Friday, May 27, 2011

ආදරණීය දේවදත්ත



ආකාස පර්වතය මත හිඳ
නෙත් යොමුකාරම් ඔබ වෙත 
තවමත් චූල බලාපොරොත්තු මැද 
දඟලන කුහුම්බුවෙකි පැණි හැළියක 


දකින්නේ ප්‍රතිබිම්බයයි ඔබ ඔබේම
හැමතනකින්ම හැමෙකකින්ද
ඔබ ඔවුන්වී ඔවුන් වහලුන් වී
මනෝ රාජධානියක සිරගතව නුඹ


ධවල වස්ත්‍ර හැඳ නෙලුම් අතට ගත්තද 
මඩ තැවරුණ වත අපුල වේ කටත්
ආලෝකයයි සිත අඳුරට යත්ම 
කිසිදාක ළඟා වේද  ශාන්තිය


විලාපදෙන්නේ හර්ද සාක්ෂිය ඉඳහිට
හේමලයා ඔබ පසුපසින් සැමවිට
එහෙත් දේවදත්ත ම සොහොයුර
මෛත්‍රී කරම් උපේක්ෂාවෙන් මම තවම


"අවබෝධය යනු සියල්ලටම සමාව දීමයි."