පැමිණියෙමි නැවත හමුවන්නට
ඔබ නැතිව ගෙවනා සෑම තප්පරයක්ම
තනිකමින් අතරමංව මම
මේ ඇස් කියනා ආරයේ කතාව
දැනෙනවා නේද, හැඟෙනවා නේද
දිව්රන්නම් දහස් වරක් වුවද
ප්‍රේමය කිසිදා නොමියන බවට
කොන්දේසි විරහිත ආදරය
අනන්තව පුදමි අකාලිකව
එක්ව ජීවත්වන මොහොතක් පාසා
ඔබේ නාමයෙන් ගෙවමි මම
මේ සොඳුරු ආදරය සැබෑවක් බවට
වටහාගන්නට පවසන්නම් මම
'මම ඔබට ආදරෙයි' කියා
මේ පිවිතුරු ප්‍රේමය ඔබ හැර
වෙන කිසිවෙකුටත් නොවන බවට
මාගේ වංශය අහිමි වුවත්
මා සතු සියල්ල උදුරාගත්තත්
දුක්වන්නේ නැත මම
මාගේ අමිල වස්තුව ඔබ නිසාවෙන්
ඔබේ ඔය සිනිඳු ඇඟිලි තුඩු සිපගනිමි
සපථ කරන්නට කුමරාණනි,
මාගේ මේ ප්‍රේමය සත්‍ය බව
මා ඔබගේ රෝමියෝ වෙමි
ආත්මයෙන් ආත්මයේ...
ප.ලි.: සාමාන්‍යයෙන් මම කවියක් ලිව්වට පස්සෙයි එකට රූපයක් හොයන්නේ, ඒ විදිහට බලද්දී මේ අවස්ථාව ටිකක් විශේෂයි. මේ රූපය දැක්කහම මට මොනම හරි ලියන්න ඕනේ වුණා. මේ ඒ ප්‍රතිඵලය. තවත් පුංචි කාරණාවක්, මේ මාගේ 50 වැනි පොස්ටුව.
රෝමියෝ ලම දෙන්නෙක් නේද?
ReplyDelete50හට සුබ පැතුම් ජුලියට් ගෙන්...
@සොඳුරු සිත: බොහොම ස්තුතියි, ඒ වගේම සැහෙන්න සතුටුයි. පළවෙනි පොස්ටුවේ ඉඳලම මට උදව් කරපු කෙනාට කොහොමනම් ස්තුතියි කරලා ඉවර කරන්නද, මේ ජුලියට් තමයි මාගේ බ්ලොග් ජීවිතේ මඟපෙන්වන්නී.
ReplyDeleteඅප්පා රෝමියෝ ඩබලක් නේද :D :D
ReplyDeleteමගෙත් උණුසුම් සුභ පැතුම් 50 වෙනි පොස්ට් එකට.. :)
සුබ පැතුම් හිරණ්‍ය...
ReplyDeleteමටත් ෆොටෝ එක දැක්ක්කාම දැනුනේ රෝමියෝ දෙන්නෙක් නේද කියලා...මමත් මේ ලගදි ඔහෝම එකක් ලිව්වා..තාම පබ් කලේ නැහැ..දිගටම ලියන්න...
50ට උණුසුම් සුභ පැතුම් හිරා...
ReplyDeleteකවියනම් කියෙව්වෙ නෑ... මොකද කවිත් එක්ක මේ දවස් වල අමුතුම විදිහෙ ප්‍රශ්නයක් තියෙනව මට... නයාට අඳුකොල වගේ... වෛරයක් නෙමෙයි පිළිකුලක්..
දිගටම ලියපන්... සුභ පතනව ආපහු සැරයක්...
@ChammA: ඔව්නේ! බොහොම ස්තුතියි.
ReplyDelete@නිම්ශා: එහෙනම් පබ් කරන්න. ස්තුතියි, හැමදාමත් වගේම දිගටම මත එක්ක ඉඳීවි කියල විශ්වාස කරනවා.
@සාතන්: බොහොම ස්තුතියි සහෝ.
කවියට තියන පිළිකුල ඉක්මනටම නැති වෙයි කියල ප්‍රර්ථනා කරනවා. :)