Thursday, October 25, 2012

කබ්බෝ ෆෝම් කිරීම; ලිංගිකත්වය

පහුගිය දවසක ලංකාවේ ප්‍රසිද්ධ ෆෝරම් එකක ප්‍රශ්නයක් අහල තිබුණා, "ඇයි කැම්පස් යන කෙල්ලෝ සෙක්ස් ෆන් ගන්න බය වෙන්නේ නැත්තේ?" කියල. ඒ ප්‍රශ්නෙටම තව අධ්‍යාපන සුදුසුකම් තියනවා නම් කාත් එක්ක සෙක්ස් කළත් ඒ කෙල්ලන්ව බඳින්න අය ඉන්න නිසාද කියලත් මේවට වගකියන්න ඕනේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය නිසා කියල කොහෙන්දෝ මන්ද හොයාගත්ත තර්කෙකින් බැනලත් තිබුණා. ඒ පොස්ට් එකේ දිගට කතා කරන යද්දී සමහරක් අයට එක කන්‍යාභාවය ගැන ප්‍රශ්නයකුත්, සුද්දට බනින්න අවස්ථාවකුත්, සෙක්ස් ගැන කතාකරමින් ගන්න ස්වයංවින්දනයකුත්, රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට බනින්නත්, නිදහස් අධ්‍යාපනයේ වැරදි හොයන්නත් අවස්ථාවක් වෙලා තිබුණා. කොහොම වුණත් අනුන්ගේ ලිංගික සම්බන්ධතා අපිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල අහපු පිරිසකුත් නොහිටියා නෙමෙයි.

මේ මාතෘකාව පට්ට ගහපු ඩෙනිමක් වගේ. තැනින් තැන ඉරිලත්, නිල පාට හේදිලා ගිහින් සුදුපාට වෙන්න ඔන්න මෙන්න වෙලත් තව හොඳන්න වෙලා. මීට අවුරුදු හයකට විතර කලින් ඉඳල සිංහල බ්ලොග් පටන් ගත්ත කාලෙදිම ලිව්ව ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලත් අඩුම තරමේ අන්තර්ජාලයේ වත් පෞද්ගලිකත්වය ගැන, අනුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ගැන, ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙමෙ යි කියන එක ගැන කීදෙනෙක් ඉගෙනගෙන තියනවද කියන එක ප්‍රශ්නයක්. සාපේක්ෂ වශයෙන් නිදහස් ස්වාධීන තැනක් හැටියට ගැනෙන තත්‍යසම පරිසරයකත් මෙහෙම නම් ඉන් පිටතදී මේ ගැන ආකල්පය කොහොම වේද? ඒක අතකින් ඒක පුදුමයකුත් නෙමෙ යි. වැඩිහිටි ගැහැණු පිරිමි ඉන්න කාමර ඇතුලට ඇවිත් කුදලාගෙන පොලිසියක් ඇති, 'අපේ පුතානම් ගෑනු ළමයෙක් දිහා බලන්නේ වත් නෑ" කියා ප්‍රශංසා කරන දෙමාපියන් සිටින, අලිංගික වීම උත්කර්ෂයට ලක්කළ සමාජයක මෙවැනි ප්‍රතිචාර බලාපොරොත්තු විය යුතුයි. කකුළුවා යන්නේ ඇදේට නම් කැකුළු පැටව යන්නෙත් ඇදේට.

ලංකාවේ අන්තර්ජාලය හරිම ග්‍රාම්‍යයි. චින්තන කියන විදිහටම ඒක "වර්ල්ඩ් වයිඩ් වෙබ් එක ලංකාවේ ගමයෝ ඕපාදුප කතාකරන කඩපිලක්". අපේ රටේ වැඩියෙන්ම පිවිසුම් වාර ගණනක් ඇති සිංහල වෙබ් අඩවිය වන ගොසිප් සයිට් එකකට යන්නේ ඕපාදුප කියවන්න. නිරන්තරයෙන් අලුත් දැනුම මතවාද එකතුවෙන තැනක් එකතැන පල්වෙන කඩයක් වුණහම මේ ග්‍රාම්‍ය මිනිස්සුන්ට අලුතින් යමක් එකතු වෙන්න ඇති අවකාශය නැතිව යනවා. ඉතින් ලාංකික සමාජයත් ලංකාවතුල අන්තර්ජාලයත් තුල ලිංගික අසහනය පිටකරගන්න අවස්ථාව අහිමි වෙනවා. සරල ලෙස 'මටත් ලිංගික අසාවන් තියනවා' කියල කියාගන්න බැරි වෙනවා, ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න බැරි වෙනවා. ඒ තුලින් ඇති වෙන්නේ පීඩනයක්. සමාජය තුල දූෂණ/අතවර විදිහටත් අන්තර්ජාලය තුල මේ වගේ ප්‍රශ්න අහන එක, ටැටූ ගහපු කෙල්ලන්ට බඩු කියල බනින බ්ලොග් පොස්ට් දාන එක වගේම ගොසිප් සයිට් එකකට ගියහම ඒවාට දමන කමෙන්ට් වලිනුත් ඔවුන්ගේ පීඩනය සමනය කරගන්න හදනවා.

මම මෙහෙම කියල දූෂකයන්ව වත් ලිංගික හිංසකයන්ව වත් සාධාරණීකරණය කරන්න උත්සහ ගන්නවා නෙමෙ යි. එසේ වීම ඇති හැකියාවන් විමසුවා පමණ යි. කාටවත් වරද පැටවීමෙන් තේරුමක් නෑ. කොයි හේතු මත වුවත් තමන් උවමනාවෙන් කළ වැරැද්ද වරද්දක්ම තමයි. තමන්ගේ වැරද්දක් තියනවා නම් නිවැරදි කරගත යුතුත් තමන් ම යි. ලිංගික ආශාවන් ස්වභාවික බවත්, ඒවා ඉටු කර ගැනීම මානුෂික බවත්, ඒසේම එය තම තමන්ට පෞද්ගලික වූ දෙයක් බවත් දැන ගත යුත්තේත් තමන් ම යි. දෙදෙනාගේම කැමැත්ත ඇතිව, නිසි පරිස්සමක් සහිතව කිසිවෙක් ලිංගිකව කීදෙනෙක් සමග කෙතරම් වාර ගණනක් යෙදුනත් ඇය හෝ ඔහු පහත් කොට සැලකීමට අනෙකුකට සාධාරණ හැකියාවක් නෑ. මොකද එක ඔවුන්ගේ ස්වාධීන අයිතියක් නිසා, ඒක ඔවුන්ගේ පෞද්ගලිකත්වය නිසා. ඔවුන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිට කෙනෙකු ඉදිරියේ (පොලිසිය ඉදිරියේ පවා) දිගහැරිය යුතු නෑ. සමාජයක පෞද්ගලිකත්වයට, පුද්ගල නිදහසට හා අයිතීන්ට ගරු කරන්නේ එහෙමයි.

අපිට තියෙන්නේ ප්‍රශ්න නෙමෙ යි, ප්‍රශ්න කියල මවාගත්ත ෆැන්ටසි. එහෙමත් නැත්තම් ප්‍රශ්න විය යුතු ඒවා අපි ප්‍රශ්න හැටියට භාරගන්නේ නෑ, ඒ ගැන කතාකරන්නේ නෑ, කතාකරන්න බොහෝ දුරට දැනුමක් නෑ. මේ ප්‍රශ්න නොවෙන ඒවාට තවත් ප්‍රශ්න නොවෙන ඒවත් එකතු කරගෙන මහා අච්චාරුවක් හදාගෙන ඒක රහ කරකර කන්න අපි දක්ෂයි. එහෙම වෙද්දී සැබෑ ප්‍රශ්නයක් කතාකරද්දී අපිට තරහයි ආතල් එක කුඩු වුණ නිසා. එතකොට ඇත්ත ප්‍රශ්න කතාකරන එකා 'පිස්සෙක්' (ඇත්තටම මේ හඳුන්වන පදය තම තමන්ගේ හිතළු අනුව වෙනස් වෙනවා; දේශද්‍රෝහියා, බටහිර ගැත්තා, වනචරයා වගේ) වෙනවා. ඉතින් පිස්සන් අතර තවත් පිස්සෙක් වෙලා සාමාන්‍යය යැයි කියා ගන්නවද, පිස්සන් අතර පිස්සෙක් නොවී 'පිස්සා' කියල අහගන්නවද?


18 comments:

  1. කිව්වත් වගේ පතුරු ගහපු ඩෙනිමක්... මොන තාක්ෂණේ ආවත් ඒ එන වේගෙට මිනිස්සු හිනත්ත පුරුදු වෙලා ඉන්න විධි වෙනස් වෙන්නෙ නෑනෙ... අර තාඹුව කියපු මීමගෙයි ජීනගෙයි කතාව දන්නව නේද?

    http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වා මතකයි. ඉන්න මීමෝ නැති කරන්න හරි වෙනස් කරන්න හරි කාලයක් යනවා තමා, මේ ලිවීමෙන්වත් ඒකට උදව්වක් වෙනවනම් හොඳයි.

      Delete
  2. හැමදාම වගේ හොඳ ලිපියක් මචන්...

    මොන සබ්ජෙක්ට් එකක වුනත් බහුතරය කැමති ප්‍රශ්නෙ කතාකරනවට වඩා ඒ ප්‍රශ්න කාගෙ හරි පිටේ ගහල බනින්න හරි වෙන විකාරයක් කරන්න හරි තමා..

    ReplyDelete
    Replies
    1. මේ අර අපි දන්න, සාතන්ද? නැත්නම් වෙන සාතන් කෙනෙක්ද? කොහොම උනත්, මූන මාරු වෙලා...:)

      Delete
    2. මම තුමාම තමා... පොටෝව ටිකක් මාරු කරල බැලුවා...

      Delete
    3. ස්තුතියි. අලුත් මූණත් නරක නෑ.

      Delete
  3. බෝඩ් ලෑලි එල්ලා ගත්තෙ නැත්නම් කරන්නේ කියන්නේ කුමක් දැයි කියා නොදන්න, අනුන් කියන විදි අනුව තමන් ජීවත්වෙන අය අතරමං වෙයි!!!!

    මේ මාතෘකාව නම් ඩෙනිම් බිහිවෙන්නත් කළින් පට්ට ගහපු එකක් ද කියලත් හිතුණ :D

    ReplyDelete
    Replies
    1. //බෝඩ් ලෑලි එල්ලා ගත්තෙ නැත්නම් කරන්නේ කියන්නේ කුමක් දැයි කියා නොදන්න, අනුන් කියන විදි අනුව තමන් ජීවත්වෙන අය//

      මේක හොඳ නිර්වචනයක් මාතෘකාවේ කියල තියන අයට.

      Delete
  4. //ඉතින් පිස්සන් අතර තවත් පිස්සෙක් වෙලා සාමාන්‍යය යැයි කියා ගන්නවද, පිස්සන් අතර පිස්සෙක් නොවී 'පිස්සා' කියල අහගන්නවද?//

    මේකට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. තියනවා, කිසිවක් නොකර කිසිවක් නොදැනී ඉන්න පුළුවන්. එහෙම ජීවත් වෙලා වැඩක් තියනවද කියන එක තමා ඊළඟ ප්‍රශ්නය.

      Delete
  5. කාලෙකට පස්සේ හොඳ ලිපියක් කියෙවුවා!

    ReplyDelete
  6. සම්පුර්ණ ඇත්ත කථාව

    ReplyDelete
  7. ඇත්ත කතාව! කොහොමත් ලංකාවේ බුවාලා ජංජාලේ ඇතුලේ මාකට් වෙන්නේ මොනවා හරි සෙක්ස් ටිකක් හරි ගෑවිච්ච දෙයක් දාල..ඩබල් මිනින් බ්ලොග් ටොපික්....ඇවිස්සෙන පින්තූර..මේ ඔක්කොම....

    ReplyDelete
  8. හැබැයි ගින්නක් නැතුවම දුමක් නගින්නේ නැහැ නේද ?

    ReplyDelete
  9. මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්මි .
    මට අදික ලෙස දහදිය දමන නිසා නිරුවතින් දේශන සඳහා පැමිණීමට මට
    අවශ්‍යතාවක් ඇත. මටතිබෙන ප්‍රශ්නය විශ්වවිද්‍යාලෙ ප්‍රවේශ දොරටුවදක්වා
    මිනිස් ගල්පහරවලින් බේරී පැමිණීමේ ගැටලුවයි .ස්වාදීන චින්තනයක් හෙබි
    , මනා අවබෝදයක් ඇති මගේ බුද්දිමත් සිසු සිසුවියන් කිසිදු මවිතයකින් තොරව
    මා බාර ගැනීමට සූදානම් බවත් ඔවුන්ද පසුදින සිට මා අනුගමනය කරන බවත්
    සක්සුදක්සේ මෙම ලිපිය හා එහි ප්‍රතිචාර කියවූ විට පෙනීගියේය .

    ReplyDelete
  10. ඔන්න එක යාලුවෙක් අනික් අයටයි රටටයි දේශනා කරනවා අයිස් ක්‍රිම් වල තියෙන අවුල්...අයිස් ක්‍රිම් නිසා දියවැඩියාව පෙසර් හැදෙනවා..ඒවයින් ඈත් වෙලා ඉන්න එක හොදයි...අපි ගමේ දේවල් කන්න ඕනි...
    බටහිර ගැති අයිස් ක්‍රිම් නොකා අපි දේශීය රුහුනු මීකිරි කන්න ඕනි...අපිට අයිස් ක්‍රිම් නැතුව කන්නෙ කොච්චර දේවල් තියෙද කියලා සමාජය තුල අයිස් ක්‍රිම් විරෝධීන් සහ පුහු අයිස් ක්‍රී්ම වලට එරෙහි තත්වයක් ආරෝපනය කරනවා....අයිස් ක්‍රිම් නොකා ජීවත් වෙන්න හැක ිවිදිය..අයිස් ක්‍රිම් වල ඇති අහිතකර තත්ව ගැන දවසගානෙ කියනවා...

    නමුත් ඒ මනුස්සයා හැමදාම හොරාට අයිස් ක්‍රිම් කනවා...

    පුද්ගලිකව මට මේන්න මේ සංසිද්දිය පේන්න බෑ...ඒක මගේ අවුලක් වෙන්න ඇති....අනික් අයට සදාචාර වෙන්න ආදරය කරන්න....පිවිතුරු ලෝකය ගැන බන දෙසන අය කෙල්ලො ගාව සෙවල මලු ලිහාගෙන පෙරන්න ලෑස්ති වෙනවා..කෙල්ල .ටිකක් නැමෙනවා වගේ නම් අර කියපු සදාචාර පැත්තක දාල කෙල්ල කාමර වලට උස්සන් ගිහින් පර්සනල් ලෙසන් තියන්න ලෑස්ති වෙනවා...

    නමුත් උං එහෙම කරන ගමන් ආයෙත් අර බණ සෙට් එක කියාගෙන ඉන්නවා...සුදු රෙද්ද පොරෝගෙන...

    මේ දෙබිඩි බක පන්ඩිතයින්ගේ රෙදි ගලවන එක නං මම පව් කියලා හිතන්නේ නෑ.... සමහර විට මිනිස්සුන්ට දෙබිඩි වීමේ මානව අයිතිවාසිකම් තියෙනවා...කියල කියන්නත් පුලුවන් ඇති... ඒත් ඒ දෙබිඩි ස්වරූපෙ නොදන්න අහිංසක කොල්ලො කෙල්ලො ගොඩාක් මේ දෙබිඩි පකිස් බූරුවන්ගේ ගොන් නිර්මාණ වලට අහුවෙලා උන් පස්සෙ ගිහිං නොයෙක් ව්‍යසන වලට ලක්වෙනවා...

    ReplyDelete