I find it kinda sad
The dreams in which I'm dying
Are the best I ever had
I find it hard to tell you
I find it hard to take
When people run in circles
It's very, very mad world
Gary Jules - Mad world
ඉස්සරහ වාඩිවෙලා හිටපු කෙල්ල මට ඇහැක් ගැහුවා. මම හිනා වුණේ නෑ. ඒ කෙල්ලගේ මොකක්හරි දැකල පුරුදු ගතියකුත් තිබුණා. ඒ වුනාට ඒ පළපුරුදුකම් හොයන්න බැරි ගතියක් දැනුනා. ඒත් ඒ වෑයම සාර්ථක වුණේ නෑ, ඒකි ඇවිත් මට එහාපැත්තෙ පුටුවෙන් වාඩිවුණා.
"මාව මතකද?" මම මොනවත් කිව්වේ නෑ.
"ඇයි අනේ..." කෙල්ල මගේ කනට කොඳුරන්න ගත්තා. "ඔයා මට රතු පාට පෑන්ටි හයක් අරන් දුන්න මතක නැද්ද? දැන් මම ඇඳලා ඉන්නෙත් ඒකක්."
මම කට කොනකින් හිනාවුණා. වෙන වෙලාවක නම් මම "ඇත්තද? හැබැයි මම දකින දේ විතරයි විශ්වාස කරන්නේ " වගේ උත්තරයක් දෙන්න ඉඩ තිබුණා. මතක ඇති විදිහට මීට මාස කීපයකට කලින් අපි වතාවක් දෙකක් නිදාගත්ත ද කොහෙද, ඒකිට මගේ ඇඟේම එල්ලෙන්න ඕනේ වුනහම පෑන්ටි අරන් දීලා බේරුනා. ඒත් කෙල්ලන්ගෙන් නම් සම්පූර්ණ ගැලවීමක් නැහැ.
පුස්තකාලයේ තියන පොත් වලින් අහඹුවෙන් එකක් තෝරාගෙන කියවන එක මගේ පුරුද්දක්. මම තෝරාගෙන තිබුනේ මිලාන් කුන්දේරාගේ 'ජීවිතය අන් තැනකි' පොත. මගේ ජීවිතය අන් තැනක වත් තියනවද කියල හිතාගන්න බැරිව ඉන්න කොට කෙල්ල මගේ දණහිසට අත තිබ්බා. තවත් පිටුවක් දෙකක් කියවන් යද්දී ඒ අත තිබුනේ කලින් තිබුන තැනට වඩා අඟල් කිහිපයක් ඉහලින්. කතා නායකයා තමන්ව තමන් තුලින් හොයා යාමේ නොනවතින ගමනක දී යෙදෙද්දී මගේ කලිසමේ සිප් එක අරුණා.
යක්ෂයාව හොයන්න ගත් උත්සාහයන් සාර්ථක වුණේ නෑ. ලුසිෆර් කියන්නේ හැම මනුෂ්‍යයෙක් තුලම ඉන්න 'නරක' බවට රූපකයක් විතරක් කියල පිළිගන්න මම අකැමති වුණා. ඒ නමින් මොනම විදිහක හරි පුද්ගලයෙක් සිටිය යුතු බවත් මම ඒ කෙනාව මුණගැසිය යුතු බවත් විතරක් දැනගෙන හිටියා. කලුපාට ස්ප්‍රේ එකක් අරගෙන තාප්ප වල යක්ෂයාට පණිවිඩ ලියන්න පටන්ගත්තෙත් ඒ එක්කමයි. මිනිසුන් අසලම ගැවසෙමින් මිනිසුන්ගේ ආශාවන් වලට පොහොර දමමින් ඉන්න කෙනා ඒවා දකියි කියලා තරමක විශ්වාසයක් තිබුණා.
"ඔය ඇති" මම කෙල්ලගේ අත අයින් කරලා සිප් එක වහගත්තා, පොත ආපහු තියල එලියට ආවා, කෙල්ලත් මගේ පස්සෙන්ම එනවා. වෙලාව හවස හයට විතර ඇති. හිරු එළිය අඩුවෙලා ගිහින් කළුවර තැනින් තැන ඇතිකරලා තිබුණා. පිස්සුවෙන් වගේ වාහන යන පාරවල් පහුකරගෙන වික්ටෝරියා පාර්ක් එකට ආවා. ගේට්ටුවෙන් ඇතුලට යන්න දෙන්නේ නැති වුණත් ඇතුලට යන්න පුළුවන් තැනක් හොයාගන්න පුළුවන් වුණා. ඒ වෙන කොට කෙල්ලට මාව මග ඇරිලා. උද්‍යානයේ තැනින් තැන විදුලි පහන් දැල්වල තිබුනේ උවමනාවට එපාවට, ඒකෙන් එක්තරා ආකාරයක ආලෝක රටාවක් මැවිලා තිබුණා. තාම එළියට ගිය නැති මිනිස්සුත් එහෙන් මෙහෙන් මතු වුණා, නැති වුණා.
ඇබෑර්තුවක් තියන ගහක් යටට වාඩිවෙලා බෙහෙත් පෙත්තක් කටේ දාගත්තා. එක්ස්ටසි, සදාකාලික ප්‍රහර්ෂය, නොනවතින සුරතාන්තය, නිර්වාණය. කවුරුහරි මගේ ඉස්සරහට ආවා වුණත් හරියට මුණ පෙනුනේ නැති නිසා අනන්‍යතාවයක් නෑ. ආඥාතයෙක් වෙන්න කාටවත් බැරි වුණත් එහෙම අයත් ඉන්නවා. හරියට මම වගේ? ඒ ප්‍රශ්නේ මම මගෙන් ඇහුවේ නෑ. ඒ ප්‍රශ්නේ යොමු වුනේ ඉස්සරහින් හිටිය පුද්ගලයට.
"ඒ, උඹ කව්ද?"
"මාව හෙව්වා නේද?"
"මම? මම හෙව්ව එකා උඹ වෙන්න බෑ." ඌ ඒකට උත්තරයක් දුන්නේ නෑ. මගේ එහා පැත්තෙන් වාඩිවුණා, මට අර කෙල්ල පව් කියල හිතුනා.
"ඇයි මාව හෙව්වේ?"
"නිකන්, නිකම්ම නිකන්, හරියට සුළඟ වගේ..."
"මොනවද ඕනේ? සල්ලි, බලය, ගෑණු?"
"බම්බුව, ඔය මඟුල් එපා!"
"එහෙනම් මම යනවා..."
"හිටපන්, මාත් එක්ක කතාකරපන්."
"එහෙනම් කියන්න අහන් ඉන්නම්."
"ඊට කලින් උඹේ මුණ බලන්න ඕනේ..." මම උගේ අතින් ඇද්දා. ඌත් නැගිටලා ආවා. ටිකක් ඈතින් ආපු එළියකින් මුණ බලාගන්න පුළුවන් වුණා. ඒ මුණෙයි මගේ මුණෙයි වෙනස දවස් කීපයකින් නොකපපු රැවුලයි, කොන්ඩේ පිළිවෙලයි, හමේ පිරිසිදු කමයි විතරයි. කෝට් එකත් එක්කම ඌ සම්පූර්ණ ඇඳුමක් ඇඳලා, පිටින් කව්රුත් බැලුවනම් අපි දෙන්නා ඉපදුනාට පස්සේ වෙන්වුන -මම හිඟන්නෙක් වුණ, ඌ පෝසතෙක් වුණ- නිවුන් සහෝදරයෝ කියල හිතන්න තිබුණා. ඌ මං දිහා බලල හිනා වුණා. මේක භ්‍රාන්තියක් වෙන්න බැරි බව විශ්වාසයි. මත් වෙන්න නම් තව වෙලා යනවා.
"උඹ මම ම ද? මේ ඇත්තට ම ද?"
"ඒවායින් වැඩක් නෑ, කතාකරන්න."
තප්පර කිහිපයක් ගතවුණා. ඌ කලබලයක් නැතිවම බලන් හිටියා.
මට ඇහුම්කන් දෙන එකෙක්? මට හිතාගන්න අමාරුයි.
මම කතාකරන්න පටන් ගත්තා.
-ඉතිරිය මතුවට-
I'd like to make myself believe
ReplyDeletethat planet Earth
turns slowly
Its hard to say that I'd rather stay
awake when I'm asleep
because my dreams are bursting at the seams
-Owl city
:)
හ්ම්ම්... ඉතිරිය මතුවට දැක්ක ගමන් හිතුන ආපෝ මෙගා එකක් කරන්න හදනවද කියල... ආයි හිතුන මෙගා වුනත් මොකෝ කියල :)
ReplyDeleteඉතුරු ටික දානකම් බලන් ඉන්නව.. :)
මෙග උනත් මම මේ කතාවලට කැමති.. ඉතිරියත් එනකම් බලාගෙන ඉන්නවා..
ReplyDeleteහිරණ්‍යයගේ තවත්, අමුතුම මාදිලියේ කතාවක්!!!
ReplyDeleteඉතිරි කොටස කියවන්ට බලාගෙන ඉන්නවා.
කතාව කියවගන යනකොට අර උඩින් තියන 'සම්මතයෙන් ඔබ්බට ' කියන කෑල්ලත් හිත කොනක, ඇඳෙන්ටත් පටන් ගත්තා.
කැමති ශෛලයකට ලියවෙන කථාවක්... ඊලඟ කොටස කියවන්නට නොඉවසිල්ලෙන්
ReplyDelete