට ගිලා බහින්න මේ විදිහෙන් ලේසියි, පහසුයි. ඔහොම ඉන්න අතරෙයි උත්තරාගෙන් ඇමතුමක් ලැබුනේ. වෙලාවකට මේ ජංගමයා මහ වදයක්.

මම: හෙලෝ උත්තරා කොහොමද ඉතින්?
උත්තරා: වරදක් නෑ, ඔයා වැඩකද හිටියේ?
මම: කමක් නෑ කියන්න.
උත්තරා: මට අදත් මාලන්ව හම්බවුණා, ඔයා අර ලියුම ගැන මට කියල දැන් ටික දවසක් උනාට තාම එයා මට ඒගැන කිව්වේ නෑනේ.
මම: මාලන් ඒක කියන්න තරම් දෙයක් නෙමෙයි කියල හිතන්න ඇති.
උත්තරා: එහෙනම් එහෙම වෙන්නත් ඇති, එත් අනේ මන්ද අවිශ්ක දැන් එයා හරි වෙනස්, මට අද කතාකලෙත් ඕනෙවට එපාවට වගේ.

මට උත්තරාට උත්තර දෙන්න ලැබුනේ නෑ. තවත් ඇමතුමක් ඒ ගිම්හාන්. ඉතින් උත්තරාට පොඩ්ඩක් ඉන්න කියලා අනික් ඇමතුමට කතා කළා.

ගිම්හාන්: හෙලෝ අවිශ්ක මාර වැඩේනේ!
මම: මොකද්ද? කියහන්කෝ ඉතින්,
ගිම්හාන්: අන්න අරූ වර්ශාත් එක්ක ෆිල්ම් බලන්න ගිහින්.
මම: අරූ කියන්නේ කව්ද?
ගිම්හාන්: වෙන කව්ද බං ඉතින්, මාලන් තමයි.
මම: හප්පා, ඉතින් ඇහුවේ නැද්ද උත්තරාට මොකද වෙන්නේ කියල?
ගිම්හාන්: ඇහුවා, ඌ කියන්නේ ඒක සැරේ දෙකක් කරනකොට ආතල් කියල.
මම: යකෝ මූ මාර එකෙක්නෙ.
ගිම්හාන්: ඒකනේ දෙකක් ඒක සැරේ කරද්දී ආතල් ලු බං, මාත් ට්‍රයි එකක් දීල බලන්න ඕනේ.
මම: ඔව් උඹට ඒකනේ දැන් මදි වෙලා තියෙන්නේ. මගේ යකා අවුසන්නේ නැතුව හිටහන්.
ගිම්හාන්: හෙහෙ, මම උඹේ යකාට බය නෑ.
මම: විකාර නැතුව කියහන් දැන් මොකද්ද කරන්න ඕනේ? උත්තරාට කියනවද?
ගිම්හාන්: නොකිව්වත් දැනගනීවි.

ආයෙත් ඇමතුම් දෙක මාරු කරන්න ඕනේ උනත්, ඒකට වෙලාවක් ගත්තේ තරහ පාලනය කරගන්න. ඒත් ඒක කොච්චර දුරට සාර්ථක වුණාද මන්ද. කොහොමහරි ආයෙත් උත්තරාට කතාකළා.

මම: හෙලෝ උත්තරා, මට දෙයක් කියන්න තියනවා හැබැයි කලබල වෙන්න නම් එපා.
උත්තරා: හරි කියන්න, හැබැයි මම දන්නවා ඔයා කියන්න යන්නේ මාලන් වර්ශාත් එක්ක ෆිල්ම් බලන්න ගිය එක ගැනනේ.
මම: ඔව් ඔයා කොහොමද දන්නේ?
උත්තරා: ඔයාට මම කතාකරන්න කලින් මට හිරුනි කතාකරල කිව්වා, ඒත් එච්චර ගණන් ගත්තේ නෑ.
මම: ඉතින් දැන් මොකද කරන්නේ? මම මාලන්ට කතාකරල බලන්නද?
උත්තරා: අපෝ එපා, එතකොට තවත් ප්‍රශ්නයක් වෙයි.
මම: "මොකද මිනිහෝ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ" කියල දැනගන්න එකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ කොහොමද?
උත්තරා: ඔන්න ඔන්න, මට කලබල වෙන්න එපා කියල ඔයාම කලබල වෙලා.

මම මුකුත් කිව්වේ නෑ, කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා. අරූට දෙකක් ඇනල එන්න කියලයි හිත කෑගැහුවේ. එක හින්ද උත්තරාම කතාකළා.

උත්තරා: ඔයා දැනට මුකුත් කරන්න යන්න එපා. මම මාලන්ට කතාකරල බලන්නම්.
මම: හ්ම්,,,
උත්තරා: මොකෝ "හ්ම්" කියන්නේ? තේරුම් ගන්න අවිශ්ක ඔයා දැන් මාලන් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගත්තොත් තවත් මේ ප්‍රශ්නේ දිග්ගැස්සේනවනේ. කියන්න මට ඔයා මොනවත් කරන්න යන්නේ නෑ කියල.
මම: හරි හරි.

මම හරියි කිව්වට තාමත් මගේ තරහ නම් අඩු වෙලා තිබුනේ නෑ. මාලන් මට හම්බවුණොත් පෙරලාගෙන ගහන්න තරම් ඕනෑකමකුත් ඇතිවෙලා තිබුනේ. එක අතකට මම ඕනවට වැඩිය කලබල වෙලා කියලත් හිතුණා. උත්තරා මගේ හොඳම යාලුවා තමයි. ඒත් උත්තරාට රිද්දුවහම මට මෙච්චර රිදෙන්නේ ඇයි? හොඳම යාලුවෝ එහෙමද? නැත්තන් වෙන දෙයක්ද? ඔය වගේ ප්‍රශ්න තොගයක් මා වටේ කැරකුනා. පොත අරන් ආයේ කියවන්න වාඩි වුණත් කියන්න අපහසු වුණා. නිදාගන්න වෙලාව තාම නාවත් අදට වැටුනේ ඔලුව බර ගතියක් ඒක පාරට ආව හින්දා.

Sunday, April 3, 2011

සමාන්තර (3වන කොටස)


ගිම්හාන්ගේ දෘෂ්ටිකෝණයෙන්:

ලෙක්චර්ස් ඉවර උන ගමන්ම එලියට පැනගත්තේ මහන්සියටයි ඉක්මනට යන්න ඕනේ කියලයි හිතාගෙන, අවිශ්කත් කලින් කියල තිබුනනේ අද හම්බවෙමු කියල. ඒක හින්ද කාත් එක්ක හරි කතාවට වැටෙන්න කලින්නම මාරු වෙන එක හොඳයිනේ. ඒ මදිවට ලෙක්චර් එක අතරෙත් වර්ශා මගේ දිහා බලබල මාව කතාවට අල්ල ගන්න උපරිම උත්සහ ගත්තා, දැක්කත් මම නොදැක්ක වගේ හිටියේ බොහොම අමාරුවෙන්. ඒ හොල්මනවත් මග අරින්න ඕනෙනේ. වර්ශා කියන්නේ කරදර කාර කෙල්ලෙක්. දකින දකින කොල්ලොන්ගේ ඇගේ එල්ලෙන චරිතවත් ස්ත්‍රී රත්නයක්. කෙල්ලෙකුයි කොල්ලෙකුයි තරහ උනොත් එකට වර්ෂාගේ නම 
ගෑවෙන්නේ ඉබේටමයි. ඔය වගේ එක එක හේතු හින්දම හොඳ හොඳ නම් වගයෙකුත් ඒකිට හැදිලා තිබුණා. පව් ඉතින්, ඔහොම පාච්චල් වෙනවා කියල වර්ශත් නොදැන ඉන්න බැහැනේ.

"ගිම්හාන්,,, ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ!", හපොයි අහුවුණා, මාරු වෙන්න හැදුවට හරිගියේ නෑනේ. මෙච්චර ඉක්මනට ළඟටම ආවේ රහත් වෙලාද, දැන් ඉතින් ඇහෙන්නේ නෑ වගේ ඉන්නත් බෑනේ. ඒක හින්ද නැවතුණා.

"හලෝ, කොහොමද ඉතින්? හුඟ කාලෙකින්", මම ඇහුවේ වෙන කියන්න දෙයක් 
එකපාරට හිතට ආවේ නැති හින්ද.
"එච්චර හොඳක් නෑ, හැබැයි ඔයා උදව්වක් කලොත් මම සතුටු වේවි", මේ කියන්න හදන්නේ මොන බෝම්බයක්ද ගැනද දන්නේ නෑ. පරිස්සමෙන් පුතෝ.
"මොකද්ද අප්පේ ඒ?"
"අර ඔයාගේ යාළුවා, මාලන්, අන්න එයාට, පණිවිඩයක් "
"හරි මම කියන්නම්"
"කියන්න නෙමෙයි අනේ, මම ලියල තියෙන්නේ, මේ,,, මේ ලියුම එයාට දෙන්න හොඳේ", බැග් එකේ දාගෙන හිටපු ලියුමක් මඩේ අතේ තියල මහා කපටි හිනාවක් පෙන්නලා වර්ශා යන්න ගියා.

පෙරලුනොත් ඉතින් බාල්දියක් මටම තමා, මේකි මොනාටද මේ එන්නේ, මොකක් උනත් හොඳක් නම් වෙන්න බෑ. මේ ලියුමේ මොනවා තියනව ඇත්ද මාලන් සම්බන්ද දෙයක් වෙන්නත් ඕනෙනේ, මාලන්ට ශිෂ්‍ය සංගමයක ලොකු තැනක් තියන හින්ද රට පෙරලලා එයාට ජනාධිපතිකම ගන්න උදව් දෙන්න කියල තිබුනත් මම පුදුම වෙන්නේ නෑ. කොහොම උනත් ඉතින් මේ වගේ ලියුමක් නොබලා ඉන්නේ කොහොමද. බලන්නද එපාද කියකිය හිත හිත ඉඳල 
අන්තිමට බැලුවේ ඕන දෙයක් වෙච්චාවේ කියල.



ආදරණීය මාලන්,

ඔව් මම දන්නවා මට ඔයාට තවම එහෙම ආමන්ත්‍රණය කරන්න පුළුවන් කමක් නෑ, ඒ මට තාම ඔයාව අයිති නැති හින්ද. එත් මම දන්නවා අපි දෙන්න වෙන්කරන්න කාටවත් බෑ උත්තරාටවත්. එයාට ඔයාව අයිති නැහැ, අයිති මටයි. ඔයා මම ගැන තාම හරියට දන්නෙත් නැනේ, ඉන්න මම කියන්නම්. මාව ඔයා දැකලත් මාත් එක්ක කතාකරලත් තියනවා. ටිකක් මතක් කරලා බලන්නකෝ. අපි දෙන්න මුලින්ම දැකපු දවසේ තමයි අපි දෙන්න අපිටම විතරක් උරුම බව මම හොඳටම දැනගත්තේ. ඒ වෙලාවේ මට අදහගන්නවත් බැරි උනා, ඒ තරමට සමීප බවක් දැනුනේ, හරියට අපි හොඳට දන්නවා වගේ, ඒක ආත්මීය බැඳීමක් වෙන්න ඇති නේද මාලන්? ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? මට ඔයාව දැක්ක වෙලාවේ ඉඳල මගේ හිතින් ඔයාව තප්පරෙකට වත් අයින්කරන්න බැරි උනා, කොයි වෙලාවෙත් ඔයා මගේ හිත ඇතුලේ රැව්දෙනවා, ඒ වෙලාවේ ඉඳල ඔයා මාත් එක්කම ජීවත් වෙනවා වගේ, මගේම කොටසක් වෙලා, කනකොට බොනකොට විතරක් නෙමේ මම නිදගනිද්දී පවා ඔයා මාත් එක්ක ඉන්නවා, මගේ හිතේ. මම ඒකට බයත් නැහැ, මොකද ඔයා මගේ මම ඔයාගේ කියල මට හොඳටම දැනෙන හින්ද, මම දන්නවා මම මේවා කියද්දී ඔයා හිතයි මට පිස්සු කියල, ඔව් ඔයා හිතවා හරි, මට පිස්සු තමයි මට එහෙම වෙලා තියෙන්නේ ඔයා හින්ද ඔයාට තියන ආදරේ හින්ද. මාව ඔයා විශ්වාස කරන එකක් නැහැ, ඒ ඔයා දැන් බොරුවක පැටලිලා, ඒ බොරුකාරියක් ඔයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන හින්ද, ඔව් ඒ බොරුකාරී තමයි උත්තරා, එයා මහ බොරුකාරියක් ඔයාට ආදරෙයි වගේ හිටියට එහෙම නැහැ, එයා ආදරේ අර අවිශ්කට, ඔයාව රවට්ටනවා. මට හරි දුකයි මාලන් ඔයා ගැන, එත් බය වෙන්න එපා මම ඔයාව බේරා ගන්නවා. අපි අයිති අපිටයි, අපිට විතරයි. දැන් ඔයාට මේ ලියුම විකාරයක් වගේ පෙනේවි, ඒ ඔයා උත්තරා හින්ද අන්ධ වෙලා ඉන්න හින්ද. කමක් නැහැ මම ඔයාව බේරා ගන්නවා රත්තරන්.

ඔයාට ආදරේ කරන එකම කෙල්ල,
වර්ශා.



ඕනේ දෙයක් වෙච්චාවේ කියල කියෙව්වට මොකද මේවගේ දෙයක් නම් බලාපොරොත්තු උනේ නෑනේ. හැබැයි ඉතින් එකේ ඇති මහා පුදුමෙකුත් නෑ ඕව වර්ශට ආගන්තුක දේවල් යෑ. මම දන්නවා අනුන්ගේ ලියුම් කියවන එකනම් හොඳ වැඩක් නෙමේ, එත් මේ අවස්ථාවෙදිනම් මට ඒ ගැන කිසිම වැරද කාරී හැගීමක් ආවේ නෑ.
හොඳ වෙලාවට මමයි අවිශ්කයි යාලුයි කියල මෙයා දන්නේ නැත්තේහෙහ් වර්ශා වර්ශා,,, ඔයාට මාලන්වම ලැබෙයි. 

*******

"දැන් ඉතින් අපි මේකට මොකද කරන්නේ?", ලියුම කියවපු අවිශ්ක ඇහුවා.
"විසිකරලා දාල, කවදාවත් ඔහොම එකක් දන්නෙත් නෑ වගේ ඉන්නවා,"
 මම එහෙම කිව්වම අවිශ්ක මං දිහා රවල බලපු විදිහට හිනා ගියා.
"හරි එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන?"
"මේක මාලන්ට දෙන්න, අපිට ඕක අදාල නැනේ,,,"
"ආ හරිද එතකොට, උඹේ යාලුවනේ ඕකෙන් අමාරුවේ වැටෙන්නේ", මේ මිනිහට ඕක තේරෙන්නේ නැද්ද. එදා උත්තරා අවිශ්කත් එක්ක කතා කියල ගෝරියක් ඇල්ලුවා කියලත් කිව්වේ. ඕව මේවා එක්ක ප්‍රශ්න වැඩිවෙයි කියල 
තේරෙන්නේ නැද්ද. 
"මම ඒක ගැන උත්තරාට කියන්නම් "
"එහෙම කලාම හරියාවි කියල හිතනවද? ඔන්න මම වගකියනු නොලැබේ, අනිත් එක උඹේ නමත් ගැවිලා තියනවනේ"
"හ්ම්ම් ප්‍රශ්නයක් උනත් ඉතින් මටනේ."
"ඇයි අමතක උනාද ඔයාට ප්‍රශ්නයක් කියන්නේ මටත් ප්‍රශ්නයක් කියල"

අවිශ්ක හිනාවුණා, ඒ හදවතින්මයි. එහෙම හිනා වෙනකොට එයාගේ ඇස් දිලිසෙනවා කතාකරනවා, හරියට ගීතයක් මුමුණනවා වගේ. මටත් හිනා නොවී ඉන්න බැරිවුණා. ටිකක් වෙලා මං දිහා බලන් හිටපු අවිශ්ක මගේ අතින් ඇදල මාව ලඟට අරන් මගේ උරහිස වටේට අතදාල තවත් ලඟට ගත්තා. මම අවිශ්කගේ උරහිස උඩින් මගේ ඔලුව තිබ්බේ ඇස් පියාගෙනම එයාගේ ඇස් ගයන ගීතයට නැලවෙමින්.