මේ හයිකු කවි කිහිපයක්. එකකට එකක ගලාගෙන යාමක් ගැන හිතල නැහැ. අහඹු තෝරාගැනීම්වල එකතුවක්. උපුටගන්නේ 'බෂෝ ගේ හයිකු කවි' නම් විමලදාස ගමගේ පරිවර්තනය කළ පොතින්. ඒ පොතේ මෙහෙම සඳහන් වෙනවා,
"බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්‍යෝගයෙන් භාර ගත්හ. එහෙත් ලෝකය පුරා පැවති කාව්‍ය සම්ප්‍රදායන්ට වඩා එය අලුත්ම කාව්‍යය සම්ප්‍රදායක් විය. ලෝකයේ බොහෝ කවීහු හයිකු කවි නිර්මාණය සඳහා යොමු වුණේ ඒ නිසාය. හයිකු කවියේ පවතින සුවිශේෂත්වය ජපානයේ අනෙකුත් බොහෝ කලාවන්ගේද පවත්නා සුවිශේෂත්වයටම සමාන්තර ය."
හයිකු කවි නිකම්ම වචන ටිකක එකතුවක් නෙමේ. ඉතාම සංගත ලෙස අදහසක් ඉදිරිපත් කිරීමේ හොඳම ක්‍රමය. අඩුම වචන ගණනකින් සිය හැඟීම ප්‍රකාශ කිරීමයි හයිකු කවියන්ගේ උත්සාහය. හයිකු කවියට මාත්‍රා 5, 7, 5 ලෙස පේලි තුනකින් මාත්‍රා 17 යි. මෙතරම් කවි කෙටිවෙන්න සෙන් බුදුදහම බලපාල තියනවා. ජපන් කවියේ ප්‍රධාන අංගයක් වෙන ව්‍යංගය මේවයෙත් ඇතුලත්. ඒ නිසාම තේරුම් ගැනීම අපහසු වෙන්නත් පුළුවන්.
බෂෝ හා ඔහුගේ සෙන් ගුරුතුමා බුචෝ අතර වෙච්ච කතාවක් මෙහෙමයි,
බුචෝ: මේ දවස් වල කොහොමද?
බෂෝ: ළඟදි ඉඳල වැස්ස හින්ද කවදාටත් වඩා කොළ පාටින් පාසි හැදිලා.
බුචෝ: පාසිවල කොළ පාටට කලින් තියෙන්නේ මොනවගේ බුද්දාගමක්ද?
බෂෝ: මැඩියෙක් වතුරට පනිනවා, ඒ හඬට ඇහුම්කන් දෙන්න...
-------------------------------------------------------------------
මගේ අලුත් ලෝගුව තුල
මේ උදෑසන-
වෙනත් කෙනෙක්
කුඹුර හායි
චෙරි - හන වගාවන් වෙනුවෙන්-
කුණාටුව දෝංකාර දෙයි
වසන්තයේ නික්ම යාම-
කුරුල්ලෝ හඬ නගති
මින් රැල ඇසිපිය ගසා කඳුළු සලති
යතිවරුන්ගේ පා ගැටෙයි
අයිස්මය අඳුර හරහා
අදිමින් ළිඳෙන් මිහිරි දිය
වහල අගුවේ ගිරවුන්-
සිලිම තුල මීයන්-
දිව්‍යමය සංගීතය
මයිල දහයක් දොළහක් ඇවිදීම
චෙරි මල් වැඩම සොයා-
කොතරම් උද්දාමයක්ද
දීප්තිමත් සඳ; මම
පොකුණ වටා සක්මන් කරමි
හා, සන්ද්‍යාව පැමිණ ඇත
නොදන්නා වසන්තය-
පිපුණු ප්ලම් මල්
කැඩපතට පිටුපසින්
තවමත් හුස්ම ගනී
අයිස් කුට්ටියක් තුල
මුහුදු බෙල්ලන්
සුළඟින් ගෙනැවිත්
අසිය් කූරක එල්ලී
මේපල් කොළයක්
අපි එහෙ මෙහේ ඇවිදිමු
හිම දසුන් රස විඳිමින්
මා ලිස්සා වැටී යන තුරු
වසරින් වසර
වඳුරාගේ වෙස් මුහුණ
පැහැදිලි කරයි වඳුරා
පැරණි පොකුණ
මැඩියෙක් පනියි-
දිය විසිරේ.
හිරණ්‍යගේ ලිපි ගැන ඉතින් කියන්න දෙයක් නෑ.. හැමදාම වගේම උපරිමයි..
ReplyDelete:)
Deleteහයිකු කවි දැක්කාම මට මතක් උනේ මම ලියන්ට හදන කවි.
ReplyDeleteආදරය
මහ මුහුද
කුණාටුව,
නිසලතාවය
මම කවියක් ලියන්ට හැදුවොත් ලියවෙන්නේ ඔන්න ඔහොමයි.:D
ඕකම මෙහෙම ලිව්වොත් හයිකු ගතියක් ඒවි.
Deleteආදරණිය මහ මුහුදට
කුණාටුවක් හමයි
- නිසලතාවය
හයිකු ගැන පිටස්තරයා එක්ක පොඩි සාකච්ඡාවක් ඇතිවුණා ළඟකදි. ඔහු කිව්වෙ හයිකුවේ තියෙන හැරවුම් ලක්ෂ්‍යයක් ගැන.
ReplyDeleteආගන්තුකයා සීයෙ බ්ලොග් එකට කවි කීපයක් හැරෙව්වා...
http://onezerozerowords.blogspot.com/2010/12/blog-post_21.html
ඒ හැරවුම් ලක්ෂය මොකද්ද?
Deleteපාර පෙන්නුවට තුති. :)
මටත් ඒක තේරුණේ නෑ හරියට. නමුත් මට හිතෙන්නෙ හයිකුවෙදි ගන්න උදාහරණෙන් කියවෙන දේ අපි හිතන දේට වඩා හාත්පසින් වෙනස් දේකට උපමා කරන එක වගේ එකක්. එහෙම නැත්තං පේලියකින් අපි කියාගෙන එන එක අනික් පේලියෙදි වෙනස් පැත්තකට හරවන එක. උඹට ඒ විධියට හිතුවොත් ඕක හිතාගන්න අමාරු වෙන එකක් නෑ.
Deleteමත්සුවා බැෂෝ සහ ඔහුගේ ගෝලයෙක් අතර ඇතිවුන ලස්සන සංවාදයක් තිබුණ කවිසිත් වෙබ් අඩවියේ
ReplyDeleteමත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයකුද කවියක් ලියුවෙය.
බත් කූරකුගෙන් ගන්න පියාපත් යුගලක් – මෙන්න! ගම්මිරිස් ඇටයක්
මෙම කව දුටු බැෂෝ ශිෂ්‍යාට මෙසේ පැවසුවෙය. “ඔබ දක්ෂ කවියෙකි. අපූර්වත්වය දනවන කවියක් ඔබ ලියා ඇත. එහෙත් ඔබ හොඳ කවියකු නොවෙ. හොඳ කවියා කිසි දිනෙක සොබා දහම කඩා බිඳ දමන්නේ නැත. ඔහු එය මානව සංහතිය වෙනුවෙන් මනාව සකස් කරයි.” පසුව සිසුවාගේ කව යළි සකස් කොට සිසුවාට පෙන්වීය.
ඉදුනු ගම්මිරිස් ඇටයකට – දෙන්න පියාපත් යුගලක් – මෙන්න බත් කූරෙක්!
(උපුටා ගැනීම http://kavisith.wordpress.com/)
උපුටා දැක්වුවාට ස්තුතියි නුවන්.
Deletekora
ReplyDeleteහයිකු " කවි ගැන හොයන්න ආවම මේ ලිපිය දැක්කේ..
ReplyDeleteසුපිරි..(Y)
:)