එන්න කරමු අපි
අලුත් සෙල්ලමක්
කවදාවත් දැකල නැති
කවදාවත් විඳලා නැති
අලුත්ම විදිහේ වැඩක්
රස්නේම රස්නෙන්
පොප්සිකල් සූප්පු කරන්න
ඊට පස්සේ අලුත් යෝගට්
රහ බලන්න
නැත්තම් කෙලින්ම
පොඩිකාලේ වගේ
අස්සයා ගෝන් ටික් ටික්
යන්න සැරසෙන්න
ඔයාව ටිකක් කොනිත්තන්ද?
මේ ඇත්තමද කියල හිතාගන්න
මටවත් හිමීට ඇනල බලන්න
මායාවක් නෙමෙයි මේ
ලෙදර් සුවඳ එක්ක
දිලිසෙන රිදී මුද්ද
ඔයාගේ ඇඟිල්ලට
ලස්සනට ගැලපෙනවා
ඉක්මන් කරන්න
මේ වික්ටෝරියානු නාසියන්ගෙන්
ගැලවෙන්න, එන්න අපි දුවමු
මේ අමුතු මැජික් දැකල
කලන්තේ හැදෙන්න කලින්
රැජිනවත් නොදන්න සදාචාරය ගැන
අපිට බණ කියන්න කලින්
හා! තමාතුලම සිටින සත්වයා නැත'යි කියාගන්නා අසාර්ථක හඬ!!
තමාතුළම සිටින සත්වයා නැතැයි කියාගන්නා අසාර්ථක හඞ
ReplyDeleteඅන්තිම පේලිය මැක්සා... කොච්චර හංගන්න හැදුවත් හැම එකෙක්ගෙම ඇතුලෙ සතෙක් හැංගිලා ඉන්නව...
ReplyDeleteඔව් ඒක එහෙමයි
ReplyDeleteමගෙත් තියෙන වැරුද්දම
අනුන් තුල විතරක් දකින
උන්ටම බණ කියමින්
මම සිරා යැයි සිතන
මැජික් එකේ සාර්ථක වී ඇති
ඒ අසාර්ථක හඬ...
කොහේ දිව්වත්
ආයෙත් ඇවිත්
අහන්නට සිද්ධ වෙන...
@Outsider: :)
ReplyDelete@සාතන්: ස්තුතියි සහෝ...
@hare: සාර්ථක, අසාර්ථක ඔය වචන දෙකට කොච්චර තේරුම් දෙන පුලුවන්ද...