"මට කැස්ස!" මම කැහැල පෙන්නුවා.
"හාං?"
"ඇත්තටම මට කැස්ස"
"ඉතින්? මට මොනවද කරන්න කියන්නේ..."
ඊට පස්සේ මම එයාට කැස්ස ගැන කියන්න ගියේ නෑ. එයා ඇහුවෙත් නෑ.
"මේ ඔයාට මතකද දවසක් මට කිව්වා ඔයාට කැස්ස කියලා" කාලෙකට පස්සේ එයා ඇහුවා.
"ආං එහෙමද?"
"ඔව්වොව්, අහන්නකෝ ඉතින් දැන් මට කැස්ස වගේ"
"ඉතින් මම දැන් මොකද කරන්නේ?"
එයා මොනවත් කිව්වේ නෑ, ලජ්ජාවෙන් වගේ හිනාවුණා විතරයි.
"ඔයාට මතකද අපිට කැස්සක් හැදුණා, කාල දෙකකදි"
"ම්, ඔව් ද කොහෙද, ඉතින්?"
"අපි දෙන්නටම එකම කාලෙකදී කැස්ස හැදුනානම්?"
"ඔයා කියන්නේ වෙනසක් වෙන්න තිබුන කියලද?"
මම ඔලුව වැනුවා.
"මේ" මම කතා කළා.
"මේ" මම කතා කළා.
"ම් ඇයි?"
"මිනිස්සුන්ට කැස්ස නැතුව ජීවත් වෙන්න අමාරුයි"
"මම නම් ඕවා දන්නේ නෑ"
"බොරුකාරි!"
"හරි හරි, මම ටිකක් විතර දන්නවා ඉතින්..."
"ඒකනේ, ඉතින් කියන්නකෝ"
"වැඩක් නෑ"
එයා උත්තර දුන්නේ නෑ, මම බලකළෙත් නෑ.
"ඔයාට දැන් කැස්සක් ඇත්තෙම නැද්ද?"
"නෑ මම හිතන්නේ..." එයා අවිශ්වාසයෙන් උත්තර දුන්නේ.
"ඔහොම කියල බෑ, හරියටම කියන්න."
"මේවා හරියටම කියන්න බෑනේ"
"මටනං පුළුවන්"
"මටත් පුළුවන් ලූ..."
එයා මාව තල්ලු කරලා දුවන්න ගත්තා, මට හිනා.
කතාවෙන් පේන්නේ දෙන්නාගේ ආදරෙයි, කැස්සයි හංගන්ට බැරි උනු විත්තිය...:D
ReplyDeleteමට නම් කැස්ස නෑ... හැබැයි සෙම තදවෙලා... :)
ReplyDeleteමටත් කැස්ස හංගන් ඉන්න බැරි උනා.. හොද වෙලාවට එයාටත් එවෙලෙම බෝ කලා..
ReplyDeleteහපොයි මටනං කැස්සත් එපා..අනිකත් එපා.දෙකම මහ වාත ලෙඩ... :D
ReplyDeleteහුඟ කාලෙකට පස්සෙ කියවපු ආදරේ හිතෙන පෝස්ට් එකක්....
ReplyDelete