Wednesday, July 6, 2011

එන්න මැජික් බලන්න



එන්න කරමු අපි
අලුත් සෙල්ලමක්
කවදාවත් දැකල නැති
කවදාවත් විඳලා නැති
අලුත්ම විදිහේ වැඩක්

රස්නේම රස්නෙන්
පොප්සිකල් සූප්පු කරන්න
ඊට පස්සේ අලුත් යෝගට්
රහ බලන්න
නැත්තම් කෙලින්ම
පොඩිකාලේ වගේ
අස්සයා ගෝන් ටික් ටික්
යන්න සැරසෙන්න

ඔයාව ටිකක් කොනිත්තන්ද?
මේ ඇත්තමද කියල හිතාගන්න
මටවත් හිමීට ඇනල බලන්න
මායාවක් නෙමෙයි මේ

ලෙදර් සුවඳ එක්ක
දිලිසෙන රිදී මුද්ද
ඔයාගේ ඇඟිල්ලට
ලස්සනට ගැලපෙනවා

ඉක්මන් කරන්න
මේ වික්ටෝරියානු නාසියන්ගෙන් 
ගැලවෙන්න, එන්න අපි දුවමු
මේ අමුතු මැජික් දැකල
කලන්තේ හැදෙන්න කලින්
රැජිනවත් නොදන්න සදාචාරය ගැන
අපිට බණ කියන්න කලින්

හා! තමාතුලම සිටින සත්වයා නැත'යි කියාගන්නා අසාර්ථක හඬ!!