අපායට මුල් ඇද එයින් ජීවය ලද
පැළවුණු කුඩා ලොවි ගස
හුළඟින් ද පහර වැද වැද
ප්‍රාණවත් විය, ඵල නෙලන තරමට
නමුත් එක ගෙඩියකි එහී
වෙන කිසිවකුත් නැති
මවු මරා උපන් කුමරෙකි
ලොවි ගස අභාවයට යතී
රුහිරු පැහැයෙන් සැරසී එය
විෂ බින්දු එන්නත් කළෙමි මම
කල් යල් බලා හනිකට
පිළිගන්වමි පසමිතුරු හට
මරණයෙන් එය සංතෘප්ත
හුස්ම තද කරයි බිඳ බිඳ
හද ගැස්මේ අවසන් හඬ
අසා සැනසුනෙමි මම
රුදාවකින් හිස බමන්නට විය
ක්ලාන්ත වී වැටෙන්නට විය
අත තිබූ පැන් බඳුන කැඩී
හාත්පසම පැතිරෙන්නට ගතී
මා ගත් තැතම ඔහුත්
ගෙන ඇත මා මරුමට
ඵලක් නැත්තේ නැත මෙය
අවසන් වේ නම් මින් මතු
උඹ දන්නවනෙ ඉතිං මට මේවා තේරෙන්නෙ නැති විත්තිය...
ReplyDeleteඋඹ ඔහොම කියයි කියලත් මම දන්නවා...
Deleteඅන්තිමට තියෙන දේ නම් පැහැදිලි වගේ.
ReplyDeleteඑහෙනම් සතුටුයි.
Deleteඅදමද මන්දා මේ පැත්තට ආවේ . බ්ලොග් රෝලටත් දාගත්තා පස්සේ මග ඇරිච්චා කියවන්න
ReplyDeleteකමෙන්ට් කරන්නේ නම් පළවෙනි වතාවට. ආයුබෝවන්!
Deleteමම මේක දෙතුන් වතාවක්ම කියෙව්වා ..නමුත් තාමත් හරියට හිතට ආවේ නෑ. කොහොම වුණත් උඹේ බ්ලොග් එක නම් මරු ..එළ එළ.
ReplyDeleteස්තුතියි. :)
Delete