Monday, May 26, 2014

වැස්සත් එක්ක ඔබ එන්න



තනුව ලෙස අත වැනෙන
තත් වයා හඬ නැගෙන
ගීත ය යි මම ගයන
ඔබට ආරාධනා කරන

වියලි දුවිලි පසට 
කොළ හැලුණු ගහ කොළට
ඇල යලිත් ගලන්ට 
අවදිව මම හිනැහෙන්ට

රත් වූ වහලය මතට
පැලුණු පොළවේ තදට
සිසිලස ද මුදු බව ද
එක්ව මා සනසන්න

ගිටාරයේ තත් හඬ ද
අසනා මේ ගීතය ද
අසා ඔබ නො නැවතී
එන්න මා හමුවන්න

පණ දෙන්න යළි පිබිදෙන්න
මා මෙන්ම මුළු ලොව ද
ජනේලය ඇර තියන්නම්
වැස්සත් එක්ක ඔබ එන්න

3 comments:

  1. නියමයි මචං.. කාලෙකින් උඹ ලියපු දෙයක් කියෙවුවේ..

    ReplyDelete
  2. වැස්සත් එක්ක ඇවිත් තියෙන්නේ හිරණ්‍යනේ...:)

    ReplyDelete
  3. මං තෙමෙන්න ආසයි..

    ReplyDelete