සදා චලිත අග්නි චක්‍ර තුල
දියවෙමින් නැවත දළුලමින්
වැඩෙමින් නැවත පණ ලදින්
ගිලන් වූ කෘෂ රෝස ගස
ලෝහිතය අත හැරී අරක්ගත්
කාළ වර්ණ හුදකලා මල මතට
පාවී ආවෙම් අහම්බෙන් මෙන්
අකාලයේ හමන සුළං මග
කඩාගත් තියුණු කටුවකින්
පසාරු කළෙම් ලේ නහර
ජීවය පොවන්නට බිඳු බිඳු
කාළ රෝස මල තුලට
ගිම්හාන දාහයෙන් බැට ලද
මල නැවත පණ ලද්දේ නැත
පිටාර ගලන රුධිර දහරා හමුවේ
ගිලුණා මිසක යාන්ත්‍රිකව
අවසන් ඉකිගැස්ම සමග ඔබ
මරණය සිපගත් රෝස මල
සමුදෙන්නම් යලි හමුවන්නට
මේ චක්‍රයේ කොතැනක හෝ සිට
ප්‍රේමයෙන්ම ගත් හුස්ම
හෙළීමට තවම නොහැකිව
කටු පොකුරු සිප ගනිම්
ආයේ හමු වනු පිණිස
ආදරය? බිඳි බිඳී සෑදෙන?
ReplyDeleteඑහෙනම් බියවනු එපා
මෙගා ටෙලියක වගේ
ආයෙමත් හමුවේවි
මෙගා ටෙලි? හෆොයි...
Deleteමට මෙව්ව නම් තේරෙන්නෙ නෑ සහෝදරයා...
ReplyDeleteඑහෙම කියලා බෑ, උඹට කවියක ගුණ දොස් කියන්නත් පුරුදු වෙන්න වෙනවා. ;)
Deleteපින්තූරෙ දකිද්දි නම් ටිකක් විතර අස්පට් උනා...
ReplyDeleteකවියත් කියෙව්වා.....
ඉවර වෙද්දි මට මතක් උනේ වස්සානය කවි පන්තිය.
"ගං දෑළ දොඩ මළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අත ඇර යම්ද
කෙකටිය පොකුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක.....
පින්තුරේ දැක්කම අප්සෙට් වෙන්න නම් සාධාරණ හේතුවක් හිතාගන්න අමාරුයි.
Deleteඔව්, කවිය ලියද්දි රත්න ශ්‍රී ගේ 'වස්සානය' ත් හිතේ තිබුණා, විශේෂයෙන්ම අන්තිම පද දෙක,
"දුෂ්කරය කියා හැර ය යුතුද ජීවිතය
කටු පොකුරු සිපගනිමි හෙට මලක් වෙනු පිණිස"
බොහොම අමාරුවෙන් ටිකක් විතර තේරුම් ගත්තා...
ReplyDeleteඕක තේරුම් ගන්න එච්චර වෙහෙසෙන්න ඕන නෑ යාළුවා, වචනාර්ථයෙන්ම තේරුම් ගන්නයි තියෙන්නේ.
Deleteපොටොව තිබ්බ හින්දා කවිය තේරුම් ගන්න ලේසි උනා.. ඒත් තෙරුම හරිද දන්නෙ නෑ
ReplyDeleteපින්තුරේයි කවියයි අතරේ ඍජු සම්බන්ධයක් නෑ, ඕනෙනම් පින්තුරේට ගලපා ගන්නත් පුළුවන්.
Deleteහැඟීම් නැති රෝස මල
ReplyDeleteවත් ගෙන් කමෙන්ටුවක්! රෝස මලට හැඟීම් නැත්තේ නෑ වත්, ඕනෑතරම් තියනවා, බාහිරට නොපෙනෙනවා මිසක.
Deleteඔස්කා වයිල්ඩර්ගේ ප්‍රීතිමත් කුමාරයා කෙටි කතා පොතේ තියෙන කතාවක් මතක වුනා. ඒ කතාව මේකට නොගැලපෙන්නත් පුළුවන්. මට මතෘකාව මතක නැ. නමුත් වෙන්නේ එක රූමත් යුවතියක් කියනවා ඇයට කැමති පිරිමි ලමයෙක්ට රතු රෝස මල ගෙන ආවොත් ඔහු සමඟ බාල් නැටුමට යන්නම් කියලා.ඔහු රතු රෝස මල හොයන්න යනවා. නමුත් ඒ ශිත සමයේ රතු රෝස මලක් හමුවෙන්නේ නැ. ඔහුගේ උපකාරයට එනවා නයිටිංගේල් කිරිල්ලියක්. ඈ රතු රෝස මලක් හොයාගෙන යනවා. ඇයට හමුවෙනවා රෝස පඳුරක්. එහි තියෙන්නේ සුදු රෝස මලක්.ඈ කියනවා ඈට රතු රෝස මල ඕනේ කියලා. රෝස පඳුර කියනවා සුදු මල රතු වෙන්න නම් හදවත් ගී ගයන්න කියලා. ඈ රෝස පඳුරේ කටුවකට හදවත තද කරගෙන ගී ගයන්න පටන ගන්නවා. ටික ටික කටුව ඇගේ හද පතුලටම ඇනෙනවා. ගලා යන රුධිරයෙන් මල රත් පැහැ වෙනවා. අවසානයේ කිරිල්ලි මිය යනවා. නමුත් සතුටින්. කොල්ලාගේ ආදරය ජය ගනිවි යන පැතුමෙන්. පිරිමි ලමයා ඒ මල අරගෙන යනවා කෙල්ල බලන්න. නමුත් ඈ ඒ වනවිටත් වෙන කෙනෙක් සමඟ බාල් නැටුමට ගිහින්. මල මට මතක විදිහට බිම වැටි පැඟෙනවා.
ReplyDeleteඔහොම තමා මට මතක.. හරිම අපූරු කවියක්. කොමෙන්ටුව දිග වුනා නම් සමාවෙන්න. :)
ඔය කතාව මට මතක යි. ඒ කෙටි කථාවෙයි මේකෙයි ඍජු සම්බන්ධයක් හිතල ලියුවේ නෑ. කතාව දන්නා නිසා අවිඥානිකව ලිය වුණා වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රතිචාරයට ස්තුතියි. සමාව ගන්න දෙයක් නෑ.
Delete