Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Wednesday, March 16, 2016

අකුණු | Rays of Light


අඳුරු අහස ඉරාගෙන නියෝන් දම්පාට ලේසර් කිරන තීරු එක දිගට හතර සැරයක් අකුණු ගැහුවෙ කාට හරි දඬුවම් දෙන්න වගේ. පාරේ හිටියේ කැහුටු ගැහුනු බල්ලො විතරයි. උන් වැස්සෙන් බේරෙන්න පුලු පුලුවන් තැන් වලින් කොම්බු ගැහිලා හිට්යා, කන් එල්ලා හැලෙන බල්ලන් එල්ලා හැලුනු කන් වලින් තමන්ගෙ ඇස් වහගෙන හිටියා. සමහර විට අකුණු වලට උන් බය නැතුව ඇති.

වාහනයේ හිටියා වුනත් හිරිකඩ ටිකක් හරි මටත් දැනුනා. වීදුරු නියමාකරයෙන් වැහෙන්න නැතුව ඇති. කොහොම හරි හිරිකඩ මගේ මූණට වැටිලා දාඩිය වගේ තීරු තීරු මූණෙන් පහලට ගලන්න ගත්තා. වැස්ස වැටුනෙ රැලි විදිහට. රැල්ලෙන් රැල්ලට වතුර පොදි වීදුරු වලට වැටුනේ වැලි වැටෙනවා වගේ. ජල ප්‍රහාර නිසා වාහනයෙන් අඩි කිහිපයකින් එහාට මොනවත් පෙනුනේ නෑ.

මම වාහනය නතර කරලා තිබුනේ තාර්යාගෙ ගෙදරට ගොඩක් ලඟින්. මට කරන්න තිබුනේ වාහනයෙන් බැහැලා ගෙදරට දුවන්න විතරයි. ඒත් මම එහෙම නොකලේ මම වැස්සට තියන බය නිසාමත් නෙවෙයි. ඒත් මොකක් හරි හේතුවකට මට ඒක කරන්න අපහසු වෙලා තිබුනා. ඇත්තටම කිව්වොත් හේතුව මම නොදන්න එකක් මත් නෙවෙයි. හේතුව අමතක කරන එක හේතුව මතක් කරල මම වැරදි කරයා වෙන්න මම අකමැති වුණා. නොදන්නා කම ප්‍රහර්ශයට හේතුවයි.

තාර්යාව මට හමුවුනේ අහම්බයෙන් නෙවෙයි. ඒක දෛවයෙන් විය යුතුව තිබුනු දෙයක්. මොකද ඇය හමුවුනු ගමන්ම අපේ කිසිම වෙනසක් වුනේ නෑ. මොකද අපිට එහම කරන්න අවශ්‍යතාවක් තිබුනෙ නෑ. අපේ හැම දෙයක්ම අපිට ඕනවටත් වඩා ගැලපුනා. මේ කියන්නේ අපි දෙන්නටම එක සමාන රුචි අරුචි කම් තියන සමාන්තර අදහස් තියන අය කියන එක නෙවෙයි. කොහෙත්ම නෙවෙයි. මේ කියන්නෙ අපේ අසමානතා අපේ විරොධතා අපි දෙන්නව සමබර කලා කියන එකයි. විශමතා වල සංකලනය තමයි ඕනම ගැටලුවකට පිළිතුර වෙන්නෙ.

මම සිගරට් එකක් පත්තු කරගෙන හිතන්න ගත්තා. අපිට වැරදුනේ කොහොමද? අපිට වැරදෙන්න වැඩ සැලසුනේ කාගේ වරදින්ද? වුණු වැරදි හදාගෙන ඉදිරියට යන්න අපිට බැරිද? ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියනවා. බොහො දුරට ප්‍රශ්නයේ මයි උත්තරය තියෙන්නෙත්. ඒත් මෙතන තියන ගැටලුව ප්‍රශ්නය මොකක්ද කියන එක මට පැහැදිලි නොවීම. මම අතීතය අවුස්සන්න ගත්තේ චිත්‍රපටයක් පසුපසට ධාවනය කරනවා වගේ.

"මම ඔයාව දන්නවද?" තාර්යා මට මුලින්ම කතා කලේ එහම.  "දැකලා පුරුදුයි."
"මටත්, ඒත් මට විශ්වාසයි, ඒ මේ ආත්මයෙ වෙන්න බැහැ කියල." තාර්යා හිනා වුණා.

එතනින් එහාට වැඩ සිද්ද වුනේ ඉක්මනින්. බොහොම ඉක්මනින් අපි අඉව අඳුන ගන්න කල් ගෙව්වා. එයාගේ සමීකරණ මම විසඳුවා. එයා මගේ හර බැර සටහන් තුලිත කලා. කලින් කිව්වා වගේ අපි අපි දෙන්නගේ අඩුවැඩිකම් අඳුන ගනිමින් එවා සමබර කරමින් හිටියා. ඒ කාලය සුන්දරයි. තමන් ආදරය කරන තරමට තමන්ටත් ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියල දැනගැනීම තරම් සතුටක් තවත් නෑ.

"අපි බඳිමුද?" මම දනහිසට බහින්නේ නැතුවම දවසක් ඇහුවා. ඒ වෙනකොට ඒ වගේ සංදර්ශන උවමනා නැතුවම ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුලුවන් කම අපිට ලැබිලා තිබුනා. තාර්යා මුකුත් නොකියම මගේ දිහා බලන් හිටියා. එයාගේ ඇස්වල තිබුනේ සතුට නෙවෙයි; වෙනත් දෙයක්. මට පැහැදිලිව ඒ මොකද්ද කියල පුලුවන් කමක් තිබුනේ නෑ. මොනවා තිබුනත් ඇය අපහසුතාවකට පත්වෙලා කියලා පැහැදිලියි.

"මට උත්තර දෙන්න තව කල් ඕන තිවංක." ඇය මොහොතකට පස්සෙන් කිව්වා.

මම එතනින් පස්සෙස් බඳින එක ගැන කතා කලේ නෑ. විවාහය, එකට ජීවත් වීම, අපි දෙන්නගේ පොදු අනාගතය එක්තරා විදිහකින් තහනම් මාතෘකා වලට පෙරලිලා තිබුනා. අපි දෙන්නම ඒවා මග හරිමින් කට්ටි පනිමින් පරන පුරුදු ජීවිතයට යන්න අසාර්තකව උත්සහ දැරුවා. ඒත් එවායින් වුනේ සීරුම් තුවාල වලට හැරිලා නොදැනීම ඒ තුවාල පැසවන්න ගත්ත එක විතරයි. හංගන්න යටගහන්න හදන හැම අවස්තාවකම ඒවා රබර් බෝල වතුර ගිල්ලනවා වගේ නැවත උඩට පැන්නා.

"ඔයාට මට කියන්න බැරි දෙයක් තියනවද?" නොසන්සුන් කම හිර කරන් ඉන්න බැරි තැන මම ඇහුවා.

තාර්යා මොහොතක් මම දිහා බලන් හිටියා. අපි දෙන්නා ඇස් දිහා බලාගෙන එකිනෙකාව තේරුම් ගන්න උත්සහ කලා. ඒත් හැබෑවටම කෙනෙක්ට තවත් කෙනෙක්ව තේරුම් ගන්න පුලුවන්ද. කෙනෙක් කොච්චර අවංකව තවත් කෙනෙක් එක්ක හැසිරුනත් ඒ කෙනා ගැන සීයට සීයක් ම දැන ගන්න, අදහස් උවමනා අසාවල් තෙරුම් ගන්න පුලුවන් කමක් නෑ. කොච්චර වුනත් තවත් දැන ගන්න දේවල් ඉතිරියි. පුද්ගලයො කියන්නේ අභිරහස්. සමහර විට තමන්ටමත්.

"තිවංක මම බැඳපු කෙනෙක්." ඇය උත්තර දුන්නා.

එතනින් එහාට වැදගත් යමක් අපි අතර හුවමාරු වුනේ නෑ. මම තාර්යාට එක එක නම් වලින් අපහස කරනවත් ඇය තමන්ව නිවරදි කරගන්න කරුනු සපයනවත් මට යන්තමින් මතකයි. කෝපය හා වේදනාව එකට මිශ්‍ර වෙලා සියලු සංවේදනයන් අඳුරු වලාකුලු වලින් වැහිලා තිබුනා. මම මගෙස් හදිසි කෝපයට ඉඩ දීලා බලාගෙන ඉඳිද්දි මම ඇයට කරන්න පුලුවන් සියලුම අපවාද කලා. ඇගේ ප්‍රතිචාර මට එක අතකින් වැදගත් වුනේ නෑ. අන්තිමට මම යන්න හැරුනා. මාව ගොනාට ඇන්දු, මාව පාවිච්චි කල, මගෙන් ප්‍රයොජන ගත් යක්ශනියගෙන් මට මිදෙන්න උවමනා වුනා.

ආදරය කියන්නෙ පුදුම දෙයක්. ඒක ක්ශනයකින් ඇතිවෙන්න පුලුවන් වුනාට ක්ශනයකින් මියැදෙන්න බැහැ. තුවාල සීරීම් පිලිකාවලට අසුවුනත් ආදරය පණ ඇද ඇද හරි අපිත් එක්කම ඉන්නයි සූදානම. මගේ ආදරයත් මගෙන් මිදෙන්න කැමත්තක් නැතිව මගේම ඇඟේ ඇලිලා හිටියේ දෙවෙනි හමක් වගේ. අවසානයේ මම ඇයට සමාව දෙන්න හිතාගත්තා. ඒ වෙද්දි ඇයෙන් තොර ලොවක් ගැන හිතන්න මට පුලුවන් වුනේ නෑ.

වැස්ස තරමක් අඩුවෙලා තිබුනත් අකුණු අඩුවෙලා තිබුනේ නෑ. කොහොම වුනත් මම තාර්යාව මුණගැහෙන්න යන්න තීර්නය කලා. අවසන් වෙමින් තිබුනු සිගරට් කොටය විසිකරපු මම වැස්සේ තෙමෙමින් තාර්යාගේ නිවස වෙත දුවන්නට වුනා. තෙමුනු පොලව මඩවෙලා දුවන වාරයක් පාසා මඩ "චක් චක්" හඬින් විසිවුනා. ලිස්සෙමින් වැටෙන්නට යමින් අවසානයේ ඇගේ දොරකඩට එන්නට මට පුලුවන් වුනා. ඇය විවාහක වුනත් ඇය ඇගේ සැමියගෙන් වෙන්වලා වෙනම ගෙදරක ජීවත් වුනා.

දොරට කිහිප වරක් තට්ටු කරල මම බලන් හිටියේ තාර්යා ඇවිත් දොර අරින කල්. කියන්න දෙවල් ගොඩකුත් අහන්න දෙවල් දහසකුත් ගන්න පොරොන්දු ගොන්නකුත් අතැතිව මම බලන් හිටියා. මට ඕන වුනා අපි අතර තියන බැඳීම නැවතත් අලුත් කරගන්න. තියනවටත් වඩා වැඩි කරගෙන අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරගන්න. තාර්යා දොර ඇරියේ නෑ, කොටින්ම තාර්යා ගෙදර ඉන්නවද කියන්නත් අමාරුයි. ඒත් ගෙදරින් ලයිට් එලිය විහිදුනා. සමහර විට ඇය මාව මගාරිනවා ඇති.

අවසානයේ මම වන්න හැරිලා දොරට තට් කරලා නිකමට වගේ අගුල අල්ලලා බැලුවා. දොර ලොක් කරල නෑ. මම දොර ඇරියා. ගෙදර එලිය හොඳින් තිබුනත් කවුරුවත් ඉන්න බව්ල් තිබුනේ නෑ. හැම දෙයම අප්‍රසන්න නිහඬ තාවකින් ගිලිලා හිටියා. මම ක්‍රමයෙන් ඇගේ කාමරය වෙත සකමන් කලා. මීට කලින් කිහිප වතාවක්ම මම ඇය පසුපසින් තාර්යාගේ කාමරය ගමන් කල හැටි මට මතක් වුනා. ඒ සතුටු කොඅල පරිච්ඡේදය මතක් වීමෙන් හදවත එක ගැස්මක් අතපසු කලා.

සමහර දේ දකින්න අපි ආසයි. සමහර දේ දකින්න අපි අකැමතියි. තවත් සමහර දේ දැක්කම අපිට මොනම දෙයක්වත් හිතාගන්න බැරිවෙනවා. ඊලඟට වුනු දෙයත් ඒ වගේ. වෙන්නේ මොනවද වෙලා තියෙන්නේ මොනවද මම කරන්න ඕන මොනවද කියල හිතගන්න බැරිව මම එකල මෙකල වුනා. කාලය ගතවීම නතර වෙලා මම තාර්යගේ නිසල සිරුර දෙස බලාගෙන හිටියා. එක අතකට හැරිලා කුදු වෙලා හිටිය ඇගේ පපු ප්‍රදේශයෙන් ලේ ගල ගිහින් බිම ලේ විලකට හැරවිලා තිබුනා.

මගේ දණහිස් පොළව සිපගත්තේ මම නොදැනුවත් ම යි. මම තාර්යාගේ අතින් අල්ලලා නාඩි පරික්ශා කලා. එවායේ ජීවය තිබුනේ නෑ. මම සීරුවෙන් ඇයව මාදෙසට හැරෙව්වා. ඇගේ ඇස් පියවිලා තිබුනේ නෑ. බලන්නෙ කොහෙද කියලා දන්නෙම නැතිව ඒවා මගේ දිහා එල්ල වීගෙන තිබුනා. තමන්ගේ අනාගත බිරිඳව ජීවිත සහකාරියව මරලා දාලා තියෙද්දි මිනිහෙක්ට දැනෙන්නේ මොනවද කියන්න මම දන්නේ නෑ. කිසියම් හිරිවැටීමකට ලක් වෙලා, ඔහේ වෙන දෙයක් වෙන්න ඉඩ දීල බලන් ඉන්න කෙනෙක් බවට මම පත්වෙලා තිබුනා. මම පහත් වෙලා ඇගේ නලල සිපගත්තා.

ක්‍රමයෙන් වෙලා තියන දේ බරපතල කම මට වැටහෙන්න ගත්තා. මම මේක අදල පාර්ශව වලට දැනුම් දිය යුතු බවත් ඔවුන්ගේ සහය ඇතිව කරන්න සුදුසු දේ කල යුතු බවත් පසක් වෙන්න ගත්තා. මම එතනින් නැගිටලා මගේ ජංගම දුරකතනය අතට අරන් අංක ඇමතුවා. ඉන් එහාට දේවල් වුනේ ස්වයංක්‍රීයව. මම සියලු විස්තර දැනුම් දෙනවත් මට කරන්න උපදෙස් ලැබෙනවත් මට අපිලිවෙලට මතකයි. මම ඔව්න් කියන හැම දේටම ඔලුව වනමින් අවනත වුනා.

පියවි සිහිය එන කොට මම නැවත තාර්යගෙ නිවසින් එලියට ඇවිත් මගේ කාරය දෙසට ඇවිද යමින් හිටියා. මේ වෙද්දි කොහොමත් වතුරෙන් පෙඟිලා හිටිය නිසා වැස්ස ගැන වගක් තිබුනේ නෑ. ඒත් තාර්යගේ ලේ මගේ ඇඟේ ගෑවිලා ඇලිලා තිබුනා, වැස්සට ඒවා හේදිලා ගියේ නෑ. මම ලේ පිහිද ගැනීමේ උවමනාවෙන් මගේ කාර් එකෙන් ඩිකිය ඇරියා. ඩිකියේ පරන තුවායක් තියනවා වගේ මට මතකයක් තිබුනා. ඩිකියේ තුවායක් තිබුනා. ඒත් ඒක පිරිසිදු එකක් නෙවෙයි මලකඩයි දූවිලියි වලින් පිරිලා තිබුනා. වෙන කරන්න දෙයක් නැති නිස මම තුවාය අතට ගත්තා. එතකොටම බිමට වැටුනෙ තියුනු පිහියක්. පිහියත් පිරිසිදු නෑ. පිහිය අපිරිසිදු වෙලා තිබුනේ ලේ වලින්. වැසි බිඳු වැටිලා වේලිලා තිබුනු ලේ දිය වෙන්න ගත්තා. දියවුනු ලේ දහරාවක් වෙලා ගලාගෙන ආවේ මා දෙසට.

Friday, January 29, 2016

නව සිංහලේ | New Taprobanah

GTA5 ක්‍රීඩාව "සිංහලේ" ඇඳුමක් ඇඳ ක්‍රීඩා කල හැක.
 අහසේ තරු පෙනෙන තරමටම නගරය පුරාවට කොළ සුදු හද තරු කොඩි පිරිලා තිබුණා. ඒ ඇයි කියල මම දැනන් හිටියේ නෑ. පාරවල් වල ලයිට් කණු වල එල්ලී එල්ලී ඒවා හුළඟට ලෙල දුන්නා. ඒ අතරින් පතර සිංහයත් එල්ලිලා හිටියා. පාර දෙපැත්තේ තිබුණු බල්බ වලින් ආව කහ ආලෝකයෙන් ඒවා පෙනුනේ විකෘති රටාවලින්. හෙවනැලි ඒවා අතරින් ගිහින් රාක්ස රූප මැව්වා. මම ආලෝක රස්සයෝ අතර මොහොතක් එකල මෙකල වුණා.

 "මොකද බලන් ඉන්නේ? ගලවමු" සිල්වා ඇහුවා. නහය කට ලේන්සුවකින් වහගෙන හිටය උගේ ඇස් විතරක් දිලිසුනා.

 මම ඔලුව වැනුවා. අපි මේ ගැන කලින් සැහෙන වතාවක් කතා කරලා තිබුණා. එකඟ වෙලත් තිබුණා. ඒත් අත්දැකීම් අඩු නිසා ප්‍රායෝගිකව කරන කොට ඒක ඊට ටිකක් වෙනස්. රණදේව දැනටම එක කණුවකට නැගල එක කොඩි වැලක් ගලවමින් හිටියා. ගහකට නැග ගන්නවත් පුළුවන් කමක් තිබුනේ උට විතරයි.

 "මොකද බං බයයිද?" රණදේව කණුව උඩ ඉඳන් කෑගැහුවා.
 "අපෝ නෑ" මම රණදේව ගලවලා තිබුණ කොඩි වැලක අගිස්සක් වැරන් ඇද්ද. කොඩි වැල ක්‍රමයෙන් ගැලවෙන්න පටන් ගත්තා.

 කොඩි ගලවන එක අමාරු නෑ. ඒත් ඒක කරන්න පෙළඹෙන්න හිතේ ගටක් තියෙන්න ඕන. හේතුව ප්‍රතිපලය බලලා ක්‍රියාකාරීවන්න වුමනාවක් තියෙන්න ඕන. කොටින්ම කීබෝඩ් එක අත් ඇරලා එතනින් එහාට එන්න පුළුවන් කොන්දක් තියෙන්න ඕන. ඕක ගොඩක් අයට කරන්න අමාරුයි, මමත් ඇතුළුව. ඒත් කරන්න බැරි දෙයක් නම් නෙවෙයි. 

 වැඩේ කරන යද්දී වයසක මනුස්සයෙක් (හිඟන්නෙක් කියන්න පුළුවන්) ඇවිත් අපි දිහා ඔහේ බලන් හිටියා. අපි මොනවත් කියන්න ගියේවත් ඒ මනුස්සයා මොනවත් අහන්න ගියේවත් නෑ. ඒත් එහෙම කවුරුවත් බලන් ඉඳීම අමුත්තක්.

 "මොකෝ සීයේ කන්න දෙයක් ඕනද?" අන්තිමට සිල්වා ඇහුවා.

 ඒ මනුස්සයා ඔහේ බලන් හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ. කොටින්ම අපිව ඇහුනද කියලවත් විශ්වාසයක් නෑ. ඒ තරමටම ඒ මනුස්සයා ගල් වෙලා හිරිවැටිලා හිටියා. හිඟන්නාගේ කතාවක් හිඟ කමින් හැමෝම ආපහු තම තමන්ගේ වැඩවලට යොමු වෙන්න වුණා.

 "මේවා ගලවලා විතරක් මදි බං. අපේවා එල්ලනත් ඕන." රණදේව ලයිට් කණුවක ඉඳන් බෙරිහන් දුන්නා.
 "අනිවා, වීරකෝන් උඹ මොකද කියන්නේ?" සිල්වා ඇහුවා.
 "ඔව් ඩිසයින් කරලා දුන්නනම් මට හසන්ත අයියට කියල අඩුවට ප්‍රින්ට් කරගන්න තිබුණා." මම උත්තර දුන්නා.
 "හැබැයි කල් ඇතිව කියන්න වෙයි උන්ට මේ ටිකේ ස්ටිකර්ස් ප්‍රින්ට් කරලා ඉවරයක් නෑ."

 ඈත බල්ලෝ බුරද්දී නගරයේ බල්බ නිවී නිවී දැල්වෙද්දී අපි කොඩිවැල් ගලවමින් හිටියා. එක පාරට වාහනයක් වේගයෙන් අපිව පහු කරගෙන ගියා. පොලිසියෙන්? පපුව ගැහෙන්න ගත්තා? අපි කරන වැඩේ නීති විරෝදීද? අපේ රටේ අපිට ඕන දේ කරන එක නීති විරෝදී වෙන්නේ කොහොමද? වැඩිය කලබල වෙන්න වුනේ නෑ. ආපු වාහනය ආපු වේගෙන්ම යන්න ගියා. ඒකෙත් පොඩි ආතල් එකක් නැතුව නෙමෙයි. ඇඩ්‍රනලින් ලේ පුරා ගිහින් ඇගට අලුත් පණක් අවා. ඕන දෙයක් කරන්න පුළුවන් වගේ හැංගීමක්. ඕනෑම දෙයක් කරන්න ශක්තියක් තියනවා වගේ ගටක්. සිංහයෙක් වගේ.

 "මේක අල්ලපන්" සිල්වා ස්ප්‍රේ කෑන් එකක් විසික් කළා.
 "මොකටද මේක?" මම ඇහුවා.
 "මෝඩ ප්‍රශ්න අහන්න එපා බන්. මොකට කියලද උඹ හිතන්නේ? උඹ උඹට හිතන දේ එලියට දාන්න ඕන. පපුවේ හිර කර ගෙන හිටියට වැඩක් නෑ." රණදේව කෑගැහුව.
 "ඔව් බන්, මෙතන තියන ඒවා එලියට දාපන්" සිල්වා පපුවට තට්ටුවක් දැම්මා. "මාර නිදහසක් දැනෙයි."

 ස්ප්‍රේ කෑන් එක හීතලයි. ඇඟිලි හිරිවැටෙන තරමට නැතත් තරමක් එහෙමයි. මම කෑන් එක හෙලෙව්වා. ඇතුලේ ඇති දෙයක් ටක ටක ගලා හෙලවුනා. කරන්න දෙයක් හිතට ආවෙත් ඒ එක්කමයි. අද හවස අහපු රැප් එකක් ඔලුවට ආවෙත් ඒ එක්කමයි.

 "අන්කල් මේක අහල තියනවද?" මම තවමත් හිටන් ඉන්න හිඟන්නාගෙන් ඇහුවා.
 "සිංහලේ තමයි කැරියෝ අපි ඉන්නේ, අපි ගැන තවම නැහැ උඹලා දන්නේ, උටෝපියාව අපි මේක කරන්නේ, කරන්න බැරිවුන් චුත වෙයන්නේ." පුළුවන් විදිහට මම රැප් එක අනුකරණය කළා.
 "තද බ්‍රෝ තද." සිල්වයි රණදෙවයි කෑගැහුවේ එකටම. "කියපන් බ්‍රෝ ඉතිරි ටිකත්."
 "සිංහලයට කියල ඉතිරි වෙලා තියන එකම රට, දෙන්න බෑනෙ කොල්ලෝ මේක වෙන උන්ට හෙට, උඹ හිටියොත් ඇල් මැරිලා බිම තියාන හොට, යන්න වෙන්නේ පිටමන් වෙලා අපේ රටින් අපිට." මේ වතාවේ උන් දෙන්නත් රැපට එකතු වුනා.
 "ජාති බන් උඹ. හදමු බන් අපිත් සින්දුවක්." මට හිනා ගියා.
 "අනේ මන්ද බන් උඹටත් පිස්සු-" මට කියන්න ලැබුනේ නෑ.
 "ඒ ඒ පොලිස් ජීප් එකක් එනවා." රණදේව කණුවකින් බහින ගමන් කෑගැහුවා.
 "යමන් යමන්." සිල්වා කෑගැහුවා.

 අපි දුවන්න ගත්තා. දුවන්නේ කොහෙටද කියල දැනීමක් තිබුනේ නෑ. එතනින් පැන ගන්නයි උවමනාව. කොහොමහරි පොලිසිය මග අරින්න පුළුවන් වුනා. හිඟන්න තාමත් එතන ඉන්නවා ඇති. අපි ගැන මුකුත් නොකිව්වොත් හොඳයි. මම ඒ ගැන නොහිතා ඉන්න උත්සහ කළා. දුවල දුවල මහන්සි නිසා අපි වේගය අඩු කළා.

 "යකෝ මේ අර හන්දියේ කඩේ නානාගේ ගෙදර නේද?" සිල්වා ඇහුවා.
 "ඔව් මම හිතන්නේ." රණදේව ඕනවට එපාවට උත්තර දුන්නා.
 "යමන් ගෙදර. අර හිඟන්න ගම කයිද දන්නේ නෑ. ගෙදර යමන්." සිල්වා කිව්වා.
 "පොඩ්ඩක් හිටපන්. පොඩි වැඩක් තියනවා." මම කිව්වා.

 නානාගේ ගෙදර ගේට්ටුව මම මගේ අදහස් ප්‍රකාශ කරන්න මාධ්‍යක් කරනගන්න අදහසක් පැන නැගුනේ එවෙලෙමයි. ස්ප්‍රේ එක හොලවපු මම අඩ එළියේ රන් අකුරෙන් වැකියක් ලියන්න ගත්තා. අවසානයේ මට මගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. රණදේවයි සිල්වයි ඈත ඉඳන් බලන් හිටියා. පොලිසිය ආවත් කමක් නෑ කියල තමයි ඒ වෙලාවේ හිතුනේ. ලියල ඉවර වෙලා පස්සට ඇවිත් මම, මම ම ලියපු දේ කියවන්න ගත්තා.

 "අපි ඔක්කොම සිංහලේ හුත්තෝ!"

Sunday, September 27, 2015

හැංගිමුත්තන් | Play Date

  "සිගරට් එකක් බොනවද?" ඇය ඇහුවා.

  මම ඔලුව වැනුවා. සිගරට් වල කිසිම කික් එකක් නෑ. ඇත්තටම ඒක කම්මැලි වැඩක්. කේ ජී වගේ නම් සලකා බලන්නවත් තිබුනා. බීම තරම් දුම මට ගැලපුනේ නෑ. නුවර එළියේ වහලක් රහිත කාර් එකක් පදවාගෙන යාම මිය යන්න ප්‍රථමයෙන් කළ යුතු වැඩ වලින් එකක්. ලස්සන කෙල්ලෙක් මට එහා පැත්තෙන් ඉන්න එක ඒකට උත්තේජනයක්.

  "කෝ මේකේ වහල තිබුනා නම් අපිට මොනවා හරි කරන්න තිබුණා." ඇය මගේ කලවා අතගාමින් හුරතල් වුණා.
  "ඒ හේතුව මීට කලින් ඔයාට බාධාවක් උනේ නෑනේ."
  "ඒත් ඒ එදා රෑනේ"

  මම හිනා වුනාට වහලේ වහන්න මහන්සි වුනේ නෑ. වැව වටේ මිනිස්සු පොදි ගැහිලා හිටියේ බෝට්ටු සවාරි යන්න. එතකොට මම තරමක් වේගයෙන් කාර් එක පැදෙව්වේ ඇයටත් බෝට්ටු පදින්න දොළ දුකක් එයි කියල බය වෙලා. ඒත් ඇයට ඒ වගක් තිබුනේ නෑ. වහලක් නැති වීම ගැන ඇය මුමුනුමින් හිටියා. ඇයගේ ඇත අරන් හාදුවක් දීමෙන් ඇගේ කතාව නතර වුණා.

  ඇය ලොකු ඇස් ඇති සිහින් තොල් ඇති කෙල්ලෙක්. අහුලා ගත්තේ පාරෙන්. ගණිකාවක් නෙවෙයි. ගණිකාවකට මිලක් තිබුනට ඇයට මිලක් නෑ. මිල කරන්න බැරි නිසා නෙවෙයි, පුළුවන්. හැම කෙනෙක්ටම වගේ ඇයටත් මිලක් තියනවා. ඒත් ඒ මිල නියම කරන්න ඇය අකැමැති වුණා. මම ඒ ගැන දැක්වුවේ උදාසීන ප්‍රතික්‍රියාවක්. මගේ මිල ඇගේ මිලට වඩා අඩු වෙන්න තියන ඉඩ කඩ ගැන මම බය වුණා වෙන්නත් පුළුවන්.

  "ඔයා ලිබරල් ද?" මම නිකමට ඇහුවා.
  "ඔයා ලිබරල් කියල අදහස් කරන්නේ මට ඕන දේ මම කරනවා කියන එකට නම් උත්තරේ ඔව්, නැත්තම් ඔයා කියන්නේ අනිත් අයට ඕන දේ කරන්න ඉඩ දෙන එකනම් උත්තරේ නැහැ."
  මම කට කොනකින් හිනා වුණා. කෙල්ල හිතුව තරම් මෝඩත් නෑ.

  "නුවර එළියේ මොකද කරන්නේ?" ඇය ඇහුවා.
  "රස්නේ සපයනවා"
  "කොහොමද වැඩේ ආතල්ද?" ඒපාර ඇගේ කටේ සිනහවක්.
  "වැඩි දෙනෙක් හිතන තරම් වැරද්දක් නෑ."

  අපි කේක් කන්න ග්‍රෑන්ඩ් හොටෙල් එකට ගියා. ඇයට කැපචිනෝ එකකුත් මට ඇමරිකානෝ එකකුත් අරගෙන අපි ජනේලයක් ලඟට ගියා. රෙස්ටෝරන්ට් එක පිරිලා ඉන්නේ විදේශිකයන්ගෙන්. වැඩි හරියක් අරාබි ජාතිකයින්. හම්බයෝ ගැන විහිළුවක් කරන්නත් ගිහින් පස්සේ ඕන නෑ කියල කට වහගත්තා. ඇමරිකානෝ එකේ සැර තිත්ත ගතිය මට ඕන වටත් වැඩිය ගැලපුනා.

  "ඔයාගේ ටෙලිනාට්‍ය එකක් වත් මම බලලා නෑනේ." ඇය බොරුවට දුක්වුණා.
  "බැලුවයි නො බැලුවයි කියල වෙනසක් නෑ."
  "ඇයි රඟපාන්න අකමැති ද?"
  "අපෝ අකමැති කිසි දෙයක් මම කරන්නේ නෑ."
  "එහෙනම්?"
  "රඟපාන එකේ හිතුව තරම් කික් එකක් නෑ."
  ඇය ඒ පාර හිනා වුණා. "ඔහොම ඉන්න මම ඔයාගේ කතාව මට හිතන හැටියට මුල ඉඳල කියන්නම්. ඒක සත්‍යයට කොච්චර ආසන්නද කියල ඔයා තීරණය කරන්න."
  මම ඔලුව වැනුවා.
  "ඔයා ගමේ කොල්ලෙක්." ඇය කතාව පටන් ගත්තා. "පවුල ගොඩක් දුප්පත්, අම්මා තමයි ඉන්න ළමයි ඔක්කොටම කන්න දෙන්නේ, ඔයා පවුලේ වැඩිමලා විදිහට ඔයාට ඒක ලොකු බරක්. වැඩි දුර ඉගෙන ගන්නේ නැතිවම ඔයා කොළඹ එනවා සල්ලි හොයන්න, ගෙදරට සල්ලි යවන්න. ටික දවසක් කුලී වැඩ කරනවා. සොච්චමකට කන්දක වැඩ කරලා එපා වෙනවා. ඊට පස්සේ යනවා මසාජ් පාලර් එකකට, ඒක කලින් රස්සාවට වඩා හොඳ යි. ඒත් නාකි පිරිමින්ගේ ඇඟවල් අතගාල ඔයාට එපා වෙනවා. දවසක් ලොකු අත්තක් එනවා පාලර් එකක්. ඔයා හොඳට උට සලකනවා. සමහර විට ඕනෑවටත් වඩා." ඇය පොඩ්ඩකට කතාව නවත්තල කොපි පොඩ්ඩක් තොල ගා ගත්තා.
  "ඊට පස්සේ?"
  "ඊට පස්සේ, අර මිනිහට ඔයාව හිතට අල්ලනවා. ඔයා උගේ නිත්‍ය සේවා දායකයෙක් වෙනවා. ඌත් එක්ක කනවා බොනවා නිදියනවා. කොළඹ දකිනවා. කොටින්ම ඔයා කොළඹ අඳුන ගන්නේ එහෙම. මිනිහගේ යාලුවෝ අතින් අතට ඔයා යනවා. ගෑනු පිරිමි බේදයක් නැතිව. දවසක් ඔයා ගිහින් නතර වෙන්නේ ෆිල්ම් ඩිරෙක්ට කෙනෙක් ළඟ. මුලින්ම ඇඩ් එකක දෙකක ඉන්නවා, පස්සේ අතුරු චරිතයක්. අන්තිමට ප්‍රධාන චරිතය. දැන් ඔයා මෙතන."
  "ඔයාට තියෙන්නේ ලේඛිකාවක් වෙන්න."
 "පොත් ප්‍රකාශ කරන්නත් කාත් එක්ක හරි නිදාගන්න වෙනවා නම් මට එක කරන්න බැරි වෙයි."
  "හැම දේටම කාත් එක්ක හරි නිදා ගන්න වෙනවා කියල හිතන්නේ වැඩ බැරි මිනිස්සු." මම කිව්වා.

  ටික වෙලාවක් යනකන් ඇය මුකුත් කිව්වේ නෑ. මම ඇමරිකානෝ එක ඉවර කරලා තිබුණත් ඇය කැපචිනෝ එක ඉවර කරන පාටක් තිබුනේ නෑ. කණ්නාඩියෙන් එහා පැත්ත බලන් හිටියා. මනුස්සයෙක් වත්තේ මල් අතර සෙල්ලම් කරන වගේම මල කඩල වනසන ළමයි දිහා ඔහේ බලන් හිටියා. උයන් පල්ලා විය යුතු යි.

  "අපි යමුද?" මම අවසානයේ ඇහුවා.
  කොහෙද යන්නේ කියලා අහන්නෙම නැතුව ඇය ඔලුව වැනුවා.

  පොද වැස්සක් වැටෙමින් තිබුන නිසා වාහනයේ වහල අවශ්‍ය වුණා. ඒත් ඇය ඔහේ බලන් හිටියා මිසක් මොනවත් කිව්වෙවත් කළේවත් නෑ. ඇගේ උදාසීන බාවය මාවත් උදාසීන කරමින් හිටියා. මගේ කතාව කියල ඇය කියවගෙන ගියේ එයාගෙම කතාවද? මම එහම ඇහුවේ නැතත් හිතුනා. කොහොම වුණත් ඇගේ උපකල්පන වරදිමත් නෑ. අර්ධ සත්‍ය පරිපුන් සත්‍යත් අමුලික බොරුත් නෙවෙයිනේ, මම නැවතත් ඇය දිහා බැලුවා.

  "අපි දෙන්න සමහරවිට ලෝක දෙකක උනත් එච්චර ලොකු වෙනසක් නෑ."
  "වෙනස්, වෙනස්ම වෙනස්."
  "වෙන්න ඇති. නොවෙන්නත් ඇති. ඒත් මිනිස්සු දෙන්නෙක්ගේ සමානතා තියෙන්න පුළුවන් තරමට අපි අතර ගොඩක් ඒවා තියනවා. අපි දෙන්නා එක්කෙනෙක් නෙවෙයි. ඒත් එකම පූර්වජයගේ පරිණාම දෙකක්."
  "ඕවා කියල වෙන්න ඇති කලා කාරයෝ අල්ලගන්නේ." ඇය හිනා වුණා.
  "ඔයත් නොදන්නා දේවල් නෙවෙයිනේ."

  අපි කොහොමින් කොහොම හරි කන්දක් උඩ තිබුණු මගේ කොටේජ් එකට ඇවිත් තිබුණා. මුලින්ම කළේ මම වෙලාව බලන එක. අපිට විනාඩි හතලිහක් විතර තියනවා. ඊලග හතලිහ මැදිවියේ නිළියකට මම කලින්ම වෙන්කරලා ඉවර යි. කොටේජ් එක ඒ නිළියගේ නිසාත් වහනය නිළියගේ අධ්‍යක්ෂක සැමියාගේ නිසාත් මට සල්ලි හැර හිස් අතින් නැවත නගරයට යායුතු වුණා.

  "මොකද කියන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමුද?" මම ඇහුවා.

  අගේ ඇස් දිලිසුනේ කාමයෙන් මත් නෙවෙයි.

Thursday, February 12, 2015

ජීවිතය ත්‍යාගයකි

  ඒ වෙද්දී මා ඇය අවසන් වරට මුණ ගැසී වසර තිහක් ගතවී තිබුනි. ඒ වසර තිහ ඇතුලත ඇයව සිහි වුනු වාර ගණන අපමණ වුවත් මට ඇයව මුණ ගැසීමට හැකියාවක් නො වීය. ඒ මා ඇයව අප්‍රිය කළ නිසා නොවේ. මා ඇයට වෛර කිරීම නවතා ඒ වන විට බොහෝ කාලයක් ගතවී ගියත් ඇය මා හට වෛර නොකරයි කියා සිතීමට හේතුවක් නොවු හෙයිනි ඒ. මා හට වෛර කිරීමට ඇයට හේතු අපමණ තිබුනි, විටක තවමත් ඇත. වෛරය හේතුවක් නොමැතිව පහව නො ය යි. වැඩී දලු ලළනවා මිසක.

  ඇය මාව හඳුනා ගත්තා ය. ඇගේ වටකුරු හිස ඒ කාලයේ තරම්ම පිරිපුන් නැතත් තවමත් ප්‍රසන්න ය. ස්වභාවයෙන්ම දික් වූ ඇස්, සිහින් දෙතොල්, වක් වූ දිග නහයද, තවමත් රැලි නොවැටුනු සමද ඇගේ රූමත් බව තවමත් රඳවාගෙන තිබිනි. එහෙත් වෙනස් කම් නොවී නැත්තේද නැත. ඇගේ කොන්ඩය සම්පූර්නයෙන්ම අතුරුදන් වී තිබුනේ ඇහිබැමද සමගයි. මා ඇයව දැක පුරුදු ඇඟටම ඇලුනු කලිසම් හා ඕනෑවට වඩා විවිර වුනු කමිස ඇය අත්හර ඊට හාත්පසින්ම වෙනස් ඇඳුමකින් සැරසී සිටියා ය. බූ ගෑ හිසෙනුත් දවටාගත් දුඹුරු කණ පැහැ රෙද්දෙනුත් ඇය මෙහෙනියක බවට හරවා තිබුනි. ඇය මා හා යන්තමින් සිනාසුනා ය.

  මම මෙහෙනිය වෙත සෙමින් ගමන් කළෙමි. කීමට කිසිදෙයක් මා සතුව නොවිනි. "මට සමාවෙන්න" යැයි මෙපමණ කාලයකට පසු කීමෙන් ඇති ඵලය කුමක්ද? මේ සමාව ඉල්ලීමට අවස්තාව හෝ වෙලාවද නොවෙ යි. විටක මම සමාව ඉල්ලිය යුතු පුද්ගලයාද නොවිය හැකි යි. එහෙත් මට වරදකාරී හැඟීමක් පැමිණීමට නම් මම කිසියම් ම හෝ වරදක් කර තිබිය යුතු යි නොවේද? මා මෙසේ චිත්ත වාද කරමින් සිටින අතර තුර මාගේ පාද මා ඇය වෙත ගෙනැවිත් ඇත. ඈත දීට වඩා ආසන්නයෙ දී ඇයව මට වඩාත් මහලුව පෙනෙ යි. විටක ඇය මා ගැනත් එසේ ම සිතනවා විය හැක. බෞද්ධ භික්ෂුනියක නිසා ඇය අනිත්‍ය මෙනෙහි කරනවා වන්නට ද පුලුවන.

  "කොහොමද ප්‍රසන්න?" මා වචන සොයමින් සිටින අතර ඇය ඇසුවා ය. ඇගේ වචන වල වෛරයක් නොවිනි. 
  "වරදක් නෑ, ඔයාට කොහොමද? ආ... සොරි මෙහෙනියකට කොහොමද කතා කරන්න ඕන කියල මම දන්නේ නෑ."
  "ඒකට කමක් නෑ දැන්. මම තාම උපසම්පදා ලබලා නෑ. උත්තරා මෙහෙනි කියල කියන්න."
  "හොඳමයි." මම ඔලුව වැනුවෙමි.

  මොහොතක් ගත වුනේ අපි මුකුත්ම කතා නොකරයි. උත්තරා මෙහෙනිය මා දිහා බලන් හිටියාට මට වැටහුනේ ඇය මා හරහා අපි එකිනෙකා ගැටුනු අතීතය දිහා බලන් ඉන්නවා සේ ය. කිහිප වරක් ඇගේ ඇසි පිය ගසා නැවතත් පියවි සිහියට පැමිනියා ය. ඇය එක්වරම අනෙක් පස බැලු නිසා වෙන් මමත් ඇය අනුකරනය කරමින් දෙන මත නිදා සිටින මළසිරුර දෙස බැලුවෙමි. දිලීප මිය ගිහින් තිබුනේ හෘදයාබායකින් බවත් කාලක පටන්ම අධික රුධිර පීඩනය තිබුන නිසා එවැනි අවධානමක් තිබුනු බවයි දිලීපගේ පුතා මට මරණය දන්වන විට කියා සිටියේ. දිලීප රෝග නිසා වෙනස් ව සිටිය යුතු වුනත් මැදිවියට පත්වීම හැර වෙන්කොට දැක් විය හැකි වෙනසක් වී තිබුනේ නැත. මට පුරුදු මා දන්න කඩවසම් පුද්ගලයාම නොවුනත් මේ ඔහුගේම අවස්තාවක් වූ නිසා මා මට ම නොදැනී කම්පාවට පත්වී තිබුනි.

  දිලීප මට පළමු වතාවට මුණ ගැසෙන විට මට වයස 21 ක් වූවා පමණි. මා මාගේ පළමු රැකියාවට ඇතුලත් වූ මුල් දිනය අමතක නොවන දිනයකි. ඒ ඔහු නිසා ය. ඔහු ඒ ආයතනයේ මා අයත් අංශයේ ප්‍රධානියා විය. ඔහු එදින මට දිනකට කළ නොහැකි තරම්ට වැඩ පටවමින්, එම ආයතනයට, කොටින්ම රැකියා කිරීමට ආධුනිකයෙක් වූ මාව පීඩනයට පත් කරමින්, එක්තරා ආකාරයකින් මාව බියට පත් කරමින්ද ඔහු ඒ දිනය මාගේ මිහිපිට අපායේ ගත කළ දිනයක් කිරීමට වගබලා ගත්තේ ය. දිනය අවසන් වන විට මට එම ආයතනයමද මුලු වෘත්තීය ජීවිතයද එපා වී තිබුනි. අවසානයේ ඔහු මාට ඔහුගේ කැබින් කාමරයට පැමිනෙන්න යැයි සන් කළේ ය.

  "මම කතාකළේ ප්‍රසන්න අද හොඳට වැඩ කළා කියන්න." ඔහු කිව් දෙය ප්‍රසංශාවක් විය යුතු වුවත් එය ඔහු කීවේ උපහාසයෙන් වීම නිසා මම ඔහුට ස්තුති කළේ නැත. මම ඔලුව වනා එළියට යන්න සූදානම් වෙද්දී ඔහු මාව නවතා ගත්තේ ය. "කව්ද ප්‍රසන්නට යන්න කිව්වේ? මම කතා කරල ඉවර නෑ."

  මම කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියෙමි. දිලීප වචනයේ සාම්ප්‍රදායික අර්තයෙන්ම කඩවසම්ය. ගන ඇහිබැමින් යට වුනු තියුනු ඇස් ඕනෑම කෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් ය. මම ඔහුගේ ඇස් දෙස ඕනෑවට බලා නො සිටීමට උත්සහ ගත්තෙමි. ඔහුගේ අප්‍රසන්න හැසීරීම නොවිනි නම් අපට අඩුම තරමේ යහලුවන් වන්නට හැකියැයි මට එවේලේ සිතුනි. මම ඔහු දෙස බලා නොසිටින්නට උත්සහ ගන්නා බව ඔහු දැන ගත්තේ ය. එයට ඔහු දැක්වූ ප්‍රතිචරය පුදුම සහගත නම්, ඔහු ඉන් පසු කල දෙය පුදුම සහගත බව සිය දහස් ගුණයකින් වඩා වැඩි විය යුතු ය. සිනාසුනු ඔහු නැගිට ඇවිත් මාව සිප ගත්තේ ය. මොහොතක් ගතවන විට මට වැටහුනු දෙය නම් මම ද මාව පාවා දෙමින් ඔහුව පෙරලා සිපගනිමින් සිටින බවයි.

  ඉන්පසුව මසක් ගත වන තුරු අපි, මමත් දිලීපත් අනුන්ටත් වඩා අපිටම හොරා අපිව හැඳින ගනිමින් සිටියෙමු. දෙවෙනි දිනයේ දැනගත් ඔහුගේ කැමතිම කෑම කුමක්ද යන්නේ සිට දෙවන සතිය වන විට ඔහුගේ යට ඇඳුම් සියල්ලේම පාටත් මාසයක් අවසන් වන විට ඔහු ශාරීරිකව පමණක් නොව මානසිකව වඩාත්ම සංවේදි කුමන ස්ථානද හා ඒවා ස්පර්ශ කළ යුතුතේ කෙසේදැයිත් මට මතකයෙන් කීමට පුලුවන් වී තිබුනි. රාගය රතු සලුවක් නම් මා ඒ මාසය ගත වන විට සිටියේ ඒ සලුව සිරුර පුරා දවටා ගෙන ය. මම දිලීපට ඒ වෙද්දි ආදරය කළා දැයි කියා මම නො දනිමි. එහෙත් මම ආදරයත් රාගයත් අතර ඒදන්ඩක ඒ අවස්තාවක ගමන් කරමින් සිටියෙමි යැයි කීමට හැකි ය. මම ඒ අස්තිර බවට රහසින් ප්‍රේම කළෙමි.

  දිනක් දිලීපගේ කැබින් කාමරයට කෙල්ලෙක් ඇතුල් විය. ඇය කුමන කටයුත්තකට කුමන හේතුවකට පැමිණියාද කියා නොදත්තද මට කිසියම්ම හෝ හේතුවට සැකයක් ඇති වුනි. මා ස්වභාවයෙන් කිසිවක් හෝ කිසිවෙක් සැක කරන්නෙකු නොවේ. එහෙත් තමන්ව සැක කරන්නට හේතු තමන්ම හේතු සාදාගන්නා විට අනුන්ව සැක කරන්නට පටන් ගැනීම මනුශ්‍ය ගතිය යි. මම දිලීපගේ කැබින් කාමරය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියෙමි. තරමක කාලයක් ගතවීමෙන් පසු ඇය පිටව ගියා ය. ශරීරය වැසෙනවාට වඩා ශරීරය නිරාවරනය වන්නට ඇඳුම් පැලඳ සිටි ඇය ආයතනයේ බොහෝ දෙනෙක්ගේ අවදානය දිනාගෙන ඇති බව පෙනුනි.

  "කව්ද බන් ඒ?" පැණි හලමින් සිටි එකෙක් ගෙන් මම විමසුවෙමි.
  "නියම බාන්ඩේ නේ?" ඌ මෝඩයෙක් මෙන් සිනාසුනේ ය. "ඒ තමයි, මේ අපේ දිලීප බොසාගේ වයිෆ්."

  මොහොතකට මා නිසසල ය. ඒ විශාල කුණාටුවක් පැමිනෙන්නට පෙර පරිසරයේ පවතින නිහඬතාව මෙනි. පැණියා ඇය බඩුවක් වන්නේ කෙසේද යන්නත්, දිනක් ඔහුගේ මිතුරෙක් ඇගේ පස්ස මිරිකූ හැටිත් තවත් දිනක ඇය ඔහුට ඇසක් ගැසූ සැටිත් තවත් මොනවාදො දේවලුත් විස්තර කරන්නට පටන් ගත්තේ ය. ඒ කිසිවක් මට දැන ගැනීමට මට උවමනාවක් හෝ සිහියක් නොවිනි. දිලීප බැඳලා යන්න පමණක් මගේ සිතේ රතු එළි දල්වන්නට විය. ඒ ලෝහිත පැහැය මගේ සිත වසා පැතිර යන්නට වැඩි වෙලා ගත වූයේ නැත. ඒ වෙද්දී ශෝකය හා ක්‍රෝධය යන අඹ යහලුවන් මා සමග අත් අල්ලන් සිටියෝ ය.

  තවත් වාඩි වී පැණියාගේ මෝඩ කතා අසා සිටීමට අපහසු තැන මම නැගිට දිලීපගේ කාමරයට ඇතුල් වූ වෙමි. කතා නොකර ඇතුල් වීම ගැන දිලීපගේ ඇස් වල කේන්තියක් ඇති වී සැටිත් පැමිනියේ කවුද යන්න දැන ගැනීමෙන් පසුව ඒ දෑසම බිය පත් වන සැටිත් මම සන්සුන්ව බලා සිටියෙමි. ඔහුගේ කමිසයේ බොත්තම් ගැලවී ඇත. කම්මුල් වල රතු පැහැ තොල් සායම්ද, මේසය මත වූ දෑ බිම වැටීද තිබුනි. සිදුවී ඇති දෙය වටහා ගැනීම ඇසීරු නැත. අසීරූ වන්නේ ඊලඟ පියවර යි. මම කිසිවක් කීමට කලින් දිලීප කතා කිරීමට උත්සහ කළේ ය. 

  "ප්‍රසන්න ප්ලීස්, මට මේක පැහැදිලි කරන්න පුලුවන්." දිලීප ඇයදින්නට පටන් ගත්තේ ය. ඔහු අඩුම තරමින් සමාව ඉල්ලුවේවත් නැත.

  මට ඔහුගේ බොරු ඇසීමට අවශ්‍ය නොවිනි. ඔහුගේ විස්තර කිරීම මගේ එක් කනකින් පැමින් විත් අනෙක් කනෙන් පිටව ගියේ ය. මම ඔහුගේ කට සොලවන දෙස අඩවන් වූ දෑසින් බලා සිටියෙමි. ඒ දෙතොල්වලින් මාව සිපගත්ත හැටි, මාව වර්ණනා කල හැටි, මම ආදරෙයි කියා නො කියා කියූ හැටි මම නැවතත් මතක් කළෙමි. එයින් කොපමණ ප්‍රමානයක් සත්‍ය දැයි කියා නීරනය කිරීමට මම උත්සහ නොකළෙමි. එසේ මා මාවම ආත්ම අනුකම්පාවකට පත්කර ගැනීමට මට නොහැක. මම අසරණයෙක් නොවෙමි. වීමට උවමනාද නැත. දිලීප ඔහුගේ "පැහිදිලි කිරීම" අවසන් කර තිබුනි.

  "ඉවරද කියවල?" දිලීප මා දෙස ආයචනාත්මකව බලා සිටියේ ය. 

  මම වැඩි දුර නොසිතාම ඔහු වෙත ගොස් වැරෙන් ඔහුගේ පපුවට පහරක් එල්ල කළෙමි. ඔහු මට රිදෙවෙවේ නම් මටත් ඔහුට රිද්දවීමට සාධාරණ අයිතියක් ඇත. එහෙත් අභ්‍යන්තරයෙන් හටගත් පපුවේ වේදනාව පිටින් මා ඇති කළ වේදනාවට සමපාත වන්නේ නැත. දිලීපත් එය දැන සිටියේ ය. මා  පහර දෙන තෙක් ඔහු පහර ලබමින් බලා සිටියේ එනිසා විය හැක. මාගේ ආවේගය මම ඔහු මත මුදාහැර අවසන් වෙද්දි මම කයෙන් නොව මනසෙන් වෙහෙසට පත් වී සිටියෙමි. කොතෙක් මම ඒ අවස්තාවට වෛර කළද මා සැබැවින්ම දිලීපට වෛර කිරීමට තබා ඔහුට අකමැති වීමට වත් නොහැක. ප්‍රේමය වනාහි අපූර්ව දෙයකි. එය ඇතිවන තෙක් නොදන්නා අතර, එය අහිමි වෙද්දි එය කුමක් දැයි තමන්ම පෙන්වා දෙයි.

  "තෝ මාව කෑවා," මම කෑගැසුවෙමි. "පර බල්ලා.”

  මම අසල තිබූ පුටුවකින් වාඩි වී අනාගතය ගැන පළමු වරට කල්පනා කරන්නට පටන් ගත්තෙමි. පසුගිය මාසය තුල දිලීප මාගෙ එකම ප්‍රාර්තනාව වී තිබුනත් එය තවදුරටත් පැවතිය නොහැක. අන්සතු වූ වෙකු මට අවශ්‍ය නැත. දිලීප මා දෙස බලා සිටියේ කිසිඳු හැඟීමකින් තොරව ය. පළමු වතාවට ඔහු මගේ නොවේ යැයි යන අවබෝධය මගේ හදවත කැබලි වලට කඩා දැමීමට සමත් විය. මාසයක් ගතවෙන තැන ඔහු මාගේ හදවත බවට පත්ව සිටියේ ය. කිසිවක් කියන්නට නොහැකි වූ තැන දිලීප මාව අල්ලා තදින් සිප ගත්තේ ය. දෙවන වතාවටත් මම ඔහුට අවනත වුනෙමි.

  "තේරෙන්නෙ නැද්ද මිනිහෝ, මම උඹට ආදරෙයි." අපහසුවෙන් උවත් මම කීවෙමි.

  දෙවන මාසය ආරම්ඹ වද්දි දිලීපගේ රහස හෙලිවී එය අපගේ රහස බවට පත් විය. ටික දිනක් ගතවෙත්ම මම දිලීපගේ දෛනික කාල සටහන පමණක් නොව ඉරේශා එනම් ඔහුගේ බිරිඳගේ යෑම් ඒම් ගැනත් සියල්ල දැන සිටියෙමි. දිලීපව මා සමග රඳවා ගත හැකි අවසන් තප්පර දශමය වන තෙක් මම ගණන් සෑදුවෙමි. ඔහු මගේ සැලසුම් පිලිපැද්දේ ය. මා ඔහුට අනාචාරයේ හැසිරෙන්නට උල්පන්දම් දෙන්නා වීමි, ඔහු මාගේ ශිෂ්‍යායා වී ඒවා පිලි පැද්දේය. මම එයට එක් අතකින් කැමතිද වුමෙනි. ආදරය ක්‍රීඩාවක් නම් මා ඒ ක්‍රීඩාවේ යෙදුනේ තහනම් උත්තේජක පානය කරය.

  දිලීප මට ආදරෙයි කියා දවසේ දෙතුන් වතාවක් වත් කීමට අතපසු නොකළේ ය. 'ඔය කටින්ම ඉරේශාටත් ඔහොම්මම කියනවද?' එසේ මම නො ඇසුවෙමි. එසේ අසනවාට නොව ඔහු ලබා දිය හැකි පිළිතුරටයි මා බිය වූයේ. කෙසේ වුවත් ඔහු නොකියා කියූ දෙයින් මාහට තරම්ම නොවුනත් ඉරේශාට ඔහු තරම්ක් හෝ ආදරය කරයි. එයින් මට තෘප්තිමත් වන්නට විය යුතු විය. රාගය නම් සලුව ඒ වෙද්දී මට දෙවෙනි සමක් සේ ඇලී තිබිනි. යාවීමට පහසු වුවත් වෙන්වීම අපහසුය, වේදනා කාරීය. මා දිලීපට මාගේ කෝපය හා දුක නො පෙන්වීමට උපරිම උත්සහ ගත්තෙමි.

  රහස් ප්‍රේමය තෘප්තියක් වන්නේ එය රහසක්ව පවතින තුරු පමණි. රහසේ බාහිර පවුරු බිඳී යන විට රහසේ රස සේදී ය යි. දිනක් මම ආයතනයෙන් එලියට යද්දි ඉරේශා මා සොයා ආවාය.

  "ඔයා ප්‍රසන්නද?" මම ඔලුව සෙලවීමි.

  එකෙනෙහිම ඇය මාගේ කම්මුලට පහර පිට පහර ගසන්නට වූවා ය. කම්මුල එල්ලී ගැලවීමට මෙන් රත්වී ඉඳිමී ආවේය. පැලුනු තොලින් යුතුව මා ඇය දෙස බැලුවාය. ඇය මා ගැන, ඇගේ සැමියා ගැන, මා හා ඇගේ සැමියා ගැන සියල්ල දැන ගෙන ඇති බව මට කීවේ ඇගේ දෑස යි. මා කිසි දිනක කිසිවෙකුගෙන් දැක නැති පරිදි ඒවායින් ගින්දර පිටවුනි. බැල්මකට කිසිවක් ගිනි තබන්නට හැකි නම් මා ඒ වෙද්දී මා දැවී අලුවී යා යුතු ය. මම කිසිවක් කීවේ නැත. ඇය කීමට බොහෝ දේ ඇතත් කට වසා ගෙන සිටියා ය. එහෙත් කිසිවක් නොකීම බොහෝ දෑ කීමට වඩා බලවත් ය. මම ඇගේ ඇස් මග හරින්නට උත්සහ කළෙමි.

  "මගේ මිනිහ අතැරපන්. වනචරයා!" ඇය වචන දමා ගසමින් යන්නට හැරුනාය.
  "මම දිලීපට ආදරෙයි." මම කීවෙමි.

  ඉරේශා නැවතත් හැරුණා ය. කලින් ඇගේ නෙත්වල තිබුනේ ගින්දර නම් ඒ අවස්තාවේ ඒවා කුඩා කඩු කිනිසි දහසක් බවට පත්ව තිබුනි. ඒ අයුධ ලක්ශයෙන් පරිස්සම් වෙන්නට මා සතුව පළිහක් තිබුනේ නැත. මම නිරාවරණය වූ හදවතකින් යුතුව ඇය දෙස  බලා සිට්යෙමි. ඇගේ කේන්තිය පහව ගොස් ඒ ඉඩ ශෝකයෙන් පිරවිනි.

  "දිලීපට ආදරේ කරන්න අය ඕන තරම් ඉන්නවා. එයාට කොහෙවත් යන උන් ඕන නෑ." ඇය හැඬුම් බරව කීවාය.

  එය තර්ජනයක් නොවේ. ආයාචනයකි. එහෙත් හිඟන්නෙක්ගෙන් හිගා කෑ ඇති ඵලය කුමක් ද? මට ම කියා දීමට ඇත්තෙ එක් දෙයක් පමණක් නම් එයත් ඇය ඉල්ලන්නේ ඇයි? දිලීප මගේ ය. මගේ පමණක් නොවන්නට පුලුවනි, එහෙත් මටත් අයිතියක් ඇත. මම ඉරේශාට මුකුත් නොකියා ඇය පසුකර ගියෙමි. නැත. දිලීප ඇයට හිමි වීමට නොදෙමි. ප්‍රේමය සංග්‍රාමයක් නම් සොල්දාදුවා මිය යන තෙක් තමන්ගේ පාර්ශවයට සටන් කළ යුතුය. ඒ පාර්ශවය නිවැරදි ද යන්න අදාල නැත.

  ප්‍රේමය නම් ක්‍රීඩාව කරන්නට තවත් තරඟ කරුවෙක් එක්වී තිබුනි. අභියෝගය අසීරු වන්නට වන්නට ජයග්‍රහනයේ තෘප්තියද ත්‍යාගයේ වටිනාකමද වැඩිවෙයි. දන්න හැම පහරක්ම ගසමින්, ඇති සෑම තුරුම්පුවම දමමින්, පුලුවන් හැම කරනමක්ම ගසමින් මම තරඟ කළෙමි. එහෙත් ඉරේශා හැම වෙට්ටුවකටම වැටුනේ නැත, ලබාගන්නා කිසිඳු ගෝලයකින් සැලුනේද නැත. ඇය පහසු තරඟකාරියක වූයේ නැත. වඩාත්ම ඇය තරඟය අත් හැරියේ නැත. මාස තුනක් ගෙවෙද්දී දිලීප ඇගෙන් වෙන් වීමට සූදානම් වෙමින් සිටියේ ය. දික්කසාදය අත ළඟ තිබියදි ඔහු මගේ නිවස වෙත් ආවේ මා සමග ජීවත් වීමටයි. සැබැවින්ම ඔහු මට වඩා ආදරෙයි යන්නෙන් මම උද්දාම වුමිනි. ඔහුද කළකට පසු සතුටින් සිටින බවක් පෙනෙන්නට තිබුනි. ජයග්‍රහනයේ හිනි පෙත්තේ සිටි මම මා සතු වටිනාම දෙය මා සතු වීම ගැන ආඩම්බර වුනෙමි.

  එහෙත් සතුටේ ස්වභාවය නම් එහි වෙනස් වන ගුණය යි. කිසිදා ඔබ දුකින් සිටින්නේ නැතුවා සේම කිසිදා ඔබ සතුටින් සිටින්නේ ද නැත. දික්කසාදය සමතයකට පත්වන්නට පෙර දිනයේ ශෝකයේ දෙව්දුව ඉරේශා මාව සොයා පැමිනියා ය. දිලීප ආයතනයේ වැඩකට පිටට ගොස් සිටි නිසා මම ඇයට තනිව මුහුණ දිය යුතුය. ඇගේ මුහුනේ පරාජයේ සළකුනු තිබුනි. ඇය දැන්ම ම පරාජය බාරගෙන ඇත. මම ජයග්‍රහනයේ සිනාවක් පෑවෙමි. වටින්නේ ක්‍රීඩා කරන ආකාරය නොව දිනුම ලැබීම යි. වංචාවෙන් හෝ ඒ වෙද්දීම කුසලානය මා සතුවිය.

  "ප්‍රසන්න මම කියන දේ පොඩ්ඩක් අහන්න ප්ලීස්." ඇය කීවා ය. මම ඈයට ඇහුම් කන් දිය යුතුද නැත. කෙසේ වුවත් මම ඇය දෙස බලා සිටියෙමි.

  "මම ඔයාට වැඳලා කියන්නම්, දිලීපව අත්තරින්න. ඔයා හැන්ඩ්සම් ඔයාට තව කෙනෙක් හොයාගන්න පුලුවන්නේ." ඇය ඇයදින්න පටන් ගත්තා ය. "ප්ලීස්, මගේ පවුල කඩන්න එපා. ඔයාට තේරෙන්නෙ නෑ, ඒක කෙල්ලෙක්ට කොච්චර ලැජ්ජාවක් ද කියල. මම මැරෙනවා ඊට වඩා හොඳයි."

  "ඔයා මට කියන්නේ, ඔයා වෙන කෙනෙක්ව හොයා ගන්නකෝ." මම එසේ නොකීවෙමි, ඇය මට එසේ කී හේතුව මම දනිමි. සැබෑවටනම් මේ ඇගේ ලැජ්ජාව ගැන හෝ ඇගේ පවුල විනශවීම ගැන ගැටලුවක් නොවේ. සැබැව නම් මෙය පරාජය හෝ ජයග්‍රහනය පිළිබඳ ය. මට ඇගේ චාටු කතා ඇසීමට උවමනා නැත, මම යන්නට හැරුනෙමි.

  "ප්‍රසන්න මම ප්‍රෙග්නන්ට්" ඇය අවසන් මොහොතේ හඬ අවදි කළාය.

  ඉන්පසුව සියල්ල සිදුවූයේ ක්ශනයකිනි. මම එසේ නොවන්නට ප්‍රාර්තනා කළත් ඉරේශා ඇත්තටම මාස හතරක සිට ගැබිනියක වී සිටියා ය. ඈ ඇගේ අන්තිම තුරුම්පුවද යොදා ගෙන තිබුනා ය. මගේ අතේ වූ කුසලානය අත්හැර දමනු හැර කරන්න කිසිත් මා සතු නොවිනි. මම එය බිම වැටී කුඩා කැබලිනි දහසකට සුනු විසුනු ව යන අයුරු බලා සිටියෙමි. දරුවෙකු තරඟයට එක් වී තිබුනි. කොතරම් අමානුශික වුවත්, කුඩා දරුවෙකු යටකරන් යාමට මට නොහැක. ඉරේශා හා දිලීප දික්කසාද වූවත් දරුවෙකුට සිය දෙමව්පියන්ගෙන් වෙන් විය නොහැක. එසේ වෙන්න යැයි කියන්නට මට අයිතියක් ද නැත. අවසානයේ ජයග්‍රහනය ඉරේශා සතු කර ගත්තා ය.

  මම දිලීපට සමුනොදීම රටට සමුදුන්නෙමි. නැවතත් තනිකඩයෙක් වූ මම අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුවම ආගන්තුක මිනිසුන් ගොඩක් මැද මගේ තනිකම විඳගත්තෙමි. ඇඟට ඇලී තිබුනු රාගයේ සලුව සමත් සමග ගැලවී ඇවිත් රිදුම් දුන්නේය. අවසානයේ තුවාල කැලල් රාශියක් ඇතිවම මම පරාජිතයෙකු වී සිටියෙමි. ජීවතයේ පළමු වතාවට පැරදීම, විරහව විඳ ගනිමින් මම ජීවත්වන්නට ඉගෙනගත්තේමි. තුවාල සුවවුනද තුවාල කැලල් සුව වීමට බොහෝ කල් යයි. විටක සමහර කැලැල් සුව නොවී පරණ මතක මතක් කරමින් ඔබ සමහම සිටියි.

  මා අතීයෙන් නැවත් වර්තමානයට එන විට උත්තරා මෙහෙනිය මා දෙස උපේක්ශාවෙන් බලා සිටියාය. ඇය ඉරේශාගෙන් දුරස් වන්නේ භාහිර පෙනුමෙන් පමනක් නොවේ. ඇය මා දෙස බලා සිටි බැල්මේ වූයේ ශාන්තියකි. මම සමාව නොඉල්ලාම ඇය මට සමාව දී ඇති සැටියකි. මම කිසිත් සිතා ගත නොහැකිව ඇය දෙස බලා සිටියෙමි. ඇය මගේ අත අල්ලා තට්ටුවක් දැමුවාය. එය මිත්‍රත්වයේ සංකේතයකි. දිනක් වෛරයෙන් ඇයගේ අත තදින් මිරිකුවා මට මතක් විය.

  "මට සමාවෙන්න." මම කීවෙමි.
  "ප්‍රසන්නට මම සමාව දීලා ගොඩක් කල්." ඇය කීවා ය. "ඒ වගේම මම දන්නවා දැන් ඔයාට මගේ ගැනත් තරහක් නෑ කියල. ඔයා මට සමාව දෙනවද?"
  මම ඔලුව සෙල්වීමි.
  "ඒක හොඳයි. ඒත් වඩා වැදගත් වෙන්නේ තමන්ටම සමාව දෙන එක. ඒක කරන්න ඔයාට පුලුවන්ද? මට නම් තාම බැහැ." නැවතත් ඇය පරණ මතක අතරේ අතරම් වුනි. ටිකකට පසු සිනා සුනු ඈ ම දෙස බැලුවා ය. "හෙට මරණේ කටයුතු, එනවා නේද?"
  "එන්නම්."

  මා යන්නට හැරුනි. දිලීප තවමත් නිදා සිටි පරිද්දෙන් දෙන මතය. ඔහු සමග ගතකළ ප්‍රේමණීය රාත්‍රීන්, ඔහු කී ආදරනීය වදන්, ඔහු කල සුරතල් දෑ, ඔහු මා සිනාගැස්සූ සැටි ඒ කිසිවක් දැන් ඵලක් නැත. ඒ සෑම දෙයක්ම මා ඕනෑ තරම් වාරයක් මතක් කරමින් හඬා ඇත. විටක ඉරේශාද හඬන්නට ඇත. දිලීපද අඩුම තරමේ දුක් වූවා විය යුතුය. මා ඉරේශා හා ඇගේ දරුවාට ඉඩ දී ගියාට ඉන් වූයේ ඔවුන්ගේ වෙන්වීම කල් යාම පමනි. ඔවුන් නීතියෙන් වෙන් නොවුනත් මා ඔවුන්ගෙ ජීවිත වලින් ඉවත් වී වසර කිහිපයට පසු ඔවුන් වෙන් වෙන්ව ජීවත් වුනි.

  දන්නා පරිදි දිලීප වෙන කිසිවෙකුට ආදරය කළේ නැත. ඉරේශා නීතියෙන් වෙන්ව නැතවත් විවාහ වූයේද නැත. මා විදෙස් රටකට වී පරණ තුවාල පාරමින් ඒවා ලෙව කමින් සිටියෙමි. අවසානයේ කිසිවෙක් ජයග්‍රහනය කළේ හෝ පරාජය වූයේ නැත. කුසාලනය කිසිවෙකුට හිමි වූයේ ද නැත. තරඟ වැදීමෙන් සියල්ලෝම පීඩවකටත් වෙහෙසකටත් පත් ව සිටියෝ ය. මම දිලීපට අවසන් වතාවට ගෞරව කොට මරණ ගෙදරින් පිටත් වූයෙමි. දිලීප මා හැර ගොස් ඇති නමුදු මා එක තැනක සිර වී ඇති නමුදු ද ලෝකය තවමත් කැරකෙයි. ජීවත් වන්නට නම් මම ද ලෝකය සමග කැරකිය යුතු ය. ඒ සඳහා මම මට සමාව දෙන්නට ඉටා ගතිමි.