Friday, May 27, 2011

ආදරණීය දේවදත්ත



ආකාස පර්වතය මත හිඳ
නෙත් යොමුකාරම් ඔබ වෙත 
තවමත් චූල බලාපොරොත්තු මැද 
දඟලන කුහුම්බුවෙකි පැණි හැළියක 


දකින්නේ ප්‍රතිබිම්බයයි ඔබ ඔබේම
හැමතනකින්ම හැමෙකකින්ද
ඔබ ඔවුන්වී ඔවුන් වහලුන් වී
මනෝ රාජධානියක සිරගතව නුඹ


ධවල වස්ත්‍ර හැඳ නෙලුම් අතට ගත්තද 
මඩ තැවරුණ වත අපුල වේ කටත්
ආලෝකයයි සිත අඳුරට යත්ම 
කිසිදාක ළඟා වේද  ශාන්තිය


විලාපදෙන්නේ හර්ද සාක්ෂිය ඉඳහිට
හේමලයා ඔබ පසුපසින් සැමවිට
එහෙත් දේවදත්ත ම සොහොයුර
මෛත්‍රී කරම් උපේක්ෂාවෙන් මම තවම


"අවබෝධය යනු සියල්ලටම සමාව දීමයි."

5 comments:

  1. අවබෝධය යනු සියල්ලටම සමාව දීමද???

    ReplyDelete
  2. ලස්සන පද වැල් ටික හොඳට පද බැඳලා තියනවා ....

    ReplyDelete
  3. හරි අපූරුවට පද ගලපලා තියෙනවා යාළුවා... මොකද ටික දවසකින් " සමාන්තර " ලිය උනේ නැත්තේ??

    ReplyDelete
  4. අවබෝධය යනු සියල්ලටම සමාව දීම නොවෙයි.....හිතන්න..
    www.sabithl.blogspot.com

    ReplyDelete
  5. @කල්හාර: ස්තුතියි යාලු, හැබැයි මගේ හොඳම යාලුවෙක් කිව්වා මේකේ පද බැඳීම අසාර්ථකයි කියල, සමහරවිට ඒ එයට වෙන්න ඇති.

    @Dinesh: ස්තුතියි සහෝ, ලියන්නම් ඉක්මනටම.

    @රවින්/Sabith: ඕකට උත්තරයක් මම වෙනම ලියන්නම්, ඒක හිතුවට වඩා දීර්ග වෙනවා.

    ReplyDelete